මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ


    මම හිතනවා මේක ගෑනු
    ලමයින්ට ඉන්න සුදුසු තැනක් නෙවෙයි .
    මෙහෙ ඉන්න අය ගෑනු ලමයින්ට සලකන විදිහ නම්
    අන්තිමයි ,ඇත්තටම දුකයි.
    ගෑනු ලමයෙකුට වැදගත් විදිහට කතා කරන්න පොඩ්ඩක්වත් දන්නෙ නැති අය තමයි මෙහේ වැඩිපුරම ඉන්නේ.
    ප්‍රසිද්දියෙම කුනුහරුපෙන් බනිනවා.
    තව කෙනෙකුගේ අදහස්වලට ගරු කරන්න පොඩ්ඩක්වත් දන්නේ නෑ මේ අය.
    අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීම තහනම්.
    අපි මොනවා හරි දෙයක් කිව්
    වොත් හැමෝම එකතු වෙලා ගොඩක් පහත් විදිහට අසභ්‍යය වචන වලින් බැන බැන කෑ ගහනවා.
    මම කැමති නෑ නිකම් කාගෙන්වත් බැනුම් අහගෙන ඉන්න.
    මගෙ දෙමව්පියන්වත් මට ඔය වගේ නරක වචනවලින් කතා කරලා නෑ කවදාවත්ම.
    මෙහෙ ඉන්න සමහර අය මං
    ගැන ගොඩක් වැරදි වැටහීමකින් ඉන්නවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
    මට කට්ටියක් කියනවා
    snowl ලු තව කට්ටියක් kaspලු තව කට්ටියක් කියනවා topology ලු,
    මම දන්නේ නෑ ඇත්තටම
    මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මට එක එක නම් හදන්නේ.
    මම මේ කියන අයව දන්නේවත් නෑ. ඒත් ඒගො
    ල්ලන්ව මට සමාන කරනවා.
    මම කිසිම වැරැද්දක් කරලා නෑ කාටවත්,
    මම ගොඩක් නිදහසින් ඉන්න කැමති කෙනෙක්
    මට ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ.මම ඕනම කෙනෙක්ව ආශ්‍රය කරනවා
    , ඕනම කෙනෙක් එක්ක කතා කරනවා,විහිලු කරනවා.
    ඒ මගේ හැටි,

    මම හැමෝම එක්ක විනෝදෙන් විහිළු තහළු කරලා ඉන්න කැමති කෙනෙක්.
    ඒත් මෙහේ ඉන්න අයට විහිළු තේරෙන්නෙවත් නෑ පොඩ්ඩක්වත්. නාකි සීයලා වගේ රන්ඩු කරන එකමයි වැඩේ.
    මෙහෙ හොද අය ටික දෙනෙක් ඉන්නවා. ඒ අයට ගොඩාක් ස්තූතියි.
    මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ.
    (මම කැමති නෑ යනවා කියලා ත්‍රේඩ් දාන්න. එහෙත් මම මේක දැම්මේ. මම යන හේතුව කියන්නේ නැතුව ගියොත් ඒකටත් කතාවක් හදයි මෙහේ ඉන්න සමහර කට්ටිය ඒ නිසයි මම මේක දැම්මේ)
    ඇත්තටම ලොකු දුකක් දැනෙනවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :( ඔන්ලයින් ෆෝරම් වල බනින බැනුම් වලට කව්ද හලෝ සැලෙන්නේ..... :lol:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    සිරාවටම ඔය කොල්ලෙක්ද නැත්නම් කෙල්ලෙක්ද
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    මේකනේ..ගෑණු ළමයෙක් වුනාම ඒ විදියට ඉන්න.ඔයා නිකන් ගොං ආතල් දෙන්න ආවානේ. කස්ටිය ඒවට වැඩි කැමැත්තක් නෑ. යනවා නම් යන්න. අපි එපා කියන් නෑ. හැබැයි එකක් මතක තියා ගන්න.මේකේ තව ගෑණු ළමයි ගොඩක් ඉන්නවා. ඒ වුනාට ඒ අය අවශ්‍යය විදියට ඉන්නවා. එහෙම වුනාම කාටවත් එයාට ඇඟිල්ල දික් කරන්න බෑ. ඔයාට මෙතන ඉන්න බැරි වෙච්ච පලියට ගෑණු ලමයෙක්ට මෙතන සුදුසු නෑ කියන්න බෑ. ඔය ඕන තරම් ගෑණු ළමයි ඉන්නේ මේකේ හොඳට
    R-Girl
    Mysterious
    Danrup
    Petsha
    වගේ අය ඉන්නේ හොඳට. මොකද එයාලා අමුතු කට්ටියක් නෙමෙයිනේ.
     
    Nov 14, 2011
    38
    5
    0
    සිතේ
    ඔබ කවුරු වුනත් එලකිරිය තුළ රුදි සිටින්න බලන්න. කවුරුන් හෝ වේවා. තව ඔන්ලයින් කොමියුනිටිස් ඔනේ තරම් තියෙනවා.නමුත් එළකිරිය සියලේන්ම කැපි පෙනනවා. දැන් ඔයා යනවා කිව්වට ලොග් අවුට් වෙලා අයේ අලුත් එකවුන්ට් එක්කට රේජිස්ටර් වෙන්න විතරයි තියෙන්නේ.මට ඔයාට වඩා මඩ ගහනවා ෆෙස් බුක් එකෙත්.එක තමයි කොමුයනිටිස් වල තිබිය යුතු නිදහස.ඔයා පොඩි දෙකටත් සැලෙනවා නම් සමාජයෙදි කොහොම මුහුණ දෙන්න වෙයිද ඔබට ? මෙහි සියල්ලටම ඔනේ දෙයක් කථා කිරිමේ නිදහස තියෙනවා. ඔයා සොනොල් හො ටොපොලොජි හො වේවා ඔබෙ පොස්ට් දිගටම දමන්න.දැන් මග හැර යනවා කියන්නේ ඔබ සොනොල් හො ටොපලොජි යැයි පිලිගත් බව එකෙන් හැෙඟනවා..ඔහොම ගියොත් ඔයාට මඩ ගහන හැම වෙලාවෙම අලුත් එකවුන්ට් හඳන්න වෙයි.අනික ඔයාගේ එකවුන්ට් එක ෆේක් එකක් නේ.ඉතින් කියන එවා ඔයාට වදිනවද..නැහෙනේ..
     
    Last edited:

    Mozilla

    Well-known member
  • මේකනේ..ගෑණු ළමයෙක් වුනාම ඒ විදියට ඉන්න.ඔයා නිකන් ගොං ආතල් දෙන්න ආවානේ. කස්ටිය ඒවට වැඩි කැමැත්තක් නෑ. යනවා නම් යන්න. අපි එපා කියන් නෑ. හැබැයි එකක් මතක තියා ගන්න.මේකේ තව ගෑණු ළමයි ගොඩක් ඉන්නවා. ඒ වුනාට ඒ අය අවශ්‍යය විදියට ඉන්නවා. එහෙම වුනාම කාටවත් එයාට ඇඟිල්ල දික් කරන්න බෑ. ඔයාට මෙතන ඉන්න බැරි වෙච්ච පලියට ගෑණු ලමයෙක්ට මෙතන සුදුසු නෑ කියන්න බෑ. ඔය ඕන තරම් ගෑණු ළමයි ඉන්නේ මේකේ හොඳට
    R-Girl
    Mysterious
    Danrup
    Petsha
    වගේ අය ඉන්නේ හොඳට. මොකද එයාලා අමුතු කට්ටියක් නෙමෙයිනේ.

    :yes::yes:
     
    Status
    Not open for further replies.