තවත් රුසියානු යුධ නැවු සමූහයක් සිරියානු ම
මොස්කවු පාලනය තමන් සතු තවත් බලසම්පන්නම යුධ නෞකා පෙලක් සිරියානු රාජ්‍යයේ ටාර්ටූස් වරාය වෙත පිටක් කර ඇතැයි විදෙස් වාර්තා කියා සිටී. බොහෝ කලකට පෙර සැලසුම්කල දුරදර්ශී සැලසුමක ප‍්‍රථිඵලයක් ලෙස ඉතාමත් නිවැරදි මොහොතේ මෙම යුධ නෞකා ටාටුස් වරායට සේන්දු වීමට නියමිතය.
මේ සම්බන්ධව අදහස් පලකරන අද්මිරාල් කුස්නෙවිසොම් පවසා ඇත්තේ රුසියානු ප‍්‍රහාරක යානා කණ්ඩායමට යාත‍්‍රා තුනක් අයත්වන බවත් ඒවායේ නායකත්ව හෙලි නොකරන ලද ප‍්‍රහාරක බලයක් සහිත ගුවන් යානා ප‍්‍රහාරක නෞකාවක් විසින් ගන්නා බවයි.
මෙම නෞකා ගමන මැද පෙරදිග කලාපයේ උද්ගත වී ඇති නව තත්වය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මීට වසරකට පෙර සැලසුම් කල පරිදි සිරියාවට අමතරව ලෙබනනයේ අගනුවර වන බීරූට් නුවරත්, ඉතාලියේ ජිනෝදා නුවරත්, සයිප‍්‍රසයත් ආවරණය කරමින් ගමනේ යාමට නියමිත බව රුසියානු බලධාරීන් ප‍්‍රකාශ කලද පෙන්ටගන ප‍්‍රකාශකයෙක් උපුටා දක්වන වොෂින්ටන් පෝස්ට් පුවත්පත කියා සිටින්නේ දැනට දින කිහිපයකට පෙර සිරියානු මුහුදු සීමාවේ ස්ථානගත කරන ජෝර්ජ් ඩබ්. බුෂ් යුධ නෞකාව මෙන් කිහිප ගුණයක් බලසම්පන්න ප‍්‍රහාරක බලයක් සහිත
රුසියානු ප‍්‍රහාරක නෞකාවල මේ අසාමාන්‍ය හැසිරීම බටහිර යුධ බලයට කරන ලද සෘජු අභියෝගයක් ලෙසය.
කෙසේ වෙතත් නේටෝවට අමතරව වෙනත් හමුදා බලයක් මැදපෙරදිග කලාපය තුල නිර්මාණය වීම කලාපයට ඉතා වැදගත් වන බවත් එමඟින් කලාපයේ යුද්ධයක් ඇතිවීම වළක්වනු ලබන බවත් හිටපු රුසියානු නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් වික්ටර් ක‍්‍රම්චෙවෙන්කෝ කියා සිටී.
මෙම නෞකා සමූහයේ S-33 නම් ඕනෑම කාලගුණික තත්වයක් යටතේ සටන් කල හැකි යාත‍්‍රා අටක්, K-27 නම් සබ්මැරීන්වලට පහරදිය හැකි හෙලිකොප්ටර් දෙකක්, මෙන්ම නවීනතම MIG-29K ප‍්‍රහාරක යාත‍්‍රා විශාල ගණනක්ද අයත් වන බව රුසියානු වාර්තා කියයි.
ඇමරිකානු යුධ නෞකා මෙන් නොව රුසියානු යුධ නෞකාවල විශාල පාවෙන ගුවන් ධාවන පථයකින් සමන්විත වන බව මේ අතර ජාත්‍යන්තර යුධ විශ්ලේකයන් පවසයි. එමෙන්ම එම නෞකා තුල මතුපිට සිට මතුපිටට විදිය හැකි දිගුදුර මිසයිල, මතුපිට සිට ගුවනට විදිය හැකි මිසයිල පද්ධති, මෙන්ම සබ්මැරීන් පහරදීම් වැළැක්විය හැකි ආරක්‍ෂක පද්ධතියක්ද මෙම දැවැන්ත නෞකා සතු බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.