රාගම 'ලොකු සීයාගේ' මළ සිරුර අක්කරෙයිපත්තුවේ !
2011 නොවැම්බර් 25 වෙනි සිකුරාදා, 09:18 Sri Lanka Mirror Editor
Srilankamirror - රාගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වූ මොහොමඩ් නියාස් මහතා නොහොත් 'ලොකු සීයා' නමින් හඳුන්වන පුද්ගලයාගේ යැයි සැක කෙරෙන මළ සිරුරක් අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයෙන් හමු වී ඇති බව පොලිසිය පවසයි.
මේ වනවිට එම සිරුර හඳුනාගැනීම සඳහා ඥාතීන් කණ්ඩායමක් අක්කරෙයිපත්තුව බලා පිටත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියි.
එම මළ සිරුර ඇඟිල්ලෙහි බැඳ තිබූ රෙදි කඩකින් මොහු පසුගියදා අතුරුදන් වූ රාගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා බවට සැකයක් පවතී .
සන්නද්ධ කල්ලියක් විසින් ඔක්තෝබර් 27 වනදා පස්වරුවේ පැහැරගෙන යනු ලැබුවේ කෙරවලපිටියේ දිය.
මොහොමඩ් නියාස් මහතා රාගම දේවාලයේ සිට සිය කෙරවලපිටියේ දේවාලයට යද්දී මෙම සිද්ධියට මුහුණ පෑවේය.
මොහොමඩ් නියාස් මහතා දරුවන් හතරදෙනෙකුගේ පියෙකි. දරුවන් දෙදෙනකු පොඩි සීයා යනුවෙන්ද තවත් පුතෙක් චූටි සීයා යනුවෙන්ද ප‍්‍රසිද්ධය.
මොහොමඩ් නියාස් මහතා අතුරුදහන්වීම සොයා ගැනීම සඳහා පොලිස්‌පතිවරයා විසින් පෑලියගොඩ කොට්‌ඨාසයේ පොලිස් අපරාධ පරීක්‍ෂණ කණ්‌ඩායමට අමතරව පොලිස් අපරාධ කොට්‌ඨාසයේ කණ්‌ඩායමද යොදවා තිබිණ.
!