Block_සයිට්_වලට_යන්න

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Block_සයිට්_වලට_යන්න

    Connection Speed Slow නොවී Block කරපු සයිට් වලට යන්න මෙන්න ක්‍රමේ... (Anonymous Surfing)

    [දන්න අය මේ ලිපිය දැක්කෙ නෑ වගේ ඉන්න.. මුකුත් වැරදි එහෙම තියනවානම් නිවැරදි කරන්න උදව් කරන්න]

    ලිපිය සඳහා වෙනත් නම්: Software නැතුව I.P එක Hide කරමු..
    විශේෂ වාසි: කිසිම Software එකක් Install කිරීමට අවශ්‍ය නැත, එමනිසා Slow නැත.

    මෙතැන සිට කියවන්න
    ______________
    http://www.proxy-list.org කියන සයිට් එකට යන්න.. 1රූපයේ පරිදි ඔයාට එම අවස්තාවෙ පෙන්වන අකුරු ටික නිවැරදිව ටයිප් කලාම ඔයාට 2 රූපයේ පරිදි වැඩකරන ප්‍රොක්සි ලිස්ට් එකක් පෙන්වාවි, ඒවායින් Uptime එක වැඩි එකක් ( චයිනීස් එපා) තෝරගන්න..

    1.jpg


    2.jpg


    ඔයාගෙ Web Browser එක මොකද්ද ??


    Firefox සඳහා..

    ඉන්පස්සෙ firefox ගිහින් 3 රූපයේ පරිදි Options ඔබල 4 රූපයේ දැක්වෙන Network->Settings බොත්තම ඔබල 5 රූපයේ දැක්වෙන් Interface එක ලබාගන්න.. 5 රූපයේ දක්වා ඇති ආකාරයට ඔයා කලිත් ප්‍රොක්සි ලිස්ට් එකෙන් තෝරාගත් I.P එක හා port ඇඩ්‍රස් එක දමා සේව් කරන්න.. ඉන්පසු බ්ලොක් කරපු සයිට් ඕනි එකකට යන්න පුලුවන්..


    3.jpg


    4.jpg


    5.jpg



    Chrome සඳහා..

    ඉන්පස්සෙ 6 රූපයේ පරිදි Options යන්න. මීළඟට 7 රූපයේ දක්වා ඇති පරිදි, Network -> Change Proxy Settings ඔබන්න. එතකොට Internet Properties කියන Interface එක එනවා.. ඔයා ඒකෙ තියන Internet Connection සෙට් එකෙන් ඔයා දැන් පාවිච්චි කරන connection එක තෝරල 7 රූපයෙ අංක 2න් දක්වා ඇති පරිදි Settings button එක ඔබන්න. එවිට ඒ Connection එකට අදාල Interface එක දකින්න පුලුවන්. ඊට පස්සෙ 7 රූපයේ අංක 3න් පෙන්වන පරිදි Proxy Server යටතේ තියන "Use a proxy server for this connection" කියන එකට ටික් එක දාලා අංක 4 පරිදි Advanced කියන එක ඔබන්න. එවිට ඔයාට 8 රූපයේ පරිදි Proxy Settings Interface එක දකින්න ලැබේව්. ඒකෙ "Use the same proxy server for all protocols" කියන ටික් එක දාලා 8 රූපයේ අංක 3 න් දැක්වෙන පරිදි "Proxy address to use" යටතේ HTTP: ඉදිරියෙන් අර කලින් තෝරාගත් I.P එක හා Port Address එක දමන්න. ඉන්පසු සියල්ලම "OK" කරන්න .

    6.jpg


    7.jpg


    8.jpg



    වැඩේ හරිද??

    ඔයාට වැඩේ හරි ගියාද කියල check කරගන්න පුලුවන් මෙන්න මෙහෙම.. www.google.com කියල ගැහුවම ඒක ඉබේම www.google.lk කියල මාරු වෙන්නෙ නැතිනම් වැඩේ හරි.. දැන් ඔයාට ලංකාව ඇතුලෙ Block කරල තියන ඕනිම සයිට් එකකට යන්න පුලුවන්..


    ප්‍රයෝජනවත් ඉඟි...

    *) ඔයා 2 රූපයේ දී හැම විටම list එකේ උඩින්ම තියන Uptime එක වැඩි Proxy තෝරාගන්න
    *) ටික දවසක් හෝ පැය කීපයක් යනකොට නිකං Internet connection එක slow වගේ දැනෙනවානම් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් අලුත් Proxy එකක් අරගන දාගන්න
    *) Proxy එකක් දාලත් ඔයාට අවශ්‍ය අර සයිට් එකට ගියාම ඒක Block කරලනම්.. ඔයා තෝරගත්ත Proxy එකට අදාලෙ රටෙත් ඒ සයිට් එක Block කරලා.. එහෙම වෙලාවට නැවතත් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් වෙනත් රටක Proxy එකක් හොයල දාගන්න, Chinese Proxy
    වලින් එහෙම ගියාම සෑහෙන්න Blocked , ඒ නිසා USA වගේ එකක් තෝරගන්න

    රෙපක් දීලම යමුද?....
     
    Last edited:

    themes1

    Member
    Jan 4, 2007
    229
    1
    0
    wadee niyamayi

    wadee nam niyamayi kollo. eeth mamanam use karanne expat shield hari ehema nethnam ultrasurf hari oya dekama net eken downkaraganna puluwan. wediyenma honda expat shield eka. eeka demma kiyala kisima slow veemak venne nee. use karala balanna....www.sinhalata.com gihin down karala vadee hondanam email ekak hari hondayi kiyalahari daanavada





    www.sinhalata.com