කෙල්ලට~ආදරෙයි.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලට~ආදරෙයි.

    අපි කාටහරි ආදරේ කරලා ඇති නේ.නැත්තම් ආදරේ කරන්න බලාගෙන හිතේ තියන් ඉන්නවා ඇති නේ.අද මම කියන්නම් අපි ආදරේ කරන කෙනා අපෙන් කවදාහරි වෙන් උනත් අපි එයාට කරපු ආදරේ අමතක නොවන මතකයක් කරන විදිහ.මම මේක ලියන්නේ කොල්ලො බේස් කරලා.මොකද එලකිරි එකේ ගොඩක් ඉන්නේ කොල්ලෝ නිසා.ඒ උනාට මේකේ තියන ඒවා කෙල්ලන්ටත් කරන්න පුලුවන්.
    මම මේක ලියන්නේ මගේ දැනුමෙන් සහ අනෙක් අයගේ අත්දැකිම් වලින් මා වටහා ගත් දේ අනුවයි.කොහෙන්වත් උස්සපු නැති බව සලකන්න.

    එහෙනම් බලමු අපි කොහොමද ආදරේ කරන්නේ කියලා අමතක නොවන විදිහට.



    ගොඩක් වෙලාවට මැසේජ් කරනවානේ.මැසේජ් වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්.
    :yes:මැසේජ් කරද්දි පුලුවන් තරම් පිරිසිදු සින්හල භාවිතා කරන්න.පිරිසිදු සින්හල කිව්වේ කුනුහරුප නෙවෙයි.
    මැසේජ් වලින් මම ඔයාට අයි ලව් යු කියලා ගහන්නේ නැතුව හැම විටම පුලුවන් තරම් මම ඔයාට ආදරෙයි කියලා කියන්න.අයි ලව් යු කියලා කියනවාට වඩා මම ඔයාට ආදරෙයි කියන එක හිතටම වදිනවා.

    පුලුවන් තරම් වැදගත් දෙයක් කතා කරන්න උත්සහ ගන්න.අනේ අපි කොහෙටද හනිමුන් යන්නේ?ඔය වගේ වැඩකට නැති දේවල් කතා කරන්න එපා.

    අපි කොහොමද අපේ දෙමාපියන්ට අපේ ආදරේ ගැන කියන්නේ?එයාලා විරුද්ධ උනොත් අපි කොහොමද එයාලාගේ හිත හදන්නේ?ඇයි එයාලා අපිට විරුද්ධ වෙන්නේ?අපි දෙන්නා එකතු වෙන එකේ අපි නොදැකපු ඒත් අපේ දෙමාපියන් දැකපු වැරදි මොනාද?අපි කොහොමද ඒවා හදා ගන්නේ?ඔය වගේ තාත්වික දේවල් කතා කරන්න හැම වෙලාවේම.

    හැම තිස්සේම කාලීන දේවල් ගැන ඇලර්ට් එකේ ඉන්න ලෝකේ සිද්ද වෙන.මොකද කෙල්ලෝ කෙල්ලෝ සෙට් උනාම ලෝකේ නැති නිව්ස් එක දෙක කරලා අපෙන් ඇවිත් අහනවා.ඒ වෙලාවට දන්නේ නෑ කියනවාට වඩා අපි ඇලර්ට් එකේ ඉදලා කියලා දෙන එක හොදයි.


    ආදරේ කරන කෙනාව අගයන්න.ශා අද ඇදන් ආපු බ්ලව්ස් එක මාර ලස්සනයි වගේ කියලා ඇයව අගයන්න හැම විටම.එතකොට ඊලග දවසේ කලින්ට වඩා ලස්සනට එන්න උත්සහ කරනවා:oo:.


    ඇගේ වැරදි අඩුපාඩු බනින්නේ නැතුව ආදරෙන් කියලා දෙන්න.


    ඉගෙන ගන්න කෙනෙක් නම් තමන් දන්න දේවල් එයා ඉගෙන ගන්න විශයන්ට ආදාල නම් එයාට අමාරු දේවල් කියලා දෙන්න එයාගේ එක අතක් සියුම්ව අතගාන ගමන්.අත විතරක් අත ගාන්න.වෙන ඒවා අතගාන්න එපා.


    එයාට මොකක් හෝ අව්ලක් උනාම ඔලුවට හාදුවක් දී ඕනම දේකට මම ඉන්නවා කියලා හිත සනසන්න.මේක එයාට ගොඩක් ශක්තියක් වෙනවා
    ;).

    එයා මොකක් හරි හොද වැඩක් කරපු වෙලාවකට ලස්සනට හිනා වෙලා ඔයා මාර වැඩකාරයෙක් නේ කියලා කියන්න
    :).

    දෙන්නා එකට ඉන්න වෙලාවට කවුරුන් හෝ සිගමනක් ඉල්ලුවොත් අතේ සල්ලි තියන විදිහට ආධාර කරන්න.මොනා කරන්නද ජීවිතේ හැටි කියලා අනිත් කෙනාට කියන්න
    :sorry:.

    තමන් දන්නේ නැති දේවල් අහගන්න ලැජ්ජ වෙන්න එපා.තමන් දන්නේ නැති පාඩමක් එහෙම තියනවා නම් අහගන්න.කියලා දෙන වෙලාවට ගැට දෙක දිහා බලන් ඉන්නේ නැතුව කියලා දෙන එක හොදට අහගන්න:P.කෙල්ලෙක් කියලා දෙනකොට හොදට හිතට වදිනවා.

    අතේ සල්ලි තියනවා නම් කෙල්ල කාලා නැති කෑමක් අරන් දෙන්න හොද තැනකට යන්න.දෙකයි පනහේ සයිවර් කඩ නෙවෙයි.

    වීනිතව ඇදුම් අදින්න කියලා දෙන්න ආදරෙන්.

    හිතේ අව්ලකින් ඉන්න වෙලාවකට එයා කැමතිම මාතෘකාවක් ගැන කතා කරන්න මුල පුරන්න.

    තනියෙන් ඉන්න වෙලාවට අයිස් ක්‍රීම් එකක් හොද චොකලට් එකක් අරන් දෙන්න.

    උපන් දිනේට අතේ සල්ලි තියන විදිහට වැදගත් දෙයක් අරන් දෙන්න.
    ඔය සුලගට සද්දේ එන වින්ඩ් චාර්ම් එකක් ලස්සන කොන්ඩේ අයිටම් එකක් ඩීසන් සුවදක් තියන සෙන්ට් එකක්.තමන්ට තෝරන්න තේරෙන්නේ නැත්තම් හොද මිල ගනන් තියන හොද ඇදුම් කඩේකින් ගිෆ්ට් වව්චර් එකක් ගිහින් දෙන්න:confused:.

    mp3 ප්ලෙයර් එකක් තියනවා නම් දෙන්නා එක්ක ලස්සන ස්ලෝ බීට් සින්දු අහන්න.

    කෙල්ලගේ අම්මාගේ තාත්තාගේ හෝ වෙන පවුලේ කාගේ හරි උපන් දිනේකට තෑග්ගක් ගන්න කෙල්ල එක්ක ගිහින්.හොද වැදගත් එකක් ගන්න.

    ගෙදර මොකක් හෝ අව්ලක් ආවොත් මොනා උනත් එයාලා අපේ දෙමාපියන් නේ.එයාලා නැත්තම් අද අපි මෙහෙම ඉන්නේ නෑ නේ කියලා කියන්න.

    කෙල්ලගේ දිගු කාලීන බලාපොරොත්තු සපුරා ගන්න උදව් කරන්න.එයාගේ සිහිනයක් ඇතිනේ මොකක් හෝ කවදා හරි මෙහෙම කෙනෙක් වෙනවා කියලා.එයාට ඒ තැනට යන්න උදව් කරන්න:cool:.

    කෑම කනකොට දෙන්නා එක්ක එයා දිහා අහින්සක බැල්මකින් බලාගෙන ඉන්න කට කොනකින් හිනා වෙලා:love:.

    අනිත් අයගේ වැරදි කතා නොකරන්න.තියන වැරදි හදාගන්න උත්සහ ගන්න.

    කාටවත් ඊරිසියා නොකරන්න.කවුරුන් හෝ උදව්වක් ඉල්ලුවොත් දෙන්නා එක්කම පුලුවන් විදිහට උදව් කරන්න.

    ලස්සන ඩීසන් ලුක් එකක් තියන සෙරප්පු දෙකක් අරන් දෙන්න ක්ලාස් වගේ ගමන් වලට දා ගෙන යන්න.

    බත් මුලකින් දෙන්නාටම එකට කන්න හම්බුන වෙලාවක පලවෙනි බත් කට එයාට ආදරෙන් කවන්න.

    දෙන්නා වෙන් වෙලා යද්දි ඔලුවට හාදුවක් දෙන්න අත් දෙකේ එයාගේ ඇගිලි වලට ඔබේ ඇගිලි පටලවමින්:shocked:.

    කලින් ආදරේ කරපු කෙනා ගැන හෝ එයාගේ අදුරු මතකයන් ගැන කතා නොකරන්න.

    තමනුයි ආදරේ කරන කෙනායි අතරට වෙන කෙනෙක්ට එන්න ඉඩ නොතබන්න.එහෙම එන්න හදනවානම් දෙන්නා එක්ක ගිහින් එයාට කියන්න අපි දෙන්නා අතරට එන්න එපා.ඔයාට වෙන හොද කෙනෙක් ලැබෙයි කියලා.වලියට නොයන්න.

    අනාගතේ වෙන්න පුලුවන් දේවල් ගැන කතා කරන්න.ඒවාට මොකෝ කරන්න ඕන කියලා සැලසුම් කරන්න.

    පාඩම් වැඩ කඩා ගන්න එපා කඩන් වැටෙන්න දෙන්නත් එපා.

    තමන් කරන ආදරේ හරියට වැදගත් විදිහට කරන්න.

    හම්බෙන්න යද්දි මිනි ඔලුවයි ඇටකටු දෙකයි තියන ඇදුම් ඇදන් යන්න එපා.

    මොනා කරත් හදවතින්ම කරන්න.

    මේවා කියවලා කමෙන්ට් කරලා යන්න.අඩු පාඩු තියනවානම් කියලා යන්න.එයා අපෙන් වෙන් උනත් කවදා හෝ වෙන කෙනෙක්ට ආදරේ කරත් අපි කරපු ආදරේ අමතක වෙන්නේ නෑ.අපි නොහිතන සියුම් තැන් එයාගේ හිතට වදිනවා වෙන කෙනෙක්ට ආදරේ කෙරුවත්.ඒ වෙලාවට එයාට හිතෙනවා අපරාදේ මම මෙච්චර හොදට ආදරේ කරපු කෙනෙක්ව දාලානේ වෙන කෙනෙක් ලගට ආවේ කියලා.එහෙනම් ඉතින් කියවලා කමෙන්ට් කරලා යන්න.













     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    godak hodai machan...... me wage dewal thamai adare karanakota wenna one.....mata nam lessons kiyala denne kella... mama nam ea welawata kellage lips deka move wena diha balagena innne hee heeee
     

    uditha.x86

    Member
    Aug 13, 2009
    51
    5
    0
    ".එයා අපෙන් වෙන් උනත් කවදා හෝ වෙන කෙනෙක්ට ආදරේ කරත් අපි කරපු ආදරේ අමතක වෙන්නේ නෑ.අපි නොහිතන සියුම් තැන් එයාගේ හිතට වදිනවා වෙන කෙනෙක්ට ආදරේ කෙරුවත්.ඒ වෙලාවට එයාට හිතෙනවා අපරාදේ මම මෙච්චර හොදට ආදරේ කරපු කෙනෙක්ව දාලානේ වෙන කෙනෙක් ලගට ආවේ කියලා." :yes::yes:

    nice post thanx :)
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    උම්මා ගොඩාරියක් දෙන්න හිතෙනවා...:P:P:P:love::D

    එල...:D:Dපට්ට..;);) ගින්දර වැඩක් සහෝ..
    රෙප් දෙන්න බැලූ:(:(:sorry:

    තියෙන වෙලාවක අනිවා දෙන්නම්:yes::yes:;)


     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උම්මා ගොඩාරියක් දෙන්න හිතෙනවා...:P:P:P:love::D

    එල...:D:Dපට්ට..;);) ගින්දර වැඩක් සහෝ..
    රෙප් දෙන්න බැලූ:(:(:sorry:

    තියෙන වෙලාවක අනිවා දෙන්නම්:yes::yes:;)




    උම්මා නම් එපා.
    කමෙන්ට් එකට තැන්ක්ස්.
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ඇත්තෙන්ම ගොඩක් වටින දෙයක්
    හැමෝම දැනගන්න ඕන දෙයක් කියල මම හිතනව.
    මේක කොල්ලන්ට විතරක් අදාල නෑ.කෙල්ලන්ටත් හොදයි මේ වගේ දෙයක් බලන එක.