ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )

    ඔබ සිංහලයෙක්ද ?සිංහලනම් ඒ බව දන ගන්නේ කෙසේද?සිංහල නමින් පෙනී සිටින බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්නය ඉදිරිපත් කලොත් කීයෙන් කීයක් පිළිතුරු සපයන්න සමත් වෙය්ද?දෙමල,ඉංග්‍රීසි ආදී ජාතිවලට අයත් අයගෙන් මේ ප්‍රශ්න දෙකම ඇසුවත් සැහීමකට පත් වන ආකාරයේ පිළිතුරක් බලාපොරොත්තු විය නොහැක.

    මෙම ප්‍රශ්නය අසු පමණින් සමහරු කිපෙති.පිළිතුරු ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබියදී මෙවැනි පරශ්න අහන්නේ කුමටදි අසති,මෙය විනෝදයට අසන ප්‍රශ්නයක් යැය් සමහරු සලකති .මෙම ප්‍රශ්නය ගැන කිසිවිටකත් තමන් සිතුවේ නැති බව සමහරු පිළිතුරු දෙති .කෙසේ හෝ වේවා ,ඒ කිසිවෙක් ප්‍රශ්නයට සැහෙන,තර්කානුකුල පිළිතුරක් ලබා නොදෙය්.
    මගේ දෙමාපියන් සිංහල නිසා මමද සිංහලයෙක්මි යනු බොහෝ දෙනෙකු ඉදරිපත් කරන තර්කයි.මෙය පිළිතුරක් දීම නොව ප්‍රශ්නය තව ටිකක් දුරට තල්ලු කර දැමීමකි.දෙමව්පියන් සිංහලයන් බව දන ගන්නේ කෙසේදය් ඊළඟට ප්‍රශ්න කලයුතු බැවිනි. මෙසේ දිගින් දිගටම ප්‍රශ්නය තල්ලු කර දැමීම කරන්න පුළුවන නමුත් එය්න් ප්‍රශ්නය විසඳීමක් සිදු නොවේ.

    කෙනෙකු සිංහල වන්නේ සිංහල බාෂාව කතා කරන නිසාය යනු තවත් තර්කයකි.ළදරු කාලයේ සිට සිංහල ගෙදරක ඇතිදැඩි වීම නිසා සිංහල පමණක් කතාකරන වෙනත් ජාතින් සිටි.සිංහල බාෂාව කතාකළ පමණින් ඔවුන් සිංහල ජාතියට අයත් යැය් සලකනු නොලැබේ .ළදරු කාලයේ වෙනත් ජාතිකයෙකු සමග ඇති දැඩි වූ අන්‍ය බාෂා කතා කරන සිංහලයෝද සිටිති.සිංහල බාෂාව කතා නොකළ පමණින් ඔවුන් සිංහල නොවෙති යැය් සැලකීමක්ද නැත .
    එහෙයින් බාෂාව කතා කිරීම නිසා පමණක් කිසි කෙනකු ජාතියකට අයත් නොවේ.

    එසේ නම් සිංහල,දෙමල,ඉංග්‍රීසිආදී කිසියම් ජාතියකට කෙනෙකු අයත් බව නිශ්චය වශයෙන් දැනගන්නේ කෙසේද? මෙම ප්‍රශ්නයට දිය හැකි පිළිතුරක් නොමැතිය.නිවැරදි පිළිතුරක් දිය හැක්කේ නිවැරදි ප්‍රශ්නයකට පමණි.මේ ප්‍රශ්නය වැරදිය.නිවැරදි පිලිතුරක්මීට දිය නොහැක්කේ එබැවින්ය.ඇත්තවශයෙන් ජාතිය යැය් ගත හැකි දෙයක් නොමැතිව තිබියදී අසවලා කිනම් ජාතියකට අයත් දී අසු විට ඊට පිළිතුරක් කෙසේ නම් දෙත හැකි වේද?

    දීර්ග කාලයක් මුතුන් මිත්තන් ජීවත් වූ බුගූල කලාපයේ දේශගුණය අනුව හැඩගැසුණු ශරීර ප්‍රමාණයන් හමේ පට අරුණු කොට ජාතියක් දැක්වෙන කිසිම අවයවයක් හෝ ස්වබාවික සලකුණක් හෝ ලෝකයේ කිසිම රටක මනුෂ්‍ය දරුවකුගේ ශරීරයේ නොමැතිය.එහෙත් මුළු මනුෂ්‍ය වර්ගයාටම සාදාරන වූ ඒ දරුවා වැඩෙත්ම දෙමව්පියන් විසින්,පරිසරය විසින්,සමාජය විසින්,ජාති නාමයක් එම දරුවා මතයෙහි ආරෝපණය කරනු ලැබෙය්.තර්ක කිරීමේ ,හේතු සොයා බැලීමේ,සංසන්දනය කර බැලීමේ ශක්තියක් නොමැති දරුවා නොසිතාම, නොදැනුවත්වම ,එම ජාති නාමය පිළිගනී.එය පිළිගෙන ම අසවල් ජාතියට අයත් කෙනෙක් යැය් හැඟීමට ක්‍රමයෙන් පත්වෙය්.ඔබ සිංහල වුයේ සිංහල වූ යම් කිසිවක් ඔබට උප්පතියෙන්ම තිබුන නිසා නොව දෙමව්පියන් ඇතුළු සමාජය විසින් ඔබේ සිතේ ඇති කරවූ දෘෂ්ටිය නිසා නොවෙදෙය් සිතා බලන්න.

    කුරුල්ලන් සිව්පාවන් මෙන් නොව ලෝකයේ සැමතැනම සිටින මනුෂ්‍යයෝ එකම ජාතියකට අයත් වෙති.ඒ ජාතිය වනාහි මනුෂ්‍ය ජාතියය් .සිංහල ,දෙමල ,ඉංග්‍රීසි ආදී දහස් ගණනක් නම්වලින් හැඳින් වෙන්නේ සත්‍ය වශයෙන්ම නොමැති එහෙත් දෘෂ්ටිය නිසා ඇතිකරගත්සලකුණු මාත්‍ර පමණය.අර්ථයක් නැති,නම් සමුහයක් පමණය.ජාතිය පමණක් නොව කුල වලටද මෙසේමය.මෙය හොඳින් කියව වටහාගෙන මදක් සිතා බලන්න.
    මේ මම ලබාගත් දැනුම අනුව පොතපත උපයෝගී කරගෙන පැවසු මගේ අදහසය්.ඔබේ අදහස පවසා යන්න අමතක කරන්න එපා.
    හොඳ නම් rep +ඔබගේ නම සමගින් දෙන්න.එවිට මට කළගුණ සලකන්න හැකිවේවි.comment කර ගියොත් එම කාර්ය තවත් පහසු වේවි.bump 1 හෝ දමායන්න.
     

    kuthuhalayaa

    Member
    Sep 17, 2011
    7
    0
    0
    ma meyata tavath uuna puranyak ekkeereemata kametthemi eya nam agama pilibadavi eyada oba pavasana akarayema situvillak vina eyin obbata giya kisidu artavat yamak gab vanne natha
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක අදාල වෙන්න සිංහල අයට විතරද කියල පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මමත් ඔය ප්‍රශ්නය විසදන්න උත්සහ කරා..නමුත් ඒක සාර්ථක උත්සහයක් නෙමේ..ඒ නිසා මම ඒ ගැන හිතන එක අතහැරියා...නමුත් කවුරුහරි මගෙන් ජාතිය ඇහුවොත් මම සිංහල කියලා උත්තර දෙනවා...ඒත් ඒක ඕනවට වඩා ඔලුවට අරන් පිස්සු නටන්නෙ නෑ
     
    • Like
    Reactions: Awsomest Genius

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ma meyata tavath uuna puranyak ekkeereemata kametthemi eya nam agama pilibadavi eyada oba pavasana akarayema situvillak vina eyin obbata giya kisidu artavat yamak gab vanne natha
    ඇත්තටම ඔබ පවසන දෙයත් එක පැත්තකට හරි නමුත් මං එය අනුමත කරන්නේ නැත්තේ ආගම සම්බන්දයෙන් සමහරක් මේ කරුණු වැරදි නිසාත් එය මීට වැඩ පුළුල් මාතෘකාවක් නිසාත්ය.
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මේක අදාල වෙන්න සිංහල අයට විතරද කියල පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි
    නැ ඇත්තටම මෙය අනිත් ජාතීන්ටත් අය්ති නමුත් මං සිංහල යොදා ගත්තේ මෙහි වැඩි දෙන සිංහල ලෙස උප්පැන්නයේ ඇති නිසාත් (මගෙත්) මේ සිංහල අපගේ පමණක් රට නොවන නිසාත්ය.මම දක්වන්නට යන කරුණ සන්සුන්ව තේරුම් ගන්න.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මමත් ඔය ප්‍රශ්නය විසදන්න උත්සහ කරා..නමුත් ඒක සාර්ථක උත්සහයක් නෙමේ..ඒ නිසා මම ඒ ගැන හිතන එක අතහැරියා...නමුත් කවුරුහරි මගෙන් ජාතිය ඇහුවොත් මම සිංහල කියලා උත්තර දෙනවා...ඒත් ඒක ඕනවට වඩා ඔලුවට අරන් පිස්සු නටන්නෙ නෑ
    :yes:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මම සිංහලයෙක් කියන්නේ ආඩම්බරෙන්.. සිංහල කියන්නේ භාෂාවක්, ජාතියක් විතරක් නෙවෙයි අවරුදු 2500 ක සංස්කෘතියක්, ලෝකේ අනෙක් සංස්කෘතීන් වලින් වෙන් කරලා හදුනා ගන්න පුළුවන් ඒ වගේම ඉන්දියානු සංස්කෘතියෙනුත් වෙන් කරලා හදුනා ගන්න පුළුවන් වෙනම ශිෂ්ටාචාරයක්.. මට ආඩම්බරයි ඒ ශ්‍රේෂ්ඨ ලේ මටත් තියන එකට..
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    All humans can be categorized according to their birth place and their grand parents birth place... that is the ethnicity ... due to the some facts those things are not fair in nowadays.. because now the world is like a village ..people can move one place to another and mixing with another races.. but in Today generally humans are categorized according to their permanent living country...

    According to me ..There is no nation called sinhala... I'am Sri Lankan.. That is what I know.. because my father was born in Sri Lanka..and i was born Sri Lanka.. so my mother land is Sri lanka.. and I' am a Sri Lankan... but later on if i moved to USA and decided to live in there then i will become an American .. then my children are american citizens .. no longer they are sri lankans...

    sinhala is a language
    My father speaks sinhala , they taught me sinhala... so my native language is Sinhala..
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම සිංහල....
    මගෙ භාෂාව සිංහල....
    ජාතියක අනන්‍යතාවය රැඳෙන්නෙ ඒ ජාතියේ භාෂාවෙන්.
    සිංහල භාෂාව ලෝකයේ පොහොසත්ම භාෂා ස්වල්පයෙන් එකක්.
    කොටින්ම කිව්වොත් සිංහල හෝඩියෙන්ම අපිට පුලුවන්
    ලෝකයේ අනික් ඕනම භාෂාවක් ඒ ආකාරයෙන්ම උච්ඡාරණය කරන්න.
    ඔබ අහන්නෙ ජාතිය ගැනනෙ...
    මම දන්න අහලා තියෙන මගෙ සනුහරේම කතා කරලා තියෙන්නෙ සිංහලෙන්...
    ඉදිරියටත් ඒක වෙනස් වෙන්නෙ නෑ.
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    ඔබ කියන දේ නිවැරදියි කියන්න තිබ්බ සිංහල,ඉංග්‍රීසි,දමිල,මුස්ලිම් කියල නම් වලින් විතරක් වෙනස් උනානම්.ඒත් ඒක එහෙමමද?සිංහලයාගේ හැසිරීම් රටාවල් සහ අනෙක් අයගේ හැසිරීම් රටා සමානද?ඉංග්‍රීසියාගේ හැසිරීම සහ දමිලයාගේ හැසිරීම් රටා සමානද?එහෙම සමාන නෑනේද?එහෙනම් මේ නමේ විතරක් තියෙන වෙනසක් කියල හිතන්න පුලුවන්ද?

    අපේ රටේ බහුතරය සිංහලයන්.ඒ වගේම තමයි මේ රටේ අනිත් ජාතීනුත් ඉන්නව.ඒත් අපේ රටට එන සියලුම අයට අපි කරදරයකින් තොරව ජිවත් වෙන්න අවස්තාවක් දීල තියෙනව නේද?ඔව්න්ගේම වරදින් සිදුවන දේවල් නිසා ප්‍රශ්න ඇතිවුනා ඇරෙන්න වෙන කිසිම දෙයක් මේරටේ මම දන්න අවුරුදු 2500ක උනේ නෑ.

    හැබැ‍යි ඔය නිදහස වෙනත් රටවල තියෙනවද?අඩුම ගානේ අපිට අරාබියට බුදුපිලිමයක්වත් ගෙනියන්න පුලුවන්ද?එහෙනම් ඔය කියන නමට වැඩි වෙනසක් තියෙනව කියල සහෝදරය ඔයාට තේරෙනවද?