අද අපි බලමු CISCO වල Exam ව්‍යුහය දිහා
මුල්ම Exam එක තමයි CCNA (Cisco Certified Network Associate) කියන්නේ මේක තමයි අනිත් හැම Exam එකකටම Fundamental එක
මේ Exam එක අකාර දෙකකට කරන්න පුලුවන්.
01. 640-802 කියන Exam එක විතරක් Pass කිරීමෙන් CCNA සම්පූර්ණ කරන්න පුලුවන්
02. එහෙම නැත්තම් 640-822 (Internetconnecting CISCO Network Device Part 1) සහ
640-816 (Internetconnecting CISCO Network Device Part 1) යන Exam දෙක වෙන වෙනම කිරීමෙන් CCNA සම්පූර්ණ කරන්නත් පුලුවන්
තව වැදගත් කාරණයක් තමයි CCNA Exam එක වලංගු වන්නේ අවුරැදු 3 ක කාලයකට පමණයි ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙත් Exam එක කරන්න ඕනේ එහෙම නැත්තම් ඒ අවුරැදු 3 ඇතුලත ඊට උඩින් තියෙන Exam එකක් කරන්න ඕනේ ඒකත් හොදට මතක තියාගන්න
CCNA Exam එකට $250 ක් ඒ කියන්නේ රැපියල් වලින් 25000 - 30000 අතර මුදලක් වැය වෙනවා. මේ මුදල පොඩ්ඩ පොඩ්ඩ එහා මෙහා වෙනවා ඒක නිසා හරියටම ගානක් කියන්න බෑ නමුත් ලොකු ගානකින්නම් අඩු වැඩි වෙන්නේ නෑ ඒක නිසා බය වෙන්න එපා
මම නම් කියන්නේ එකපාර 640-802 කරලා CCNA සම්පූර්ණ කරන එක හොදයි කියලා නමුත් ඒ සදහා කාල වේලාව නැති අයට කොටස් දෙකක් විදිහට 02 ක්‍රමයෙන් ඉවර කරන්න පුලුවන්. ඔය මොන ක්‍රමයේත් තියෙන්නේ එකම Syllabus එක ඒක නිසා බයවෙන්න දෙයක් නෑ.
-------------------------------------------------------------
හොදයි ඊට පස්සේ බලමු දෙවෙනි අදියර. CCNA ඉවර කලාට පස්සේ එන Exam එක තමයි
CCNP (CISCO Certified Network Professional) හෝ
CCIP (CISCO Certified Internetwork Professional)
CCNP සම්පූර්ණ කරන්න අපිට Exam 3ක් කරන්න වෙනවා. ඒවා තමයි
1. 642-902 Route (Implementing Cisco IP Routing)
2. 642-813 Switch (Implementing Cisco IP Switched Networks)
3. 642-832 TSHOOT (Troubleshooting and Maintaining Cisco IP Networks)
කියන Exam 3. මේකේ එක Exam එකක් කලාට පස්සේ නැවත CCNA අලුත් කරන්න ඕනේ නෑ.
මීට අමතරව CCIP වල Exam 4 ක් තියෙනවා ඒකෙන ඔය 642-902 කියන Exam එක CCNP සහ CCIP දෙකටම පොදුයි
1. 642-901 or 642-902 BSCI or Route
2. 642-642 QOS (Implementing Cisco Quality of Service)
3. 642-661 BGP (Configuring BGP on Cisco Routers)
4. 642-611 MPLS (Implementing Cisco MPLS)
----------------------------------------------------------------
ඊට පස්සේ තියෙන Exam එක තමයි CCIE (CISCO Certified Internetwork Expert)
මේ Exam එක නම් ටිකක් අමාරැයි. අනික ශ්‍රී ලංකාවේ මේ Exam එක සදහා අවශ්‍ය වල Labs නෑ ඒ නිසා අපිට මේ Exam එක කරන්න ඉන්දියාවට හෝ සිංගප්පූරැවට හෝ වෙනත් රටකට යන්න වෙනවා.
හොදයි CCIE කොටස් දෙකකින් යුක්තයි. එකක් තමයි ලියන්න තියෙන කොටස අනික Lab එකක සම්පූර්ණ කල යුතු ප්‍රායෝගික කොටස
1. CCIE Routing and Switching Written Exam
2. CCIE Routing and Switching Lab (8 Hrs)
ඉහත Written Exam එක සාමාන්‍යයෙන් USD $350 - $400 අතර වැය වෙනවා
Lab එකට USD $1400- $1500 විතර ඕනේ.
සාමාන්‍යයෙන් මේ Exam එක කරා කියන්නේ ගොඩම තමයි අනික මේ Exam එක සම්පූර්ණ කරපු කට්ටියත් අඩුයි ලංකාවේ මේක කරපු අය සියල්ල වෙනත් රටවල රැකියා කරනවා 

අනික මම දැකපු දෙයක් තමයි CCIE සම්පූර්ණ කරපු හුගක් දෙනෙක් ඒක ඉවර කරලා තියෙන්නේ 2 පාරත් Exam එක කරලා. ඒ කියන්නේ 1 පාර අසමත්.
ඉතින් මෙතනදි අපිට අපේ ආර්ථික තත්වයත් බලන්න ඕනෙනේ
අනික මේකේ
CCIE කරලා පාස් වෙච්ච අයගේ List එකක් මෙතෙනින් බලා ගන්න පුලුවන්
http://carlproject.wordpress.com/200...-of-fame-list/
හොදයි CISCO Exam ගැන තව වැඩි විස්තර ඕනේ නම් පහත link එකෙන් ගිහින් බලන්න
http://en.wikipedia.org/wiki/Cisco_C...Certifications