නොවැම්බර් 27 දකුණු අධිවේගී මාර්ගය open karanawa

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
නොවැම්බර් 27 දකුණු අධිවේගී මාර්ගය open karanawa

noname+%25282%2529.jpg
Z



නොවැම්බර් 27 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල පින්නදූව පිවිසුමින් ටිකට් පතක් මිලදීගෙන කුරුඳුගහහැතැක්ම පිවිසුමට පැමිණීමෙන් දකුණු අධිවේගී මාර්ගය විවෘත කරන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.

මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල පැවසුවේ දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමට අදාළ නිළ උත්සවය එදින පෙරවරුවේ ඇල්පිටිය කුරුඳුගහහැතැක්ම පිවිසුම අසලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි.

“මෙම උත්සවය සඳහා ජනාධිපතිවරයා, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතයි. අපි එදිනම මහජනතාව සඳහා මාර්ගය විවෘත කරනවා.“
යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“මාර්ගය විවෘත කරන්න පෙර නොවැම්බර් 18, 19 යන දිනවල ළමුන් යොදාගෙන මෙම මාර්ගයේ විවිධ උත්සව පැවැත්වීමටත් රජය කටයුතු යොදා තිබෙනවා. මාර්ගයේ ගාස්තු අය කරන්නේ යන දුර ප්‍රමාණය හා වාහන පන්තිය අනුවයි. එහෙම නැතිව ස්ථාවර ගාස්තුවක් අය කිරීම කරන්නෙ නෑ.“

යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

කොට්ටාව මාකුඹුරේ සිට මාතර ගොඩගම දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබෙන දකුණු අධිවේගී මාර්ගයේ විවෘත කිරීමට යන්නේ කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා කොටසයි.

ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටසට මුදල් සොයා ගැනීම ප්‍රමාදවීම නිසා එහි වැඩ පමාවී තිබෙන අතර එම කොටස විවෘත කිරීමට සිදුවන්නේ දෙවන අදියර ලෙසිනි.





sri_lanka_flags_3dclipart.gif


JAYA SRI
 
Last edited:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ඕක Open කලාම මට නිදා ගන්න වෙන්නේ නැහැ ඕයි :(
අපේ අල්ලපු වත්තෙන් බන් ඕක යන්නේ :( අයියෝ