ආල කථා (1 කොටස )

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක කථාවක්.. නිකං කථාවක් නෙවෙයි... පෙම් කථාවක්... අද කාලෙ පෙම් කථාවක් කියලා හිතලා ආපහු යන්න එපා... පොඩ්ඩක් කියවලා බලන්න... මේ කථාව ඇත්තම එකක්... සිද්ද වෙලා තියෙන්නේ අපේ අම්මාගෙ මාමා කෙනෙක්ට.. නෑ කමට මට වෙන්නෙ සීයා.. :rolleyes:

    ‍ඉස්සෙල්ලාම කියලා ඉන්න ඕනෙ... ඒ කාලෙ අද වගේ හයියෙං වාතයක් පිට උනත් දැනුම් දෙන්න තරම් පහසුකම් තිබිලා නෑ... වටෙං යන්ඩ ඕනෙ නෑ නේ.... කොටින්ම කිව්වොත් ඔය මොබයිල් ෆෝන් සහ ලෑන්ඩ් ෆෝන් තිබිලා නෑ... කව්රුත් යවලා තියෙන්නෙ ලියුම් තමයි...

    හරි... මෙන්න කථාව....

    දවසක් මේ මාමා ගිහිං තියෙනවා අටමස්ථාන වන්දනා කරන්න.... ඔන්න ඉතිං අටමස්ථාන බලලා කට්ටියම එන අතරේ මේගොල්ලො දැකලා තියෙනවා ලස්සන ගෑනු ළමයි ටිකක් තිසා වැව ලග ඉන්නවා.. මාමා උනත් ඒ කාලෙ කොල්ලා නේ.. :P පට ගාලා කොලයක් අරං නමයි ලිපිනයයි ලියලා විසිකරලා.. :D

    ඔන්න ඉතිං මෙයාලා ගෙදර එහෙම ඇවිත් දවස් දෙකක් තුනක් යද්දි ආවලු ලියුම් කඩදහියක්... ඒකෙ ගොඩාක් දේවල් ලියලා තිබිලා නෑ...
    තිබිලා තියෙන්නේ මෙන්න මෙහෙම කවි පන්තියක්...

    අදුරුයි පෙදෙස කාලය නවයට දහයයි....
    පැමිණෙයි සරසවිය මගෙ තුරුලට වැදුනයි...
    සිහිවිය ලිපින මා මේ නිදියන මොහොතෙයි....
    සරණයි ඔබට සම්මා සම්බුදු සරණයි...

    කියවමි පොතක් ඉද සුපුරුදු අසුන මත...
    ලිපිනය ඔබේ ඇස ගැටුනයි මගෙ දෙනෙත...
    කඩදාසියට පෑනට හුරු පුරුදු අත.....
    දිගුකොට මෙය ලියන්නට යොමු කළෙමි හිත....

    කොයිවැනි අයෙකු උව තව නොදුටුවෙමි ඔයා....
    යනතර බොදු ගමන් ලිපිනය දමං ගියා.....
    ආසයි හිතවතුන් ඇසුරට නොයෙක් දිහා....
    ඒකයි කවි කලේ අදහස් මෙහෙම ලියා.......

    තිසා වැවද පසුකර යන වෙලාවෙහි....
    ඔබ නෙත් රැදවුනා අප සිටි දිසාවෙහි....
    සුපුරුදු පරිදි වස්වා මල් හිනා වැහි...
    ලිපිනය ඇහින්දෙමි පවනේ ගිය ගිල්හී....

    අදහස් ගලා ආවා ලිපියක් ලීවා....
    උදහස් නො‍වී සැමවිට මෙත් පැතිරේවා....
    රජදස්කම් වඩන මිතුදම ඇති වේවා....
    අදහස් දන්වන්න මම ලිපි සැපයූවා.....


    මාමාත් නිකං ඉදලා නෑ.... ;)
    දීලා තියෙනවා හොද රිප්ලයි එකක්.... ඒක හෙට ලියන්නං... අදට මෙතනින් නවතිනවා..
    ඔබට සුභ දවසක්.. !:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ බූරුව මෙහෙ වර :oo: රිප්ලයි එක දාල පල ... උඹ මෙතන මෙගා කවි කතාවක් පටන් ගත්තද :dull:

    :rolleyes:
    කූල් ඩව්න් පුතා....
    හෙට එන්නං.. ගුඩ් නයිට්... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුගෙ බොරුවක් මේකනම්.
    ලස්සන කතාව දිගටම ලියන්න. ඔබට ජය :lol:

    :shocked::no: මේක ඇත්ත කථාවක් බොල.... බොරුවක් නෙවෙයි... :)

    pacha pacha , me muta una deyak :P
    balamu mamage reply ekath :P

    බොරු නෙවෙයි බං.... තොට ඕනෙ නං වීඩියෝ එකත් පෙන්වන්නං... :)

    මමා හින්දා හොදයි :P
    :P:P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :shocked::no: මේක ඇත්ත කථාවක් බොල.... බොරුවක් නෙවෙයි... :)
    බොරු නෙවෙයි බං.... තොට ඕනෙ නං වීඩියෝ එකත් පෙන්වන්නං... :)

    ලොල්සීයාගේ කාලේ ෆෝං තිබ්බේ නැති උනාට වීඩියෝ කැමරා තිබිලා:rofl::rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩෝ බූරුව මෙහෙ වර :oo: රිප්ලයි එක දාල පල ... උඹ මෙතන මෙගා කවි කතාවක් පටන් ගත්තද :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල්සීයාගේ කාලේ ෆෝං තිබ්බේ නැති උනාට වීඩියෝ කැමරා තිබිලා:rofl::rofl:

    යකෝ... ඔය කථාව මිනිහා අපිට කිව්ව වෙලාවෙ මම වීඩියෝ කර ගත්තා.. :angry: