Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
News
ව්ලැද්මිලර් පුටින් යළිත් කරලියට
Tweet
Thread Tools
Display Modes
(#
1
)
erozan
Senior Member
Posts: 7,393
Join Date: Mar 2011
Location: Malabe
ව්ලැද්මිලර් පුටින් යළිත් කරලියට -
09-26-2011, 10:57 AM
රුසියාව් හිටපු ජනාධිපතිවරයකු වූ ව්ලැද්මිලර් පුටින් ලබන මාර්තුවේදී පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කිරීමත් සමඟ රුසියානුවන් වීථී බැස ප‍්‍රීති ඝෝෂා පවත්වන්නට පටන්ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මොස්කවු නුවරදී පැවති පාලක එක්සත් රුසියානු පක්‍ෂයේ රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
රුසියානු ජනාධිපති දිමිත‍්‍රි මෙඞ්වදේව් විසින් එම සමුළුවේදී පූටින් හට මේ සඳහා ආරාධනා කිරීමත් සමඟ සමුළුවේ අති විශාල ප‍්‍රතිචාරයක් ලැබුනු අතර එය විනාඩි ගණනාවක් පුරා පැවැතිනි. ජනාධිපතිවරයාස පැමිණ සමළුව ඇමිතීම සඳහා පුටින් වේදිකාව වෙත කැඳවාගෙන ගිය අතර දහස් ගණන් සමුළු නියෝජිතයෝ සිය අසුන්වලින් නැඟිට නොනවත්වාම ඔහු වෙනුවෙන් අත්පොලසන් දුන්හ. භාෂා කිහිපයක්ම චතුර ලෙස හැසිරවිය හැකි වුවද පුටින් සිය දේශණය ආරම්භ කලේ රුසියානු බසිනි. එහිදී සමුළුවේ ඇතිවූ ප‍්‍රතිචාරය කොතෙක්ද යත් බොහෝ සාමාජිකයන් කඳුළු සළමින් අත්පොලසන් දෙනු රූපවාහිනී තිර හරහා ප‍්‍රදර්ශණය විය.
සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු රුසියාව නඟ සිටුවීමේ කාර්යේදී පුටින් අයෝමය වැඩ කොටසක් ඉටු කල අතර අද දිනයේද රුසියානු හදවත්වල ජනාධිපතිවරයා පුටින්මය. එහෙයින් හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ කිසිදු ප‍්‍රචාරක කටයුත්තක නොයෙදුනද අතිවිශාල වැඩි ඡන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කරනු ඇත්තේ පුටින් බව ජත්‍යන්තර දේශපාලන නිරීකක්‍ෂකයෝ පවසති.
කෙසේ වෙතත් ලෝක දේශපාලන සහ ආර්ථික බලය බටහිර සිට ආසියාව කරා හුවමාරු වෙමින් ඇති කාලයක ප‍්‍රබල රුසියානු රාජ්‍යයේ නායකත්වයට ව්ලැද්මිලර් පුටින් පත්වීම එක්සත් ජනපදය ඇතුළු බටහිරයන්ට කම්පනයක් ගෙන දෙන්නක් වුවද ලෝක සාමය පතන බහුතරයක් සෙසු රාජ්‍යන්ට මේ පණිවුඩය මහා ආශ්වාදයක් සපයන්නක් බව නොකිවමනාය.
erozan
View Public Profile
Send a private message to erozan
Find all posts by erozan
(#
2
)
erozan
Senior Member
Posts: 7,393
Join Date: Mar 2011
Location: Malabe
09-26-2011, 11:07 AM
ව්ලැඩිමීර් පුටින් දැන් රුසියාවේ ජනාධිපති නොව අගමැතිය. ඒ රුසියානු ව්‍යවස්ථාව අනුව දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරීමට නොහැකි නිසාය. එසේ වුවත් රුසියානු ජනතාව ස්වකීය නායකයා වශයෙන් සලකන්නේ රුසියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව රුසියාවේ ජනාධිපතිට වඩා පහල නිලයක් වන අගමැති තනතුර හොබවන ව්ලැඩිමීර් පුටින්වය. ඒ රුසියානු ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන නිසා නොවේ. ඊට වඩා පුටින්ට ගරු කරන නිසාය. ලෝකයේ බොහෝ ජනාධිපතිවරු හා අගමැතිවරු සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා කාලයේ සිට දේශපාලනය කිරීමට පෙරුම් පිරූවෝ වෙති. ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් ඇමති කෙනෙක් වීම ගැන සිහින දුටුවෝ වෙති. ඇතැම් විට කුඩා කල සිටම ඒ මාර්ගයට යොමු කරනු ලැබූ දේශපාලනඥයන්ගේ ම දරුවෝ වෙති. එහෙත් රුසියාවේ ජනාධිපතිවීම පුටින්ගේ තුන් හිතකවත් තිබූ දෙයක් නොවේ. ඔහු ජනාධිපති තනතුර කරා ආවේ අහම්බෙනි. ඔහු මෙතරම් ම සාර්ථක ජනාධිපතිවරයෙකු වූයේ ද සමහරවිට ඒ නිසා විය හැකිය. පුටින් සාර්ථක ජනාධිපතිවරයෙකි යැයි අප කියන්නේ ඇයි? ගොර්බචොව් විසින් නන්නත්තාර කරන ලද රුසියාව පුනරුත්ථාපනය කොට නැවත ලෝකයේ බලවතෙකු බවට පත්කරනු ලැබුවේ පුටින් වීම නිසාය.
1952 ඔක්තෝබර් 7 වන දින ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ලෙනින්ග‍්‍රෑඞ් නගරයේ දී උපත ලැබුවේය. ඇත්ත කතාව නම් රුසියාවේ සාර් යුගයේදී සමාජවාදයට තිබූ මර්දනයට වැඩි මර්දනයක් සමාජවාදී යුගයේ දී ආගම සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වූ බවය. සමාජවාදී සෝවියට් දේශය තුළ ආගම ඇදහීම නීතිවිරෝධී කි‍්‍රයාවක් විය. එහෙත් මතුපිටින් ආගම ඇදහීම තහනම් කළ හැකි වුවත් ආගම දහම කෙරෙහි හදවතේ පවතින බැඳීම තහනම් කළ නොහැක. මෙහිදී රුසියාවට හොඳ ජනාධිපතිවරයෙකු ලැබීමට හේතු වූ තවත් කරුණක් අවබෝධ කරගැනීමට හැකිය. එනම් පුටින් ආගමට දහමට ලැදි නායකයෙකු වීමය. ලෝකය කොතරම් දියුණු වුව ද යම් මිනිසෙකු හොඳ මිනිසෙකු ද නරක මිනිසෙකු ද යන්න තීරණය කිරීම සඳහා තවමත් පවතින හොඳම හා සමහරවිට එකම ක‍්‍රමය ස්වකීය ජාතිය ආගම පවුල නෑයන් හා අසල්වාසින් කෙරෙහි ඔහු තුළ පවතින භක්තියය. ව්ලැඩිමීර් පුටින් එවන් ආගමට දහමට ලැදි නායකයෙකි.
මුලින් කිව් ලෙස පුටින් පෙරුම් පිරූවේ මන්තී‍්‍ර කෙනෙකු, ඇමති කෙනෙකු වීමට නොවේ. ඒ නිසා පාසල් වියේ දී පුටින් ප්‍රි‍්‍රය කළේ රහස් පරීක්ෂක චිත‍්‍රපට නැරඹීමටය. ජූඩෝ ඉගෙනගැනීමටය. ජූඩෝ ඉගෙනගැනීමට කොපමණ ආසාවක් දැක්වූයේ ද යත් එය කළු පටි හය ශ්‍රේණිය ලබාගැනීම දක්වා ම දුර ගියේය. ලෙනින්ග‍්‍රාඞ් නගරයේ ජූඩෝ ශූරයා බවට ද පත්වූයේය. සටන් කලාවන් කෙරෙහි පුටින්ගේ ආසාව කොතරම් ද යත් රුසියානු ජනාධිපති වශයෙන් චීනයේ සංචාරයක යෙදුණු අවස්ථාවක දී චීනයේ සුප‍්‍රසිද්ධ සටන් කලා ආරාමයක් හෙවත් ෂැවොලින් ටෙම්පල් කරා යාමට ද පුටින් අමතක නොකළේය.
එසේම තවත් කිවයුත්තක් තිබේ. සාමාන්‍ය අදහස වන්නේ ජූඩෝ කරාටේ ආදී කී‍්‍රඩාවන් කරන්නේ නුවණ නැති එහෙත් ඇඟපත හයිය ඇති අය බවය. චෙස් වැනි කී‍්‍රඩාවන් කරන්නේ ද බුද්ධිමතුන් බවය. ලෙනින් ද චෙස් කී‍්‍රඩාවේ යෙදී සිටින ප‍්‍රසිද්ධ ඡායාරූපයක් ද තිබේ. හිටපු ලෝක චෙස් ශූරයා වන ගැරී කැස්පරොව් ද අද රුසියානු දේශපාලනයේ සිටියි. එහෙත් ඔහුට දේශපාලන ක්ෂේත‍්‍රයේදී පුටින් සමඟ හැරෙන්නටවත් නොහැක. ඒ අනුව කිව හැකි කතාව වන්නේ සමහර විට ජූඩෝ කී‍්‍රඩකයන් චෙස් කී‍්‍රඩකයන්ට වඩා නැණවත් විය හැකි බවය. පාසල් අධ්‍යාපනය නිමා කර පුටින් ලෙනින්ග‍්‍රාඞ් රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත් ව ජාත්‍යන්තර නීතිය පිළිබඳ උපාධියක් ලබාගත්තේය. ඉන්පසුව කුඩා වියේ දී රහස් පරීක්ෂක චිත‍්‍රපට නරඹමින් දුටු සිහිනය සැබෑ කරගනිමින් රුසියානු කේ.ජී.බී රහස් ඔත්තු සේවාවේ නිලධාරියෙකු බවට පත්වූවේය. 1983 ජූලි 28 දින පුටින් විවාහ විය. ඒ තමන් සමඟ ලෙනින්ග‍්‍රාඞ් විශ්ව විද්‍යාලයේ එකට ඉගෙන ගත් පසුව ගුවන් සේවිකාවක් බවට පත්වූ ලූද්මීලා සමඟය. ඔවුන්ට දියණියන් දෙදෙනෙක් සිටිති. වැඩිමහල් දියණියගේ නම මාරියා පුටිනා වන අතර බාල දියණිය කැතරිනා කාත්යා පුටිනාය. 1985 සිට 1990 දක්වා පුටින් කේ.ජී.බී නිලධාරියෙකු ලෙස නැඟෙහිර ජර්මනියේ සේවය කළේය.
සෝවියට් දේශය කැඩී බිඳී යන්නට විය. ගොර්බචොෆ්ගේ පාලනය එයට හේතුවිය. මේ අතර ගොර්බචොෆ් පරදවමින් තවත් අයෙකු රුසියාව තුළ ජනප්‍රි‍්‍රය වන්නට විය. ඔහු බොරිස් යෙල්ට්සින්ය. ගොර්බචොෆ් රුසියාවට කළ විනාශය සම්පූර්ණ කළේ යෙල්ට්සින් විසින් යැයි කිව හැකිය. එහෙත් ඒ සියල්ලටම වන්දි ගෙවීමට මෙන් ඔහු එක් හොඳ දෙයක් කළේය. ඒ ව්ලැඩිමීර් පුටින් දේශපාලනයට ගෙන ඒමය. ස්වකීය ජනාධිපති ධූර කාලය නිමවන්නට තවත් වසරක් පමණ තිබිය දී බොරිස් යෙල්ට්සින් 1999 දෙසැම්බර් 31 වැනි දා ජනාධිපති ධූරය හැර ගියේය. ඒ නව සහස‍්‍රකයේ හෙවත් 2000 ජනවාරි පළමුවෙනිදා සිට රුසියාවේ වැඩබලන ජනාධිපති පදවියට ව්ලැඩිමීර් පුටින් පත් කරමිනි.
2000 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයෙන් පුටින් ජයගත්තේය. රුසියාව යළි හිස ඔසවන්නට වූවේ එතැන් සිටය. පුටින් දැඩි පාලකයෙක් වූවේය. රුසියාවේ ඛනිජ තෙල් සම්පත්වලින් සියයට 20ක් ලෝකයේ ඛනිජ තෙල් සම්පත්වලින් සියයට 2ක් හිමි කරගෙන සිටි මීහායල් කොඩොකව්ස්කි සිරභාරයට ගැනීමට තරම් නිර්භීතවීම උදාහරණයකි. කොල්ලකාරී යුරෝපය සමාගම්වල ග‍්‍රහණයෙන් රුසියානු ඛනිජතෙල් සම්පත් මුදවාගෙන ඒ ආදායම් රටේ යහපත උදෙසා යෙදවීමට පුටින්ට හැකි විය. 2000 සිට 2008 වන විට රුසියාවේ දළ ජාතික නිෂ්පාදිතය දෙගුණ කරන්නට පුටින්ට සමත් විය. ඔහු ඇමරිකාවට බිය නැති නායකයෙකි. රුසියාවට ආදරය කරන නායකයෙකි. මුලින් ද කිව් ලෙස ව්‍යවස්ථාවට අනුව දෙවරකට වඩා ජනාධිපතිවීමට නොහැකි වූ නිසා පුටින් දැන් රුසියාවේ අගමැතිය. එහෙත් යම් ආකාරයකින් හෙට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නට හැකි වුවහොත් යළිත් ජනාධිපති වන්නේ පුටින්ය.
erozan
View Public Profile
Send a private message to erozan
Find all posts by erozan
(#
3
)
EApubs
Senior Member
Posts: 514
Join Date: Sep 2010
09-27-2011, 09:33 PM
The Russians!
Puttin is the one who took Russia to its current glorious state... But, he is a very dangerous man...
EApubs
View Public Profile
Send a private message to EApubs
Visit EApubs's homepage!
Find all posts by EApubs
(#
4
)
Rex921
Senior Member
Posts: 23,811
Join Date: Nov 2008
Location: හඳුනාගෙන නොමැත.
09-27-2011, 09:37 PM
ela news 1k...
Rex921
View Public Profile
Send a private message to Rex921
Find all posts by Rex921
(#
5
)
zirconium
Senior Member
Posts: 442
Join Date: Sep 2009
Location: Moscow,Moscow City,Russia
09-27-2011, 09:48 PM
Sira porak.Giya sathiye ape university 1tath awa
zirconium
View Public Profile
Send a private message to zirconium
Find all posts by zirconium
(#
6
)
sanoka
Senior Member
Posts: 2,573
Blog Entries:
1
Join Date: Dec 2007
09-27-2011, 09:56 PM
Quote:
Originally Posted by
zirconium
Sira porak.Giya sathiye ape university 1tath awa
sanoka
View Public Profile
Send a private message to sanoka
Find all posts by sanoka
View Blog
(#
7
)
GayanSV
Senior Member
Posts: 2,760
Join Date: Aug 2011
Location: ගෙදර
09-27-2011, 09:59 PM
bump
GayanSV
View Public Profile
Send a private message to GayanSV
Find all posts by GayanSV
(#
8
)
Welusumana
Senior Member
Posts: 1,642
Join Date: Aug 2010
Location: why would I tell you
09-27-2011, 10:06 PM
ei vage dial ekak thami ban ape ratatath ona karanne.nikan pada show dana ewun natuvawa attata ratata adare karana.
Welusumana
View Public Profile
Send a private message to Welusumana
Find all posts by Welusumana
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
$500 paypal අනාතයො
,
paypal ගෙම්බො
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.11128
seconds with
6
queries