දුමින්ද සිල්වා නිවැරදි කරුවේ - සභානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මේ වනවිටත් පොලීසිය මඟින් නම් කරන ලද සැකකරුවෙකු නොවන බව සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (11 )පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසුවේ, වැඩබලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා ස්ථාවර නියෝග 23(2)අ යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රටේ අපරාධ ඉහළ යෑම පිළිබඳ ව රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි යන්න සහ පසුගිය දා කොළොන්නාවේදී ඇති වූ වෙඩි තැබීමේ දී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් මෙතෙක් ප්‍රකාශයක් සටහන් නොකළේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කළේය.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කැඳවනු ලැබූ වාර්තාවක් සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින්, 2011-10-8 දින මුල්ලේරියාවේ දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ 2011.11.1 දින දක්වා ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දුමින්ද සිල්වා මහතාගේ ප්‍රකාශයක් ලබාගැනීමට හැකියාවක් ඇති දැයි වෛද්‍යවරුන් හමු වී සාකච්ඡා කළ බවත් පුද්ගලික ව රෝගියා පරීක්ෂා කළ බවත් නමුත් එහි දී මෙම රෝගියාගේ හිසට සිදු වූ තුවාල හේතුවෙන් සිහිමඳ ගතියක් හා පැහැදිලි ව කතා කිරීමට හැකියාවක් නො තිබූ බැවින් ඔහුගේ ප්‍රකාශයක් සටහන් කිරීමට සුදුසු තත්ත්වයක නො වූ බවත් නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තාකරනු ලැබ ඇති බව අමාත්‍යවරයා පැවසී ය.
මෙහිදී මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විදේශගතවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් අවසරයක් නොගත්තේ මන්දැයි විමසීය.
ඊට පිළිතුරු දුන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා; පිටරට යෑමට නොහැකි වන්නේ අධිකරණය ඉදිරියේ සැකකරුවෙකු ලෙස නම්කර ඇත්නම් පමණක් බවත්, මේ වනතෙක් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ව එසේ සැකකරුවෙකු ලෙස නම්කර නොමැති බව ද පැවසීය.