Facebook Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    Facebook Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්

    Facebook Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න.



    Facebook වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි.

    නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක 100% ක්ම ඇත්ත කියලා කියනන් බැරි උනත් ඒක ඇත්ත කියලා කියන්න සාධක තියෙනවා.

    logindisabled.gif


    1. මෙය ඇක්ටිව් කරගත් බහුතරයක් දෙනාගේ එකව්න්ට් මේ වන විට Disable වී තිබීම.
    2. මෙය ඔව්න් විසින්ම නිකුත් කලද එය යම් කි ආකාරයක "බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක්"

    මේක ඇත්තටම බුද්ධිමය දේපල අනවසරයෙන් පාවිච්චි කිරීමක් තමයි. මොකද ඒක තාම නිල වශයෙන් නිකුත් වෙලා නැති නම් ඒක අපි බලෙන් පාවිච්චි කිරීමක් තමයි මෙතන වෙන්නෙ. ඒ නිසා අපේ එකවුන්ට්ස් ගැන මේ වගේ තීරණයක් ගන්න ෆේස්බුක් බලධාරින්ට අයිතියක් තියෙනවද නැද්ද කියල තමන්ගෙ හිතෙන්ම අහල බලන්න. :)

    මේ තියෙන්නෙ එහෙම එකවුන්ට් එක ඩිසේබල් වෙච්ච කෙනෙක්ට ආපු මෙසේජ් එක.
    Hi,
    Your personal account was recently disabled by Facebook. We are writing on behalf of the Facebook Platform team to let you know that any applications that were under your sole control as a developer have also been disabled as a precautionary measure, which include: Tline (ID #241158815937031)
    For more information on recovering or transferring these applications, please visit our FAQ page: http://www.facebook.com/help?faq=17556 .
    If your account is disabled, please note that the Platform team cannot re-enable your account. To find out more about your disabled account, please visit this page of our Facebook Help Center http://www.facebook.com/help/?page=1048.
    Thank you,
    The Facebook Platform Team
    එකේ මෙහෙම තියෙනවනේ,

    "If your account is disabled, please note that the Platform team cannot re-enable your account.

    ඒ කියන්නෙ එකවුන්ට් එක ආයිත් ගන්න බෑ කියන එක තමයි.

    ඒ වගේම Timeline යූස් කරපු ගොඩක් අයගේ ෆේස්බුක් ෆෝරම් එකවුන්ට් එකත් බෑන් කරලා.ඒ නිසා කෝකටත් කියලා තම තමන්ගෙ ටයිම් ලයින් ටික ඩිසබල් කරගන්න එක ඇගට ගුණයි.ඔයගොල්ලො හදපු ටයිම් ලයින් ඇප්ලිකේශන් එක අයින් කරන හැටි දන්නෙ නැත්නම් මේ පියවර අනුගමනය කරලා ඒක තමන්ගෙ ප්‍රොෆයිල් එකෙන් අයින් කරගන්න පුලුවන්.

    මෙන්න ඩිසබල් කරගන්න ඕනේ විදිහ:

    මෙතනට යන්න. http://developers.facebook.com/apps

    ඔබගේ ඇප්ලිකේශන් එක තෝරන්න > එහි Settings > Edit Settings
    දැන් වම් පැත්තේ යටම ඇති Delete App මගින් එම Application එක ඩිලීට් කරන්න

    sss.jpg


    මෙය මෙසේ විය හැක කියා අනුමානයක් පමනි,මේක ඇත්ත උනත් නැති උනත් විය හැකි උනත්,
    කෝකටත් කියලා කට්ටියට Enable කරගත්තු Timeline එක ඩිසබල් කරගන්න.

    මේක යාලුවො අතරෙත් යවන්න පුලුවන් නම් හොඳයි. මොකද දන්නෙ නැතුව යාලුවෙක්ගෙ එකවුන්ට් එකක් නැති උනත් අද කාලෙ හැටියට ජීවිතය නැති උනා වගේ තමයි. ඒක නිසා මේක පරක්කු වෙන්න කලින් මිතුරන් අතරෙ යවන්න, එවිට ඔයාලටත් යාලුවොන්ටත් බේරෙන්න පුලුවන් වේවි.


    උපුටා ගැනිම: lyfstyleblog.blogspot.com
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දන්නේත් නැ බන් ඔය ටයිම් ලයින් එක ගැන..FB දැන් පාව්ච්ච්යක් නැ වැඩිය..:dull:
    TFS..;)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ado mamat dagana inna eth maga parana fb account eka disable kara wena seen ekakta ath mama disable karpu fb account eka aphu gatta
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    FB එකේම දවසෙම ඉන්නේ නැති නිසා, ඔය මගුල් ගැන වැඩිය දන්නේ නෑ බං..... සිරාවට මොකක්ද ඔය ටයිම් ලයින්...... :rolleyes: :P