ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,532
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
Up ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත... - 11-20-2011, 04:28 PM

උලුහිය්යා නම්වු ඉස්ලාම් ආගමික කර්තව්‍යය
ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස් වන මාසය දුල් හජ් මාසයයි. හජ් නැමදුම ඉටුකරන්නේ මෙම මාසයේ ආරම්භක දින කිහිපය තුළය. මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය සනිටුහන් වන්නේ මෙම කාල වක වානුවේදීය. මීට වසර දහස් ගණනකට පෙර විසු දෙවිදුන්ගේ මානව ශාස්තෘවරයෙක් වු ඉබ්‍රාහිම් නබි තුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පෙන්වා දුන් මෙම අති ශ්‍රේෂ්ට පූර්වාදර්ශය සිහිපත් කරමින් දෙවිඳුන්ගේ අණට කීකරුවීමේ වැදගත්කම සිත්හි දරාගෙන දානමය ක්‍රියාවක මුස්ලිම්වරු මෙම මාසයේදී නිරත වෙති.
සතෙකු කපා අසරණ හා දුගී ජනයාට මෙන්ම අසල්වැසි හා හිතවතුන්ට දානයක් ලෙස පිරිනැමීම උලුහිය්යා නම් ක්‍රියාව ලෙස සැලකේ. මෙය අල්තාරයක් හෝ පිළිරුවක් ඉදිරියේ කරන්නාවූ බිලි පුජාවක් හෝ බිලි දීමක් නොවන්නේය. ඉතාමත් පිරිසිදු චේතනාවෙන් දෙවිඳුන්ගේ නාමයෙන් පෙර පැවසුවාක් මෙන් දුගීන්ට, අසරණයින්ට, යාචකයින්ට, අසල්වැසියන්ට හා නෑ හිතවතුන්ට ආහාරය පිණිස කරන්නාවූ දානමය ක්‍රියාවකි.


ඉස්ලාමයේ සියළු ක්‍රියාවන් මිනිසාගේ යහපත පදනම කරගෙන යහ චේතනාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නාවූ ක්‍රියාවන් වන අතර එහි අන්තර්ගතයේ විද්‍යාත්මක හා යථාර්තවාදී පදනමක් නිරන්තරයෙන් දක්නට ඇත්තේය. ඉහත කරුණු වලින් පැහැදිලිවන තවත් සත්‍යයක් නම් ඉස්ලාමය තවත් දහමක් නොව එය සැබැවින්ම සියළු මනුෂ්‍ය අවශ්‍යතාවයන්ට නිසි මග පෙන්වන පරිපුර්ණ ජීවන සැලැස්මක් බවය.




ඉහතින් ඉදිරිපත්කල සියළු කරුණු සමස්තයක් වශයෙන් සමාලෝචනය කර බැලීමේදී ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳව මතුවී තිබු වැරදි අවබෝධයන් ඉවත්කොට එකිනෙකා අවබෝධ කරගෙන ජීවත්විය හැකි සාමකාමී හා සුහදත්වයෙන් යුත් සමාජයක් බිහිකිරීමට අප සැමට හැකිවේ යැයි ඉතා අවධාරණයෙන් යුක්තව විශ්වාස කරන්නෙමු. බහු සංස්කෘතික හා බහු ආගමික සමාජයක එකිනෙකාගේ විශ්වාසයන් හා මතයන්ට ගරු කරමින් තමාට යහ යැයි අවබෝධවන විශ්වාසයෙහි හා මතයෙහි පිහිටා ක්‍රියා කිරීමට ඇති නිදහස හා අයිතිය අත්‍යවශ්‍ය කරුණකි. අනවබෝධය හේතුවෙන් අප අන් අයගේ විස්වාශයන් හා ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කරන්නට හෝ විවේචනය කරන්නට හෝ යෑමෙන් සිදුවන්නේ කාලාන්තාරයක් තිස්සේ පැවත ආ සුහදත්වය පළුදුවී එකිනෙකාගෙන් ඈත්වූ සමාජයක් ඇතිවීමය. මෙය රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට හිතකර පරිසරයක් ලෙස කොහෙත්ම සැලකිය නොහැක. අනවබෝධය හා ඉන් මතුවන අනර්ථකාරී වෛරය ඉවත්කොට සැමට සතුටින් එකට අත්වැල් බැඳගෙන සුහදත්වය හා මිනිසත්කම පදනම් කරගත් සමාජයක් ගොඩ නැගීමට අධිෂ්ඨානශීලීව එකට අත්වැල් බැඳ ගනිමු.




ප්‍රිය පාඨකය, ඉස්ලාම් සහ සත්ත්ව ‍‍ඝාතනය නම්වු පොත මින් අවසන් වේ. මෙම විෂයෙහිලා තවත් බොහෝ කරුණු ඉදිරිපත් කළ හැකි මුත් ධර්ම ගවේෂන අරබයා තවත් බොහෝ විෂයන් ආවරණය කළ යුතු හෙයින් මින් මෙම ලිපි පෙල අවසන් කරමි. ඔබ සැමට අල්ලාහ්ගේ අසමසම මහාර්ඝවු ප්‍රධානය වන යහමග අත්වේවා යැයි මම පතමි.
සංස්කාරක දාවාහ් කෝනර්.නෙට්
වෙබ් අඩවිය
Reply With Quote
(#2)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,532
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
check 11-20-2011, 04:28 PM

Islamic method of animal slaughter – Sinhala


පරිබෝජනය උදෙසා සත්ත්ව ඝාතනයෙහිලා ඉස්ලාමීය ක්‍රමවේදය
මස් පිණිස සතුන් කැපීමේදී අනුගමනය කළයුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ. ඒවා පිළිබදව අප මදක් විමසා බලමු.
1. සත්ත්වයාට හොඳින් ආහාර හා වතුර ලබා දීම.


2. කලබල කාරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම.


3. පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබිය යුතුය.


4. කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු විය යුතුය.


5. කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කලයුතුය. සියළු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නාවූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.


6. කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කල යුතුය.
7. කැපීමෙන් ශ්වාස නාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යායුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.


8. එක් සතෙකු ඉදිරියේ තව සතෙකු නොකැපිය යුතුය.


9. සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.


10. සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරු තාවයකින් නොසිටිය යුතුය.


11. කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යන්නට ඉඩ හැරිය යුතුය.
ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වන්නේය.
Reply With Quote
(#3)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,532
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
check 11-20-2011, 04:30 PM

Slaughtering animals without harm – Sinhala


හිංසනයෙන් තොරව සතුන් කැපීම
ඉදිරිපත්කරන ලද සියළු කරුණු ඉතා සාවධානව හා උද්වේගයට පත්නොවී හෘද සාක්ෂියට එකඟව සිතා බැලීමේදී මාංශ අනුභවය ලෝක යථාර්තයක් බවට පත්වී ඇති බව තර්කයෙන් තොරව අපට පිළිගැනීමට සිදුවෙනවා නොවේද?


මාංශ අනුභව නොකර සිටින්නට ඕනෑම අයෙකුට අයිතියක් ඇත. නමුත් කිසිම තර්කයකට එකඟ නැති, පදනම් විරහිත අයුරින් මෙය සටන් පාඨයක් කරගෙන කරන්නාවූ හිස් ක්‍රියාවන් කිසිම යහපත් පුරවැසියෙකු අනුමත කරණ ක්‍රියාවක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ලොව අද පවතින සියළු ප්‍රධාන දහම් මාංශ අනුභවය අනුමත කරීමට ප්‍රධාන හේතුව මෙය ලෝක යථාර්තයක් බව පිළිගෙන ඇති නිසා බව වියහැක. මෙම සත්‍යය තත්වයට ඉස්ලාමය විසින් ඉදිරිපත් කරන නුතන විද්‍යාවට එකඟ තාවයක් ඇති මෙන්ම හිංසනයෙන් තොරවූ ඝාතන ක්‍රියා පිළිවෙත පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. මේ සඳහා ජර්මනියේ පළවන සත්ව පාලකයින් හා විද්‍යාඥයින් අතර ජනප්‍රිය “German Veterinary Weekly” යන සඟරාවේ 85 වන වෙළුමේ 62-66 යන පිටුවල සඳහන් දීර්ග විස්තරයෙන් උපුටා ගත් කරුණු පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.


ජර්මානු සත්ව සුභ සාධන පනත (Animal Welfare Act of 24th July 1972) අනුව සතුන් පිළිබඳව ක්‍රියා කිරීමේදී උද්වේගයට වඩා විද්‍යාත්මක සාධක මත පදනම්වී කටයුතු කලයුතු බව සඳහන්වී ඇත. මෙම පනත අනුව හිංසනයෙන් තොරව සතුන් කැපීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක අවශ්‍යතාවය මතුකොට තිබිණ. මේ අනුව මහාචාර්ය W. ෂුල්ට්ස්, H. ෂුල්ට්ස්, A.S. හාසිම්, හා R. ග්‍රොස් යන විද්‍යාඥයින් විසින් ජර්මනියේ හැනොවර් විශ්ව විද්‍යාලයේදී විද්‍යාත්මක පර්යේෂණයක් පවත්වන ලදී. බටහිර දැනට භාවිතයේ ඇති සියළු ක්‍රමවේදයන් පිළිබඳව ඔවුන් විසින් පර්යේෂණ පවත්වා එමගින් මරණයට පත්වීමට පෙර සතාට විඳින්නට සිදුවන වේදනාවන් පිළිබඳව විද්‍යානුකුල තක්සේරුවක් කරගන්නා ලදී. මෙම ක්‍රමය තුලින් සනාථවූ ප්‍රධාන සාධක නම්, සතුන් විසාල ලෙස කලබලයට පත්වීම, විද්යුත් මෂ්තිස්ක රේඛය (Electro Encephalogram – EEG) අනුව සතුන් දැඩි වේදනාවකට පත්වීම හා හෘද ස්පන්දනය සැනින් නතරවී යෑම හේතුවෙන් ශරීරයෙන් රුධිරය ඉවත්වීම අවමවීම යන කරුණුය. මෙම කරුණු වලින් පෙනීයන්නේ සතාට දැඩි වේදනාවක් මෙන්ම සතාගේ ශරීරයෙන් රුධිරය පිටවීම අවම වීම හේතුවෙන් එම මාංශ මිනිසාගේ සෞඛ්‍යට එතරම් හිතකර එකක් නොවන බවය.
මෙම පර්යේෂණයට විද්යුත් මෂ්තිස්ක රේඛය (Electro Encephalogram – EEG), විද්යුත් කන්තු රේඛය (Electro Cardiogram-ECG), රුධිර පීඩන මාපකය ආදිය ඇතුළුව තවත් සංකීර්ණ උපකරණ උපයෝගී කරගන්නා ලදී. විශේෂයෙන්ම EEG මගින් වේදනාවක් ඇතිවනවිට මොලයේ ක්‍රියාකාරිත්වයේ වෙනස මැනීමට හැකියාවක් තිබිණ. මෙම පර්යේෂණය ඉතා සංකීර්ණ තාක්ෂණික විස්තරයන්ගෙන් යුක්ත වුවක් වන අතර එමගින් සොයාගත් කරුණු පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. ඉස්ලාමීය පිළිවෙත අනුව සතුන් කැපීමේදී හෙලිවු කරුණු අනුව:-


1. ඉතා මුවහත්වූ පිහියකින් කැපීමේදී කැපීමට පෙර හා පසු EEG මානයේ එක සමාන කියවුම් දක්නට ලැබිණ. කැපීමේ කාලයේදී දක්නට තිබු සුළු ප්‍රතික්‍රියාව පහත සඳහන් අයුරින් විය. එළුවන් බැටළුවන් වැනි සතුන් සඳහා තත්පර 4 සිට 6 දක්වාද ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 10 ට වැඩි නොවන අයුරින් එම ප්‍රතික්‍රියා කාලය විය.


2. ශුන්‍ය රේඛානයක් EEG මානයේ එළුවන් හා බැටළුවන් සඳහා තත්පර 13 කට පසුවද, ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 23 කට පසුවද දක්නට ලැබිණ.


3. තාප වේදනා උත්තේජකයේ (Thermal Pain Stimuli) කිසිදු වෙනසක් දක්නට නොතිබිණ.
4. ගවයින් වැනි ලොකු සතුන් කැපීමෙන් තත්පර 40 කට පසු හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 240 දක්වාත් එළුවන් බැටළුවන් වැනි සතුන්ගේ හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 280 දක්වාත් වැඩිවිය. මෙසේ හෘදස්පන්දනය වැඩි වන්නේ සතාට ජීවය ඇති නිසා හෝ වේදනාව දැනෙන නිසා හෝ නොවන බව සොයා ගන්නාලදී. මෙයට හේතුව පහතින් දක්වා ඇත්තෙමු.


ඉහත නිරීක්ෂණයන් පදනම් කරගෙන පහත සඳහන් නිගමනයන්ට එලැඹීමට ජර්මන් විද්‍යාඥයින්ට හැකිවූ බව සඳහන් කොට තිබිණ.
1. ඉහත සාධකයන් අනුව නියමිත ආකාරයට කැපීම සිදුකළහොත් පිහිය තබා කපන තත්පර කිහිපයක ප්‍රතික්‍රියාව හැර අන් කිසිම වේදනාවක් දැරීමට සිදු නොවන බව විද්‍යාත්මකව ඔප්පුවිය. මෙසේ කිරීමේදී මොළයට රුධිරය සපයන ප්‍රධාන නාලයන් විසන්ධිවන හෙයින් මොළය අක්‍රිය තත්වයට පත්වන්නේය. ශරීරයෙන් මොළයට පණිවිඩ ගෙනයන නාල සියල්ල විසන්ධි වීම හේතුවෙන් සතාට වේදනාව දැනීමේ හැකියාව නැතිවී යන්නේය. ස්වාස නාලයද විසන්ධි වන හෙයින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යාමෙන් සතා නිර්වින්දන තත්වයකට පත්වන්නේය.
2. කැපීමෙන් පසු හෘදස්පන්දනය ඉහළ යෑමට හේතුව මොළයේ ක්‍රියාකාරිත්වයකින් තොරව සිදුවන්නාවූ මාංශ පෙශීන්ගේ ප්‍රතීක (Reflex) ක්‍රියාකාරිත්වයක් බව සොයා ගන්නා ලදී. මේ හේතුවෙන් ශරීරය තුල ඇති රුධිරයෙන් ඇති විශාල ප්‍රමාණයක් බැහැර කිරීමට හැකියාව ඇතිවී තිබෙන්නේය.


3. අධික රුධිරය අඩංගු මාංශය මිනිසාගේ සෞඛ්‍යයට හිතකර නොවන හෙයින් රුධිරය බැහැර කිරීමේ ක්‍රියා වලියෙන් ඒ අයහපතද ඉවත්කර ගන්නට හැකියාව ඇතිවී තිබේ.
ඉහත විද්‍යාත්මක පර්යේෂණයෙන් සොයාගත් කරුණු වලින් ඉතා මැනවින් ඔප්පුවන්නේ ඉස්ලාමීය අනුමත ක්‍රමය හිංසනයෙන් තොරවූ හොඳම ක්‍රමය බවය. මේ අනුව අප විසින් නැවත වරක් අවධාරණය කළයුතු වැදගත් කරුණු කිහිපයක් ඇත්තේය.


1. ඉස්ලාමය මාංශ අනුභවය අනුමත කර ඇතත් එය අනිවාර්ය කාර්යයක් නොවන්නේය. මාංශ අනුභවයෙන් තොරව යහ මුස්ලිමයෙකු වීමට කිසිම බාධාවක් නොමැත.


2. සත්ත්ව ඝාතනයෙන් තොරව මිහිතලය මත මිනිස් පරපුරක පැවැත්ම කොහෙත්ම සිදුවිය නොහැක්ක යන්න ලෝක යථාර්තයක් බවට පත්ව තිබේ. හෘදසාක්ෂියට එකඟව බුද්ධිය හා විචාරය මෙහෙයවා කරුණු විමසන්නෙකුට මෙම සත්‍යය අවබෝධ කර ගැනීමට කොහෙත්ම අපහසු තාවයක් නොමැත්තේය. නමුත් අන්ධ භක්තියෙන් කටයුතු කරන අයෙකුට නම් මෙය දුෂ්කර විය හැක.


3. සතුන් කැපීම අවශ්‍ය වූ විටක එය හිංසනයෙන් තොරව කිරීමට ඇති හොඳම ක්‍රමය ඉස්ලාමය අනුමත කොට ඇති පිළිවෙත බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.
Reply With Quote
(#4)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,532
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
check 11-20-2011, 04:30 PM

Objecting only to cattle slaughter – Sinhala


ගව ඝාතනයට පමණක් එරෙහි වීම
සත්ත්ව ඝාතනය පිලිබඳව අප සාකච්චා කිරීමේදී බොහෝවිට එයට විරුද්ධව අදහස් දක්වන්නන් කතාකරනුයේ ගවයින් කැපීමට හෙවත් ගව ඝාතනය‍ට එරෙහිවය. මෙයට හේතුව බොහෝවිට ශ්‍රී ලාංකික සංස්කෘතිය සමග ගවයා පිළිබඳව ඇති සම්බන්ධතාවය විය හැක. කුඹුරු ගොවිතැන, ප්‍රවාහන කටයුතු, සහ විශේෂයෙන්ම කිරි ලබාගැනීමේ ප්‍රධාන මගක් ලෙස පාරම්පරිකව උපකාරීවූ මෙම සතා ගැන බැඳීමක් ඇතිවීමද එක අතකින් සත්‍යයකි. බෙරයද ජාතික සංස්කෘතියේ කොටසකි. එයට සම් ලබාගන්නා එක් මගක් ලෙසද ගවයා දැක්විය හැක. මේවා හැරෙන්නට වෙනත් ආගමික හෝ සංස්කෘතික හේතුවක් නිසා මෙම මතය ගොඩනැගී ඇති බව කීමට කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් නොමැත.


එනමුදු මේ සත්ත්ව ලෝලීන් මත්ස්‍ය හා අනෙකුත් මාංශ පිළිබඳව ඇති නිහැඬියාවද සැබැවින්ම මවිතකරය. ගවයින් එක්තරා වයසක් පසුකලවිට ගොවිතැන, ප්‍රවාහනය හෝ කිරිලබාගැනීම වැනි කටයුතු වලට ගත නොහැකි තත්වයක් උදාවන්නේය. මෙවන් තත්වයක් තුල බොහෝ විට සිදුවන්නේ ආර්ථික වශයෙන් තමන්ට බරක් බවට පත්වන මෙම ගවයින්ට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව ඉතා සියුම් ලෙස ඉවත්කර ගනිමින් “පින් ගොනා” යන නාමය සහිත හංවඩුව මෙම ගවයින්ට ගසා ප්‍රදේශයේ සැමටම කරදරයක් වන අයුරින් ලිහා ඇරීමය.


ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක ගවයින් ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කොට වයෝවෘධ ගවයින් රැක බලාගැනීමේ වගකීම ප්‍රාන්ත රජය විසින් භාරගන්න ලදී. ඉතාමත් කෙටි කාලයක් තුලදී තමන්ගේ තීරණයේ වැරදි සහගත භාවය හා එය ප්‍රායෝගික නොමැති බව තෙරුම්කරගත් ප්‍රාන්ත රජයේ වගකිව යුත්තන් තම ව්‍යාපෘතිය ඇත හැර දමන්නට තීරණය කළහ. ගවයින් තමන්ගේ අවශ්‍යතාවයට වඩා බෝවීම සිදුවන අවස්ථාවේදී අතිරික්ත ගවයින් සැබැවින්ම අයිතිකරුට ආර්ථික වශයෙන් විශාල බරක් බවට පත්වන බව අප සැම දන්නා කරුණකි.


මෑතකදී ශ්‍රී ලංකාවේ වල්අලි උවදුර ගැන කථා කරන විට අපගේ හිටපු පාරිසරික ඇමතිවරයෙක් පැවසුයේ ලංකාවේ වනභූමි ප්‍රමාණය ගත්කළ ඊට සාපේක්ෂව ලංකාවේ අලි ගහණය වැඩි වී ඇති බවයි. අලි අතිරික්තයක් සිටින්නාවු රටක අප ගවයන්ද අවශ්‍යතාවය සඳහා ඝාතනය නොකලේ නම් ඉතාමත් වේගයෙන් ගව ගහණයද වැඩිවනු නියතය. එවිට අපගේ මුවින් අලි මදිවට හරක් යන පිරුළ කියවෙනු නොඅනුමානය
Reply With Quote
(#5)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,532
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
check 11-20-2011, 04:31 PM

Animal slaughter for the development of Science – Sinhala


විද්‍යාවේ උන්නතිය උදෙසා සත්ත්ව ඝාතනය
මිනිසාගේ යහපත පිණිස විවිධවු ආකාරයේ පර්යේෂණ වල යෙදෙමින් නුතන වෛද්‍ය විද්‍යාව ඉතා උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉතිහාසයේ සිට මේ දක්වා විවිධවු සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවී තිබේ. මෙම පර්යේෂන වලින් අත්හදා බලන්නාවු වෛද්‍ය ප්‍රථිකාර සඳහා සත්ත්වයන් යොදාගෙන, ඒවායේ සාර්ථක අසාර්ථක භාවය අත්හදා බලා පසුව ඒවායින් මිනිසුන්ට ප්‍රථිකාර නොකලේ නම් අද වනවිට විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වන්නට ඉඩ තිබිණි.


මේ නිසා අපගේ අදහස නම් ප්‍රාණ ඝාතනය සහ සත්ත්ව හිංසනය සම්පුර්ණයෙන්ම වැරදියි සහ නොකල යුතුයි යන මතයේ අප විසින් එල්බ ගෙන සිටියේ නම් නුතන වෛද්‍ය විද්‍යාව අදටත් ප්‍රාග් ඵෙතිහාසික තත්වයෙන් ඉදිරියට ගමන්කළ නොහැකි තත්වයේම අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත යන්නයි.
අදලොව සිටින්නාවු සත්ත්ව වේදීන්ද මේ සම්බන්ධව මුණිවත රකින්නේ එමගින් ඔවුන්ගේද පණනල සුරැකී ඇති නිසාවෙනි.
වර්තමානයේ විද්‍යාව විෂය හදාරන්නාවු ප්‍රාථමික සිසුවෙකුට පවා ගුරුවරුන් විසින් ගෙම්බන් වැනි සතුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගනියි. මෙවැනි ක්‍රියාකාරම් වලින් විද්‍යාවේ අත්පොත් තබන සිසුවා ඉදිරියේ උදාර අනාගත ගමනකට සනිටුහන් තබයි. අප විසින් සත්ත්ව හිංසනය යැයි පවසා එම දරුවන්ගේ අනාගතය වලකන්නේද?


එමෙන්ම ප්‍රථමයෙන්ම අභ්‍යාවකාශයට යැවීමට විද්‍යාඥයන් විසින් තෝරා ගන්නා ලද්දේද සත්ත්වයෙක් බවද අප විසින් අමතක නොකල යුතුය. මිනිසාගේ අභ්‍යවකාශ තරණය පිළිබඳ තිබුණු ආශාව සහ සිහිනය ඛේදාන්තයක් බවට පත් නොවී එය සපථ කරගැනීමට හැකි වුයේ ඒ සඳහා ප්‍රථමයෙන්ම අභ්‍යාවකාශයට සත්ත්වයෙක් යැවීමට යොදා ගැනීම නිසා නොවේද?


මේ නිසා විද්‍යාත්මක ක්ෂේස්ත්‍රයේ ගත්කල අත්‍යවශ්‍යම අවස්ථාවකදී සත්ත්ව ඝාතනයෙන් වැලකී සිටීම යනු ඉතාමත් අණුවන සහ ආත්මාර්ථකාමී ක්‍රියාවක් බව දැන් ඔබට වැටහී ඇති බව නොඅනුමානය.
Reply With Quote
(#6)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,532
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
check 11-20-2011, 04:33 PM

Natural instinct and structure of man – Sinhala


මිනිසාගේ ස්වභාවික පිහිටීමේ දිරිගැන්වීම
අප දන්නා පරිදි ඉතාමත් අහිංසක කිසිවෙකුට හිංසාවක් කිරීමට අකමැති පුද්ගලයන්ද ඉතා අභිරුචියෙන් මාංශමය ආහාර ගන්නා අවස්ථා අප දැක ඇත. මෙයට හේතුව මිනිසාගේ මුඛයේ ඇති පිහිටීමේ ස්වභාවයයි. මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියද සකස්වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර එකලෙස ජීරණය කළහැකි වන අයුරිනි. එමෙන්ම අපට රුචි අරුචිකම් හට ගන්නේ දිවෙහි ඇති සංවේදීතාවයෙනි. මාංශ ආහාර පිළිබඳ රුචියට අපගේ දිවද සකස් වී ඇත. නිදසුනක් ලෙස කුළු හරකුන් සහ ඇතුන් වැනි ශාක භක්ෂක සතුන් කොපමණ දරුණු වුවද උන් සත්ත්ව මස් නොකයි.


මෙම සියළු කරුණු වලින් පෙනීයන්නේ ස්වභාවයෙන්ම මිනිසා සර්ව භක්ෂක සත්ත්වයෙක් බව නොවේද? එමෙන්ම සිංහ, කොටි වැනි මාංශ භක්ෂක සතුන් හට තෘණ වර්ග ආහාරයට ගැනීමට හෝ ඒවා ජීරණය කරගන්නට හැකියාවක් ඔවුන්ගේ ජීරණ පද්ධතියේ නොමැත. එළුවන් ගවයින් බැටළුවන් වැනි තෘණ භක්ෂක සතුන්ට මාංශ අනුභව කොට එය ජීරණය කළහැකි තත්වයක් නොමැත. මේ අනුව විවිධවු ආහාර අනුභවය පිලිබඳව මිනිසා තුල ඇති සුවිශේෂී හැකියාව මෙයින් අපට අවබෝධ කරගන්නට හැකි වන්නේය.
Reply With Quote
(#7)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,532
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
check 11-20-2011, 04:35 PM


මිනිසා විසින් කරන්නාවු සත්ත්ව ඝාතනයන්
කුහුඹියෙකුවත් අසාධාරණ ලෙස මරා දමන්නට ඉස්ලාමය තුල අපට ඉඩක් නැත. එහෙත් කිසිදු සත්ව ඝාතනයකින් තොර තත්වයක් අපේක්ෂාකිරීම යථාර්තවාදී, බුද්ධිමත් හා ප්‍රායෝගික සංකල්පයක් බව අපට නුතන තත්වයන් දෙස විමසුම් ඇසින් බලන විට පිළිගත හැකි වන්නේද?


සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන් කර පමණක් ජීවත්වන්නට අප තීරණය කර ගත්තා යැයි මොහොතකට සිතමු. සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද කිරීමට අපට ඉඩකඩ තිබේද?



තම ගෙවත්තේ ඉතා සුළු පරිමාණයේ ගොවි තැනක් පලිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහරවිට තිබිය හැක. නමුත් මෙයත් අපගේ අත්දැකීම් අනුව සැමවිටම සත්‍යය වන තත්වයක් නොවේ. නමුත් මහා පරිමාණ කෘෂි ගොවිතැන සඳහා අනිවාර්යයෙන්ම පලිබෝධ නාශක යොදා ගැනීමේ අවශ්‍යතාවය අපි දැක ඇත්තෙමු. ගොවිතැනට හානි කරන කෘමීන් ගොවියා විසින් හඳුනාගැනීම පළමුව සිදුවේ. උන්ට ජීවයක් ඇති බව ගොවියා ඉතා හොඳින් දනී. උන්ගෙන් ගොවිතැනට සිදුවන හානිය අවබෝධ කරගන්නා ගොවියා උන්ව මරා දමන්නට චේතනාවක් ඇති කර ගනී. මේ සඳහා විවිධ වු උපක්‍රමයන් ගොවියා විසින් උපයෝගීකර ගනී. මෙම උපක්‍රමයන් මගින් කෘමීන් මරා දමා ඔහුගේ ගොවිතැන රැක ගන්නට ගොවියා විසින් ක්‍රියාකරයි. මෙයින් පැහැදිලිවන්නේ කුමක්ද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද සාර්ථක අන්දමින් කරගැනීමට අපට හැකියාවක් නොමැති බව නොවේද? මෙම ලෝක යථාර්තය ප්‍රතික්ෂේප කලහැක්කේ කවරෙකුටද?


අතීතයේ සිට අප රට විවිධ වසංගත රෝගයන්ට මුහුණ පා ඇත. 19 වන සියවසේ ආරම්භයේ ඇතිවූ මැලේරියා වසංගතයෙන් ජනගහනයෙන් කොටසක් මියගිය අතර රටවැසියන් මෙයින් ඉතාමත් දුක්ඛිත තත්වයකට පත්වූයේය. දැනට අප මුහුණපාමින් සිටින්නේ තවත් වසංගත රෝග රැල්ලකටය. ඩෙංගු හා චිකුන්ගුන්යා මුළු රටටම ඉතා විශාල අභියෝගයක් බවට පත්ව ඇත. ඩෙංගු වසංගතයෙන් මියයන සංඛ්‍යාව දිනපතා පුවත්පත් මගින් කියවනවිට අප පත්වන්නේ ඉතාමත් කම්පනීය තත්වයකටය. මෙම වසංගත රෝග බෝකරන විෂබීජ මිනිසාගේ ශරීරයට ඇතුලත් වන්නේ මදුරුවන් මාර්ගයෙනි. මෙම රෝගකාරක විෂබීජ ශරීරගත කරන මදුරුවන් මරා දමන්නට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විවිධ වැඩ සටහන් රටේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම භයානක මදුරුවන් මරාදමන්නට අප විසින් ඉදිරිපත් නොවුනානම් සිදුවන විනාශකාරී තත්වය, යමෙකුට සිතාබලන්නට බැරි තරම් බරතල හා භයානක එකක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත. මෙයිනුදු සනාථවන ලෝක යථාර්තය කුමක්ද? සත්ව ඝාතනයෙන් තොර ජීවිතයක් හෝ පැවැත්මක් මිනිසා හට මිහිතලය මත නොමැති බව නොවේද? ඉස්ලාමයේ ඉගැන්වීම් විශ්ව යථාර්තය අනුව සකස්වී ඇති බව මෙයින් පැහැදිලිව සනාථවන සත්‍යයක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද?


නියුමෝනියාව, ක්‍ෂය රෝගය වැනි ආසාධනයන් ඇතිවූ විට අපට ප්‍රති ජීවක (Antibiotic) බෙහෙත් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවා. මෙම ප්‍රති ජීවක බෙහෙත් මගින් සිදු වන්නේ ශරීර ගතවී ඇති කෝටි ගණන් රෝගකාරක විෂබීජ නසා දමා අපට දිවි රැක ගැනීමට උපකාරීවීමයි. ප්‍රාණ ඝාතනය සැම තැන්හිම තහනම් හෝ වැරදියි යන අතාත්වික හා බුද්ධියට එකඟ නැති නිගමනයේ අප පිහිටා සිටියේ නම් කෝටි ගණන් ජීවයන් නසා දමා අපගේ එක් ජීවිතයක් රැකගැනීමට කටයුතු කිරීම වැරදියි යන තත්වයට අපට පත්වන්නට සිදුවෙනවා නොවේද? කරුණාකර ආවේගශීලී නොවී විචාර බුද්ධිය මෙහෙයවා මෙම කරුණු ගැන සිතා බලන්න.
Reply With Quote
(#8)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,532
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
check 11-20-2011, 04:35 PM

මාංශ පරිභෝජනය = 6.9 X 46.6 = කි. ග්‍රෑ. බිලියන 321.54
මත්ස්‍ය පරිභෝජනය = 6.9 X 17.0 = කි. ග්‍රෑ. බිලියන 117.30
මෙම දත්තයන් විසින් අපට හඬගා කියන්නේ කුමක්ද? මෙවන් විශාල මාංශ හා මත්ස්‍ය පරිභෝජනයක් වෙනුවට කෘෂි නිෂ්පාදන ආදේශ කරන්නට යෑමෙන් සිදුවන අතුරු අනිසි විපාක පිළිබඳව බුද්ධිමත් යමෙකුට සිතාබලන්නටවත් හැකියාවක් තිබේද?



දැනටමත් ලොව උග්‍ර ආහාර අර්බුදයක අප පැටලී සිටින්නෙමු. ලොව නිර්මාංශික වීමට බල කිරීමෙන් අප එය තව තවත් අර්බුදයක් කරා තල්ලු කිරීමට වෙර දැරීමක් නොවන්නේද?




ඉතා පටු චින්තන රාමුවක් තුල කොටුවී දුර දක්නා දැනුමකින් තොරව ආවේගශීලීව කටයුතු කිරීම, ලෝක යථාර්තයට සහමුලින්ම එකඟ නැති ක්‍රියාවක් බව ඕනෑම අයෙකුට පෙනී යායුතු සත්‍යයකි. සමස්තයක් වශයෙන් ලෝක යථාර්තය දෙස බලනවිට මාංශ හා මත්ස්‍ය අනුභවයෙන් තොර සමාජ තත්වයක් අපේක්ෂා කිරීම පැහැදිලි මුලාවක් බව අපට ඉහත කී දත්තයන් හඬ නගා පවසයි.
Reply With Quote
(#9)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,532
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
check 11-20-2011, 04:36 PM

පොදුවේ ගත්කල බහුතරයකගේ මතය බවට පත්ව ඇත්තේ මාංශ අනුභවය අනුමතවී ඇත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් තුල පමණක් බවය. සත්‍යවශයෙන්ම පවසනාවා නම් ලොව ප්‍රධාන දහම් සියල්ලම වාගේ මාංශ ආහාර අනුභවය අනුමත කොට ඇත. මෙම මාතෘකාව සාකච්චා කිරීමේදී අප උද්වේගයට හා නොඉවසිලිවන්තභාවයට පත් නොවී තම හෘදසාක්ෂියට එකඟව බුද්ධියෙන්, විචාරයෙන් හා විද්‍යාත්මක පදනමකින් යුක්තව විමසුමක යෙදෙන්නේ නම් සත්‍යය කුමක්ද කියා දැනගැනීමට කොහෙත්ම අපහසුතාවයක් ඇති නොවනු ඇත.
මාංශ අනුභවය ලොව සියළු ප්‍රධාන දහම් අනුමත කර ඇතිබව එම සියළු දහම්හි පිළිගත් මුලාශ්‍රයන්ගෙන් උපුටාගත් සාක්ෂි, සාධක ගෙන හැර දක්වා කිසිම සැකයකින් තොරව සනාථ කළ හැකි බව සහතික වන්නට කැමැත්තෙමු. එහෙත් එම කරුණු මෙම පොත් පිංචට ඇතුලත් නොකළේ එහි ඇති සංවේදී තාවය සැලකිල්ලට ගෙනය. එලෙස මාංශ අනුභවය අනුමත කර ඇත්නම් එය කළහැක්කේ සතුන් කැපීම තුලින් එනම් ජීවිතක්ෂයට පත්කිරීමෙන් පමණක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද? මේ පිළිබඳව මත පරස්පරයක් කිසිවෙකුටවත් තිබිය හැකි වන්නේද?
අන් දහම්හි කරුණු ඉදිරිපත් නොකොට තර්කයට, විචාරයට හා බුද්ධියට පිළිගත හැකි අයුරින් මේ පිළිබඳව වු ඉස්ලාමීය සංකල්පය සකස්වී ඇත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීම අපගේ පරමාර්ථයයි. සතුන් කැපීම පිලිබඳව ඉස්ලාමය ගැන ඇති වැරදි මතයන් ඉවත්කොට සත්‍යය තත්වය පැහැදිළි කිරීම අපගේ වගකීමක් ලෙසද සළකන්නෙමු එමනිසා මෙම සුහද සාකච්චාවට අප හා එක්වන ලෙස ගෞරවයෙන් හා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ආචාර්ය විලියම් ටී. ජාර්විස්‌, විද්‍යාව හා සෞඛ්‍ය පිළිබඳව වන ඇමරිකානු සභාවේ (American Council of Science and Health) උපදේශක වරයෙකි. හෙතෙම මහජන සෞඛ්‍ය හා නිවාරක වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලෝටා ලින්ඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධුරයද දරන්නේය. ආචාර්ය ජාර්විස්‌ විසින් නිර්මාංශ අනුභව කරන්නන්ව ඔවුන්ගේ හැසිරීම් රටාව අනුව පුළුල් කොටස් දෙකකට බෙදයි.
1. ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්.
2. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්.
ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව ප්‍රායෝගික සෞඛ්‍ය හේතුන් මත රඳා පවතී. ඔහු උද්වේගකාරී නොවී යථාර්තවාදීව මෙම විෂය පිළිබඳව අවධානය යොමු කරයි. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව මතවාදයන් මත පිහිටා ඇති අතර ඔහු යථාර්තයෙන් සිතනවාට වඩා උද්වේගකාරීව මෙම විෂය පිළිබඳව කටයුතු කරයි. මිනිසුන් තම ආහාරය තෝරා ගැනීමේදී විවිධ හේතුන් පිළිබඳව අවධානය යොමුකරවන අතර එයින් ප්‍රධාන කරුණු පහතින් දක්වා ඇත්තෙමු.
1. ආගමික හේතු
2. භූගෝලීය හේතු
3. පුද්ගලික කැමැත්ත
4. මානව දයාව
5. පාරම්පරිකව පැවත එන හා පුද්ගලික චර්යාවන්
6. පාරසරික හා ආර්ථික හේතු
7. පෝෂණය
ඉහත කරුණු වලින් මිනිසුන්ගෙන් බහුතරය වඩාත් උද්වේගකාරී වන්නේ මාංශ අනුභවය පිළිබඳව ආගමික පදනමකින් යුක්තව කරුණු සාකච්චා කිරීමේදී බව අප විසින් අත්දැක ඇති සත්‍යයකි. ඉස්ලාමය වනාහී මිහිතලය මත ජීවත්වන සියළු ජනයාට කිසිදු බාධාවකින් තොරව එකසේ අනුගමනය කළහැකි ඉගැන්වීම් අඩංගු වන්නාවු විශ්ව දහමකි.


ඉස්ලාමය එක් රටකට, එක් ප්‍රදේශයකට, එක් ජනකොට්ඨාශයකට, එක් යුගයකට, එක් ශිෂ්ටාචාරයකට, හෝ එක් සංස්කෘතියකට පමණක් සීමාවූ දහමක් නොවේ. දිය හිඟයෙන් යුත් කාන්තාරයේ කටුක දිවියක් ගෙවන කාන්තාර වැසියාට මෙන්ම වර්ෂයේ දින 365 ම හිම මත ජීවත්වන එස්කිමෝවරුන්ටද එකසේ පිළිපැදිය හැකි ඉගැන්වීම් එහි අඩංගුවී ඇත.


බෝග වගාවට පහසුකම් නොමැති කාන්තාර වැසියාගේ ආහාරය සැපයෙන්නේ රට ඉඳි, කිරි, මාංශ, හා ඉතාමත් සීමිත බෝග වර්ගයන්ගෙනි. උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ජීවත්වන එස්කිමෝවරු හා එයට ආසන්න රටවල්වල ජීවත්වන ජනයාට මාංශ අනුභවයෙන් තොර ජීවිතයක් ගැන සිතාබැලීමටවත් නොහැක. මාංශ අනුභවය හා එයට සම්බන්ධ ආහාරයට ගන්නා සතුන් කැපීම තහනම් කර තිබේ නම් මෙම ප්‍රදේශයන්හි ජනයාට එම නීතිය නියත වශයෙන්ම වලංගු නැති සංකල්පයක් වනු නොඅනුමානය. ඉස්ලාමීය ඉගැන්වීම් මෙම ලෝක යථාර්තයට අනුකුල වනසේ සකස්වී ඇත්තේ සැබැවින්ම එය විශ්ව දහමක් වන හෙයිනි. ඉස්ලාමයට එරෙහි චෝදනා පමණක් ගෙන එහි නිවැරදිව අවබෝධකර ගත්විට එම දහමේ අන්තර්ගත ගැඹුරු සත්‍යය ලෝකයාට හඬනගා කියන්නක් බවට පත්වන ආකාරය මෙම කරුණු වලින් හෙළි නොවන්නේද?


දැන් අප ඉස්ලාමයට අනුව මාංශ ආහාර අනුභවය සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති කවරේදැයි අල්-කුර්ආනයෙන් විමසා බලමු.
ඊට ප්‍රථමයෙන් අප පැවසිය යුතු ඉතා වැදගත් දෙයක් නම් ඉස්ලාමය වනාහී ලොව එකම අංග සම්පූර්ණ සහ ප්‍රායෝගික ජීවන සැලසුම බවයි. එබැවින් අන්‍ය ආගම් වල හෝ වෙනත් වෙනත් දර්ශන වල ඇති කරුණු, අදහස්, අවවාද සහ උපදෙස් වැනි කිසිවක් ඉස්ලාමයට ඈඳා ගැනීමට හෝ කුලියට ගෙන ඉස්ලාමයට ඇතුලත් කිරීමට අපට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ඉස්ලාමය යනු විශ්ව සාධාරණ විශ්වීය දහමයි. මිනිසා හට ඇති පරිපූර්ණ ජීවන ක්‍රමයයි.


මේ බව අල්ලාහ් විසින් ශුද්ධවූ අල්-කුර්ආනයෙහි මෙසේ වදාරා ඇත.
අද දින ඔබ වෙනුවෙන් ඔබේ දහම අංග සම්පූර්ණ කළෙමි. තවද මම ඔබ වෙනුවෙන් මගේ අනුග්‍රහය, ආශිර්වාද අංග සම්පූර්ණ කළෙමි. තවද ඔබ වෙනුවෙන් ඉස්ලාම් දහම ඔබගේ මාර්ගෝපදේශය ලෙස තෝරා ගත්තෙමි.
අල්-කුර්ආනය 5. 3


එසේ නම් ඉස්ලාම් ධර්මය මේ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට කිසිදු සැකයකින් සහ අපහසුතාවයකින් තොරව අනුගමනය කිරීමට හැකි විය යුතුය. අරාබි වැනි කාන්තාර වියලි පෙදෙසක වෙසෙන ජනයින්ට මෙන්ම, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි සශ්‍රීක කෘෂිකාර්මික පෙදෙසක ජීවත්වන මිනිසුන් හටද කිසිදු සැකයකින් තොරව සිය හෘදය සාක්ෂියට එකඟව ඉස්ලාම් අනුගමනය කිරීමට හැකි විය යුතුය.


මේ නිසා අල්ලාහ් විසින් නිර්මාංශ පමණක් අනුභව කළ යුතුයැයි සීමාවක් ඇති කොට ඉස්ලාම් ධර්මය අනුගමනය කරන්නාවු මුස්ලිම් වරුන් අපහසුතාවයට පත් කළේ නැත.


මිනිසා යනු සර්වභක්ෂක සත්වයෙකි. එමනිසා මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය ශාක ආශ්‍රිත ආහාරයට මෙන්ම මාංශ ආහාර වලටද උචිත වන පරිදි නිර්මාණය වී ඇත. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන සතුන්ගේ ආහාර ජීරන පද්ධතිය නිර්මාණය වී ඇත්තේ හුදෙක් නිර්මාංශ ආහාර වලට උචිත වන පරිද්දෙනි. එමෙන්ම ඔවුන්ගේ මුඛයෙහි පිහිටා ඇති දන්ත පද්ධතියද සර්ව භක්ෂක මිනිසාගේ දන්ත පද්ධතියට ඉදුරාම වෙනස්ය. එනම් ආහාර තැලීමට සහ ඇඹරීමට පමණක් උචිත වන පරිද්දෙනි. එනමුත් මිනිසාගේ දන්ත පද්ධතිය විවිධවු දන්ත වර්ග වලින් සමන්විත වේ. එනම් ආහාර කැබලි බවට කැපීම ස‍ඳහා කෘන්තක දත්ද, ආහාර කුඩා කැබලි වලට ඉරීම සඳහා රදනක දත්ද, ආහාර තැලීමට සහ ඇඹරීමට සුදුසු වන පරිදි චාර්වක සහ පුරස්චාර්වක දත්ද වැඩුණු මිනිසකුගේ දන්ත පද්ධතියෙහි දක්නට ලැබේ. කෘන්තක සහ රදනක දත් තියුණු වන අතර චාර්වක සහ පුරස්චාර්වක දත් පැතලි පෘෂ්ඨයන්ගෙන් යුක්ත වේ.




මිනිසා ‍හුදෙක් නිර්මාංශික – ශාක භක්ෂක ජීවියෙක් වුයේ නම් මිනිසාගේ දන්ත පද්ධතිය ශාක භක්ෂක සතුන් වන හරකුන් සහ එළුවන්ගේ මෙන් දත් පද්ධතියක් තිබිය යුතුය. එනම් ආහාර ඇඹරීමට සහ තැලීමට පමණක් සුදුසු දත් පද්ධතියක් තිබිය යුතුය. නමුත් ඊට වෙනස් දත්ද මිනිසා සතුය.
මේ අනුව මිනිසා සත්ව මාංශ අනුභව කිරීම විද්‍යානුකූලය. එමෙන්ම එය මිනිස් ස්වභාවයට පටහැනි නොවේ. එනමුත් ඉස්ලාම් දහම සෑම සතෙකුම ආහාර සඳහා අනුභව කිරීමට අවසර ලබාදී නොමැත. නිදසුනක් ලෙස සුකර (ඌරු මස්) වැනි මාංශ ඉස්ලාම් දහම විසින් තහනම් කොට ඇත.
එමෙන්ම දඩයම් කර අනුභව කරන සතුන් (කොටි, වලසුන් සහ සිංහයන් වැනි සතුන්ගේ මාංශ) අනුභව කිරීම ඉස්ලාම් තහනම් ‍කොට ඇත. මේ නිසා සත්ව මාංශ ආහාරයට ගැනීමෙන් මිනිසා තුල තිරිසන් සහ රෞද්‍ර ගති ඇති වේ යැයි ඇතැමුන් නගන තර්කද බිඳ වැටේ.


මේ විශ්වය මැවු අල්ලාහ් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා විශ්වයේ ඇති අනෙකුත් සෑම දෙයක්ම මවා ඇත. ඒවායින් සමහර දේවල් අනුභව කිරීමටත්, සමහරක් දේවල් භුක්ති විදීමටත්, අල්ලාහ් මිනිසා හට අනුමැතිය ලබාදී ඇත. මේ බව ශුද්ධවු අල්-කුර්ආනයේ බොහෝ තැන් වල අවධාරණය කෙරේ.
විශ්වාස වන්තයිනි, නියමිත ගිවිසුම එකහෙලාම පිළිපදිනු. මතු පවසනු ලබන දෑ (සතුන්) හැර සියළු අන්දමේ සිව්පාවුන් නුඹලාට හලාල් (අනුමත) කරනු ලැබ ඇත……..
අල්-කුර්ආනය 5
. 1

ස්වභාවික ලෙස මියගිය සතුන්ද, රුධිරයද, සූකර මාංශද, අල්ලාහ්ට හැර (වෙනත් දෙවිකෙනෙකු නමකින්) මරනු ලැබූ සතුන්ද, ගෙල මිරිකීමෙන් මැරුණු සතුන්ද, මිය යනතුරු පහර දෙනු ලැබූ සතුන්ද, වැටීමෙන් මරණයට පත්වූ සතුන්ද, (තවත් සතෙකු විසින්) ඇන මරනු ලැබූ සතුන්ද, මාංශ භක්ෂකයෙකු විසින් (ගොදුරු කොට) සපාකන ලදුව (පණපිටින් සිටි) සතුන්ගෙන් නුඹලා විසින් නිසිලෙස මරනු ලැබූ සතුන්ද හැර (අන් සතුන්ද) නැමදුම් කිරීමට සිටුවන ලද දැයට කපන සතුන්ද, තවද ඊතල වලින් නිමිති සෙවීමද නුඹලාට තහනම් කරන ලදී……….
අල්-කුර්ආනය 5.3


සිවුපාවුන් මැව්වේත් (අල්ලාහ්) උන්වහන්සේය. එහි ඔබට උණුසුම් (ඇදුම්)ද අනේකවිධ ප්‍රථිලාභද ඇත. තවද එහි ඔබට බුදින්නට ආහාරද ඇත.
අල්-කුර්ආනය 16. 5


තවද (ඔබට) සාගරය භුක්ති විදින්නට සැලැස්සුවේ උන්වහන්සේය. එයින් ඔබ නැවුම් මෘදු මාංශ (මත්සයින්) අනුභව කරන්නේය……..
අල්-කුර්ආනය 16. 14


මෙලෙස ඉස්ලාමය මාංශ ආහාර අනුභවය මිනිසා වෙත අනුමත කලා පමණක් නොව අනුභව කලයුතු සත්වයන් කවරේද? ඒවායින් අනුභව කළ යුත්තේ කිනම් කොටස්ද? ඒවා අනුභව කිරීම සඳහා සකස් කර ගන්නේ කෙසේද? යනාදී සියළු උපදෙස් ඉතා සුපැහැදිලිව ඉස්ලාමය විසින් පවසා ඇත.
නියපොතු ආධාරයෙන් දඩයම් කර ජීවත්වන පක්ෂීන් අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. උදාහරණ රාජාලියා, ගිරවා, උකුස්සා, බකමුණා ආදී පක්ෂීන්.
දඩයම් දත් ඇති සතුන්ද අනුභව කිරීම ඉස්ලාම් දහම තහනම් කොට ඇත. උදාහරණ බළලා, බල්ලා, කොටියා, සිංහයා සහ වදුරා ආදී සතුන්.
ගවයා සහ ඔටුවා හැර ප්‍රවාහනය සඳහා භාවිතා කරන අනෙකුත් සතුන්ගේ මස් අනුභව කිරීමටද ඉස්ලාම් අනුමැතිය දී නැත. උදාහරණ බුරුවා, කොටළුවා, අලියා වැනි සතුන්ය.
හුනන් කැරපොත්තන් වැනි සතුන්ද නයි, සර්පයන්, තබරගොයන් කිඹුලන් වැනි උරගයන් සහ දියගොඩ දෙකෙහිම වසන උභය ජීවීන් අනුභවයද ඉස්ලාම් තහනම් කොට ඇත.


ඉහත සඳහන් කරුණු අනුව ඉස්ලාමය විසින් මිනිසා හට මාංශ ආහාර ගැනීම අනුමත කර ඇති බව ඔබට දැන් සනාථ වී ඇත. එමෙන්ම මෙලෙස මාංශ ආහාර අනුභවයට අනුමැතිය පමණක් ඉස්ලාමය තුල ඇති අතර එය කොහෙත්ම අනිවාර්යය ක්‍රියාවක් ලෙස හෝ එයට කිසිදු දිරිගැන්වීමක් හෝ එම ඉගැන්වීම් තුල නොමැත.


යහපත් මුස්ලිම්වරයෙකු වීමට මාංශ අනුභවය කොහෙත්ම අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. නමුත් පටු චින්තනයක් තුල කොටුවී ලෝක යථාර්තය පිලිබඳව අවබෝධයකින් තොරව බොහෝවිට තම හෘදසාක්ෂියට එකඟ නැති අයුරින් කටයුතු කිරීමෙහි ඇති හරය කුමක්ද?
Reply With Quote
(#10)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of lightsirajstc is a glorious beacon of light
 
Posts: 66,532
Blog Entries: 11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
check 11-20-2011, 04:37 PM

නිකරුනේ සත්ත්ව හිංසාව තහනම්
නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත්හි දරාගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය විසින් අනුමැතිය දී නොමැති බව අප අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය. අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබිතුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පැවසු බව සඳහන් වන බුහාරි හදීස් (නබි වදන්) ග්‍රන්ථයෙන් උපුටා මිෂ්කාත් අල් මසාබිහ් ග්‍රන්ථයෙහි (3:1392 පදයෙහි) දක්වා ඇති පරිදි:


“සියළු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.”
මේ අනුව සියළු සත්වයින් කෙරෙහිම ඉමහත් කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ ඉතාමත් වැදගත් ඉගැන්වීමක් වන්නේය. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් නබි වදන් ග්‍රන්ථයන්හි සඳහන් වන අප මුහම්මද් නබිතුමාණන්ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.


“මෙයට පෙර ජීවත්වූ නබිවරයෙක්ව කුහුඹියෙකු විසින් දෂ්ට කිරීමෙන් ඇතිවූ කෝපය හේතුවෙන් සියළු කුහුඹි තුඹස් පුළුස්සා විනාශ කරන්නට එම නබිවරයා උපදෙස් දීම හේතුවෙන් දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත්වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටිය මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”.
(මුලාශ්‍රය බුහාරි ග්‍රන්ථය – 3072)
ඉහත කරුණු වලින් ඉතා පැහැදිලිවන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසා හට හිමිවී තිබුනද එය ඔහු විසින් යුක්තිය හා සාධාරනය මත පදනම්වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව පමණක් ඉටු කලයුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් විස්තර කරන්නට මෙවන් කුඩා පොත් පිංචක් කොහෙත්ම ප්‍රමාණවත් නොවන්නේය. සතුන් සම්බන්ධයෙන් හිංසනය, කෘරත්වය හා දැඩි භාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය විසින් සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත.


එලෙස තහනම් කළ දේවල් අතර, අශ්වයින්ගේ කේසර හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහරදීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත්කරමින් කරන්නාවූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිටමත නිකරුනේ සෑඳලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි තරම් බර පැටවීම, සතුන්ට යහපත් අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුළු කුඩු වලින් පැටවුන් අරගැනීම වැනි මවගෙන් පැටවුන් ඈත්කිරීමේ සාහසික ක්‍රියාවන්, සතුන්ට ඉඩ ප්‍රමාණවත් නොවන කුඩු වල උන්ව තැබීම, කිරි දෙමින් ඉන්නා සතුන් ආහාරය සඳහා ඝාතනය කිරීම වැනි කරුණු සම්බන්ධව අප නබි තුමාණන් විසින් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත.


සතුන්ට කරන්නාවූ හිංසනයන් දුටුවිට එතුමාණන් එම සතුන්ගේ අයිතිකරුවන් හමුවී “සතුන්ට යහපත් අයුරින් සලකන්න. උන්ට කරන්නාවූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව සහිහ් මුස්ලිම් හදීස් (නබි වදන්) ග්‍රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන්කොට ඇත.


එමෙන්ම සතුන් යොදවා භාණ්ඩ ප්‍රවාහණය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. විනෝදය තකා සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් යම් දෙයකින් විදීමද විනෝදයට සතුන්ට වෙඩි තැබීමද තහනම්කොට ඇත. එමෙන්ම සතුන්ට කරන්නාවු උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන ඇඹීමද ඉස්ලාමය විසින් තහනම් කර ඇත.


සතුන්ට කරුණාව දැක්වීමේ යහපත් ආනිශංසද ඉස්ලාමීය ඉගැන්වීම් තුල විශාල වශයෙන් අපට දැක ගන්නට හැකිය. එයට එක් උදාහරණයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.


“පිපාසයෙන් පීඩිතව මියයන්නට ආසන්නව සිටි බල්ලෙකු සම්බන්ධව එක් පව්කාර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ලිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම බල්ලාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියළු පාපයන්ට දෙවිඳුන් පාප ක්‍ෂමාව ලබාදුන් බව නබිතුමාණන් පවසා ඇත.”
(මුලාශ්‍රය බුහාරි හදීස් ග්‍රන්ථය 3208)


එලෙසම සතුන්ට කරන්නාවූ හිංසනයන් සඳහා ලබා දුන්නාවූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළකී ජීවත්වීම සඳහාවූ අවවාදයක් ලෙසිනි. එයින් එක් නිදසුනක් පමණක් පහත දක්වමි.
“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසා තබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර ලබාගන්නටද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදුවූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය”
(මුලාශ්‍රය බුහාරි 4:54:535)
Reply With Quote
Reply

Bookmarks

Tags
allah is a dead pig, good post !, muslims==gay terrorists, rep+ added, they are savages

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.26412 seconds with 8 queries