පිටිදූවේ_සිරිදම්ම_හිමි_පිලිබඳ_ඇත්ත_නැත්ත

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
පිටිදූවේ_සිරිදම්ම_හිමි_පිලිබඳ_ඇත්ත_නැත්ත

පිටිදූවේ සිරිදම්ම හිමියන් ගැන ගොඩ දෙනෙක් එක එක කතා කියනව මේ දවස්වල.. ඒ ගැන විස්තර වගයක් මට blog එකකින් හම්බ වුනා.. [මෙතනින්]
මම හිතන විදිහට පිලිගන්න පුලුවන් ඇත්ත මේකයි.. කියවල අදහස් දෙන්න.. :yes:




කොලඹ නෝනලාගේ ඉල්ලුමට මහායානය වැපුරූ පිටිදූවේ සිරිදම්ම



අප ජීවිතයේ ලද විශාලම භාග්‍ය වූ නිර්මල ථෙරවාදී බුදු දහමට වින කටිමින් මිත්‍යාව වපුරවමින් ශ්‍රී ලාංකිකයන් තොග ගණනින් අධර්මයටත් මුලාවටත් රැගෙන යමින් සිටි "පිටිදූවේ සිරිදම්ම" නමින් මුලින් පෙනී සිට චීවරදාරියා පිළිබද ලිවීමට කිහිපවරක්ම සිතුනි. නමුත් කරුණු කිහිපයක් හේතුවෙන් ඒ පිළිබද නොලිය සිටින්නට ඒ හැම වාරයකදීම තීරණය කරන ලදී. එයට ප්‍රදාන හේතුව වුයේ "පිටිදූවේ සිරිදම්ම" යනු එකල සමාජ සම්මතය අනුව භික්ෂුන් වහන්සේ නමක් ලෙස පෙනී සිටි අයකු බැවින් ගිහියකු ලෙස භික්ෂූන් වහන්සේ නමක් විවේචනය කිරීම සුදුසු නැතයි වූ හැගීමයි.

භික්ෂුවක් සංඟ සමාජයට එරෙහිව කටයුතු කරන්නේනම් ඔහුට විරුද්දව කටයුතු කිරීමට පෙරමුණ ගත යුත්තේ සංඝ සමාජය විසින්මය. කල් ගතවී හෝ අවසානයේ එය සිදුවී ඇත. "පිටිදූවේ සිරිදම්ම" හිමි ලෙස පෙනී සිටි මෙම චීවරදාරිය මෙයට වසරකට පමණ පෙර හිටි හැටියේ රටෙනුත් අතුරුදහන් වන්නේ සංඝ සමාජය විසින්, විශේෂයෙන්ම මෙම චීවරධාරියාගේ ගුරු හිමියන් වන පරවාහැර හිමියන් විසින් මොහුව ශිෂ්‍ය බාවයෙන් නෙරපීමත් සමගය. පරවාහැර චන්ද්‍රරතන නායක හිමියන් පවසා තිබුනේ භික්ෂුභාවයට නොගැලපෙන ක්‍රියා රැසක් හේතුවෙන් මිට වසර දෙකකට පෙර තමන්ගෙන් උපසම්පදාව ලැබූ පිටිදුවේ සිරිධම්ම නමැති තැනැත්තා තමන්ගේ ශිෂ්‍ය භාවයෙන් ඉවත්කළ බවද ඒ බව දන්වමින් පුවත්පත් දැන්වීමක්ද පලකල බවය. ගුරුහිමියන් විසින් පැවිද්දෙකු ශිෂ්‍ය බාවයෙන් නෙරපන ලද කල පවත්නා ශාෂණ සම්මතයට අනුව තව දුරටත් පැරණි පැවිදි නම බාවිතා කල නොහැක.

පැටිකිරිය

ගාල්ල ප්‍රදේශයේ උපත ලබන පිටිදූවේ සිරිදම්ම හිමි පසුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලැබූවෙකි. විද්‍යා අධ්‍යාපනය ලබන හීන මානය ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන් ඔහුද බුදු සරණට අමතරව බටහිර විද්‍යාවද පරම සත්‍යක් ලෙස හිස්මුදිනින් පිළිගත් අයෙකි. සර්වකාලීන සහ ලෝකෝත්තර වූ බුදුදහම සත්‍යයය් පෙන්වීමට හුදු බෞතික සංකල්ප කිහිපයක් තේරුම් ගැනීමට බිහිකර ගන්නා ලද බටහිර විද්‍යාව සමග සම කිරීමට යාම බටහිරට ගැති කොලඹ වෙසෙන ලුම්පන් බෞද්ධයන්ට ආශ්වාදයක් ඇති කිරීමට සමත් විය. මෙයින් සිරිධම්ම නම් චීවරදාරියා යම් ආකර්ෂණයක් ඇතිකර ගත්තේය. මෙහි කූටප්ප්‍රාප්තිය වනුයේ මොහු සෝමා එදිරිසිංහ ගේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් සමග සම්බන්ද වීමත් සමගය. මෙතෙක් සමූහ ආගමික කතිකාවන් වලට පමණක් අවස්ථා ලැබූ මෙම චීවරදාරියා තමන්ට රිසි පරිදි ස්වර්ණ වාහිනියේ විකාර රූපී නිවේදකයන් සමග එක්ව බුදු දහම විග්‍රහ කරන්නටත් විවිද අර්ථ කතන දෙන්නටත් පටන් ගන්නේය.

උපායමාර්ගය

බුදුදහම යනු පටිසෝතගාමී පටිපදාව මත අධ්‍යාත්මික විමුක්තිය ලබා ගනු පිණිස ඇති දහමකි. නමුත් "පිටිදූවේ සිරිදම්ම" යනු සමාජයේ රැල්ල හොදින් හදුනන ඉල්ලුමට අනුව සැපයුම ලබාදෙන ශුර ව්‍යාපාරිකයෙකි. සමාජයේ අනුසෝතගාමී ජනප්‍රිය රැල්ල කවදත් පවතිනුයේ කවර හෝ ආකාරයෙන් මුදල් හම්බ කිරීමටත් ආශාවන් පසු පස යාමට පෙලබවීමටත් ය. මෙසේ කපටි කෛරාටික කමින් හෝ මුදල් හරි හම්බ කරමින් ආශාවන් පසු පස දිව යන මිනිසුන්ට තමන් ගත කරන ජීවන රටාවේ හිස් බව පිළිබද අසහනකාරී හැගීමකුත්, ජීවනෝපාය ලෙස කරනා කුප්‍රයෝග සහ බොරුව හේතුවෙන් තමන්ට ඉදිරි සසර තුල ඇතිවන කර්ම ඵල පිළිබද බියකුත් ඇති කරයි. මෙවැනි ජීවන රටාවකට පුරුදුවන හිස් මිනිසුන්ට ථෙරවාදී බුදු දහම තවත් ප්‍රශ්නයක් බවට පත් වේ.
අප්පමාදෝ අමතා පදං - පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති - යේ පමත්තා යථා මතා

"නොපමාව, සැලකිල්ල නිවනට කරුණු වේ. පමාව, නොසැලකිල්ල මරණයට කරුණු වේ. නොපමා වුවෝ නොමැරෙත්. පමා වුවෝ (නොමලත්) මළවුන් වැනිය. "
- ධම්මපදය ,ගෞතම බුදු රජාණන් වහන්සේ
මොවුන්ට පරම්පරාවෙන් පැමිණි බෞද්ධ ලේබලයත් එකවර අතහැරීමට සමාජීය හේතු මත නොහැකිය. නමුත් දැන දැන කරන තක්කඩි හොර මැර වංචා කම් වලට සසරේදී තමන්ට ලැබෙන කර්ම ඵල ගැන දැනීම හේතුවෙන් ඇතුලතිතින් ඇතිවන අසහනය (guilty conscience) ඔවුන්ව නිරන්තරයෙන් දවාලය්. සරලව කියන්නේනම් මොවුන්ට සමාජීය හේතු මත 'බෞද්ධයා' යන රැවුලත්, තමන් කරන ජඩ වැඩ ගැන සසර බිය අමතක කරගැනීම යන 'කැදත්' යන දෙකම බේරා ගතයුතුය. කොලඹ මුදල් පසුපසම හබා යන තුප්පහි සමාජය මෙයට සොයාගත් පිළිතුර වුයේ ථේරවාදී බුදුදහමින් මහායාන බුදු දහමට හෙමින් සීරුවේ පල්ලම් බැසීමය. එවිට මෙම තක්කඩින්ට, තමන්ව නිවනට දැක්කවීම අනාගතයේ බිහිවන මෛත්‍රී බුදු හිමියන්ට බාර කර තමන් කරගෙන යන කපටි කෛරාටික ජීවනෝපාය ආදියේ හිතේ සැනසිල්ලෙන් යෙදිය හැක!

පිටිදූවේ සිරිදම්ම" යන චීවරදාරියා කොලඹ ගෙන්දගම් පොලවේ ඇති මෙම යථාර්තය ශූර බුද්ධියෙන් හදුනා ගත්තේය. මෙම අතමිට සරු කූට වියාපාරික පවුල් ආකර්ෂණය කරගැනීම සදහා මොහු ඉතා ශූක්ෂම ලෙස මහායාන සංකල්ප සමාජයට මුදාහරින්නේය. ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනය වූ "අප්පමාදෝ අමතපදන්" යන අවවාදයට පය්න් ගසා නිවන් දැකීම මෛත්‍රී බුද්ධ ශාසණයට කල් දමන, බෝදිසත්වයන්ට යැදීම් සහ පුද පූජා වලට සීමාවූ මහායානික සංකල්ප ක්‍රමයෙන් ඔහු සමාජ ගත කළේය. අත මිට හිමි දේශපාලුවන් සහ කූට ව්‍යාපාරිකයන්ගේ ධන බලයෙන් මෛත්‍රී බෝදිසත්ව පූජා, පෙරහැර ආදිය පැවැත්වීම ඔහුගේ ආශ්‍රමයේ ප්‍රමුක වතාවත් බවට පත් කළේය. බණ දේශනා සදහා මුදල් අයකිරීමත්, විවිද පූජා බාන්ඩ අලෙවියත් මගින් සාර්ථක ව්‍යාපාරිකයකු වීමට මෙම චීවරධාරියට ගතවන්නේ කෙටි කළකි.


කාන්තා හුටපට, ඉඩ කඩම් නඩු, වංචා, මුදලට ධර්ම දේශනා කිරීම ආදී සකලවිද පැමිණිලි සහ ප්‍රශ්නත් සමග මීට වසරකට පමණ ඉහත හදිසියේ අතුරුදන් වන මෙම චීවරදාරිය මෑතකදී නැවතත් ලංකාවට ගොඩ බසින්නේ චීවරයට අමතරව කහ පැහැති හැට්ටය්කින්ද සැරසී "සිරි සමන්ත බද්‍ර" යන අලුත් නමකිනි.


පුනරාගමනය

සිරි සමන්ත බද්‍ර ලෙස මෙම චීවර දාරීයා නැවත මතු වන්නේ නව අලෙවිකරණ උපායමාර්ගයක්ද සහිතවය. මෙවර පුවත් පතකට සම්මුක සාකච්චාවක් ලබා දෙමින් ඔහු පවසා සිටින්නේ තමන් තුල පසුගිය සමය තුල ස්වයං අවබෝදයක් තුලින් අද්‍යාත්මික වෙනසක් ඇති වූ බවය්.
"මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා. එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා. ඒකට හේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා. නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ.

ඒ කියන්නේ ඔබවහන්සේ පළමුවැනි මාර්ගපල ඥානය ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙලා කියලද?
"දෙවැනි එකට. සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉවරයි කියල මට සක්සුදක්සේ පැහැදිලියි.මට බොරු කියන්න උවමනාවක් නැහැ.මෙහෙම බොරු කියනවානම් මම මේ බොරු කියන්න ඕන මට මිනිස්සු බනිනකොට.කවදාවත් මම බොරු කියල නැහැ."

එතකොට ඔබ වහන්සේගේ සම්ප්‍රදාය මහායානාද ථෙරවාද ද?
"එහෙම එකකුත් නැහැ මට තේරෙන්නේ, මට දැනෙන විදියට මම කියන්නේ. ...... ලෝකේ මේවගේ දර්ශන පහළවෙන ඔක්කොම ය ගුරුවරු ප්‍රතික්ෂේප කල. ඒ ගුරුවරු ප්‍රතික්ෂේප කරහම තමයි ඒ ගොල්ලෝ ශ්‍රේෂ්ටත්වයට පත් වෙන්නේ. එක ලෝක සිද්දාන්තයක්. "
- රන්දිව පුවත්පත (Oct 8, 16, 2011)
මොහුට මෙම බොරුව ගොතන්නට සිදු වන්නේ කරුණු දෙකකට පිළිතුරු දීමට වන බැවිනි. එනම් වසරක් පමණ කාලයක් අතුරුදන් වී සිටියේ කුමන හේතුවක් නිසාද යන්නත්, අලුත් නමකින් සහ වේශයකින් පෙනීසිටින්නට සිදුවුයේ ඇයිද යන්නත් ය. මෙම අද්‍යාත්මික විපර්යාසය යන අතේ පත්තුවන බොරුවෙන් ඉහත සදහන් පැන දෙකටම මෝඩ අනුගාමිකයන්ට නම් පිළිතුරක් ලැබෙන්නේය. නමුත් අපටනම් මෙම පිළිතුරැ දැක ඇතිවන්නේ අතිශය ජුගුබ්ශාවක් සහ අනුකම්පාවක් පමණි. එක අතකින් ඔහු තම මහායානික මතය වන මෛත්‍රී බුදුන්ට පූජා පැවැත්වීම සහ එම සමයකදී ධර්ම අවබෝධය කරගැනීම යන්න තවදුරටත් දේශනා කරය්. අනෙක් අතින් තමන්ට ස්වයං අවබෝදක්ඤානයක් ඇති වූ බවට ඉගි පල කරය්. අබ ඇටයක තරම් හෝ මොලයක් ඇති ඕනෑම අයකුට දැන් ඔහුගෙන් අසන්නට ඉතා සරල පැන කිහිපයක් ඇත.

(1) ඔබට ඇතිවුයේ සෝවාන්,
සකෘදාගාමි ආදී මාර්ගඵල ඤානයක් ද?
(1-අ) එසේනම් ඔබ නැවත උපදින්නේ උපරිම වසයෙන් තව එක ආත්ම භාවයක් පමණක් නේද? ඔබ ඔබේ අනුගාමිකයන් ට ධර්ම අවබෝධය මෛත්‍රී බුද්ධ ශාසනයට අතපසු කරවා ඔබ හෙමින් සීරුවේ සසරින් මිදුනිද? දැන් තව දුරටත් ඔබ ඔවුන්ට මෛත්‍රී බෝදිසත්වයන් වන්දනා කරමින්, සසර දිගු කරගනිමින්
එතුමන්ගේ පහල වීම යදින්නයයි දේශනා කරනවද?, ඔබ (ඔබම කියාගන්න) මෙන් වහ වහා ධර්මය අවබෝධ කරගෙන සසරින් මිදෙන ලෙස උපදෙස් දෙනවාද?


(2) ඔබට ඇතිවුයේ සෝවාන්,
සකෘදාගාමි ආදී මාර්ගඵල ඤානයක් නම් එය ඔබ තනිව ලබාගත් ඤානයක් ද? නැතහොත් ගෞතම බුදුන් වහන්සේගේ දේශනා භාවිතයෙන් ලබාගත් ඤානයක්ද?
(2-අ) මෙය ඔබ තනිව ලබාගත් ඤානයක් නම් ඔබ බුදු වරයෙක්ද? මන්දයත් අපට නම් ගෞතම බුදු රජාණන් වහන්සේ යනු අපගේ ශාස්තෘ වරයාණන් ය. අප බුදුන් සරණ යන්නේය. ඔබ තවමත් බුදු සරණ අය්ති තිසරණය පිලි ගන්නේද?
(2-ආ) මෙය ඔබ තනිව ලබාගත් ඤානයක් නම් (බුදුවරයෙක් නම්) ඔබ එය අනෙක් අයට කියා දෙනු මිස තව දුරටත් ඔවුන් මෛත්‍රී බොධි සත්ව වන්දනාවට යොමුකරන්නේ ඇයි?



තමන්ගේම අද්‍යාත්මික බන්කොලොත් බාවය ලෝකෙට වසාගන්න ලෞකික බුදු දහමක් සොයා එන කපටින් සහ හිස් මිනිසුන් ඔබ කියන ඕනෑම බොරුවක් පිලි ගන්න සැදී පැහැදී සිටින බව අපි දනිමු. නමුත් අව්‍යාජ සහ අහිංසක මිනිසුන් හැමදාමත් බොරුවෙන් රැවටීමට ඔහුට නොහැකිය. එක බොරුවක් වසා ගැනීමට බොරු සියයක් කීමට ඔහුට සිදු වන්නේය. මෙවර ඔහු ගොතාගත් බොරු වැල එකකට එකක් හෝ නොගැලපේ. සරලව කියන්නේනම් මෙවර ඔහුගේ marketing ගැටය හත්පොලේ ගාගෙන ඇති සෙයකි.

මහා සඝ රුවනට නිගා කිරීම

දෙවැනිවර මතුවන මෙම චීවර දාරියා තමන් වටා ඇති දේශපාලන හය්යද ගෙන මේ රටේ පිළිගත් ථෙරවාදී හිම වරුන්ට අපහාස කරන්නටත් වහසි බස් දොඩන්නටත් විය. 2011 නොවම්බෙර් 8 වන දින ආචාර්ය මැදගොඩ සුමනතිස්ස හිමියන් සහ දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියන් ප්‍රමුක සඟ රත්නය "සිරි සමන්ත බද්‍ර" නම් චීවරදාරියාගේ නිවහනට වඩිනුයේ කරනලද අබියෝගයන්ට පිළිතුරු දීමටත් තවදුරටත් මෙලෙස නොහික්මුණු ලෙස හැසිරෙන චීවරදාරිය දමනය කිරීමටත්ය. මෙය භික්ෂූන් වහන්සේ ලෙස උන්වහන්සේලාගෙන් කලකට ඉහතදී වීමට තිබු යුතුකමක් කල්ගතවී හෝ ඉටු වීමකි.

මර්වින් භූමිකාව


මේ අවස්ථාවේ මර්වින් සිල්වා නමැති පාදඩ දේශපාලකයාද මෙම චීවර දාරියගේ ආරක්ෂාවට එම ස්ථානයට පැමිණි බව වාර්තා වුනි. ඔහු භික්ෂුන් වහන්සේලාට ගෝෂා කරමින් බිය වැද්දීමට උත්සහ ගත්තද භික්ෂුන් වහන්සේලා විසින් ඔහුට සාශනය සම්බන්දව සිදුවෙන මේ කටයුත්ට සම්බන්ද නොවී ඉවත්ව යන ලෙස දන්වා ඇත. කැලණියේ නිවට මිනිසුන්ට දමන චන්ඩි පාට් භික්ෂුන් වහන්සේලාටද දමන්න ගිය මෙම ජනාදිපති මහින්දගේ බත් බැලයා අවසානයේ භික්ෂුන් වහන්සේලාගේ පහර කෑමට ලක්ව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ සිරිධම්ම නැමැත්තා වෙනුවෙන් ගිනි තබා ගන්න බව කියමිනි.


අවසානයේ සිරි සමන්ත බද්‍ර"නම් චීවර දාරියා මින් ඉදිරියට බුද්ධ ශාස්හනයට සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහස නොකරන බවට පොරොන්දු වී ඇති බවද වාර්තා උනි. අවසාන වසයෙන් කිව යුත්තේ මෙය ප්‍රශ්නය නිරාකරණය වීම ක් නොවන බවත්, බටහිර ආර්ථික ක්‍රමය මත පදනම් වූ අප සමාජයේ ඉල්ලුමක් පවතින තුරු මෙවැනි චීවර දාරීන් අනාගතයේද බිහිවීම ස්වබාවික සංසිද්දියක් බවය්. නමුත් මෙවැනි වංචනිකයන්ට සීමාව ඉක්මවා බුදු දහමට අපහාස කිරීමට සහ එය විකුර්ති කිරීමට විරුද්දව අප දැඩිව පෙළගැසිය යුතුය.

හිතන්න යමක්

කපටි කෛරාටික මාර්ග ඔස්සේ කෙටිකලකින් පොහොසත් වීමට ගොස් සසර බියකරු කරගත් හිස් මිනිසුන්ට අවසාන වසයෙන් කිව යුතු දෙයක් ඇත. තමන්ගේ ඇති අද්‍යාත්මක බංකොලොත් බාවය වසාගැනීම පිණිස මහායාන දහම පිසුපස යමින් තමන්ගේ සසරේ බියකරු බාවය තාවකාලිකව අමතක කරගත හැකිවනු ඇත. නමුත් එය තාවකාලික සහනයක් පමණක්මය. හොරි කසනවිට තාවකාලික සනීපයක් දනිය හැකි නමුත් එය තමන් විසින් තමන්මව රවට ගැනීමක් සහ අනාගතයේ විශාල වනයක් ඇතිකරගැනීමට අත වැනීමක් මිස සුව වීමක් නොවන බව මහායාන සංකල්ප පිටුපස යන මෙම කෛරාටික මිනිසුන් සහ හිස් අම්මන්ඩිලා දැන්වත් තේරුම් ගත යුතුය.

ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් පැහිදීලිවම දේශනා කරනු ලැබුවේ අනාගතයේ දිනක බුද්ධ ශාශනය විනාශ වනුයේ පිටින් එන ආක්‍රමණ නිසා නොව ඇතුලතින් ඇති වන පිළිල නිසාම බවයි. අතීතයේදී බුදු රජාණන් වහන්සේ උපන් භාරතයෙන් බුදු දහම විනාස වුයේද මුලින් මහායානිකරණය වීමෙනි. මහායානි වූ අඳ බාල බෞද්ධයා පසුව හින්දූන්ගේ ආක්‍රමණයට යටවිණි. ශ්‍රී ලංකාවෙ අනුරාධපුර යුගයේදී අභයගිරි විහාරවාසි නොහික්මුණු බික්ෂු පිරිසක් රාජ්‍ය අනුග්‍රහයද ඇතිව මහායානය පතුරවන්න උත්සහ කරන ලදී. නමුත් එදා අපේ රටේ සිටි ධර්මදර විනයදර සහ එඩිතර භික්ෂූන් වහන්සේලා එක්වී එම උත්සාහය පැරදවීය. එදා උන්වහන්සේලාගේ කැපවීම හේතුවෙන් අදටත් අපට නිර්මල ථෙරවාද බුදු දහම රැකි ඇත. විනාශය හමුවේ එඩිතරව පෙරට එන ථේරපුත්තාභය පරපුරේ භික්ෂූන් වහන්සේලා අදටත් වැඩ සිටීම අප ලැබූ භාග්‍යකි.



 
Last edited:

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මේ හාමුදුරුවන්ගෙ දේශනානම් අවුලක් නෑ නේද මචෝ??
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේ හාමුදුරුවන්ගෙ දේශනානම් අවුලක් නෑ නේද මචෝ??

    mul kale nam mama hithanne aulak na.. eth passe passe maithri buduhamuduruwo adaheema gana neda deshana kale?? :no:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    mul kale nam mama hithanne aulak na.. eth passe passe maithri buduhamuduruwo adaheema gana neda deshana kale?? :no:

    මාත් අලුත් දේශනානම් ඇහුවෙ නෑ මචන්..
    පරන ටිකනම් අවුලක් නෑ..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය සෝවාන් උනා කියන්න කලින්නම් මමත් හිතුවේ මේ හාමුදුරුවන්ට මඩ ගහන්න ගෙනියන කතාවක් කියලයි මේක. ඒත් සෝවාන් උනා කියල ලොකු ටෝක් දෙන්න ගිහින් හත්පොලේ ගාගත්ත. මොකද සෝවාන් සකෘදාගාමී තත්වයට පත්වුන භික්ෂුවක් මොකද මෙච්චර පන්සලක් බදාගෙන නැහෙන්න හදන්නේ?තණ්හාව හිතේ තියාගෙන සෝවාන් උන කෙනෙක් දැක්කමයි. අනිත් එක රටේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා විවේචනය කිරීමෙනුත් මෙයාගෙ කල්කිරියාව තේරෙනවා ඕන කෙනෙකුට.

    පරණ කුණු වලින් බේරෙන්න සෝවාන් උනා කියාගෙන ආව. දැන් තියෙන කුණු වලින් බේරෙන්න අන්‍යාගමිකයෝ එදිරිවාදිකම් කරනවා කියනවා. ඕක තමයි හාමුදුරුවනේ කියන්නෙ එක බොරුවක් වහන්න බොරු 100 ක් කියන්න වෙනවා කියල
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    machan mamath ahala thiyenawa meya bana walata enakota salli gannawa kiyala. eka nan eka thanakin nemei keepa denekgenma ahala thiyenawa..
    Anika meya swarnawahiniyen bana kiyala eeta passe eyage CD pracharaya karawa gannawa. Ewatath thiyenne sahenna loku milak. E bana sampurnayenma CD wikuna ganimata karapu deyak wage thama pata nam penune.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මම ඊයෙ අනිත් ත්‍රේඩ් එකෙ දැම්ම දේමයි මෙකෙත් දන්න වෙන්නේ :)

    අද කාලෙ අපේ රටේ ඉන්න ගොඩක් හාමුදුරුවන්ට " භික්ෂුව" කියන නමේ හරි තෙරුමවත් නොදැන තමා මහන වෙල ඉන්නේ ..
    :)
    ගොඩක් අර සිවුර ඇදගෙන ඒකට ලොකු අවමානයක් කරන්නේ ...:no: