සබරගමු මහ සමන් දේවාලය
සබරගමු මහ සමන් දේවාලය
සබරගමු මහ සමන් දේවාලය යනු සබරගමු පළාතේ පිහිටා තිබෙන අති පූජනීය ස්තානයකි.
මෙහි මූලාරම්භය සැලකීමේදී සබරගමුවේ
තැනුන මුල්ම සමන් දෙවොල සිරිපා බිමේදී තැනුන බවට සාක්ශි ඇති අතර එම දෙවොලට සතර දෙසින් තවත් දේවාල සතරක් සාදා
ඇත ඒවා නම්
1.බටහිරින් රත්නපුර මහ සමන් දේවාලය
2.උතුරින් දැරණියගල මහ සමන් දේවාලය
3.දකුණින් බොල්තුබේ මහ සමන් දේවාලය
4.නැගෙනහිරින් මහියංගන මහ සමන් දේවාලය
මෙයින් රත්නපුර මහ සමන් දේවාලය ප්රමුඛ දෙවොලක් ලෙස සැලකේ.මෙය රත්නපුර පානදුර මාර්ගයෙහි කළුගග ආසන්නයෙහි ඇති
දේවාලේගම නම් ගමෙහි ඉතා රමනීය බිම් කඩෙක පිහිටා ඇත.
මෙහි ඓතිහාසික පසුබිම සැලකීමේදී ලාංකීය ඉතිහාසයේ දබදෙණී යුගයේ දෙවන පැරකුම්බා රජ දවස ආර්යකාම දේව නම් නම් ඇමති
වරයා මැණික් ගැරීමට සබරගමුවට ගිය බවත් තමන්ට වටිනා මැණිකක් ලබා දුන්නහිත් තෙමහල් ප්‍රාසාදයක් කරවන බවට පොරොන්දු වූ බව සමන් සිරිතේ
සදහන්ය
සුරිදුනි සිරි බර
අප මිණි කම් කරන වර
ලදුවොත් මිනි පවර
ගෙයක් කරවමි තුන් මහල් කර
මෙම දෙවොල උඩ මළුව,පහත මළුව ලෙස කොටස් දෙකකින් යුක්ත වන අතර ප්‍රදාන දොරටුවෙන් පිවිසෙනවිට ඇති සුදු වැලි ඇතිරූ
බිම් කඩ පහත මළුව වන අතර
පිය ගැටපෙලින් උඩ ඇති කොටස උඩ මළුව වේ.පහත මළුවේ පියගැටපෙල අසල වම් පසින් ඇති කුලුණු සතරකින් සැදි කුඩා වේදීකාව
පත්තිරිප්පුවයි ඒ අසල අඩි 6ක් පමන උස වූ වහලක් සහිත ආලින්දයක් ඇත.පියගැට පෙල දෙපසටම සමානව පිහිටා ඇති එය කුරගෙවල්
(පුරගෙවල්) ලෙස හැදින්වේ
පහත මලුවේ දේවාලය දෙපස අඩි හයක් පමන උසට මුහුනට මුහුන ලා තැනුන වේදිකා දෙකකි ඒවා මඩම යනුවෙන් හැදින්වේ මෙය
කුරුවිට බෙත්ම හා හංගමුව බෙත්ම යන බෙත්ම දෙකට අයත් මොහොට්ටාල හා විදානේ වරුන්ගේ ප්‍රේක්ශකාගාරය වේ
මෙම බෙත්ම දෙක ඉහල බෙත්ම සහ පහල බෙත්ම ලෙස හැදින්වේ(ඇතැම්හු මෙමෙ බෙත්ම එගොඩ සහ මෙගොඩ බෙත්ම ලෙස
රාජකාරි කරුවන් සදහා වෙන්වූ ඒවා ලෙසද හදුන්වයි )
දේවාලයේ දකුනු පසින් කුරගෙයත් මඩමත් අතර රථගෙය තනා ඇත ප්‍රදාන වාහල්කඩ අසල දකුනු පසින් පැරනි බෝධියකි.
පහත මලුවෙ පියගැට පෙල නැගීමෙන් පසුව පලමුව හමුවන ශාලාව ශාන්ති මණ්ඩපයයි එයට අඩි 2ක් පමන උසින් අඩි පණහක් පමණ
දිගට ඇති කොටස දිග්ගේ ලෙස හැදින්වේ මෙය නැටුම් පැවැත්වීමට නිර්මාණය වූවකි.
මහල් තුනකින් යුත් මාලිගය සදුන් කුඩම හෙවත් වැඩ හිදින මාලිගාවයි අතීතයේ මෙය සදුන් කුණම ලෙස හදුන්වා ඇත.මෙහි
පලමු මහල ගබඩාව වන අතර දෙවැන්න දේවාභරණ තැන්පත් කිරීමට යොදාගන ඇත.තෙවන මහල සමන් දෙව් රුව තැන්පත් කිරීමට
වෙන්කර ඇත.
සදුන් කුඩමේ උඩ මහලේ දල්වන ලද පහන් එලිය සෘජුවම රිට්ටා ගෙයට වැටෙන ලෙස නිර්මාණය කර තිබීම විශේශත්වයකි.
පියගැට පෙල නැග ශාන්ති මණ්ඩපයට ඇතුල්වන දොරටුවේ ඇතුල් බිත්තිය දෙපස සිවවටුක රාක්ශ රූප දෙකක් සිතුවම් කර ඇත.
ශාන්ති මණ්ඩපයට වම් පසින් පත්තිනි දේවාලයද දකුනු පසින් විහාරයද පිහිටා ඇති අතර වැඩහිදින මාලිගය අසල දකුනු පසින්
පුරාණ ලිද පිහිටා ඇත මෙම ලිද ආරක්ශක පවුරක් සහ වහලක් සහිතව තනා ඇති අතර එහි උලුඅස්සේ ඇති වෙස් මුහුන මහබබගේ වෙස්මුහුණ ලෙස හදුන්වයි
රත්නපුර මහ සමන් දේවාලයේ වැඩසිටින මාළිගාව