නවතම සුපිරි පෘතුවිය - HD 85512 b

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
නවතම සුපිරි පෘතුවිය - HD 85512 b






HD 85512 b

මානවයාගේ මීළග නැවතුමද?







Bmlll.jpg

චිත්‍ර ශිල්පියෙක් විසින් ග්‍රහයා ලැබී ඇති දත්ත පාදක කොටගෙන සිතුවමට නගා ඇති
ආකාරය




කට්ටියට මතක ඇති මිට ටික කලකට පෙර සොයාගත්ත Gliese 581 ග්‍රහ මණ්ඩලය සහා එහි ඇති ග්‍රහයන් පිළිබදව එයට අනුව Gliese 581 D ග්‍රහයා ජීවින් ට වාසය කිරිමට
ඉතා සුදුසු තත්වයේ එකක් බවයි ඔවුන්ගේ අදහස නමුත් මේ සදහා විවිධ පරස් පර විරෝධිතාවන් තවමත් පවතින බව පිළිගැනෙන කාරණයක්. මේ අතරම මේ අවුරුද්දේ ඒ කියන්නේ
2011 අගෝස්තු 19 වැනි දින තවත් මේ ආකාරයේ පෘතුවී ජීවින් හට වාසය කිරිමට සුදුසු ග්‍රහයෙක් සොයාගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා
මෙම ග්‍රහයා නම් කර තිබෙන්නේ HD 85512 b ලෙස සදහන් කරන්න පුලුවන් එය සොයාගැනීම සදහා මූලික වී ක්‍රියා කර තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ,ජිනීවා සරසවියේ
Scientists ලා පිරිසක් විසින් වේ ඔවුන් ඔවුන් මේ සදහා චිලි දේශයේ ඇති ග්‍රහලෝක මඬ්‍යස්ථානයක ඇති දුරේක්ෂයක් භාවිතා කර ඇතැයි සැලකෙනවා.
මෙම ග්‍රහලෝකය පෘතුවියට අලෝක වර්ෂ 36 දුරින් "වෙලා" නැමති තාරකා රාශියේ පිහිටා තිබෙන බව සදහන්. පර්යේෂණය මෙහයවා ඇත්තේ සිව්ස් ජාතික ස්ටීවන් යුඩ්‍රයි නැමති පුද්ගලයා විසින් බව දැක්වේ
ඔවුන්ගේ කණ්ඩායම විසින් මෙය ජිවීන් හට වාසය කර හැකි කලාපයේ හෙවත් (Habitable ) ප්‍රදේශයේ තිබෙන බව නිගමනය කර තිබේ.

දැනට කෙරී ඇති පර්යේෂණ වලට අනුව මොවුන් විසින් මෙය ජීවින් හට වාසය කිරිමට පෘතුවිය හැරුණු කොට වඩාත්ම සුදුසු ග්‍රහයෙක් ලෙස දක්වා තිබේ
එය පෘතුවි ස්කන්ධයෙන් 3.6 +/- 0.5 අගයක් ගන්න තර මතුපිට ගුරුත්වාකර්ෂණය පෘතුවිය මෙන් 1.4 ගුණයක් ලෙස දැක්වේ එය ඉතා මිනිසාට නොදැනෙන මට්ටමේ
කුඩා වෙනසක් හෙවත් 0.4 වෙනසක් නිසා එතරම් ගැටලුවක් නොවන බව සදහන්. ග්‍රහයාගේ වායුගෝලීය මධ්‍යක උෂ්ණත්වය කෙල්වින් අංශක 298 හෙවත්
සෙල්සියක් අංශක 25 ක් පමණ වන බව සදහන් මෙය සාමන්‍යයෙන් කාමර උෂ්ණත්වය හෙවත් මධ්‍ය යුරෝපයේ උෂ්ණත්වයට සමාන වන බව ඔවුන් විසින් ගණනය කිරිම්
වලින් දක්වා තිබේ. නමුත් ග්‍රහයාගේ විවිධ වායුගෝළිය තත්වයන් බහුල නිසා මතුපිට උෂ්ණත්වය සෙවීමට ඒවා සැලකිල්ලට ගත් බව සදහන්.
මෙය මවු තාරකාවේ සිට පවතින දුර නකෂත්‍ර ඒකක 0.26 හෙවත් 38895446.382 kM ලෙස දැක්වේ එම නිසාම එය මවු තාරකාව වටා යාමට
ගන්නා කාලය දවස් 54 ක් වන බව සදහන් ඒ කියන්ණේ මෙම ග්‍රහයාගේ අවුරුද්දක් දවස් 54කින් යුක්ත වේ.

නමුත් ග්‍රහලෝකයේ වායූගෝලීය උණුසුම ප්‍රමාණවත් තරම් රැකගැනීම සදහා එය 50%ක ප්‍රතිශතකින් වළාකුළු මගින් ආවාරණයවී තිබිය යුතුබව ඔවුන් විසින් දක්වා තිබේ
වළාකුළු මගින් ඔය ගොල්ලෝ දන්නවා ඇති සුර්රයාගේ අධෝරක්ත කිරණ ආවරණය කරනවා මේවා මගින් තමයි පොළව උණුසුම් කරන්නේ. අධොරක්ත කිරණ වැටීම
අවම කරන්න කරන්න එහි පවතින උණුසුම ක්‍රමයෙන් අඩුවෙන බව සදහන් කරන්න පුලුවන් නමුත් ග්‍රහයෙක් ගේ උණුසුම සදහා විවිධ සාධක බලපාන බව සලකන්න මීට අමතර ලෙස. නමුත් පවතින බාධකය වන්නේ මෙම ග්‍රහයා හට
ගොඩ වීමයි මොකද ඒ සදහා අවුරුදු 36ක් ආලෝකයේ වේගයෙන් යායුතු නිසයි
දැනට පවතින වේගවත්ම අංශූ
නියුට්‍රීනෝ අංශූ වූවත් එයද මේ සදහා
ප්‍රමානවත් නොමැති බව සදහන් මොකද නියුට්‍රීනෝ අංශූවක වේගය 1.0000248(28) c නිසා(මෙය ඉතා කුඩා වෙනසක්).



- Snowl -










alien-super-earth-hd85512b-110912c-02.jpg