සිංහල භාෂාව සුවිශේෂී බසක්-ඇමරිකාවෙන් පරී
සිංහල භාෂාව ලොකයේ භාවිතා වන භාෂා අතුරෙන් ඉතා සුවිශේෂී බසක් බව ඇමරිකානු කෝනෙල් සරසවියේ භාෂා විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂිකා මහාචාර්ය බාබරා ලස්ට් පවසයි. සිංහල බස පිළිබඳව අධ්‍යයනය සඳහා නව පරිගණක මෘදුකාංග මෙවලමක් හඳුන්වා දීමෙන් අනතුරුව ඇය මේ බව සඳහන් කර තිබේ.
සිංහල භාෂාවේ වර්ධනය සිදුවී ඇත්තේ ජීව විද්‍යාත්මක වශයෙන් ද නැතිනම් සංස්කෘතික ආභාෂය තුළින් ද යන්න සොයා බැලීම සඳහා ඇමරිකාවේ සිංහල භාෂා අධ්‍යයනය ව්‍යාපෘතිය සඳහා මෙරට වයස අවුරුදු 2 සිට 6 දක්වා ළමුන් 450 දෙනෙකුගේ පැය 150 ක හඬ පටිගත කිරීම් ද යොදා ගැනෙයි.
සිංහල බස අධ්‍යයනයට පෙළඹෙන අනාගත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහායක් ලෙසින් භාෂා දත්ත ගබඩා කර කළමනාකරණය කිරීම ද ඇමරිකානු කෝනෙල් සරසවියේ ව්‍යාපෘතියට අයත් වන අතර ඒ සඳහා සෙමෙන්ටික් අන්තර්ජාල තාක්ෂණ ආයතනය විසින් විශේෂිත මෘදුකාංග පෙළක් ද නිපදවා තිබේ.
මුලාශ්‍රය