eBay_TAX_පිළිබඳ_ගැටළු

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    eBay_TAX_පිළිබඳ_ගැටළු

    eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු

    images




    eBay ගැන කතාකරද්දී කට්ටියට බය තියෙන්නෙ ඔය අන්තර්ජාලය හරහා ඇණවුම් කරන භාණ්ඩ අපේ ගෙදරටම, අපේ අතටම ලැබෙයිද නැත්තං වියදම් කරපු සල්ලි ටික නාස්ති වෙයිද කියන එක ගැන විතරයි කියලා. ඉතිං කොහොමහරි මං ඒ වෙද්දි eBay වෙතින් ගෙන්වලා තිබුණු භාණ්ඩ ආපු ලියුම්කවර වල සේයාරුවක් එහෙම දාලා ඒ බය නැති කළා. මෙන්ම බොලේ ඒ පාර දැන් කට්ට‍ය ආයෙමත් සැරයක් බය වෙලා TAX වලට. හුඟ දෙනෙක් ප්‍රතිචාර එක් කරනවා, පණිවිඩ එවනවා මේක ගත්තොත් කොච්චර tax වදීද අරක ගත්තොත් කොච්චර tax වදීද කියලා. ඉතිං මං හිතුවා මේ tax ගැන තියෙන ඔය බොරු බය නැති කරන්නත් දැන් කාලෙ හරි කියලා.

    මුලින්ම කියන්නෝන තාම මේ‍ වෙනකල් මට නම් කවදාවත් eBay වෙතින් භාණ්ඩ ගෙන්වලා tax ගෙවන්න වෙලා නෑ. හැබැයි ඒකට හේතුව මං ඔය ලොකු ලොකු ගණන්වල භාණ්ඩ නොගෙන්වීම වෙන්න පුළුවන්. මේ වෙනකොට eBay වෙතින් පොඩි පොඩි භාණ්ඩ 100කට වඩා ගෙනවලා ඇති, හැබැයි ඒ එකක්වත් $60 ට වඩා වැඩි නෑ. ගෙන්වපු වැඩිම එක $53.88 යි. මේ තියෙන්නෙ ඒක. Box එකත් එක්කමයි ආවෙ. Tax නං වැදුන්නෑ, ලියුම් මාමා ගෙදරටම ගෙනත් දුන්නා.

    DSC04401.JPG

    (RAM එකක් ළඟින් තියලා තියෙන්නෙ box එකේ size එක ගැන අවබෝධයක් ගන්න හොඳේ.
    නැතුව මේ පෙට්ටියෙ ආවෙ RAM එකක් නෙමෙයි. )

    ඉතිං ඒ නිසා tax ගෙවීම පිළිබඳව පෞද්ගලිකව මට නම් අත්දැකීම් නෑ. ඒ නිසා අද මේ ලියන දේවල් වලට පදනම් වෙන්නෙ eBay වෙතින් ගෙන්වපු නොයෙක්විදියෙ භාණ්ඩ සඳහා tax ගෙවලා අත්දැකීම් බහුල ලෝහිත නම් සොයුරා අපගේ පසුගිය eBay ලිපි සඳහා ප්‍රතිචාර එක්කරමින් අප සමඟ බෙදාගත් අත්දැකීම් සහ තොරතුරුයි. ඉතිං ඒ තොරතුරු සැපයීම පිළිබඳ සම්පූර්ණ ගෞරවය ධනික සහ ලෝහිත සොයුරා හට හිමි විය යුතුයි. ඒ වෙනුවෙන් ඔහු‍ට මාගේ අවංක ස්තූතියත් පිරිනමන්න කැමතියි.

    දැන් අපි අපිට eBay සම්බන්ධව Tax පිළිබඳ තිබෙන ගැටළු සහ eBay වෙතින් ජංගම දුරකථන, GPS උපකරණ ගෙන්වීම පිළිබඳ තිබෙන ගැටළු එකින් එක සාකච්ඡා කරමු.


    eBay වෙතින් ගෙන්වන සෑම භාණ්ඩයකටම අපිට තීරු බදු (tax) ගෙවීමට සිදුවෙනවද?
    කොහෙත්ම නැහැ. බදු ගෙවිය යුත්තේ ඇතැම් භාණ්ඩ සඳහා පමණයි.

    තීරු බදු නොගෙවා අපිට භාණ්ඩ ලැබෙන්නෙ කොහොමද?
    eBay වෙතින් ඔබ ගෙන්වන සෑම භාණ්ඩයක් සමඟම Customs Declaration නමින් තොරතුරු කීපයක් seller විසින් සැපයෙනවා.
    (මේ තොරතුරු බොහෝවිට මුද්‍රණය කර තිබෙන්නෙ ඔබට භාණ්ඩය ලැබෙන ලියුම් කවරයෙයි.)

    මේ තොරතුරු වැදගත් වෙන්නෙ භාණ්ඩය අපේ රටට ආ පසු එය අපේ රේගුවෙන් නිදහස් කිරීමට. බොහෝ sellersලා මෙම Customs Declaration එකෙහි ඔබේ භාණ්ඩය නම් කරන්නෙ Gift Item එකක් හෝ Commercial Sample එකක් ලෙස. මේ නිසා බොහෝවිට ඔබෙන් බදු අයවීමක් සිදුවන්නෙ නෑ. නමුත් එලෙස නම් කර තිබුණත් භාණ්ඩයේ ප්‍රමාණය සහ වටිනාකම මත ඇතැම් විට බදු ගෙවීමට සිදුවෙන්න පුළුවන්.

    DSC04400.JPG

    භාණ්ඩයක් ලැබුණු ලියුම් කවරයක මුද්‍රණය කර ඇති Customs Declaration එකක්

    බදු අයවෙන්නෙ මොන වගේ භාණ්ඩ වලටද?
    සාමාන්‍යයෙන් වටිනාකමින් වැඩි භාණ්ඩ සහ ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ සඳහා බදු අයවීමට ඇති ඉඩ කඩ වැඩියි. නමුත් එය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. ප්‍රමාණයෙන් ඉතා කුඩා භාණ්ඩ (Processor වැනි) වටිනාකමින් වැඩි උනත් බදු ගෙවීමට සිදුනොවෙන්න පුළුවන්. එමෙන්ම ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ (Laptop Backpack වැනි) වටිනාකමින් කුඩා නම් ඒත් බදු අය‍ නොවෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ මේ භාණ්ඩ වලට අනිවාර්යයෙන්ම බදු අයවෙනවා යයි හරියටම පැවසීමට අපහසුයි.

    බදු ගෙවන්න සිදු වුනොත් බදු ලෙස කොපමණ මුදලක් ගෙවිය යුතුද?

    මෙය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. එක් එක් භාණ්ඩය සඳහා ආනයන බදු තීරණය වෙන්නෙ රජය විසින් ඒ ඒ භාණ්ඩ සඳහා පනවා ඇති බදු අනුවයි. එක් එක් භාණ්ඩ සඳහා රජය විසින් පනවා ඇති ආනයන බදු,‍ රේගු වෙබ් අඩිවය හරහා ඔබට මෙතැනින් දැක බලා ගැනීමටත්, මෙතැනින් බාගත කරගැනීමටත් පුළුවන්. කෙසේ හෝ මෑතකදි රජය විසින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා ආනයන බදු අඩු කිරීමනම් eBay වෙතින් භාණ්ඩ ගෙන්වන අපි කාටත් වාසියක්.

    බදු ගෙවන්න සිදු වුනොත් අපි බදු ගෙවන්න ඕනා‍ කොතැනටද?

    3_logos.gif


    මෙය තීරණය වෙන්නෙ අපිට භාණ්ඩය ලැබෙන ප්‍රවාහන සේවාව අනුව. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ සාමාන්‍ය තැපෑලෙන් නම් බොහෝවිට භාණ්ඩය අපේ තැපැල් කාර්යාලය දක්වාම එනවා. එවිට අපි අපේ තැපැල් කාර්යාලයට ගොස් බදු ගෙවා භාණ්ඩය ලබාගත යුතුයි. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ FedEx, UPS, TNT හෝ DHL වැනි ප්‍රවාහන සේවාවකින් නම් බොහෝ විට භාණ්ඩය ඔවුන්ගේ මෙරට කාර්යාලයක නතර වෙනවා. එවිට අප ගොස් බදු ගෙවිය යුත්තේ ඔවුන්ගෙ එම කාර්යාල වලටයි.

    භාණ්ඩය තැපැල් කාර්යාලයේ හෝ ප්‍රවාහන සේවා කාර්යාලයකට පැමිණ නතර වී ඇති බව අපි දැනගන්නෙ කොහොමද?
    ඒ පිළිබඳ අපිට තැපෑලෙන් ලිපියක් ලැබෙනවා. භාණ්ඩය ලබා ගැනීමට පැමිණිය යුතු තැන සහ පිරවීමට අවශ්‍ය ලියකියවිලි එම ලිපිය සමඟ අපිට ලැබෙනවා. එවිට අප කළ යුත්තේ එම අදාළ ලියකියවිලි පුරවාගෙන අදාළ තැනට ගොස් බදු මුදල ගෙවා භාණ්ඩය ලබාගැනීමයි.

    බදු ගෙවන්න සිදු වුනොත් අපිට පාඩු ලබන්න වෙයිද?
    ඔබ දැනටමත් දන්නවා ඇති eBay හී ඇති බොහෝ භාණ්ඩ (විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ) වල මිල මෙරට මිලට වඩා ඉතා අඩු බව. ඉතිං අපිට යම් භාණ්ඩයකට බදු ගෙවීමට සිදු වුනත් බොහෝවිට ඒ බදු මුදල ගෙවීමෙන් පසුත්, භාණ්ඩය සඳහා වියදම් වුනු මුළු මුදල මෙරට මිලට වඩා අඩුයි. ඒ නිසා අපිට පාඩුවක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි.

    eBay වෙතින් අපිට ජංගම දුරකථන (Mobile Phones) සහ GPS උපකරණ ගෙන්විය හැකිද?
    පුළුවන්. eBay වෙතින් අපිට ඕනෑම භාණ්ඩයක් ගෙන්වන්න පුළුවන්.

    ජංගම දුරකථන සහ GPS උපකරණ ගෙන්වූ විට ඒ සඳහා TRC වෙතින් අනුමැතිය ගැනීම අත්‍යවශ්‍යද?
    ඔව්. ජංගම දුරකථන සහ GPS උපකරණ යනු සන්නිවේදන උපකරණ වර්ග දෙකක්. එම නිසා මෙරටට ගෙන්වන සියලු සන්නිවේදන උපකරණ ගැන අප රටේ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) දැනුවත් විය යුතුයි. මේ නිසා අපි ගෙන්වන එවන් සන්නිවේදන උපකරණ සඳහා විදුලිසංදේශන නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගත යුතුයි. (GPS උපකරණ සඳහා ඇතැම්විට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමටද සිදුවීමට පුළුවන්.)

    TRC වෙතින් අනුමැතිය ලබාගන්නෙ කොහොමද?
    මේ සඳහා ඔබ නාරාහෙන්පිට ඇති විදුලිසංදේශන නියාමන කොමිෂව් සභාවට යා යුතුයි. එහි ගොස් අදාළ පත්‍රිකා පුරවා භාරදීමෙන් විනාඩි 15ක් 20ක් වැනි සුළු කාලයක් ඇතුලත ඔබ‍ට එම අනුමැතිය ලබාගත හැකියි.


    ඉතිං ඔන්න අදට අවසානයි. මං හිතනවා ඔන්න දැන් කට්ටියගෙ tax ගැන තිබ්බ බයත් නැති වෙන්න ඇති කියලා. අපි බය වෙවී හිටියොත් කවදාවත් අපිට මේවයින් ඵල ප්‍රයෝජනයක් ලබාගන්න බෑ. ඒ නිසා ඔය තියෙන බිය සැක සංකා ඔක්කොම දුරු කරගෙන eBay සමඟ හිතේ හැටිය‍ට ගණුදෙනු කරන්න. මේ ගැන ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ Sri Lankan eBayers Facebook Page එක හරහා ඔබ මිලදී ගත් භාණ්ඩ පිළිබඳව සහ ඔබේ eBay සම්බන්ධ අත්දැකීම් පිළිබඳවත් තොරතුරු බෙදාහදා ගන්න. ඒ තොරතුරු අනිත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

    තව අලුත් ආරංචියක්. සම්පත් Webcard එකට අමතරව ඔන්න දැන් අපිට අන්තර්ජාලීය ගණුදෙනු කරන්න පුළුවන් තවත් Debit Card එකක් ඇවිල්ලා. ඒ තමයි HNB Visa International Debit Card එක.

    ඔබට ආයුබෝවන්!

    ජයෙන් ජය!!!






    PayPal_මුදල්_ලංකාවට
     
    Last edited:

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    උබ මචෝ කාටත් වැදගත් වැඩක් කරලා තියෙනේ .
    ගොඩක් වටිනවා .
    ඔන්න මම රේප් දුන්නා ලෝබ කමක් නැතුව .