මාධ්‍ය නිදහස ඉල්ලන්නේ දේශද්‍රෝහීන්
වෙබ් වාරණයට විරුද්ධවන්නේ දේශද්‍රෝහීන් - මාධ්‍ය ඇමති
2011 නොවැම්බර් 12 වෙනි සෙනසුරාදා, 18:52 0 Comments ප්‍රධාන පුවත
වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියා මාර්ගවලට එරෙහිවන්නන් රටට එරෙහි පිරිස් ලෙස හැදින්වීම වරදක් නොවන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමති කෙහළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිළුමිණ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.
රටේ කීර්ති නාමයට හානි කරමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග මත කිසි ලෙසකින් මාධ්‍ය පාලනයක් හෝ මාධ්‍ය වාරණයක් සිදු නොවන බවද, සිම්බාබ්වේ, සිරියාව, බුරුමය,චීනය,ඉරානය,උතුරු කොරියාව ඇතුළු රටවල් මේ වනවිට එම රටවලට හානි කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඒ මහතා සදහන් කරයි.
රටේ කීර්ති නාමයට පමණක් නොව විශාල ලෙස පුද්ගල චරිත ඝාතන පසුගිය වකවානුවේදී මෙම වෙබ් අඩවි හරහා සිදු වූයේ යැයි ද රඹුක්වැල්ල මහතා කියා සිටියි.
මේ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමාපියන් ඇතුළු රටේ සිවිල් ජනතාව විශාල වශයෙන් ඉල්ලීම් කළ බවත් ඇතැම් අවස්ථාවන්හි ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවා එම දෙමාපියන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නොහැකිව තිබූ බවත් ඇමතිවරයා සදහන් කරයි.
පුවත්පතක රූපවාහිනියක ගුවන් විදුලියක යම් අසත්‍ය ප්‍රවෘත්තියක් පළවූ විට එය නිවැරැදි කිරීමට ක්‍රියාමාර්ග ඇති නමුත් වෙබ් අඩවිවල එවැනි ක්‍රමවේදයක් නොමැති වීමෙන් එම වෙබ් අඩවිවලට රටට ජනතාවට ඕනෑම හානියක් කිරීමට හැකියාව ඇතැයි ද ඒ මහතා පවසයි