දේශපාලන සංස්‌කෘතිය අපවිත්‍ර කළ මැර සංස්&#8204

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    දේශපාලන සංස්‌කෘතිය අපවිත්‍ර කළ මැර සංස්&#8204

    දේශපාලන සංස්‌කෘතිය අපවිත්‍ර කළ
    මැර සංස්‌කෘති ආගමනය

    මහත් ගාලගෝට්‌ටියක්‌ සමඟ අපේ රටේ පැවැති තවත් එක්‌ පුංචි ඡන්දයක්‌ පුංචි යුද්ධයක්‌ ලෙස පැතිර ගොස්‌ අවසන් වී හමාරය. එහි සෘජු මෙන්ම වක්‍ර ප්‍රතිඵල ද අද අපේ සමාජයට භුක්‌ති විඳින්නට ලැබී අවසන්ය.



    ඒ ප්‍රතිඵලයට අනුව නම් ඡන්දය පැවැති පළාත් පාලන ආයතන 23 න් දෙකක හැර අනෙක්‌ 21 න් ම ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය අත් කර ගෙන තිබිණි....... එහෙත් ඒ ජයග්‍රහණය ගැන උදම් අනන්නවත් සතුටු වන්නටවත් ඒ ගැන කතාබහ කරන්නටවත් සන්ධාන රජයේ හෝ කණ්‌ඩායමේ කිසිවකුටත් ඉඩ අවකාශ ලැබුණේ නැත..... ඊට වඩා සිය දහස්‌ ගුණයකින් රටේම අවධානය යොමු වූයේ මැතිවරණයේ වක්‍ර ප්‍රතිඵලය දෙසය. කොටින්ම කිවහොත් එකම සටන් පෙරමුණක සිට සටන් වැදුණු බළ ඇණි දෙකක නායකයන් ලෙස සැලකිය හැකි භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හා ආර්. දුමින්ද සිල්වා යන දෙදෙනාගේ ද්වන්ද සටනේ අවසාන ප්‍රතිඵලය දෙසය........

    ඒ ප්‍රතිඵලයට අනුව නම් ප්‍රබල ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයකු මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ද ආධාරකරුවකු වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර දුමින්දගේ පාර්ශ්වයෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයකට ලක්‌ව ඒ මොහොතේම මරු වසඟයට ගියේය..... භාරතගේ පාර්ශ්වයේ වෙඩි ප්‍රහාරයකට මැදි වූ දුමින්ද හිසෙහි බරපතළ තුවාල සහිතව අද ජයවර්ධනපුර රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනකය.......

    දැන් මේ උදාවී ඇත්තේ එම ෙ€දවාචකය පිළිබඳ රටේ නොයෙකුත් අන්දමේ පශ්චාත් පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙන කාලයයි..... මේ ඝාතන සංස්‌කෘතිය හා දේශපාලන සංස්‌කෘතිය පිළිබඳ මේ වනවිට විවිධ තාර්කික මතවාද හා හැඟුම් සමුදායන් නොයෙකුත් පාර්ශ්වයන්ගෙන් සමාජය වෙත මුදා හැරෙමින්a තිබේ. සමාජයේ සාමාජිකයන් වන පොදු ජනතාව සිටින්නේ කාගේ විග්‍රහය භාර ගනිම්දෝ යන උභතෝකෝටිකයකය.

    මේ කාකොටා ගැනීමේ හරි වැරැද්ද ගැන එක එල්ලේ කිසිවක්‌ නොකියන්නට පරිස්‌සම්වූ රජයේ ප්‍රකාශකයන් කිහිපදෙනකු ම උත්සාහ කළේ සමානුපාතික ඡන්ද ක්‍රමය මත පදනම් වූ "මනාප ක්‍රමය" රටේ ක්‍රියාත්මක වන තාක්‌කල් මෙබඳු සිදුවීම් වැළැක්‌වීමට කිසිවකුටත් නොහැකි බව ඒත්තු ගැන්වීමටය......... ඔවුන්ට අනුව මේ තත්ත්වයෙන් මිදීමට නම් කළ යුත්තේ සමානුපාතික ඡන්ද ක්‍රමය බැහැර කර රටට සුදුසු ඡන්ද ක්‍රමයක්‌ අනුගමනය කරමින් මින් මත්තට සාමකාමී මාවතක මැතිවරණ පැවැත්වීමය.......
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    එහෙත් මුල්ලේරියාවේ ඉකුත් 08 වැනිදා සවස සිදුවූ මේ කාකොටා ගැනීම් සිද්ධිය පිටුපස ඇත්තේ සමානුපාතික ඡන්ද ක්‍රමයේ හෝ මනාප පොරයේ සාපය පමණක්‌මැයි කියා අපට ඇඟ බේරා ගත හැකිද......... අප එසේ කියන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය මත වුවද සාමකාමීව කිසිදු අනවශ්‍ය ප්‍රශ්නයකින්, ගැටුමකින්, අරගලයකින් තොරව ඡන්දය පැවැත්වුණ තැන් ගණනාවක්‌ මේ පුංචි ඡන්දය තුළ ද පැවැති නිසාය..........

    එසේ නම් භාරත - දුමින්ද ගැටුමට මුල මනාප පොරය මැයි කියා අපට පහසුවෙන් අත පිහිදා ගන්නට හැකිවන්නේ නැත.

    එය පැහැදිලිව තේරුම් ගැනීමට නම් භාරත හා දුමින්ද යන සටන් කඳවුරු දෙකේ ප්‍රබලයන් දෙදෙනා කවුද, ආවේ කොහේ සිටද, කළේ කුමක්‌ද කියා පැහැදිලිව හා නිරවුල්ව වටහා ගත යුතුව ඇත්තේය..... මේ රටේ සිටින බුද්ධිමත් පාඨක ජනතාවට මේ දෙදෙනා කවුදැයි අමුතුවෙන් කියාදිය යුතු වන්නේ නැතැයි මම විශ්වාස කරමි........

    ඒ නිසා රජයේ ප්‍රකාශකයන්ට අමතක වූ හෝ හිතාමතා අමතක කළ අනෙක්‌ ප්‍රවේශය දෙසට හැරෙන්නට මම කල්පනා කළෙමි.

    ඒ ප්‍රවේශය අනෙකක්‌ නොව, අපේ රටේ නූතන දේශපාලන සංස්‌කෘතිය තුළට "පාතාල ලෝකයේ" මැර සංස්‌කෘතිය වැද්දා ගැනීමය. මෙතැන් සිට මා උත්සාහ කරනුයේ අන්ඩර් වර්ල්ඩ් (ඹබාeර අදරකා) නමින් හඳුන්වන පාතාල ලෝක මැර සංස්‌කෘතිය ලංකාවේ සුභාවිත දේශපාලන සංස්‌කෘතිය අපවිත්‍ර කළ ආකාරය ගැන මදක්‌ විමසා බැලීමටය.

    මේ රටේ ජනතාව "පාතාල ලෝකය" කියා දෙයක්‌ ගැන කතා බහ කරන්නට පටන් ගන්නේ වැඩි අතීතයක සිට නොව.... 1977 ට මෙපිට බිහි වූ අතීතයක සිටය.. අන්ඩර් වර්ල්ඩ් (ඹබාeර අදරකා) යන යෙදුමෙන් බිඳ පාතාල ලෝකය කියා නමක්‌ පට බැඳුණේ ද මෑතකාලීනවය......... පාතාල ලෝකය යන වචනයේ ආදි කර්තෘවරයා "දිවයින" පුවත්පත වීමෙන්ම එහි වයස හා තරාතිරම පිළිබඳ කෙනකුට විමසා විග්‍රහ කරගත හැකිය.

    ඊට පෙර සමාජයේ සිටියේ චණ්‌aඩිය. චණ්‌ඩි අතීතයේ කිසිවිටෙකත් දේශපාලන බලවතුන්ගේ සුරතලුන් වී සිටියේ නැත. නිදහසට පෙර කාලයේ කොළඹ නාගරික සංස්‌කෘතිය ගත්තත්, ඊට පසුකාලීනව ජාතික ව්‍යාපාරය ඇරැඹි යුගයේ කොළඹ නාගරික සංස්‌කෘතිය ගත්තත් මේ චණ්‌ඩි සිටියේ දේශපාලන බලපරාක්‍රමයට උණුසුමට ගුලිවී ඒ මත යෑපෙමින් නොව, තනි තනිව යම් යම් නාගරික ඒකක හා ව්‍යාපාර මත පදනම්වය. උදාහරණ වශයෙන් කොස්‌ගස්‌ හන්දියේ තිබුණා යෑයි කියන නෙයිනාගේ සූදුපළ රැක බලා ගත්තේ ද චණ්‌ඩිය. සේදවත්තේ ජෝන් නමැති චණ්‌ඩියා එක්‌ අයෙකි. ඔවුන් කළේ එක්‌කෝ සූදුපළක්‌, එක්‌කෝ ගණිකා නිවාසයක්‌, ඒත් නැතිනම් කසිප්පු තිප්පලක්‌ එහෙමත් නැතිනම් අරක්‌කු රේන්දයක්‌ හෝ තැබෑරුමක්‌ ආරක්‍ෂා කරගෙන රැක බලාගැනීමය...... අඩුම තරමින් වැයික්‌කියක්‌වත් සතුරු උපද්‍රවයකින් තොරව තබා ගැනීමය.

    කොළඹ ජනප්‍රිය චණ්‌ඩි ලෙස ප්‍රකට මරියකඩේ ධර්මෙ අයියා හෙවත් චෝප්පෙලා, මරදානේ ටිප්ටොප්ලා, පරණ වාඩියේ ඥනේaලා, දරමඩුව වත්තේ විපුලෙ ලා, මාළිගාකන්දේ වයිට්‌ලා කළේ ඒ ඒ තැන්වල බල පරාක්‍රමය තබා ගනිමින් බලා කියා ගැනීsම මිස දේශපාලනඥයන්ට සේවය කිරීම නොවේ..... තම පළාත, ගම, වැයික්‌කිය, තම කඩ පිල, තම පළාතේ ව්‍යාපාර, තම පළාතේ වාසීන් රැක බලා ගැනීමෙන් ඔබ්බට මේ ගණන්කාරයන් ගියා නම් ගියේ එක්‌කෝ ආගමික කටයුත්තකටය. නැතිනම් ජාතික කටයුත්තකදී උදව් උපකාර කිරීමටය...... බණ්‌ඩාරනායක ඝාතනය වැනි ඉතිහාසයේ නමගිය සිදුවීම්වලට සම්බන්ධ යෑයි කියන ඔසී කොරයා වැනි ගණන්කාරයන් ඉස්‌සර සිටියත් ඔවුන්ට දේශපාලන අරමුණු තිබුණේ නැති තරම් ය.

    එහෙත් 77 පමණ කාලයේ දේශපාලනඥයෝ කොළඹ ගණන් කාරයන් සොයා ගියහ. ඒ ගියේ තමන්ට බැරි වැඩ ඔවුන් ලවා කරවා ගැනීමටය.......... මේ අයුරින් 77 දී රටේ බිහි වූ ධර්මිෂ්ඨ ආණ්‌ඩු දේශපාලන සංස්‌කෘතිය තුළ ගණන්කාරයෝ ද දේශපාලනඥයන්ගේ ප්‍රබල ආධාරකරුවෝ බවට ක්‍රමයෙන් පත් වූහ.

    77 න් පසුව බිහි වූ නව ආණ්‌ඩු තුළ බොහෝ දේශපාලනඥයෝ ඒ ඒ පළාත්වල සිටි චණ්‌ඩින් තමා යටතට ගත්හ. 1983 දී යාපනය පුස්‌තකාලය ගිනිබත් කරන්නට කොළඹින් යන්නේ එවන් පිරිසකි. ඒ පිරිස දේශපාලන වැඩවලට යොදවා ගත් දේශපාලනඥයන්ගේ නම් අපි අමුතුවෙන් නොකිව්වත් චණ්‌ඩින්ගේ නම් කී පමණින් ඔවුන් සම්බන්ධ කරගත් දේශපාලනඥයන්a කවුදැයි අපේ පාඨකයාට අමුතුවෙන් කියා දිය යුතු නැත. ස්‌ටොක්‌වත්තේ පබිලිස්‌ අයියා සම්බන්ධ කාටදැයි ජනතාව නොදන්නේ නැත...... සොත්ති උපාලිට ළමයා යෑයි කියමින් ආමන්ත්‍රණය කළේ ද කවුදැයි ජනතාව නොදන්නේ නැත. ඒ ආකාරයට එදා ගමේ, නගරයේ හෝ ප්‍රදේශයේ නම තොටළඟ, සේදවත්ත, මරියකඩේ, වනාතේ, හැටේවත්තේ, ඔබේසේකරපුරේ, ගෝතමී පාරේ, නාවල ලෙස යොදා ගනිමින් අදාළ නම කියනවිටම ඔවුන් හා සම්බන්ධ දේශපාලනඥයන් කවුදැයි ජනතාව හඳුනති.

    එදා 88 - 89 ජවිපෙ භීෂණයෙන් මුළු රටම ඇළලී ගිය යුගයේ දේශපාලනඥයකුගේ සාමාන්‍ය ගෝලයෙක්‌ බාලයෙක්‌ පෝස්‌ටරයක්‌ ගහන්නට පාරකට තොටකට බැස්‌සේ නැත. දේශපාලනඥයෝ ජනතාවට බැරි ඒ ආකාරයේ වැඩ සියල්ල කරවා ගත්තේ ගණන්කාරයන් ලවාය. සොත්තිs උපාලිලා පොරවල් වන්නේ අන්න ඒ බැරි වැඩ කරවා දීමේ සංස්‌කෘතිය තුළය.

    ඒ අතරතුර ලංකාවේ පාතාල ලෝකයට කොකේන් නමැති ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍ය පැමිණීම ද පාතාලය දේශපාලනඥයාට වඩාත් ළං කළ ප්‍රබල හේතුවක්‌ ලෙස හඳුන්වා දිය හැකිය. අරක්‌කු, කසිප්පු, ගංජා මෙන් නොව, හෙරොයින්වල තිබෙන ඇබ්බැහිකාරක ගතිය මත්ද්‍රව්‍ය භාවිත කරන්නා හා මත්ද්‍රව්‍ය සපයන්නා අතර දැඩි බැඳීමක්‌ ඇතිකරන ප්‍රබල හේතුවක්‌ විය. උදේ පාන්දර මත්කුඩු වඩියකින් (පැකට්‌ටුවකින්) සන්තර්පය වන මත්ලෝලියා මත්ද්‍රව්‍ය සපයන්නා කියන ඕනෑම දෙයක්‌ මත්කුඩු පැකට්‌ටුවක්‌ වෙනුවෙන් කරදීමට සූදානම්ය. ඔවුන් බරපතළ අපරාධවලට යොමුකිරීම වඩාත් පහසු කරවූයේ කුඩු සංස්‌කෘතියේ ආගමනය සමඟය. මේ අයුරින් කුඩු සපයන්නෝ මුදලාලිලා වූහ. කුඩු බොන්නෝa ඔහුගේ ගෝලයන් වූහ.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    1983 දී ඇරැඹි යුද්ධය ද රටට හා රටේ පාතාල ලෝකයට අලුත් සංස්‌කෘතියක අපරාධකරුවන් පිරිසක්‌ බිහිකර දුන්නෝය. යුද්ධයට ගියේ එදා රටේ තරුණ පරපුර 100% ක්‌ම රට ජාතිය රැකගන්නට නොව රස්‌සාවක්‌ නැතිකමටය. එහෙත් එහිදී ලොව නූතනම අවි ආයුධ ගැන අවබෝධයකුත් භාවිත කරන අන්දම ගැන පුහුණුවකුත් ඔවුන්ට ලැබිණි. මෙම දැනුම හා පුහුණුව ලැබූ සියලුම දෙනා යුද්ධය තුළ රැඳී සිටියේම නැත. යුද්ධයේ කුරිරු බවට බියෙන් පලා ආ සමහරු ගමට ගෙදරට යා නොහැකිව සමාජයේ අතරමං වූහ. අතරමං වූ එබඳු අයට ආරක්‍ෂිත වාසස්‌ථානයක්‌ වූයේද පාතාල ලෝකයයි.

    ආමි ජිනේලා නේවි සුරංගලා වැනි සිය දහස්‌ ගණනක්‌ පාතාල ලෝකයේ වෙඩික්‌කරුවන් බිහිවන්නේ එසේය. මෙසේ වෙඩික්‌කරුවන්ගේ හා කුඩු වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිබඳ කැපවී සිටින්නේ දේශපාලනඥයන්ගේ ආධාරකරුවෙකි. මේ ආධාරකාර තැරැව්කරුවා දේශපාලනඥයාත් පාතාල ලෝකයත් අතර අපූරු පාලමක්‌ තනා ගිවිසුමක්‌ ගොඩනඟයි. ඒ ගිවිසුමට අනුව දේශපාලනඥයා මත්කුඩු ව්‍යාපාරයට හා ඒ සමඟ බැඳුණු නාඳුනන තුවක්‌කුකරුවන්ට ආරක්‍ෂාව සලසා දිය යුතුව ඇත. ඒ වෙනුවට වන්දියක්‌ වශයෙන් ඡන්දවලදී දේශපාලනඥයා වෙනුවෙන් ඇපකැපවීමට පාතාලය සූදානම්ය.

    පාතාලයේ එක එක ජාතියේ අය සිටිති. ඕනෑම ලොක්‌කෙක්‌ එක උණ්‌ඩයකින් බිම හෙළිය හැකි පුහුණුවලත් වෙඩික්‌කරුවෝ සිටිති. දේශපාලනඥයන් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කළ හැකි ප්‍රකෝටිපති කුඩු මුදලාලිලා සිටිති. දේශපාලනයට අවශ්‍ය ඡන්දය හා පිරිස්‌ බලය සැපයීමට අවශ්‍ය කුඩු ලෝලීහු ලක්‍ෂ ගණනක්‌ ද සිටිති.

    මේ සියලු සහාය තැරැව්කරුවා හරහා දේශපාලනඥයාට ලැබෙන අතර දේශපාලනඥයන්ගෙන් සියලු රාජ්‍ය වරප්‍රසාද හා ආරක්‍ෂාව පාතාලයට ද ලැබෙයි.

    පසු කලෙක තැරැව්කරුවා කොන්ත්‍රාත්කරුවකු හෝ නිලධාරියකු හෝ කුඩා දේශපාලනඥයකු බවට පත්ව නිශ්ක්‍රීයව යයි. පාතාලය හා දේශපාලනඥයා තව තවත් සම්බන්ධ වෙයි.

    පාතාලය තුළ ඇති මිනිස්‌ බලය, අවි බලය හා සල්ලි බලය මතින් ටිකෙන් ටික ඉහළට යන දේශපාලනඥයා එතැනින් නවතින්නේ ද නැත. ඔහු ඊළඟට කරනුයේ පාතාල නායකයෝ දේශපාලනය තුළට ද හඳුන්වා දීමය. කුඩුකරුවන් දේශපාලනඥයන් වීමේ ප්‍රවණතාව ආරම්භ වන්නේ එතැන් පටන්ය.

    පාතාලයේ සහාය ලබන දේශපාලනඥයා බලවත්ය. ඔහු සතුව විශාල පිරිස්‌ බලයක්‌ ඇත. සල්ලි ඇත. අවශ්‍ය නම් තමන් වෙනුවෙන් අවි එසවීමට හැකි අවිකරුවෝ ද ඕනෑ තරම්ය. නාවල නිහාල්, බැද්දගාන සංජීව, ධම්මික අමරසිංහ, චින්තක අමරසිංහ, කඩුවෙල වසන්ත, මොරටු සමන්, කලු අජිත් ආදී සිය ගණනක්‌ වෙඩික්‌කරුවන් අප සමාජයේ කෙතෙක්‌ද? ඒ හැම කෙනෙක්‌ම කවුරු හෝ දේශපාලනඥයකුට සේවය කළ බව අද සමාජයේ බුද්ධිමත් ජනතාවට රහසක්‌ වන්නේ නැත.

    පාතාලය සෑම තැනම බිහිවූයේ අධික ජනාකීර්ණ බවක්‌ ඇති වතු= ආශ්‍රිතවය. රටේ තිබෙන සෑම සියලු අයහපත් සියල්ලෙහිම පිළිබිඹුවක්‌ ලෙස පවතින මේ වතු සංස්‌කෘතිය පිළිගන්නා හා වැළඳගන්නා දේශපාලනඥයා කවදත් දිනුම්ය. කවදත් ගොඩය. ඔහුට කිසි විටකත් විරුද්ධ පක්‍ෂයේ සිටිය නොහැකිය. රාජ්‍ය බලය මාරුවන්නේ මොන පිලකටද. අර දේශපාලනඥයාගේ ද පැවැත්ම ඇත්තේ එතැනය. වතු ආශ්‍රිතව දේශපාලනය කළ සහ කරන දේශපාලනඥයෝ සියලුම දෙනාට මේ කතාව අදාළ නැත. එහෙත් අදාළ අය ගැන ජනතාව නොදන්නේ නැත. මන්ද අදාළ අයට කිසි විටක විපක්‍ෂයේ විපක්‍ෂ මන්ත්‍රීවරයකු ලෙස වාඩිවී සිටීම හෝ කල් ගත කිරීමට නොහැකි නිසාය.

    පසුගිය පළාත් පාලන මැතිවරණය තුළ හා ඊට පෙර මෑත යුගයේ කොළඹ නගරාශ්‍රිතව තිබූ මැතිවරණවලදී මා ඉහත කී වතු සාධකය තදින්ම බලපෑ බව නොකිවමනාය. අද කොළඹ ඉහළින්ම ජයගත හැකි, ඉහළින්ම වියදම් කළ හැකි, ඉහළින්ම ජනප්‍රිය විය හැකි සාධක අතර එක්‌ ප්‍රබල හේතුවක්‌ සාධකයක්‌ වන්නේ වතු සංස්‌කෘතිය තුළ දේශපාලනය කිරීමය.

    මේ අනුව අවසානයේදී අපට නිගමනය කළ හැක්‌කේ කුමක්‌ද?

    දුමින්ද සිල්වාගේ මැතිවරණ බලප්‍රදේශය කොලොන්නාවය. කොලොන්නාව, දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට, මරදාන, වැල්ලම්පිටිය ප්‍රදේශවල ඔහු පසුගිය ඡන්දවලදී වැඩිපුර ඡන්ද ගත්තේය. භාරතගේ බලපරාක්‍රමය විහිදවූ ප්‍රදේශය ද මා ඉහත කී ඒවාමය. මේ දෙදෙනාගේම බලපරාක්‍රමය විහිදී තිබුණේ වතු ආශ්‍රිත ප්‍රදේශවලය.

    ඒ ආකාරයට දක්‌වමින් මේ දෙදෙනාම එකසේ පාතාලයේ හා මත්කුඩු සංස්‌කෘතියේ ආරක්‍ෂකයෝ යෑයි කියන්නට අපි ඉක්‌මන් නොවෙමු. එක්‌ අයෙක්‌ මේ සංස්‌කෘතියේ මිතුරකු නම් අනෙක්‌ කෙනා මේ සංස්‌කෘතියේ සතුරකු ලෙස සමාජගතව ක්‍රියාත්මක වන්නට ඇත. ඇතැම් විට දෙදෙනාම එකම අතකට ගලන ගංගාවක ඉවුරු දෙක සේ වතු සංස්‌කෘතියට පක්‍ෂව සිටියාද විය හැක. විපක්‍ෂව සිටියා ද විය හැක. ඒ ගැන අපි කෙළින් කියන්නට උත්සාහ නොකළාට දන්නෝ දනිති. නොදන්නවා සේ සිටිති.

    සමාජයේ කතාබහට ලක්‌ව ඇති ප්‍රශ්නයට ඇත්තේ එය නොවේ. සමාජයෙන් මත්කුඩු ජාවාරම හා පාතාල ලෝකය අතුගා දමන්නට පියවර ගණනාවක්‌ ඔසවා දැඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කර ඇති මේ රජයේ ඇතැම් නිලධාරීන් සමහර ගනුදෙනුකරුවන්ට පමණක්‌ උදව් කළේ ඇයි.... ප්‍රශ්නය අපේ නොවේ. ජනතාවගේය.

    ඒ ප්‍රශ්නය ඉතිරි කර තබමින් තව දෙයක්‌ කියන්නට ද මඳ ඉඩක්‌ ගතයුතුව ඇත. මේ රටේ යහපත් සමාජ සංස්‌කෘතියක්‌ ගොඩනැඟිය යුතුව ඇත. එසේම යහපත් මැතිවරණ සංස්‌කෘතියක්‌ ද ගොඩනැගිය යුතුව ඇත. ඒ සඳහා යන ගමනේ එක්‌ පියවරක්‌ ලෙස සමානුපාතික ඡන්ද ක්‍රමය හා මනාප පොරය සමාජයෙන් තුරන් කළයුතු බව ඇත්තය. ඒත් එපමණකින් සෑහීමකට පත්විය නොහැකිය. ඊට වඩා වැදගත්ම පියවර වන්නේ දේශපාලනය තුළට පිවිසෙන පාතාලය හඳුනාගෙන විනාශ කර දැමීමය. දේශපාලනය තුළට පාතාලය කැන්දා නොගැනීමය.

    ඉන්පසුව බිහිවන නව සංස්‌කෘතිය තුළ නව ලෝකය තුළ දුමින්දලාට ද සිනාසී සිටිය හැකිය. භාරතලාට ද සිනහ වී සිටිය හැකිය. ඔවුන් සිනාසෙන තාක්‌කල් සමා්ජයේ සාමාජිකයන් වන අපට ද සිනා සී සිටිය හැකිය.

    ස්තුතිය - බුලිත ප්‍රදීප් කුමාර