~යාල සහ Luxury Camping~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
පිංතූර වැඩි නිසා load වෙන්න පොඩ්ඩක් වෙලා යනවා !

DSCN4353.jpg



යාල කිවුවම නොගිය කවුරුත් නැති තරම්
ඒ තරමට යාල මිනිස්සු අතර ජනප්‍රියයි
ගොඩක් අය කතරගම ගිහින් එන ගමනුත් පොඩ්ඩක් ඔලුව දාලා යනවා :rofl:

ඒත් මේ මම කියන්නේ ලගඳි දවසක අත් දකින්නට ලැබුනු අමුතුම ආකාරයේ යාල safari & camping experience එකක් ගැනයි :D
මේක හඳුවන්නේ Luxury camping කියලා
යාල ඇතුලේ වගේම ඕනම් වනෝද්යානයක camp site එකක මේ camps සකසන්න පුලුවන් :yes:


DSCN4361.jpg



මේ පහසුකම හොදටම ලබාදෙන්නේ Eco team හෙවත් Mahoora Luxury camping කියන සමාගමයි :)
ගනන් මිනුම් එහෙම පස්සේ කියන්නම්කෝ :rolleyes:

හැමෝම වගේ යාල යන්නේ කොහොමද කියලා දන්නවනේ
ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ :cool:
යාල ප්‍රදේශ 5කට බෙදලා තියෙන්නෙ
සමාන්‍යයෙන් අපි ගිහිල්ල ඇවිල්දලා එන්නේ යාල block 01 එකේ
යාල block 02 එකට සහ අනෙකුත් blocks වලට ඇතුල් වෙන්න විශේෂ අවසර ගන්න ඕන
දැන් යාල block 02 එක ගොඩක් ජනප්‍රියයි.. හැබැයි තාම යාල block 02 එකේ camp site ගහන්න නම් අවසර නෑ :yes:


DSCN4675.jpg



ඒ වගේම යාල block 02 එක ඉවර වෙන්නෙ කුමන වනෝද්‍යානයේ මායිමෙන්

යාල park එකේ නවතිනවනම් ජඹුරාගල වනජීවි බංගලාවේ නවතින්න පුලුවන්
නැත්තම් තල්ගස්මංකඩ camp site එකේ camp එකක් ගහන්න පුලුවන් :D

මම මේ කියන Mahoora camp site එක තියෙන්නෙත් තල්ගස්මංකඩ එකට කිට්ටුව

මෙන්න තියෙනවා camp site එකේ පින්තූර
හැම දේම හෝටලයක වගේ උසස් තත්ත්වයෙන් තියෙනවා :D


DSCN4369.jpg


DSCN4363.jpg


DSCN4365.jpg


DSCN4373.jpg



අපි හවස් වරුවේ සෆාරියක් ගියා.. සෆාරියෙන් පස්සේ රෑ ගතකලේ මේ කඳවුරු භූමියේ.. ;)


DSCN4563.jpg


DSCN4575.jpg



යාලෙ ඉන්න සතා සිවුපාවා හරියටම බලාගන්න ඕන නම් හවස සෆාරි එකයි උදේ සෆාරි එකයි දෙකම කරන්න වෙනවා
හවස 3-7වගෙ කාලය හොදයි සෆාරි එකට :)

මෙ ඉන්නේ අපිට මුලින්ම හම්බුන වලහා :rofl: (Sloth Bear)
ඉතාමත්ම දුර්ලභ දසුනක මේක :yes:
සමාන්‍යයෙන් වලහෙක් දකින්න අපේ වචනෙන් කියනව නම් "බුදු ගේමක්" දෙන්න ඕන
පැය බාගයක් විතර මූ පිස්සු කෙලිනවා බලන්න අපිට පුලුවන් උනා


DSCN4416.jpg


DSCN4430.jpg


DSCN4442.jpg


DSCN4443.jpg


DSCN4444.jpg


යාල යන පරිසර සහ වනජීවී ලෝලින්ගේ එකම අරමුණ තමයි දිවියෙක් බලාගන්න එක :nerd:
දිවියෝ බලාගන්න තියෙන හොදම ස්ථාන දෙක තමයි පටනාගල කන්ද සහ රුක්විල
හවසට ගොඩක් වෙලාවට දිවියො රුක්විල ජලාශය ගාවට එනව දඩයමට මොකක් හරි කොටාගන්න
පටනාගල දි නම් ගොඩක් වෙලාවට උදේ වරුවේ දිවියො බලාගන්න පුලුවන් :yes:

පටනාගල ඉන්නවා දිවිව් අම්ම කෙනෙක් සහ පැටවු තුන් දෙනෙක්
රෑට පටනාගල කන්ද මුදුනට නැග්ග මේ කට්ටිය උදෙට පල්ලෙහාට බැහින හැටි බලාගන්න පුලුවන්.. :D

මේ ඉන්නේ හවස අපි රුක්විලදි දැක්ක දිවියා
(පින්තූරේ නම් පැහැදිලි නෑ) :oo:


DSCN4450.jpg



ඊට පස්සේ අපි ආපු යාල ප්‍රධාන මාර්ගයේදීත් පාර මාරුවෙන දිවියෙක්ගේ දුර්ලභ දර්ශනයක් බලාගන්න අපිට පුලුවන් උනා :)


DSCN4536.jpg


DSCN4537.jpg



රෑ කූඩාරමේ ගත කරලා පහුවදා උදේ පාන්දරින්ම අපි උදේ සෆාරිය පිටත් උනා

කෙලින්ම ගියෙ පටනාගලට.. කිවුවා වගේම කන්ද බහින දිවියො තුන් දෙනෙක්ම අපිට බලාගන්න පුලුවන් උනා
(හැබැයි මුන්ව බලන්න නම් binocular එකක් ගෙනියන්නම වෙනවා) :baffled:
මේ තියෙන්නෙ අපිත් එක්ක ගිය යාලුවෙක් මිනිහගේ තඩි කැමෙරා එකෙන් ගත්ත පින්තූරයක් :rofl:


301360_594008222782_218101667_33472734_656793108_n.jpg



ඊට පස්සෙ උදේට කාලා බීල එහෙම යාල වන භූමියෙන් අපි පිටත් උනා
මේ තියෙන්නේ මම උදේට කාපු අමතක නොවෙනම කෑම වේල :D
ජීවිතේට මෙහෙම අත්දැකීමක් ලැබුවාමයි :dull:


DSCN4735.jpg


DSCN4749.jpg


DSCN4740.jpg



ඔයාලත් යාල යනවා නම් එක රැයක් හරි නවතින්න බලාගෙන යන්න
මොකද නියම අත්දැකීමක් ගන්නවා නම් යාල ඇතුලෙ රාත්‍රියක් ගත කරන්නම වෙනවා :yes:
අහපු විදියට නම් වන්ජීවි බංගලාවත් නියම තැනක් නවතින්න :cool:

මේ තියෙන්නෙ යාල ඇතුලේ ගත්ත තව පින්තූර ටිකක් :)
මුවොයි කිඹුලොයි නම් වැහි වැහැලා


DSCN4469.jpg


DSCN4619.jpg


DSCN4628.jpg


DSCN4637.jpg


DSCN4646.jpg


DSCN4655.jpg


DSCN4672.jpg



අකමැත්තෙන් උනත් කියන්න ඕන මේ luxury camping නම් ටිකක් ගනන්
මේ වගේ camp එකක් රැයක් ගත කරන්න රුපියක් 23000ක් වගේ යනවා එක පුද්ගලයෙක්ට :confused:
හැබැයි all inclusive.. ඒ කියන්නේ දවල් කෑම,රෑ කෑම සහ සැහල්ලු බීම(සැහැල්ලුමත් නෑ :P ), සවස සහ උදේ සෆාරි සහ ජීප්, උදේ කෑම
සාමන්‍ය එකක් 11000ක් වගේ වෙනවා (all inclusive) ;)


හැමදාම වගේ මේ තියෙන්නෙ අපි නැවතිච්ච සහ කාලා බීල වනසපු හෝටල්
හෝටල් ගැන උනන්දු කටියටයි මේ :P


Eden Hotel - බෙන්තොට


DSCN4278.jpg


DSCN4295.jpg


DSCN4283.jpg



Hotel Maya - තංගල්ල


DSCN4336.jpg


DSCN4340.jpg


DSCN4344.jpg


DSCN4332.jpg



ජෙට්වින්ග් තංගල්ල බේ


DSCN4797.jpg


DSCN4798.jpg


DSCN4801.jpg


DSCN4808.jpg



Amanwella - තංගල්ල


DSCN4868.jpg


DSCN4870.jpg


DSCN4878.jpg


DSCN4879.jpg


DSCN4891.jpg


DSCN4893.jpg




යන කාට උනත් අන්තිමේ කියන්න තියෙන්නෙ මෙච්චර තමයි :nerd: :D


DSCN4658.jpg


මින්නේරිය සෆාරි thread එක බලපු නැති අයට ;) : Elephant Gathering~මින්නේරිය
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ටයි මචං:D:D
    හැමදාම වගේ සියලුම විස්තර එක්ක නියමෙටම ට්‍රෙඩ් එක දාලා :yes::yes::yes:

    ඒක නේමේ කෝ යාල අලි :P:P
     
    • Like
    Reactions: Djram

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එල එල ,
    උබට හැම දාම ලංකාව වටේ යන්න වාසනාව ලැබේවා + :D:P
     
    • Like
    Reactions: Djram

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    බොහොම වටිනවා!!

    පට්ට ට්‍රේඩ් එක බන්,ගොඩක් වටිනා විස්තර ටිකක්,කෙල්ලෝයි,කෙල්ලොගේ ජන්ග්ය්,කිති කවාගත්තත් හිනයන්නේ නැති විහිලුයි.
    ඔව්නේ වෙනදට තියෙන්නේ,ඉතින් සහෝදරයා මේ දීපු විස්තර වලට බොහොම ස්තුතියි........
    ඔබගේ මහන්සියට මගෙන් රේප් +
    RaZor_911
     
    • Like
    Reactions: Djram

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    පට්ටයි මචං:D:D
    හැමදාම වගේ සියලුම විස්තර එක්ක නියමෙටම ට්‍රෙඩ් එක දාලා :yes::yes::yes:

    ඒක නේමේ කෝ යාල අලි :P:P

    උබල හැමදාම බයිට් කරන හින්දා අලින්ව ගත්තේ නෑ :P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    පට්ට ට්‍රේඩ් එක බන්,ගොඩක් වටිනා විස්තර ටිකක්,කෙල්ලෝයි,කෙල්ලොගේ ජන්ග්ය්,කිති කවාගත්තත් හිනයන්නේ නැති විහිලුයි.
    ඔව්නේ වෙනදට තියෙන්නේ,ඉතින් සහෝදරයා මේ දීපු විස්තර වලට බොහොම ස්තුතියි........
    ඔබගේ මහන්සියට මගෙන් රේප් +
    RaZor_911

    බොහොම ස්තුතියි මිත්‍රයා මේ වගේ comment එකක් දැම්මට :D
    ලබන සුමානෙ වගෙ මේ වගේ තව thread එකක් දාන්නම් :)
    10+
     
    • Like
    Reactions: flag au: