.::ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත::.
වරින් වර ලොව ආඥාදායකයෝ බිහි වෙති. අසාමාන්‍ය බලයක් කේන්ද්‍ර වීමෙන් ගොඩනැගෙන්නා වූ ආඥාදායක බලය කල්ගතවෙත්ම ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලටම ඇද දමමින් තම රටේම ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වන මෙවන් ආඥාදායකයින් ගොදුරු වී ඇත්තේ ඛේදාන්තයක් වූ අවසානයකටය.
අසාමාන්‍ය බලයක් කේන්ද්‍ර කර ගනිමින් කිසිදු අයෙකුට හිස නොනමා සිය බල පරාක්‍රමය පැතිර වූ ඉරාක ජනපති සදාම් හුසේන්, ලෝකයේම බලය අල්ලන්නට ගිය ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්, සෝවියට් රුසියාවේ ජෝසෆ් ස්තාලින්, රෆායෙල් ටෘජිලෝ, ඉයන් ඇන්ටොන්ස්කු, බෙනීටෝ මුසෝලිනී, නිකොලේ සිසුකු වැනි ආඥාදායකයින් සියලු දෙනාම අවසන් වූයේ තුවක්කු බැරලයක පිහිටාධාරයෙන් හෝ නීතිය ඉදිරියේ දඬුවම් ලැබීමෙනි. ඔවුන් මිය ගිය ආකාරය එකිනෙකට වෙනස් වූවත් අවසානයේ පෙර තිබූ ශ්‍රී විභූතිය, කීර්ති නාමය, ගෞරවය හෝ බල පරාක්‍රමය ඔවුන් සතුව තිබුනේ නැත.
ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත

7+