සිනහ වී මරු වැලඳ ගන්නා ෆෝරි ගෝත්‍රිකයෝ
සිනහ වී මරු වැලඳ ගන්නා ෆෝරි ගෝත්‍රිකයෝ
පැපුවා නිව්ගිනියාවේ ෆෝරි ගෝත්‍රිකයන් මිනීමස් බුදින්නන්ය. දහනව වැනි ශත වර්ෂයේත් විසිවැනි ශත වර්ෂයේ මුල් භාගයේත් ඔවුන් අබිරහස් රෝගයකින් බුරුතු පිටින් මිය ගිය බව ඉතිහාසයේ සඳහන්ය. රෝගය වසංගතයකි.
ෆොරි ගෝත්‍රිකයන් සිය පරපුරේ එකා පසු පස එකා බැගින් බිලි ගන්නා මාරයාට දී තිබූ නම වූයේ ‘කුරු රෝගය’ යන්න ය. කුරු උස අඩුවීම පිළිබඳ රෝගයක් නොවීය. කුරු ෆෝරි ගෝත්‍රික වදනකි. එය බිඳ ආවේ ‘කුරියා’ හෝ ‘ගුරියා’ යන ගෝත්‍රික වදන් වලිනි. එහි තේරුම ‘වෙවුලීම’ යන්නයි. ස
ැබවින්ම කුරු රෝගයට ගොදුරු වූ ෆෝරි ගෝත්‍රිකයන් මරණයට පත් වූයේ අත් පා වෙවුලීම මෙන්ම නවත්වා ගත නොහැකි සිනහවක්ද සමගය. අතපය ඔවුන්ට අවසඟය. කොක්සන් දෙමින් නිරුත්සාහයෙන්ම සිනහ යයි. එයද අවසඟය. මේ නිසා බටහිර ලෝකයේ ලාෆින් ඩිසීස් සිනහ රෝගය ලෙසද කුරු රෝගය හැඳින්විණි.
ආත්ම ආවේශය
ලොවට අමිහිරි විස්මයක් වූ කුරු රෝගයේ අභිරහස වූයේ එසේ ගෝත්‍රය වඳවී යාමක් නොවේ. අද ද පැපුවා නිව්ගිනියාවේ උතුරු දිග කඳුකරයේ ෆෝරි ගෝත්‍රිකයෝ ජීවත් වෙති. විසිදහසක් ගෝත්‍රිකයෝ එහි සිටිති. කුරු රෝගය වසංගතයක් නම් සම්පූර්ණ ගෝත්‍රයම එයින් විනාශ වී නොගියේ ඇයි ? අතලොස්සක් දෙනා පමණක් පණ බේරා ගැනීමට හේතුවූ විශේෂ රහසක් තිබුණාද ? අතලොස්සක් පමණක් සොබා දහමේ ආශිර්වාදය ලැබුවේ කෙසේද ?
දැන් මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලොවට ලැබී තිබේ. ඒ ෆෝරි ගෝත්‍රිකයන්ගේ ගැලවුම්කරු වී සිටින්නේ ජානයකි. එනම් ඔවුන්ට වසංගතය කැඳවූ ජානයේ විකෘතියකි.
හෙළිවී තිබෙන ආකාරයට ෆෝ්රි ගෝත්‍රිකයන් කුරු රෝගයට නොඑසේ නම් සිනහ රෝගයට ගොදුරුවී තිබෙන්නේ ඔවුන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර නිසාය. ෆෝරි ගෝත්‍රිකයන් නියම මිනී කන්නන්ය. තමන්ගේ ගෝත්‍රයේ අයෙක් මිය ගිය විට ඒ පුද්ගලයාගේ නිරුද්ධ වූ ප්‍රාණය නැවත මෙලොවට කැඳවීම පිණිස ෆෝරි ගෝත්‍රිකයන් අනුගමනය කළ ක්‍රමය වූයේ මළ සිරුර කා දැමීමයි. එවිට ජීවත්ව සිටින්නන් වෙත මළවුන්ගේ ආත්ම ආවේශ වන බව ගෝත්‍රික විශ්වාසය විය.
මෙසේ මළ සිරුර අනුභව කිරීමේදී ගෝත්‍රික සමාජයේ කවදත් සිදුවූ පරිදි හැම විටම මුල්තැන ලැබුණේ ගෝත්‍රික පිරිමින් හටය. ඔවුහු සවි ශක්තිය ඇති අත පා ආදි අවයව අනුභව කළහ. මළ බත් කෑ තැන ශුද්ධ පවිත්‍ර කිරීම් භාර වූයේ ගෝත්‍රික ගැහැණුන්ට හා දරුවන්ට ය. ඔවුන්ට නිතරම කෑමට සිදු වූයේ අතුනු බහන් හා මොළය වැනි ශේෂයන්ය. මේ අතර වසංගතය ශීඝ්‍රයෙන් පැතිරයන සමයේ දැකිය හැකි පොදු ලක්ෂණයක් වූයේ පිරිමින් මේ රෝගයට ගොදුරු වන වේගය මෙන් අට ගුණයක හෝ නව ගුණයක වේගයෙන් කාන්තාවන් හා ළමුන් කුරු රෝගයට ලක්වන බවය.
රහස තිබුණේ් ඔවුන්ගේ ආහාරය තුළය. නිවැරැදිවම කියතොත් ‘මොළය අනුභව’ කළ අය වසංගතයට ගොදුරුවීම අධි වේගයෙන් සිදු විය.
සැබවින්ම මෙහිදී සිදුවී තිබුණේ ඒ වන විටත් කුරු රෝගයට ගොදුරු වී සිටි අයගේ ශරීර අවයව හා පටක ආහාරයට ගැනීම තුළින් නිරෝගී අයද රෝගයට ගොදුරු වීමයි.
මුළු අභිරහසම පසුගිය දිනෙක අනාවරණය කර ගත්තේ ලන්ඩනයේ ‘ප්‍රියෝන’ රෝග පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසිනි. කුරු රෝගයද ප්‍රියෝන රෝගයක් විය. ප්‍රියෝන යනු ප්‍රෝටීන සංස්ලේෂණයේදී සිදු වන විකෘතීන් හේතුවෙන් බිහි වන ‘වැරදි ප්‍රෝටීනයකි’. මිනිස් ශරීරයේ නිර්මාණය හා ක්‍රියාකාරීත්වය මුළුමනින්ම තීරණය කරන්නේ ජාන මගිනි. ජාන මගින් ප්‍රෝටීන නිපදවීමට සංඥා ලබා දෙයි. එය බොහෝ විට නිවැරදි සංඥාාවකි. එහෙත් වැරදි සංඥා ද ලැබිය නොහැක්කේ නොවේ. කුරු රෝගය මෙලොව බිහිවුණේ ද සොබාදාහම එවැනි වැරදි සංඥාවක් මගින් වැරදී ප්‍රෝටීනයක් හෙවත් ප්‍රියෝනයක් නිපදවීමට තීරණය කර තිබූ නිසාය. ප්‍රියෝන පිහිටන්නේ මිනිස් මොළය තුළ ය. කුරු රෝගය මොළ පටක ආහාරයට ගැනීම තුළින් නිරෝගී ශරීරවලට ඇතුළු වූයේ එනිසාය.
එහෙත් පෙර කී වසංගතයෙන් බේරුණු ෆෝරි ගෝත්‍රිකයන්ගේ ශරීර තුළ ඒ ප්‍රියෝනය බිහි කරන ජානයේ පොදු විකෘති ආකාරයක් දක්නට ලැබුණේය. කුරු රෝගයට හේතු වූ ජානය පී.ආර්.එන්.පී නම් එකකි. ඒ ජානයේ විකෘති මිස ‘ඔරිජිනල් ජානය’ නම් දිවි බේරා ගත්තවුන් තුළ දක්නට නොලැබිණි. ඔරිජිනල් ජානය දැරූ අය අදත් සිටින්නේ මළවුන් අතරය.
කුරු රෝගය මන්දගාමී මරණයකි. මිය ගිය රෝගීන්ගෙන් නිරෝගී අයට මෙන්ම විවාහකයන් අතර සිදුවූ ආවාහ විවාහ මගින්ද එය පැතිරුණේය. මුලින් ඇති වන්නේ හිසරදයකි. එය ගෝත්‍රිකයන්ගේ අවධානයට කිසිසේත්ම ලක් නොවන තරම්ය. එහෙත් ඒ සමගම හන්දිපත් අමාරුව ඇතිවේ. ඊළඟට ගාත්‍රා වෙව්ලීම පටන්ගනී. පාලනය කළ නොහැකි සිනහව ඇතිවන්නේ ඊටත් පසුවය. මේ ලක්ෂණ ගෝත්‍රිකයෙක් තුළ ඇතිවීමට අවුරුද්දක් පමණ ගත වේ. මරණය හැර සියල්ල සිදු වන්නේ සෙමෙනි. සමහරු වෙව්ලන අත පය සහිතව එකතැන ඔත්පල වී අවුරුදු හතර පහ ජීවත් වෙති. ඒ කාලය තුළ මොළය සම්පූර්ණයෙන්ම දියාරු වී සුදු පැහැති ජෙලි වර්ගයක් බවට පත් වේ. එනම් මොළ පටක වැනසී යයි. ගෝත්‍රික ගැහැනුන් හා ළමුන් රස කරමින් අනුභව කර තිබුණේ ඒ පිරිහීමට ලක්වූ රෝගී මොළයන් ය.
පරිණාමවාදය
පැපුවා නිව්ගිනියාවේ ෆෝරි ගෝත්‍රිකයන්ට පමණක් ආවේණික මේ රෝගය ඉබේ නතර වූවා නොවේ. එය සිදුවූයේ ඔස්ට්‍රේලියානු පාලකයන් 1950 දශකයේ දී මිනීමස් කෑම තහනම් කිරීමත් සමගය. මළ මිනී නොකෑම මගින් ලැබුණු ආරක්ෂාව පෙර කී ජාන විකෘතිය නිසා සුරයක් බවට පත් විය.
කුරු රෝගය මිනිසුන්ගෙන් චිම්පන්සීන්ට බෝවන බව සොයාගත් වෛද්‍ය ඩැනියෙල් කාල්ටන් හට 1976 වර්ෂයේ නොබෙල් ත්‍යාගයද හිමි විය. 2010 වර්ෂයේ තිරගත වූ ‘බුක් ඔෆ් එලී’ (Book of Eli) චිත්‍රපටයේ මිනීමස් නොකන්නන් හඳුනාගැනීමේ පරීක්ෂාවක් ගැන කියැවේ. එහිදී මිනීමස් නොකන්නන් හඳුනා ගැනෙන්නේ ඔවුන් හැම කෙනෙකුටම අත් එසවීමට කියා එම අත් වෙව්ලන්නේ කාගේද යන්න පරීක්ෂා කිරීම මගිනි. මන්ද කුරු රෝගීන් මිනීමස් බුදින්නන් හෙයින් අත පය වේව්ලන නිසාය. එහෙත්, පැපුවා නිව්ගිනියාවේ වත්මන් ෆෝරි ගෝත්‍රිකයන් තවදුරටත් එසේ නොවේ. පරිණාමවාදය නැවත වරක් සාක්ෂාත් කරමින් ඔවුන්ට නොනැසී පැවතීම සඳහා සොබාදහම ජාන විකෘතියක් මගින් ආශිර්වාද කර තිබේ.