අමන_ත්රීවීල්_රියදුරන්
අමන ත්රීවීල් රියදුරන්
මම මෙහෙම කිව්වට කිසිම කෙනෙක් මාත් එක්ක හිත් අමනාපකම් ඇතිකරගන්න එපා, මොකද ඊයේ හවස වෙච්ච සිද්ධියක් නිසයි මම එහෙම කිව්වේ, ඒ සිද්ධියෙන් මනුස්ස ජීවිතයක් නැතිඋනා, ඒක එහෙම උනේ, ඒ ත්රීවිල් රියදුරාගේ අමන ක්රියාකලාපය නිසයි. ඒත් අද ජිවිතය නැති උනේ අහිංසක මනුස්සයෙකුගේ, ඒ වගේම තවත් අහිංසකයෙකුට බන්ධනාගාරගත වෙන්න සිද්ධවුනා.
අප ආතායතනය මඟින් රත්මලාන අඟුලාන දුම්රියපල පාරේ විශාල ප්රමාණයේ GRP නල (Glass fiber Reinforced Plastic) මීටර් 6කටත් වඩා වැඩි ගැඹුරකින් එලීමේ කටයුතු සිදුකරන වැඩ බිමකදී තමයි මේ අනතුර සිද්ධ උනේ, එහිදී එහිදී එම නල එලීම සදහා විශාල ලෙස පොළව හැරීමේදී දෙපස ඇති පස් කඩා වැටීම වැලැක්වීම සදහා පොළව හැරීමට පෙර මීටර් 12ක් පමණ දිග පෝරු ටැඹ (Steel Sheet Pile) මීටර් 10ක් පමණ පොළව තුලට ඇතුල් කිරීම සිදුකරනවා,
සුපුරුදු පරිදි ඊයේ පස්වරුවෙත් අප ආයතනය මඟින් නල එලීමේ කටයුතු සිදුකරන අතරතුර, ආයතනයේ JCB යන්ත්රයක් අධාරයෙන්, වෙනත් අතුරු මාර්ඟයක සිට මීටර් 12ක් පමණ දිග, පෝරු ටැඹ (Steel Sheet Pile) දෙකක්, වැඩබිම් අසලට ගෙන යන අවස්ථාවකදී, රථවාහනපාලක විසින් දුන් අණ නොතකා, ත්රීරෝද රියදුරු තම ත්රීරෝද රථය JCB යන්ත්රය දෙසට ධාවනය කර තිබෙනවා, ඒ මොහොතේ සිදුවෙන්නට යන අනතුර තේරුම් ගත් රථවාහනපාලක, එම අනතුර වැලැක්වීම සඳහා, JCB යන්ත්රය එන මාර්ඟය දෙසට දුව ගොස්, JCB යන්ත්රය නැවැත්වීමට උත්සාහ දරා තිබෙනවා.
එත්, ඒ මොහොත වන විටත්, JCB යන්ත්රය ප්රධාන මාර්ගය අසලටම පැමිණ අවසන්, කුමක් කලයුතුදැයි සිතීමටවත් කාලයක් නොමැත, 600 kg පමණ බරක් සහිත පෝරු ටැඹ (Steel Sheet Pile) පටවාගත් JCB යන්ත්රය දෙසට, අදික වේගයෙන් එන ත්රීරෝද රථය තම අණ නොතකන බව ඔහු හොදින් දැනගත් බැවින්, වහා JCB යන්ත්රය ඉදිරියට පැන, නවතින ලෙස ඔහු විසින් අණ කරන ලදී. ඒ සමඟම JCB යන්ත්රය ක්රියාකරු තමා දෙසට වෙගයෙන් එන ත්රීරොදරථයද දැක, හදිස්සියෙම් යන්ත්රයේ තිරිංග යොදා ඇත්තේ, JCB යන්ත්රය ත්රීරොදරථයේ වැදීමෙන් සිදුවන අනතුර වලක්වා ගැනීමටයි.
වාසනාවකට ත්රීරොදරථය JCB යන්ත්රයේ නොගැටී බේරාගැනීමට, JCB යන්ත්රය ක්රියාකරුට සහ රථවාහනපාලකට හැකිවුවද, හදිස්සියෙම යෙදූ තිරිංග නිසා, ඇතිවුන ගැස්සීම හේතුවෙන්, JCB යන්ත්රයේ පටවාගෙන ආ 600 kg පමණ බර පෝරු ටැඹ (Steel Sheet Pile) දෙක, ලොක් (Clamp) වලින් ගැලවී, රථවාහනපාලකගේ හිස මතට පතිතවී ඇත, එම අනතුරේදී, අප ආයතනයේ රථවාහනපාලකයෙකු වසයෙන් සේවය කල, තිදරු පියෙක් එම ස්ථානයේදිම මරණයට පත්වුනා,
ඇයි මිනිස්සු මෙච්චර කුරිරු, ඒ ත්රීරොද රියදුරු මියගිය පුද්ගලයා විසින් දුන් අණ පිලිගනු ලැබුවේ නම්, ඒ අනතුර සිද්ධ නොවෙන්න ඉඩ තිබුණා.
ඇයි මේ මිනිස්සු සල්ලි පස්සෙම මෙච්චර දුවන්නේ,
මට නම් මාර අප්සට්..

body eka ganna deyak nethiwa athi.. paw