පාසල් ජීවිතය පළමු දිගහැරුම.......
පාසල් ජීවිතය පළමු දිගහැරුම.......
මම අද ඉදන් ඔයාලට මගේ පාසල් කාලයේ මට සිදුවුනු අමිහිරි, මිහිරි මතකයන් මෙසේ දිගහරිනු ලබනවා.මම මේ වගේ දෙයක් දාන්න බලාපොරොත්තු වුනේ ඔයාලගෙන් රෙප් ගන්නවත් Comments ගන්නවත් නෙවේ, මෙහෙම දේවලුත් මිනිස්සුන්ට සිද්ද වෙනවා කියලා ඔයාලට පෙන්නලා දෙන්නයි. මේ දේවල් වලින් ඔයාලගේ ජීවිතයට ගන්න යමක් තියනවනම් ගන්න. මේක වැඩක් නැත්නම් මට කරන උදව්වක් හැටියට "මේක වැඩක් නෑ" කියලා යන්න. එතකොට මම ඉදිරියට මගේ අනික් කතා නොකියා ඉන්නම්..
මම එකපාර එක කතාව බැගින් තමයි කියන්න හිතාගෙන ඉන්නේ. මේ මගේ කතා අහලා ඔයාලට හිතෙන්න පුළුවන් මම පිස්සෙක් කියලා. ඔව්. ඔයාලා හරි මම පිස්සෙක්. තවකෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මාර පොරක් නේ කියලා. ඔව්. ඔයාලා හරි මම මාර පොරක්.
මම ආයෙත් කියනවා මම මේක කරන්නේ, මට සමහර වෙලාවට අමිහිරි දෙයක් වුනානම් ඒක ඔයාලට නොවෙන්න වග බලාගන්නේ කොහොමද, මොනවද නොකල යුත්තේ කියලා ඔයාලා දැනගන්නත් මට සිදුවු පට්ට ආතල් සිද්දි ඔයාලා අහලා ඔයාලගේ ලේ පිරිසිදු කරගන්නත් විතරයි මම මේක කරන්නේ...
ඔයාලට මෙතන Comment එකක් දාන්න හිතෙනවනම්, කාගෙවත් Comment එකක් දිහා බලලා දාන්නේ නැතුව ඔයාලට හිතෙන දේ විතරක් දාන්න. හැබැයි කුණුහරප බෑ, ආගම් එහෙම මෙතෙන්ට ගාවගන්න බෑ, රණ්ඩු වෙන්න බෑ. මම උඩින් කියලා තිබ්බේ Comments බලාගෙන නෙවේ මේක කරන්නේ කියලා. නමුත් මේක Comments බලාගෙන තමයි කරන්න වෙන්නේ. එහෙම නැත්නම් මේක සාර්ථක නෑ. ඔයාලගේ ලැබෙන ප්‍රතිචාර අනුව මම තිරනය කරනවා මගේ අනික් කතා ඔයාලට කියනවද නැද්ද කියලා.. සැළකියයුතු ප්‍රතිචාරයක් හම්බවුන සැනින් මම ඊලග කතාව දානවා..........................
හොදයි, එහෙනම් ඔන්න දැන් මම හා හා පුරා කියලා පළමු වන සිද්දිය කියන්නයි යන්නේ. මේක ගොඩාක් අමිහිරි සිද්දියක්. සමාවෙන්න මේක මුළින්ම කියනවට. නමුත් මේක නොකියම බැරි සිද්දියක්.
මේ තමයි මගේ First Love එකේ අමිහිරි/මිහිරි අද්දැකීම....
මේක ආරම්භ වුනේ මම 8 වසරේ ඉන්නකොට. ඒ තමයි මගේ First Love එක. ( ඊට කලින් වෙන වෙන ඒවා තිබුනා. හැබැයි හිතේ...). ඇය පියුමි ( Elakiri එකේ එයත් ඉන්නවද දන්නේ නෑ. එහෙම වුනොත් මළ කෙලියයි...). මම 8 වසරේ ඉන්න කොට පියුමිගේ යාලුවත් එක්ක යාළුවෙන්න බලාගෙන හිටියා පොරක්. හැබැයි මම එච්චරම ඌව අදුරන්නේ නෑ ඒ දවස් වල. හැබැයි අපේ පංතියෙමයි හිටියේ. කොහොම හරි ඌත් එක්ක මගේ වැඩිය ආස්සරයක් තිබුනේ නෑ ඒදවස් වල. ඉතින් මම පියුමිට කොච්චර බොක්කෙන්ම ආදරය කරාද කිවොත් මම අර කලින් කීව පොරව (උගේ නම අපි මෙතන ඉදන් "ප්‍රියා" කියලා හදුන්වමු) බලෙන්ම මගේ Friend කෙනෙක් කරගත්තා. එතන තව පොරක් මගෙත් එක්ක හොදට සෙට් වුනා ( ඌ විදු). ඉතින් මායි ප්‍රියායි විදුයි පට්ට තුන් කට්‍ටුවක්. විදුට ටිකක් හොදට වැඩ පුළුවන්. මායි ප්‍රියායි ඉතින් ඒකාලේ හොදට පිස්සු කෙල කෙල හිටියා. ඉතින් අපි හිටියේ 8-A එකේ . පියුමිලා හිටියේ 8-F එකේ.. එයාලා උඩ තට්‍ටුවේ අපි යට තට්‍ටුවේ. ඉතින් කොහොම කොහොම හරි 8 වසර ඉවර වෙද්දි කෙල්ලෝ හිටියේ අපේ හිතේ විතරයි. ඔන්න දැන් සෙට් එක 9 ට එනවා. මම මගේ ජීවිත කාලේ පට්ට පිස්සු කෙලිය වර්ශය තමයි 9 වසර. ඒකාලේ තමයි හොද මතකයන් සෙට් එකක් තියෙන්නේ....
9 වසරේදි අපිට ගල්ටික් කියලා පොරක් අලුතින් සෙට් වෙනවා. ඔන්න ඔය කාලෙදි තමයි මම පියුමිගෙන් කැමැත්ත අහන්න යන්නේ. මම යනවා කීවට ගල්ටික්ලා එහෙම මාව බලෙන් ඇදගෙන යන්නේ. මොකද අපි ලැජ්ජා බයට හැදිච්ච කොල්ලොනේ...... කොහොම හරි ඇහුවා කියමුකෝ.. එයා කීවා යාළුවෝ විදිහට ඉමු කියලා. මට ඉතින් ඒ ටිකත් ඇති. ඔන්න ඉතින් යාලුවෝ විදිහට ටික දවසක් හිටියා. ඔන්න ඉතින් Sportmeet එකත් ඒ කාලේ ආවා.. ඒ දවස් වෙනකොට අපි යාලුවෝ නෙවේ පෙම්වතුන් වීගෙන ආවේ. Sportmeet එක ඉවර වෙනකොට අපි දෙන්නම දැනගෙන හිටියා අපි දෙන්නට දෙන්න ආදරේයි කියලා. ඔන්න ටික දවසක් ඔහොම ගියා..
ඒ දවස් වල මම එයාට නෙළුම් මල් එහෙම දීලා හොදට යාළු කරගත්තා. ඔන්න ඔය දවස් වල අපි අතරට තුන් වෙනියෙක් ආවා. ඒ අයියා කෙනෙක්. එයා 11 වසර අයියා කෙනෙක්. නම රික්ෂාන්. මුස්ලිම් අයියා කෙනෙක්. මම දවසක් ඉස්කෝලෙට එනකොට මම දැක්කා ඒ දෙන්න කතා කරකර ඉන්නවා. මම වැඩිය ගනන් ගත්තේ නෑ. ටික දවස් යද්දි මට පියුමිගෙත් අමුතු වෙනසක් තේරුනා. මගේ යාළුවෝ එහම්ත් කීවා ඒ දෙන්නා එකට ඉන්නවා දැක්කා කියලා. මගේ බොක්ක වගේ හිටපු ගල්ටියා, විදු, ප්‍රියා.. එහෙම මගේ හිත පුළුවන් තරම් හදන්න බැලුවා. බැරිවුනොත් ඌට ගහමු කීවා. ඊට පස්සේ මම පියුමිගෙන් ඇහුවා මේ ගැන. එයා කියනවා "ඒයා මගේ යාළුවෙක් විතරයි" කියලා. යකෝ යාලුවෙක් වුන පළියට උදේයි, Intervel එකේයි, ඉස්කෝලේ ඇරුනහමයි කතා කරකර යනවද.. ඊට පස්සේ මම පියුමිට බැන්නා. ඒ යාළුකම අත හරිනකම් මාත් එක්ක කතා කරන්න එපා කීවා.. එදා දවල් Intervel එකේ එයාගේ යාළුවෝ එනවා මට කියාගෙන, " අනේ පියුමි කන්නේත් නෑ බොන්නෙත් නෑ. අඩනවා කියලා" ඉතින් මම ආයෙත් ගිහිල්ලා එයාගේ හිත හදලා එයාව පොරොන්දු කරගත්තා ආයේ අරුත් එක්ක කතාවට යන්න එපා කියලා..
යකෝ මේකිට මෙච්චර කියලත් ඊලග දවසේ උදේ දෙන්නා හොදට කතා කරකර යනවා. මම ඊලගට හිතුවා අරූව හම්බවෙන්න. ඒදා හවස හම්බ වෙන්න ගියා මායි විදුයි ප්‍රියායි... අරු 30 ක විතර සෙට් එකක් අරගෙන මන් ලගට ආවා. ඇවිල්ලා කීවා මට පියුමිව අතාරින්න කියලා..
මම ගත් කටටම කීවා බෑ කියලා. ඊලග මොහොතේ හම්බානකට පෝරියල් 30 විතර මාව වට කරගත්තා. දඩ.. බඩ.. දඩ.. බඩ.. කනහරහා වදිනවා.. මට නිකන් කැරකෙනවා වගේ.. මගේ යාලුවන්ට මොනවා වුනාද දන්නේ නෑ. උන් කිව විදිහට උන්ව 5 ස් 6 දෙනෙක් අල්ලගෙන හිටියළු.. මගෙ කන රතු වෙලා. ඇග රිදෙනවා. කොහෙන් වැදුනද කියලා හිතාගන්න බෑ. පස්සේ අරුට දුක හිතිලා මට ගහන එක නවත්තන්න කීවා. ඊට පස්සේ උන් ටිකට මම කිවා පියුමි මට කැමති නෑ කීවොත් මම එයාව අතාරිනවා කියලා. ඊට පස්සේ උන් ටික ගියා.. මේ සිද්දිය වුනේ ඉස්කෝලේ ඇරිලා, ඉස්කෝලේ ඇතුලෙමයි. මම දැක්කා ඒ වෙලේ පියුමි යාලූවෝ ටික ඉස්කෝලේ ඇතුලේ ඉන්නවා. මම උන් ගාවට ගිහිල්ලා කීවා "හෙට උදේන්ම පියුමිට කියන්න මාව හම්බවෙන්න එන්න කියලා". කීවත් වගේ පියුමි ආවා. හැබැයි ඒ ඉස්සර හිටපු පියුමි නෙවේ..මම ඇහුවා මට ඔයා කැමතිද කියලා. එයා කීවා නෑ කියලා. එච්චරයිනේ අපිට කතා වෙන්න තියෙන්නේ. මම කීවා ඔයා හොදින් ඉන්න කියලා. ඊට පස්සේ මම ගියා පන්තියට... ඊට පස්සේ දවස් වල මම දැක්කා එයා අර රික්ෂාන් එක්ක ජෝඩු දාලා එහෙ මෙහේ යනවා..
මම ඊට පස්සේ හොදට ඉගැනුම ගැන හිතුවා. 10 වසර තමා මාව වෙනස් කරපු හොදම වසර. ආ කතාවේ අවසානයකුත් තියෙන්න එපායෑ නේද...තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනව. රික්ෂාන් O/L පේල් වෙලා ගියා. පියුමිට මාවත් එයාවත් නැතිවුනා. මම හිතන්නේ එයත් ඉගෙන ගත්තා වෙන ඕනේ... O/L වලින් පස්සේ එයා වෙන ඉස්කෝලෙකට ගියා. මම ඒකෙම A/L කෙරුවා. A/L කරපු කාලේ සමහර වෙලාවට හම්බ වුනා. අපිකතා කරා. එච්චරයි......
එතනින් එහා අපි අතරේ කිසිම සම්බන්දයක් නෑ...
ඉවරායි......................
මේ කතාව හම්බානකට දිගයි. කොහොම හරි අනේ කියවන්න.. මේ කතාව විතරයි මෙච්චර දිගකට ලිවේ. නොකියම බැරි දේවල් කීවා. මේ කතාව හොදටම කියන්න ගියනම් මට පොතක් ලියන්න වෙයි..
මම අත කඩාගෙන Type කරාට මොනවා හරි කියලා යන්න... මම මේ මෙගේ පාසල් කාලේ වුන වැඩ ඔයාලට කියලා කරන්නේ පිස්සු වැඩක් නම් Comment එකක් දාලා කියලා යන්න. මම අනික් ඒවා නොදා ඉන්නම්......
මෙය පසුව Edit කරන ලදී...... -:
=======================
♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි..
අපි පතා ආවා වගේ වෙන්වී යයි.......

Last edited: