කඩ්ඩට බය නංගිලාට මල්ලිලාට ...
වෙනත් ඕනැම භාෂාවක වගේ ඉංග්‍රීසියෙත් තියනවා ප්‍රස්ථා පිරුළු. මේවා හැදෙන්නේ ඒ ඒ භාෂා කතා කරන අයගේ අත්දැකීම් හා ඒ අය ලෝකය දකින ආකාරය පදනම් කරගෙනයි. විවිධ සමාජ රටාවල ජීවත් වෙන අයට ලැබෙන අත් දැකීම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා යම් බසක තියන පිරුළක් අනිත් බසක් කතා කරන අයට නුහුරු රටාවක් ගන්න පුළුවන්.
ඒ විතරක් නොමෙයි, යම් භාෂාවක අතීතයේ හැදුන පිරුළු අද එය තම මව් බස විදිහට කතා කරන අයත් භාවිතා කරන්නේ සාම්ප්‍රදායික ව්‍යවහාරය නිසා මිස තම අත්දැකීමෙන් නොවන්නට හැකියි. මොකද, එදා තමන්ගේ මුතුන් මිත්තෝ ගත කළ ජීවන රටාව නෙමෙයිනෙ අද නූතන සමාජයේ ජීවත් වෙන්නන්ට තියෙන්නේ.
කෙසේ වෙතත් අද ඉංග්‍රීසි භාෂාවේ මෙවැනි රසවත් යෙදුම් කීපයක් දෙස අවදානය යොමු කරමු.
1. Once bitten, twice shy.
'එක වතාවක් සපා කෑමකට ලක් වුණ කෙනෙක් දෙවතාවක් පස්ස ගහනවා' වැනි අදහසක් ඇති මෙයින් කියවෙන්නේ යම් දෙයක් නිසා එක වතාවක් කරදරයක වැටුන කෙනෙක් ඉන් පසුව එවැනි දේවලදී ඉතා පරිස්සම් වෙන බවයි. අපි මේ වගේ තැන්වල සමහර වෙලාවට සිංහලෙන් 'ගිණි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරියාටත් බයයිලු' කියනවා.
2. Dogs bark, but the caravan goes on.
බල්ලො බිරුවට කරත්ත පෙළ නතර වෙන්නේ නැති බව පැවසෙනවා. යම් කෙනෙක් කොපමණ දැඟලුවත් යම් දෙයක් වෙනස් කිරීම හෝ නැවැත්වීම කළ නොහැකියි කීමට මෙය යොදා ගැනෙනවා. සිංහලෙන් 'බල්ලෙක් බිරුවාට කන්දක් සෙලවේද?' කියලා මීට තරමක් සමාන කතාවක් තියනවා.
3. Carrying coal(s) to New Castle. [BrE]
'නිව් කාසල්' කියනනේ ඒ කාලෙ ගල් අඟුරු බහුලව ලබා ගත් ප්‍රදේශයක්. එවැනි තැනකට ගල් අඟුරු රැගෙන යාම පල රහිත ක්‍රියාවක් නිසා එවැනි නිශ්ඵල ක්‍රියාවලට මෙය සමාන කෙරෙනවා. සිංහලෙන් 'කුරුණෑගලට පොල් අරන් යනවා වගෙයි' කියලා මෙවැනි කියමනක් අහලා තියෙනවා.
4. Killing the goose that lays the golden eggs.
මේ කතාව හුඟක් අය අහලා ඇති. හැම දවසකම රත්තරන් බිත්තරයක් දැමූ පාත්තයෙක් - ඇතැම් විට කිකිළියක් - බඩේ ඇතැයි සිතූ ඒ බිත්තර එකවර ගැනීමට සිතා බඩ පලා මරා, සියල්ල අහිමි කරගත් කෙනෙක් ගැනයිනේ ඒ. පමණට වඩා එකවර අයිති කර ගන්න ගිහින් සියල්ල අහිමි කර ගන්නා අවස්ථාවල ඒ නිසා මෙම යෙදුම හමු වෙනවා. සිංහලෙන් 'රත්තරන් බිජු දාන කිකිළිගේ බඩ පලන් කනවා' වගේම 'බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න හදනවා' කියන්නෙත් තරමක් දුරට මේ අර්ථයෙන්.
5. Robbing Peter to Pay Paul.
'පෝල්ට ගෙවීමට පීටර්ගෙන් සොරා ගැනීම' යයි කියවෙන මෙම පිරුළ පාවිච්චි කරනවා එක් අංශයක අවශ්‍යතාවයක් පියවා ගැනීමට වෙනත් අංශයක පාඩුවක් කර ගන්නා අවස්ථාවල - එසේ නැති නම් එක් කෙනෙකුගේ අවශ්‍යතාවයක් පිරිමැසීමට වෙනත් කෙනෙකුට පාඩුවක් කරන විට.
Read more: http://www.lankaenglishbook.com/2011/06/proverbs.html#ixzz140gDs81b
උපුටා ගත්තේ: www.lankaenglishbook.com වෙබ් අඩවියෙනි