Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
ElaKiri Traveler
>
Travel Sri Lanka
නුවරඑළියෙන් ඇරඹි බලන්ගොඩින් අවසන්වන ලෝක
Tweet
Page 1 of 7
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
Nishz
Senior Member
Posts: 1,114
Blog Entries:
1
Join Date: Aug 2010
Location: colombo
නුවරඑළියෙන් ඇරඹි බලන්ගොඩින් අවසන්වන ලෝක -
10-11-2011, 09:00 AM
නුවරඑළියෙන් ඇරඹි බලන්ගොඩින් අවසන්වන ලෝකාන්තය
ලෝකාන්තය ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ලෝකාන්තය පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.
මුහුදු මට්ටමින් අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 2010 වර්ෂයේ ලෝක උරුමයක් බවට පත්වූ මේ හෝටන්තැන්නේ කෙළවරක ලෝකාන්තය පිහිටා තිබේ.
ක‍්‍රිස්තුවර්ෂ 1831-1837 කාලයේ ශ‍්‍රී ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් විලියම් හෝටන් මහතා විසින් සබරගමුව රටේ මහත්තයා සමග ගිය ගමනකදී 1836 දී එම ස්ථානය සොයාගෙන ඇති බව ඉතිහාසයේ සදහන්වෙයි.
හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක දහතුන සාමාන්‍ය උෂ්ණත්ව පරාසය වන අතර ඇතැම් කාලවල සෙල්සියස් අංශක විසිහතක උපරිමය පෙන්වයි.
අග‍්‍රාඔය, බෙලිහුල්ඔය, උමාඔය, බගවන්තලා ඔය, හෝටන්තැන්නෙන් ආරම්භ වෙයි. නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරක් ලෝකාන්තයට ඇත. අඹේවෙල පට්ටිපොල හරහා ලෝකාන්තයට පිවිසිය හැකිය. ලිදුල ආගරපතන හරහාද පැමිණිය හැකිය. එසේම ඔහිය හරහාද පැමිණිය හැකිය. මේ මාර්ග මධ්‍යම පළාතේ පිහිටා ඇති අතර හෝටන්තැන්නේ වනජීවී කාර්යාල පිහිටි පිවිසුම් ස්ථානය දක්වා වාහනයකින් පැමිණිය හැක. එතැන් සිට පාගමනින් කිලෝමීටර් තුනකට වැඩිදුරක් ලෝකාන්තය වෙත පයින් යා යුතුය. එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ලෝකාන්තය යැයි කියයි. එතැන සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය පුංචි ලෝකාන්තයයි.
මේ ලෝකාන්තයෙන් පහළ බැලූවිට ගිනිපෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දිස් වෙයි. ඒ පෙනෙන්නේ නන්පේරියල් වත්තේ අපර් ඩිවිෂන් හෙවත් උඩ කොටසයි. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත්වෙයි. මේනිසා ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.
ලෝකාන්තය බැලීමට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද පැමිණිය හැකි මාර්ගයක් තිබේ. ඒ බදුල්ල- කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සහ පඹහින්න අතර ඇති නන්පේරියල් හන්දියෙන් ඉහළට ඇති නන්පේරියල් වත්ත හරහා පාරයි. මේ පාරේ එනවිට ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර්ස් මහතා පදිංචිව සිටි නිවෙසද පසුකර නන්පේරියල්වත්තේ තේ කර්මාන්තශාලාව තෙක් කිලෝ මීටර් 12ක් පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 8ක් නැග්රැුක් දක්වා ගොස් එතැන් සිට පයින් කිලෝ මීටර් හතරක් පමණ ගියවිට ලෝකාන්තයට යා හැකිය. මෙය ඉතා බැවුම් සහිත අවදානම් මෙන්ම අනතුරුදායක පාරකි. නන්පේරියල් තේ කම්හල තෙක් තරමක් පහසුවෙන් වාහනයක් පැමිණිය හැකි වුවත් එතැන් සිට නැග්රැක් දක්වා වු මග අතිශයින් දුෂ්කරය.
ලෝකාන්තයෙන් පහළට කෙනෙකු වැටුණොත් හොයන්නට යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. එයද දුෂ්කර මගකි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි.
ඇතැම් අවස්ථාවල ලෝකාන්තයෙන් පහළට වැටුණු අයගේ සිරුරු සොයා හරස් මාර්ග ඔස්සේ කිලෝමීටර් හතඅටක් පයින් යා යුතුය. ඝෘජුව කන්ද නැගිය නොහැකි නිසා යායුත්තේ හරස් අතටය. හොදින් හිරු එළිය නොමැතිවූ විට මීදුම ගලාවිත් ප‍්‍රදේශයම වැසීයයි. ඒනිසා වෙනත් ප‍්‍රදේශයක මෙන් දිවාකාලයේ පැය හයක් හතක් හැර ඉතිරි කාලය මීදුම නිසා සාමාන්‍ය වැඩවලට බාධා එල්ලවේ.
ඒ නිසා ලෝකාන්තයෙන් වැටුණ කෙනෙක් නන්පේරියල් වත්තේ උඩකොටසින් හොයාගෙන තවත් කිලෝමීටර් තිස්පහක් පමණ පහළ පිහිටි බළන්ගොඩ මූලික රෝහලට ගෙනයා යුතුය. ඕස්ටේ‍්‍රලියාවේ සිට සංචාරයකට පැමිණි පනස්තුන් හැවිරිදි ක‍්‍රිස්ටෝපර් ෆිල්ටඞ් යන අය පසුගිය 30 වැනිදා කටුස්සෙකුගේ ඡයාරූපයක් ගැනීමට ගොස් ලෝකාන්තයෙන් පහළට වැටී ජිවිතක්‍ෂයට පත්විය. 31 වැනිදා ඔහුගේ සිරුර බළන්ගොඩ රෝහලට රාත‍්‍රී හත හමාර වනවිට ගෙනාවේද මෙකී දුෂ්කර මග ඔස්සේය.
නන්පේරියල් වත්
ත
Email මගින් ලැබුන ලිපියක් සංස්කරණය කෙරුවෙමි..
Comment,rep දීලා යන්න.
බුදු සරණයි..!!!
Last edited by Nishz; 10-11-2011 at
09:28 AM
.
Nishz
View Public Profile
Send a private message to Nishz
Find all posts by Nishz
View Blog
(#
2
)
sudu pusa
Senior Member
Posts: 35,267
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
10-11-2011, 09:24 AM
පට්ට බං
මං ගිහින් නෑනේ
sudu pusa
View Public Profile
Send a private message to sudu pusa
Find all posts by sudu pusa
(#
3
)
Nishz
Senior Member
Posts: 1,114
Blog Entries:
1
Join Date: Aug 2010
Location: colombo
10-11-2011, 09:31 AM
Quote:
Originally Posted by
sudu pusa
පට්ට බං
මං ගිහින් නෑනේ
ලෝකාන්තේ බලන්න ගිහින් නෑ
Comment එකට thnx පුස්
Nishz
View Public Profile
Send a private message to Nishz
Find all posts by Nishz
View Blog
(#
4
)
lahirufx+
Senior Member
Posts: 2,122
Blog Entries:
1
Join Date: Oct 2008
Location: 6°54′N 79°54′E
10-11-2011, 09:33 AM
නියම විස්තරේ
......යාළුවා ඕකෙන් හදිසියේ එකෙක් වැටුනොත් ඌ අර්තල් එකේ බිත්තරේ පොලවේ ගැහුවා වගේ
නන්පේරියල් වත්තට පාත්වෙනවද?
lahirufx+
View Public Profile
Send a private message to lahirufx+
Visit lahirufx+'s homepage!
Find all posts by lahirufx+
View Blog
(#
5
)
kosandpol
Senior Member
Posts: 38,168
Blog Entries:
17
Join Date: Jun 2008
10-11-2011, 09:34 AM
හොඳ පෝස්ට් එකක්..
kosandpol
View Public Profile
Send a private message to kosandpol
Find all posts by kosandpol
View Blog
(#
6
)
Laknath
Senior Member
Posts: 1,386
Join Date: Oct 2006
Location: street
10-11-2011, 09:35 AM
elaz
Laknath
View Public Profile
Send a private message to Laknath
Find all posts by Laknath
(#
7
)
coolshano
Senior Member
Posts: 11,424
Join Date: Sep 2007
Location: N/A
10-11-2011, 09:37 AM
pattaaaa
coolshano
View Public Profile
Send a private message to coolshano
Visit coolshano's homepage!
Find all posts by coolshano
(#
8
)
Nishz
Senior Member
Posts: 1,114
Blog Entries:
1
Join Date: Aug 2010
Location: colombo
10-11-2011, 09:39 AM
Quote:
Originally Posted by
lahirufx+
නියම විස්තරේ
......යාළුවා ඕකෙන් හදිසියේ එකෙක් වැටුනොත් ඌ අර්තල් එකේ බිත්තරේ පොලවේ ගැහුවා වගේ
නන්පේරියල් වත්තට පාත්වෙනවද?
වත්තට තමයි වැටෙන්නේ
ඒත් වැටෙන කෙනාගේ ගන්න කිසි දෙයක් ඉතිරි වෙන එකක් නැහැ මචං
Nishz
View Public Profile
Send a private message to Nishz
Find all posts by Nishz
View Blog
(#
9
)
Suvin1122
Senior Member
Posts: 13,291
Blog Entries:
3
Join Date: Feb 2009
Location: Elakiri Server....
10-11-2011, 09:39 AM
නියමයි...හොඳ ත්‍රෙඩ් එකක්..මමත් මාසෙකට කලින් බලන්න ගිහින් ආවා...
Suvin1122
View Public Profile
Send a private message to Suvin1122
Find all posts by Suvin1122
View Blog
(#
10
)
kosandpol
Senior Member
Posts: 38,168
Blog Entries:
17
Join Date: Jun 2008
10-11-2011, 09:39 AM
Quote:
Originally Posted by
lahirufx+
නියම විස්තරේ
......යාළුවා ඕකෙන් හදිසියේ එකෙක් වැටුනොත් ඌ අර්තල් එකේ බිත්තරේ පොලවේ ගැහුවා වගේ
නන්පේරියල් වත්තට පාත්වෙනවද?
ඌ හයියෙන් දුවගෙන ගිහින් පැන්නොත් නං ඔහොම වෙන්න ඉඩ තියෙයි. නැත්තං ඉතිං ඌ බැම්මෙ වැදිලා, ගස් වල වැදිලා කොත්තුවක් වෙලා තමයි වැටෙන්නෙ.
kosandpol
View Public Profile
Send a private message to kosandpol
Find all posts by kosandpol
View Blog
Page 1 of 7
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.11666
seconds with
6
queries