ජීවිතයට නව අරුතක්
ගොඩ දවසකින් මේකට අලුත් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුන නිසා අදවත් එකක් දාන්න හිතුවා. මේ ලඟදි දැක්කා එළකිරි සහෝදරයෝ තමන්ට තියෙන රස්සා ප්‍රශ්න ගැන ත්‍රෙඩ්ස් එහෙම දාලා තිබ්බා. ඒවා දැකලා මට ඉතින් හිතුනා ඒ ගැන පොඩ්ඩක් කියන්න කියලා.

මගේ තාත්තා උපතින්ම ගොඩක් සල්ලිකාරයෙක් නෙමෙයි. ගම දකුණේ. පවුලේ සාමජිකයෝ ඉඳලා තියෙනවා 11ක්. සහෝදර සහෝදරියො 8ක්. තාත්තා 5 වෙනියාද කොහෙද

පවුලේ ආදායම වෙලා තියෙන්නේ ඉතින් වී ගොවිතැන තමා. තව තේ වත්තක් තිබිලා තියෙනවා. දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ තේ වතු වලින් ගොඩක් ලොකු ආදායමක් ගන්න බෑලු. ඉතින් තාත්තාට ඉස්කෝලෙට යන්න වෙලා තියෙන්නේ පයින්. ඉස්කෝලෙට තිබ්බ දුර හැතම්ම 2ක්. ඉතින් හැමදාම හැතම්ම හතරක් ඇවිදින්න ඕනේලු
. ඇවිත් වත්තේ පිටියේ වැඩ කරලා පාඩම් එහෙම කරන්න ඕනෙලු. අඳින්න තිබිලා තියෙන්නේ සරම් දෙකයිලු ඉස්කෝලෙට. බැරි වෙලාවක්වත් වැස්සට තෙමුනොත් පොල්කටු පුච්චලා ඒ රස්නෙන් වේලලාලු ඇන්ඳෙ. 

ඉතින් පවුලෙන් හරියට ඉගෙන ගෙන තියෙන්නේ තාත්තා විතරයි. අනිත් අය ගෙදරින් සල්ලි ඉල්ලන් බයිස්කෝප් බැලුවලු, රස්තියාදු ගැහුවලු. සමහරු නම් ගෙදරටම වෙලා හිටියලු.
කොහොම හරි තාත්තා සාමන්‍යය පෙල සමත් වුනාලු හොඳට. ඉතින් වෙන ඉස්කෝලෙකට එහෙම ගිහින් උසස්පෙල කළා විෂය ධාරව යටතේ කලාලු. එක පාරක් තාත්තට ලියන්න හොඳ තින්ත පෑනක් නෑ කියලා, තාත්තගේ අයියාගෙන් රුපියල් 5ක් හොරකම් කරගෙන පෑනක් ගත්තලු. පස්සෙ ඉතින් අළුත් පෑනක් කොහෙන්ද කියලා හොයලා බලද්දි වැඩේ මාට්ටු වෙලා.
හැබැයි ඉතින් අයියා කියලා ඒ වගේ දේකට හොරකම් නොකර අනිත් දවසේ ඉල්ලන්න කියලා, තීන්ත කූඩුවකුත් ගෙනත් දුන්නලු. එදයින් පස්සේ මේ වෙනතුරු තාත්තා අනුන්ගේ කිසිම දෙයක් හොරෙන් අරන් නෑ.

කොහොම හරි උසස්පෙල පන්තියේ තාත්තා හැමපාරම පළවෙනියා. ඒත් ඉතින් විභාගෙට ලිව්වම තාත්තාට විශ්ව විද්යාල සුදුසුකම් නෑලු. පන්තියෙ දෙවනියා වුන කෙනාට සුදුසුකම ලැබිලා. ඒක ඉතින් ඇත්තටම ලැබීම තමා. දැන් කාලේ වගේ නෙමෙයි, ඒ කාලේ ඉතින් දෙවනි පාරක් කරනවා කියන එක ටිකක් දුර්ලභ දෙයක්.
තාත්තා ඉතින් වෙච්ච දේ වුනානේ කියලා, රස්සාවලට ඇප්ලිකේෂන් දාන්න පටන් ගෙන. සාමාන්‍ය පෙල හා උසස්පෙල හොඳට සමත් වෙලා තිබුන නිසා තාත්තට යවපු ඒවගෙන් කිහිපයකට එන්න කියලා තිබුනා. බැංකු ක්ෂේත්‍රයේයි, අධිකරණ අමාත්‍යංශයෙනුයි තමා එවලා තියෙන්නේ. පස්සේ ඉතින් තාත්තා ආස නිසා අධිකරණ ලිපිකරුවෙක් විදියට රස්සාව පටන් අරන් තියෙනවා.
තාත්තා කිව්වා ඉස්සෙල්ලාම පත්වීම හම්බෙලා තියෙන්නේ රත්නපුරේට කියලා. ගෙදරින් එන්නවත් තාත්තා ගාව සල්ලි තිබිලා නෑ. සූට් කේස් එකයි තාත්තාගේ නෑදෑ වෙන අක්කා කෙනෙක්ගෙන් රුපියල් 175ක් ණයට ඉල්ලන් තමා ඇවිත් තියෙන්නේ.

කොහොමහරි තාත්තා ඒවිධියට ජීවිතේ පටන් අරන් තියෙනවා. පස්සේ ඒ ක්ෂේත්‍රයට තියෙන ආසව නිසාම විභාග කරලා අද වෙද්දි අධිකරණ ක්ෂේත්‍රයේ ලොකු තනතුරක ඉන්නවා. දන්න තරමට අධිකරණ විනිසුරු කෙනෙක්ගේ ශුද්ධ වැටුපට වඩා වැඩියි.(දීමනා රහිත)
සූට් කේස් එකයි ණයට ගත්තු රුපියල් 175කුයි අරගෙන ඇවිත් අද වෙද්දී තමන්ට යන්න පුලුවන් ඉහළම ස්ථානයට ගිහින් තියෙනවා. බැන්ඳට පස්සේ තාත්තා කුරුණෑගල නතර වෙලා තියෙනවා. අද වෙද්දි ගෙදරක්, ඉඩම් දෙකක්, වාහනයක්, හොඳ පවුලක්
වගේ ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතේ ලබා ගන්න ආසා කරන දේවල් තාත්තා ගාව තියෙනවා. තාත්ත අදටත් කියන්නේ අමාරුවෙන් ලබා ගන්න දේවල් වල වටිනාකම කියලා ඉවර කරන්න බෑ කියලා.
ඉතින් ඔය කතාවෙන් මම කියන්න හදන්නේ හැමෝටම ඉංජිනේරුවෝ වෙන්න බෑ, දොස්තරලා වෙන්න බෑ, අකවුන්ටන්ලා වෙන්න බෑ,
ඒත් තමන්ට උපරිමෙන්ම කරන්න පුලුවන් දේවල් තියෙනවා. ඒ දේ ඔස්සේ යන්න. උපරිමේටම යන්න. කවමදාවත් තමන් ගත්තු තීරණයක් පිළිබඳ පසුතැවෙන්න එපා. කරන දේ හරියට කරන්න. අවංකව කරන්න. ඒ කරන දේ තුල දක්ෂයෙක් වෙන්න. එහෙම වුනාම තමන්ට ලැබෙන දේවල් වලක්වන්න කාටවත් බෑ.
ඩිග්‍රියක් ගන්න.මොකද අද ඒක නැතිවම බැරි දෙයක්.නමුත් ඉතින් ඩිග්‍රික කියන්නේ සියල්ලම නෙමෙයි. දක්ෂයාට කොතනත් එකයි. සමහරු හිතන් ඉන්නවා මම මෝඩයි. මට මොකුත් බෑ කියලා. ඒ වුනාට ඒ කෙනාටත් උපරිමෙන් කරන්න පුලුවන් යම් දෙයක් තියෙනවා. ඒ දේ හරියට කරන්න. එදාට ඔබට කාගේවත් අතකොලුවක් බවට පත් වෙන්න ඕනේ නෑ.

මම හිතනවා ඔයාලා මේකෙන් යම් කිසි දෙයක් හිතට ගන්න ඇති කියලා. එහෙනම් අළුත් ත්‍රෙඩ් එකකින් නැවත හමුවෙමු

ගොඩ දවසකින් මේකට අලුත් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුන නිසා අදවත් එකක් දාන්න හිතුවා. මේ ලඟදි දැක්කා එළකිරි සහෝදරයෝ තමන්ට තියෙන රස්සා ප්‍රශ්න ගැන ත්‍රෙඩ්ස් එහෙම දාලා තිබ්බා. ඒවා දැකලා මට ඉතින් හිතුනා ඒ ගැන පොඩ්ඩක් කියන්න කියලා.

මගේ තාත්තා උපතින්ම ගොඩක් සල්ලිකාරයෙක් නෙමෙයි. ගම දකුණේ. පවුලේ සාමජිකයෝ ඉඳලා තියෙනවා 11ක්. සහෝදර සහෝදරියො 8ක්. තාත්තා 5 වෙනියාද කොහෙද

පවුලේ ආදායම වෙලා තියෙන්නේ ඉතින් වී ගොවිතැන තමා. තව තේ වත්තක් තිබිලා තියෙනවා. දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ තේ වතු වලින් ගොඩක් ලොකු ආදායමක් ගන්න බෑලු. ඉතින් තාත්තාට ඉස්කෝලෙට යන්න වෙලා තියෙන්නේ පයින්. ඉස්කෝලෙට තිබ්බ දුර හැතම්ම 2ක්. ඉතින් හැමදාම හැතම්ම හතරක් ඇවිදින්න ඕනේලු

. ඇවිත් වත්තේ පිටියේ වැඩ කරලා පාඩම් එහෙම කරන්න ඕනෙලු. අඳින්න තිබිලා තියෙන්නේ සරම් දෙකයිලු ඉස්කෝලෙට. බැරි වෙලාවක්වත් වැස්සට තෙමුනොත් පොල්කටු පුච්චලා ඒ රස්නෙන් වේලලාලු ඇන්ඳෙ. 

ඉතින් පවුලෙන් හරියට ඉගෙන ගෙන තියෙන්නේ තාත්තා විතරයි. අනිත් අය ගෙදරින් සල්ලි ඉල්ලන් බයිස්කෝප් බැලුවලු, රස්තියාදු ගැහුවලු. සමහරු නම් ගෙදරටම වෙලා හිටියලු.
කොහොම හරි තාත්තා සාමන්‍යය පෙල සමත් වුනාලු හොඳට. ඉතින් වෙන ඉස්කෝලෙකට එහෙම ගිහින් උසස්පෙල කළා විෂය ධාරව යටතේ කලාලු. එක පාරක් තාත්තට ලියන්න හොඳ තින්ත පෑනක් නෑ කියලා, තාත්තගේ අයියාගෙන් රුපියල් 5ක් හොරකම් කරගෙන පෑනක් ගත්තලු. පස්සෙ ඉතින් අළුත් පෑනක් කොහෙන්ද කියලා හොයලා බලද්දි වැඩේ මාට්ටු වෙලා.

හැබැයි ඉතින් අයියා කියලා ඒ වගේ දේකට හොරකම් නොකර අනිත් දවසේ ඉල්ලන්න කියලා, තීන්ත කූඩුවකුත් ගෙනත් දුන්නලු. එදයින් පස්සේ මේ වෙනතුරු තාත්තා අනුන්ගේ කිසිම දෙයක් හොරෙන් අරන් නෑ.

කොහොම හරි උසස්පෙල පන්තියේ තාත්තා හැමපාරම පළවෙනියා. ඒත් ඉතින් විභාගෙට ලිව්වම තාත්තාට විශ්ව විද්යාල සුදුසුකම් නෑලු. පන්තියෙ දෙවනියා වුන කෙනාට සුදුසුකම ලැබිලා. ඒක ඉතින් ඇත්තටම ලැබීම තමා. දැන් කාලේ වගේ නෙමෙයි, ඒ කාලේ ඉතින් දෙවනි පාරක් කරනවා කියන එක ටිකක් දුර්ලභ දෙයක්.

තාත්තා ඉතින් වෙච්ච දේ වුනානේ කියලා, රස්සාවලට ඇප්ලිකේෂන් දාන්න පටන් ගෙන. සාමාන්‍ය පෙල හා උසස්පෙල හොඳට සමත් වෙලා තිබුන නිසා තාත්තට යවපු ඒවගෙන් කිහිපයකට එන්න කියලා තිබුනා. බැංකු ක්ෂේත්‍රයේයි, අධිකරණ අමාත්‍යංශයෙනුයි තමා එවලා තියෙන්නේ. පස්සේ ඉතින් තාත්තා ආස නිසා අධිකරණ ලිපිකරුවෙක් විදියට රස්සාව පටන් අරන් තියෙනවා.තාත්තා කිව්වා ඉස්සෙල්ලාම පත්වීම හම්බෙලා තියෙන්නේ රත්නපුරේට කියලා. ගෙදරින් එන්නවත් තාත්තා ගාව සල්ලි තිබිලා නෑ. සූට් කේස් එකයි තාත්තාගේ නෑදෑ වෙන අක්කා කෙනෙක්ගෙන් රුපියල් 175ක් ණයට ඉල්ලන් තමා ඇවිත් තියෙන්නේ.

කොහොමහරි තාත්තා ඒවිධියට ජීවිතේ පටන් අරන් තියෙනවා. පස්සේ ඒ ක්ෂේත්‍රයට තියෙන ආසව නිසාම විභාග කරලා අද වෙද්දි අධිකරණ ක්ෂේත්‍රයේ ලොකු තනතුරක ඉන්නවා. දන්න තරමට අධිකරණ විනිසුරු කෙනෙක්ගේ ශුද්ධ වැටුපට වඩා වැඩියි.(දීමනා රහිත)
සූට් කේස් එකයි ණයට ගත්තු රුපියල් 175කුයි අරගෙන ඇවිත් අද වෙද්දී තමන්ට යන්න පුලුවන් ඉහළම ස්ථානයට ගිහින් තියෙනවා. බැන්ඳට පස්සේ තාත්තා කුරුණෑගල නතර වෙලා තියෙනවා. අද වෙද්දි ගෙදරක්, ඉඩම් දෙකක්, වාහනයක්, හොඳ පවුලක්

වගේ ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතේ ලබා ගන්න ආසා කරන දේවල් තාත්තා ගාව තියෙනවා. තාත්ත අදටත් කියන්නේ අමාරුවෙන් ලබා ගන්න දේවල් වල වටිනාකම කියලා ඉවර කරන්න බෑ කියලා. ඉතින් ඔය කතාවෙන් මම කියන්න හදන්නේ හැමෝටම ඉංජිනේරුවෝ වෙන්න බෑ, දොස්තරලා වෙන්න බෑ, අකවුන්ටන්ලා වෙන්න බෑ,