ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page ** අවාරේ සිරිපා කරුණාව **
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
sanddun's Avatar
sanddun sanddun is offline
Senior Member
sanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of light
 
Posts: 16,615
Blog Entries: 4
Join Date: Jun 2008
Location: PX3-808
Send a message via Skype™ to sanddun
Up ** අවාරේ සිරිපා කරුණාව ** - 11-16-2011, 11:30 AM

අවාරෙ සිරිපා වදින්න යනව කියන්නෙ ටිකක් විතර අභියෝගාත්මක ගමනක්
පසුගිය දවසක මටත් අවස්ථාවක් ලැබුන ඒ අද්දැකීම විදින්න

මාත් එක්ක මේ ගමනට එළකිරි එකේ තුන් දෙනෙකුත් එකතු උනා
greenthunder



akilios



chdanu

එළකිරි එකට කලින් පාසැල් බොක්කවල් 3ක්
අපි කුරුවිට එරත්න මාර්ගය තමයි තෝරගත්තෙ නගින්න.
*ගමනට සුදානම් කරගන්න ඕන අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සැලකිලිමත් විය යුතු කරුණු
අවසාන කොටසේ සදහන් කර ඇත
කොලබ සිට අවිස්සාවේල්ල හරහා කුරුවිටට පැමිණ එතනින් එරත්න දෙසට හැරී 11km ක් පැමිණ එරත්න කුඩා නගරය පසුකර තවත් 3km ක් පමණ
පැමිණි විට අඩවිකන්ද ගමට ලගාවෙනව
කුරුවිට එරත්න මාර්ගයේ මුළු දුර 12km ක්
කදු නැගීමට පළපුරුදු කණ්ඩායමකට හැරුණු කොට අනෙක් අයට සාමාන්‍යයෙන්
මුළු ගමන සදහා පැය 10-12 අතර කාලයක් වැය වෙනව.
ඔබට පුළුවන් තරම් උදෑසනින් ගමන ආරම්භ කිරීම තමා යහපත්
තවත් වැදගත් කරුණක් තමයි මෙතනට අවාරෙ පැමිණෙන්න ප්‍රවාහන පහසුකම් සලසා ගන්න තරමක් අපහසු වෙන්න පුළුවන්
එක නිසා කලින්ම ඒ පිළිබද සැලකිලිමත් වෙන්න මොකද ගමන ආරම්භ කරන්න පෙර සිටම මහන්සි වී සිටිය හොත් ඉදිරියට තියන අභියෝගය බෙහෙවින් අපහසු වේවි
අපිට උදෑසන 8 වෙද්දි ගමන පටන් ගන්න හැකි උනා





මුල් කිලෝමීටර් 3.5 වාගේම තියෙන්නෙ වර්ණගල කන්ද තරණය කිරීම
මුලින්ම මුණ ගැසෙන ස්ථිර නැවතුම් පොළ තමයි ජම්බෝලගහ අම්බලම 1.6km



මේක කලින් සිරිපා සමයේ ඉදි කරන ලද තාවකාලික කඩ මුණ ගැසෙනව නමුත් බොහෝ ඒවා අවාර සමයේ කැඩී බිදී ගොස් ඇත
මෙතැන් සිට තව 500mක් පමණ ගිය විට වර්ණගල දියඇල්ල මුණ ගැසෙනව.තරමක් ආනත වූ ගල්තලාවක් මතු පිටින් ගලා යන මෙය වර්ෂා අවස්ථා වලට මනරම් දසුනක් මවනව







කුඩා පාලමක් මතින් දියඇල්ල තරන කරල ඉදිරියට යන්න තියෙන්නෙ
තව 1kmක් පමණ ගියහම ඩයමන්ගල අම්බලම මුණ ගැසෙනව





දැන් ටික ටික වෙහෙස ගතිය දැනෙන්න පටන් ගන්නව
ගිමන් හරමින් ගමනේ යෙදීම තමයි හොදම විදිහ











තවත් 200mපමණ ඉහලට යන විට පහල පිහිටි ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන නල එකතු වෙන ස්ථානයක් මුණ ගැසෙනව





මෙතන පින්තුර ගන්න දෙන්නෙත් නැතිලු කවුද දන්නෙ ගත්තට පස්සේ දන ගත්තෙ
තවත් පොඩ්ඩක් ඉහලට ගියහම පොඩි විහාර ගෙයක් සමග සමන් දෙවි පිළිරුවක් දැක ගන්න පුළුවන්
ඒවටත් වැදගෙන අපි ඉහලටම ගමන් කරා



දීර්ග නැග්මක අවසානය වර්ණගල කන්ද තරණය කලාට පස්සෙ හමු වෙනව
ඊලගට එන 2.5km ක් වගේ දුර ප්‍රමාණය තැනි තලා බිමක කදු බෑවුමක පසකින් පහලට ගල බසින ගග සමග ඉහලට යාමට තිබෙනව
වර්ෂා සාමය නිසා කුඩා ජල පහරවල රාශයක් අපට හමු වෙනව.







ගමනේ වැදගත් කඩයිමක් වන සීත ගගුල හමු වන්නේ ඊලග නැවතුම් පොළ හැටියට
දැන් ගමනෙන් අඩකට(5.5km)අසන්න වෙන්න අවසන් කරලා තියෙන්නෙ
අපි දවල් ආහාර ගත්තෙ එතන පිහිටි කඩයක









අපිත් එක්ක පහල ඉදලම මේ යාළුවො දෙන්නත් ආව


මගදි කෙනෙක් පසු බැස්සත් සිරිපා මළුවට යනකම්ම අනිත් කෙනා ආව


දිග මනින කට්ටියත් අපිව පිළිගන්න බලාගෙන හිටිය

තේ ස්වල්පයක් සකස් කරගෙන වැඩි වේලා නොසිට අපි නැවතත් ගමනට අවතීරණ උනා

වෙලාව 2.00පමණ වෙන විට අපිට මැදහින්න පන්සල නැවතුම් පොලට එන්න පුළුවන් උනා
සිරීපාදෙ කුරු අලි ඉන්නවනෙ අපිට මගදි අලි වසුරු දකින්න ලැබුන



අවට පරිසරයේ සිදුවූ වෙනස් වීම් වලින් වැස්සක් අත ලගම එන බව අපිට තේරුම් ගියා



ඊලග නැවතුමට කලින් වර්ෂාව මුණ ගැසීමට බොහෝ ඉඩ ඇති බැවින් වැහි කබා පැළදීම වැස්සට කලින්ම සිදු කරගත්ත
රැගෙන යන ඇදුම් ආහාර වැස්සෙන් බේරා ගැනීම මුලික ඉලක්කයක් උනා
වැඩි වෙලාවක් යන්න පෙරම වැස්ස අපිට මුණ ගැසුන. ගමනේ මාර්ගය යාමට අපහසු කොටස පසුකරමින් ඉදිරියට යන්න පුළුවන් උනා
වර්ෂාව ගමනේ වේගය අඩු කලත් සවස 3.30 වන විට අපට ඉදිකටුපාන ට ලගා වෙන්න හැකි උනා



සුළු වෙලාවක් විවේක ගෙන වැස්ස තරමක් අඩු වූ විගස නැවත ගමන් අරබුවේ අදුරු වැටීමට පෙර කැලෑවෙ මාර්ගය අවසන් කල යුතු නිසා
මෙතනින් තව පමණ ගියපසු හැරමිටි පාන මුණගැසුන
සියලු දෙනාගේ සිත් වලට සහනයක් දෙමින් අපිට ගල්වන්ගෙඩිය මංසන්දියට ඒමට හැකි උනා

එතැන් සිට ඉහලට මෑල්ල මල කදුර , ආඩියා මල තැන්න යන ස්ථාන පසු කරමින් මහ ගිරි දභය ඔස්සේ ඉහලට ඇදුනා
සවස 6.00 පසුවෙලා ගමනේ දුෂ්කරම කොටස තරණය කරන අපිට පැය 1.30 පමණ වෙලාවක් ගත උනා
උද මළුවේ ආලෝකයක් අපිට ඉහලට යන කම්ම දකින්න ලැබුනේ නැහැ
අවසානයේ රාත්‍රී 7 ට පමණ අපිට අවසානයට ලගා වෙන්න පුළුවන් උනා
ඉතා වෙහෙසකර ගමනකින් පසුව අපිට ගිමන් නිවාලන තේ සංග්‍රහයක්ද ලැබුන
ඉක්මනින් සකස් කරගත් අපෙගේ රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු නින්දට වැටුන





පසු දින උදෑසන ඉරසේවය නැරබීමට සිතා සිටියත් වෙහෙසකර බව නිසා අවදි වීම ටිකකට ප්‍රමාද උනා( පසුව දැන ගැනීමට ලැබුණා එදින
පැහැදිලි ඉර සේවයක් දර්ශනය නොවූ බව )
උදෑසන අවට වටපිටාව මනරම් දසුන් රැසක් මවනු ලැබුවා









පතින් දිස් වෙන්නේ අපට දක්නට ලැබුණු එක මනරම් දසුනක්
ඉරට විරුද්ධ දෙසින් සිරිපතුල පිහිටි ගෘහයට එකඑල්ලේ ඈතින් ඇතිවූ කවාකාර ආලෝක වළලු පෙළ ඔබට පෙනෙනවාද







උදෑසන ආහාරය රැගෙන සිරිපතුල නමැද අප සියලු දෙනා පහලට බැසීම අරඹන ලදී
රත්නපුර පලාබද්දල මාර්ගයේ අපත් සමග පහලට එන්න සිරිපාගමේ පිරිසක්ද එක් උනා
මේ මාර්ගයේ මුළු දුර 8.5kmක්

















ඈතින් පොඩියට පෙනෙන මකර තොරණ හදුනා ගන්න පුලුවන්ද



සෑම තැනකම පඩිපෙල් ඉදිකර ඇති අතර අපහු ස්ථානවලට යකඩ අත්වැටවල් සවිකිරීම අපේ හමුදා ඉංජිනේරු බලකායේ අය්යල
දැඩි වෙහෙසක් අරගනිමින් සිදු කරනව



එම යකඩ අත් වට ධර්මරාජගල පසු කිරීමේදී ලොකු උපකාරයක් උනා





ඉදිකටු පාන අසලදී විවේක ගත්ත අපිට කිරි තේ එකකින් සංග්‍රහ කරන්නත් ඒ අය කාරුණික උනා





සෑම 1km එකක් සදහාම නැවතුම් පොළවල් හමු වෙනව








එබැවින් විඩා නිවා ගනිමින් ගමනේ යෙදෙන්න පුළුවන් පැය 5 ක ගමනකින් පසු අපට සිරිපාගමට ලගා වෙන්න පුළුවන් උනා
මේ තියෙන්නෙ අවසාන පඩිය

අවාරෙ මේ ගමන ගිහිල්ල ඉදිරියට යන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙව් කියල හිතන වැදගත් කරුණු කීපයක්
වෙනම පහලින් දක්වල තියනව

Quote:
ජලය විශාල ප්‍රමාණයක් ගෙනයාම අමතර බරක් වන අතර ඇත මගදී හමුවන ජල පහරවල් අඩුව පුරවනු ඇත
වැහි කබා රැගෙන යන විට ඔබගේ බෑගය ආරක්ෂා වන පරිදි පැළදිය හැකි එකක් තෝරා ගන්න.
වතුර ඇතුලට නොයන ආවරණ සහිත යොදාගන්න
පහසුවෙන් සකස් කරගත හැකි ආහාර පමණක් රැගෙන යන්න
පීඩන උදුනක් (භූමිතෙල්) රැගෙන යාමට හැකිනම් වඩා වටිනා අතර බොහෝ අවස්ථාවල ප්‍රයෝජනවත් වෙයි
ශක්ති ජනක ආහාර හැකි තරම් රැගෙන යන්න.[අපිට අවසන් 2kmක ගමන් කරන්න red bull ලොකු හයියක් උනා] අවාරෙ බැවින් අතර මගදී කිසිදු වෙලදසැලක් හමු නොවේ (මාර්ග දෙකේදීම )
වේදනා නාශක බෙහෙත්, බාම් දැනුවත්ව රැගෙන යන්න
විදුලි පන්දම් සමග ඉටිපන්දම්
shoes දානවනම් අනිවාර්යෙන් leech socks පළදින්න
රැගෙන යන ආහාර කවර චොක්ලට් දවටන වැනි දෑ ශ්‍රී පාද රක්ෂිතයට එක් කර නොයෙන්න ඉවතලන දෑ ගෙන ඒමට වෙනම කුඩා පසුම්බියක් ගෙනයන්න
මේ ගමන සාර්ථක කරගන්න අපිට එළකිරි එකේ කට්ටියගෙනුත් උදවු ලැබුණා
ඉහල මළුවේදි අපිට උපකාර කරපු නේවාසික මහතුන් දෙදෙනා
ආපසු පැමිණීමේදී අපිත් එක්ක ආපු සිරිපා ගමේ සියලු දෙනා
මගදි මුණ ගැසුන හමුදාවෙ අය්යල
ඇතුළු සදහන් කරන්න බැරි උන අපට උපකාර කල සියලු දෙනාටම ස්තුතියි
තෙරුවන් සරණයි
Reply With Quote
(#2)
Old
sanddun's Avatar
sanddun sanddun is offline
Senior Member
sanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of light
 
Posts: 16,615
Blog Entries: 4
Join Date: Jun 2008
Location: PX3-808
Send a message via Skype™ to sanddun
11-16-2011, 11:31 AM

Quote:
Originally Posted by greenthunder View Post
වීඩියෝ එකනම් එච්චර පැහැදිලි නැහැ.මේක ගත්තේ කුරුවිට පාරේ ඉඳිකටු පහන පහනට ටිකක් විතර කලින් තැනක.තව මේවගේ වැස්සේ ගත්ත ඒවා තියේ, මුණු කපල කොටලා දාන්න පුළුවන් උනොත් දාන්නම්

Quote:
Originally Posted by greenthunder View Post
පොඩි පොදෙකට අහු උන නිසා ඉක්ක්මනට යන්න ඕනේ කියල හිතාගෙන ටක් ටක් ගල උඩහට නගින එකක්.කට්ටිය සද්ද නැතිවම යනවා.


thanx greenthunder

Last edited by sanddun; 11-17-2011 at 10:37 AM.
Reply With Quote
(#3)
Old
AselaAsanka's Avatar
AselaAsanka AselaAsanka is offline
Senior Member
AselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to all
 
Posts: 8,593
Blog Entries: 1
Join Date: Dec 2009
Location: **** ♞ (FBI) ☼ ****
Send a message via Yahoo to AselaAsanka Send a message via Skype™ to AselaAsanka
11-16-2011, 11:35 AM

බොහෝමයක් ස්තුතියි මචන් ....
අපිත් එක්ක බෙදා හදා ගත්තට ...
Reply With Quote
(#4)
Old
DjSpK DjSpK is offline
Senior Member
DjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of lightDjSpK is a glorious beacon of light
 
Posts: 15,678
Join Date: Nov 2008
Location: I'm Looking for Me !
11-16-2011, 11:38 AM

niyamai tfs!
Reply With Quote
(#5)
Old
dakshinasd's Avatar
dakshinasd dakshinasd is offline
Senior Member
dakshinasd will become famous soon enoughdakshinasd will become famous soon enough
 
Posts: 343
Join Date: Feb 2008
Location: Kandy
11-16-2011, 11:38 AM

මමත් කාලයක ඉඳලා ඔය ගමන යන්න හිටියේ. ඒ සඳහා මේ වගේ විස්තර ප්‍රමාණයක් ලබා දුන්නට බොහොම ස්තූතියි යාලුවා!
Reply With Quote
(#6)
Old
sanddun's Avatar
sanddun sanddun is offline
Senior Member
sanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of light
 
Posts: 16,615
Blog Entries: 4
Join Date: Jun 2008
Location: PX3-808
Send a message via Skype™ to sanddun
11-16-2011, 11:41 AM

Quote:
Originally Posted by AselaAsanka View Post
බොහෝමයක් ස්තුතියි මචන් ....
අපිත් එක්ක බෙදා හදා ගත්තට ...
Quote:
Originally Posted by DjSpK View Post
niyamai tfs!
Asela , spk
thanx
Reply With Quote
(#7)
Old
sanddun's Avatar
sanddun sanddun is offline
Senior Member
sanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of light
 
Posts: 16,615
Blog Entries: 4
Join Date: Jun 2008
Location: PX3-808
Send a message via Skype™ to sanddun
11-16-2011, 11:42 AM

Quote:
Originally Posted by dakshinasd View Post
මමත් කාලයක ඉඳලා ඔය ගමන යන්න හිටියේ. ඒ සඳහා මේ වගේ විස්තර ප්‍රමාණයක් ලබා දුන්නට බොහොම ස්තූතියි යාලුවා!
welcome machnan
PM ekak danna mokuth dana ganna one nam
puluwan widihata help ekak dennam
Reply With Quote
(#8)
Old
Godage's Avatar
Godage Godage is offline
Senior Member
Godage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of lightGodage is a glorious beacon of light
 
Posts: 18,539
Join Date: Jun 2009
Location: Goodbye my friend... miss you... !
Send a message via ICQ to Godage Send a message via AIM to Godage Send a message via MSN to Godage Send a message via Yahoo to Godage Send a message via Skype™ to Godage
11-16-2011, 11:43 AM

නියමයිනේ...මමත් යන්න තමයි හිතාගෙන ඉන්නේ.. ඒත් කවද යන්න වෙයිද නම් දන්නේ නැ..
ගොඩක් වටින තොරතුරක්... ස්තුතියි සදුන්
Reply With Quote
(#9)
Old
hrukmal hrukmal is offline
Member
hrukmal can only hope to improve
 
Posts: 55
Join Date: May 2011
Location: Colombo
Send a message via Skype™ to hrukmal
11-16-2011, 11:54 AM

miyamai machan.............
Reply With Quote
(#10)
Old
sanddun's Avatar
sanddun sanddun is offline
Senior Member
sanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of lightsanddun is a glorious beacon of light
 
Posts: 16,615
Blog Entries: 4
Join Date: Jun 2008
Location: PX3-808
Send a message via Skype™ to sanddun
11-16-2011, 12:11 PM

Quote:
Originally Posted by Godage View Post
නියමයිනේ...මමත් යන්න තමයි හිතාගෙන ඉන්නේ.. ඒත් කවද යන්න වෙයිද නම් දන්නේ නැ..
ගොඩක් වටින තොරතුරක්... ස්තුතියි සදුන්
thanx goda
Reply With Quote
Reply

Bookmarks

Tags
අවාරේ සිරිපා, කලු පූසා liked, කුරු අලි, වන්දනා, ශ්‍රී පාදය, adams peak travelogue, akilios, greenthunder, sanddun, sri pada, sri pada offseason, travel...

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.13693 seconds with 6 queries