සිරිසඟබෝ

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
DSC01813.JPG



සි
රිසඟබෝ තාපසතුමා හිස දන් දුන්නේ කොහේද? සමහරු හිතන්නේ ඒ ගම්පහ අත්තනගල්ලේ කියලා. ඒ උනාට ඇත්තටම ඒක වෙලා තියෙන්නේ හත්ථිකුච්චි විහාරයේ. දන්න අයත් ඇති.නොදන්න අය වෙනුවෙනුයි මේ Thread එක දාන්න හිතුවේ.

කොළඹ ඉදන් කුරුණෑගල හරහා අනුරාධපුරයට යන පාරේ වාරියපොල පහු කරල මහගල්කඩවල හන්දියෙන් තමා මෙම ලෙන් විහාරයට යන්න තියෙන්නේ.ඉතින් මාහවංශයේ තියෙන්නේ
ක්‍රි.ව.247දී උදෑසන අනුරාධපුර දකුණු දොරටුවෙන්(ඉසුරුමුණිය අසලින්) පිටත්වූ දුගී මගියෙක්ට දිවා ආහාරය ගන්න යද්දි සිරිසඟබෝ තාපසතුමා හමුවුනා කියලනේ.ඒ වෙලාවට ගම්පහට intercity එකක ආවත් එන්න බැරිබව ඕනම කෙනෙක්ට තේරෙනවා. හැබයි හත්ථිකුච්චි විහාරයයි අනුරාධපුරයයි අතර සැතපුම් 13ක අඩිපාරක් තියනව.ඒ කියන්නේ හත්ථිකුච්චි ගිය කියන එක විය හැකියි.

පසුව මගියා සිරිසඟබෝ තාපසතුමාගේ හිසත් රැගෙන ගෝඨාභය රජු ළඟට ගිය පසු රජු මගියා සමඟ පැමිනෙන විටදී මගියා අතන ගල කියල සිරිසඟබෝ තාපසතුමා සිටි පර්වතය පෙන්වීමනිසා අත්තනගල්ලට මෙම සිද්ධිය මාරුවීමට හේතුවී ඇතැයි පැවසේ.පසුව රජු සිරිසඟබෝ තාපසතුමාගේ හිස රහිත මළකඳ(ක්වන්දය) භූමදානය කලබව කියැවේ.මේ සිද්ධිය සැලවී එතනට පැමිණී සිරිසඟබෝ රජුගේ බිරිද තම සැමියගේ ක්වන්දය දැක ඇතිවූ කම්පණයෙන් එතනම මියගිය බව කියැවේ.කාන්තාවකගේ සිරුරක් විහාරයක් තුල භූමදානය නොකරන නිසා මෙය සිහිවීමට පර්වතය නැගීමට ආරම්භ කරන ස්ථානයේ එකම ආකාරයේ ගොඩනැගිලි 2ක් රජු විසින් සාදා ඇත.

හත්ථිකුච්චි විහාරය ලෙන් විහාරයක් වන අතර[FONT=&quot] පැරණී ලෙන් 38ක හා පොකුණු 18ක නටබුන් දක්නට ලැබේ.[/FONT]
හත්ථිකුච්චි යනු පාලී භාෂාවෙන් හස්තියගේ බඩ යන්නයි.විහාරය ආරම්භයේ ඇති පර්වතයේ හැඩය මෙම නම පටබැදීමට හේතුවී ඇත.


30327978.jpg

මේක තමා ඒ පර්වතය.මේක සමහර පැතිවලින් අලියෙක් දණගහන් ඉන්නවා වගේ පේනවා.

95075353.jpg

මේ තියෙන්නේ කලින් කිව්ව පර්වතේ තියන සෙල්ලිපියක්.මෙහෙම සෙල්ලිපි ගල වටේම තියනවා.

20407834.jpg

මේ තියෙන්නේ තෙමහල් පිළිමගෙයක්.තෙමහල් කිව්වට මහල් තුනක් නෙමේ.බිම ඉදන් කොටස් තුනකට තියෙන්නේ.

32604710.jpg

මේ තියෙන්නේ ඒ පිළිමගෙයි ඉහල මහල.දැන් තියෙන්නේ පිළිමේ කොටස් කිහිපයක් පමණයි.

37844910.jpg

මේ කට කියන්නේ ජන්තාඝරය කියලා.මේක යොදාගෙන තියෙන්නේ රෝගීවූ භික්ෂූණ් උණු බේත් ජලයෙන් නාවන්න.මෙකට ටිකක් එහයින් පොළොව යට ජලය රත් කරන්න යොදාගත් දරවල අළු අදටත් දකින්නට තියනවා.

20145767.jpg

මේ තියෙන්නේ අනුරාධපුරයට තියන අඩි පාරට ඉහලින් ඇති ගල් උගුලක්.

28094831.jpg

මේ තියෙන්නේ නටබුන්වූ චෛත්‍යයක නටබුන්.සිරිසඟබෝ තාපසයාගේ ක්වන්දය ඉහල පිහිටි ගලේ සිට පෙරලිලා වැටිලා තියෙන්නේ මෙතනට.

59896925.jpg

ඊට පස්සේ ඒ වැටුන තැනට ටිකක් එහායින් මේවගේ නිර්මාණයක භූමදානය කරල තියනවා.ඒ භූමදානය කල සිරුරේ හිස නොමැති බව පෙන්නන තමා හිස යෙදෙන පැත්ත සම්පූරණ නොකර රවුම් ගලක් යොදල තියෙන්නේ.

36784166.jpg

මෙතන තිබිලා රන් භාජනයක දැමූ අළු හමුවෙලා තියනවා.

89868453.jpg

මේ තියෙන්නේ භූමදානය කල ස්ථානයට අසලින් ඇති බෝධිය වන්දනා කරන්නන්ට අත් දෝවනය සඳහා කල නිර්මාණයක්.

77486112.jpg

මේක තේවාව කරන්න ඉන්න බෙරකාරයන්ට නැවතිලා ඉන්න හදපු එකක්ලු.

42892999.jpg

කැමරාවට ගන්න අමාරුයි.මෙතනට රුවන්වැලිසෑය පේනවා.හවස් යාමයේ සිරිසඟබෝ තාපසයා භාවනා කලේ මේ පැත්තට වෙලාලු.



හථිතිකුච්චි කියන්නේ නැරඹිය යුතුම තැනක විදිහටයි මම දකින්නේ. ඔබත් ගිහින් බලන්න අපේ පැරැණ්නන්ගේ ප්‍රථාපවත් නිර්මාණ වල විශ්ෂඨත්වය.




 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ උඹත් දැන් සංචාරය කරනවද එළනෙ බන්
    එළ එළ එහෙනම් එකෙන්ම මැක්සා මාත් අහල තියෙනවා ගිහින් නම් නෑ
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    • Like
    Reactions: smother

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    වැදගත් ලිපියක්. මමත් එක පාරක් ගිහින් තියෙනව.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    hmmmm mamat eka parak giya!!!
    beautiful place
    meka tamai harima tana kiyala mamat wiswasha karanne
    thanks
    +rep added
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    nice thread
    tfs
    +4

    වැදගත් ලිපියක්. මමත් එක පාරක් ගිහින් තියෙනව.

    hmmmm mamat eka parak giya!!!
    beautiful place
    meka tamai harima tana kiyala mamat wiswasha karanne
    thanks
    +rep added


    ගොඩාක් ස්තූතියි මචංලා...
    මේක තාම නිල වශයෙන්
    ප්‍රකාශයට පත්කරලා නෑ සිරිසඟබෝ හිස දන්දුන් සිද්ධියට අදාල ස්ථානය කියලා.
    ලඟදීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවාලු.

     
    • Like
    Reactions: MSaman

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉතාම වටිනා කියන පොස්ට් එකක්. ගොඩාක් ස්තුත්යි අපිත් එක්ක බෙදා ගත්තට.:yes: Rep++

    ඉතින් අද අර "ලංකාවේ ගොබිලන්ට" (හරියටම මතක නැහැ. මොකද ඔක්කොම කියවන්න වටින දෙයක් එකේ නැහැ කියල Title එකෙන්ම තේරුම් ගිය නිසා) කියල Title එකකින් පොස්ට් එකක් දාපු ඒ උගත් මහත්මයා මේක අනිවාර්යයෙන් කියෙවුවොත් හොදයි කියලයි මට හිතන්නේ. :oo:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    නූල නියමයි!!!
    :):)
    එලටම හදලා තියෙනවා...
    තවත් මේ වගේ දේවල් දාන්න...
    rep නම් දෙන්න බෑලු.....
    ඒක හැබැයි හරිම අසාධාරණයි....!!!

     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    නියමයි....මමත් එකපාරක් ගිහින් තියනවා ඉස්කෝලෙ කාලෙ දැන් ආයෙත් යන්න ඕනෑ...............
    :):):):):)
    ++++++