ස්ත‍්‍රී_දුෂකයාට දුන් ජනාධිපති සමාව අහෝස
ස්ත‍්‍රී_දුෂකයාට දුන් ජනාධිපති සමාව අහෝසි කෙරේ
Srilankamirror - වයස අවුරුදු 02ක් සහ 04ක් වන සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට ජනාධිපති සමාවක් ලබා දීමට ගෙන තිබූ තීරණය මාධ්‍ය මගින් අනාවරණය වීමත්, ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීමත් සමඟම එම සමාව අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි රාවය පුවත්පත වාර්තා කර තිබේ.
මේ පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය වීම හේතුවෙන් මහජන කැළඹීමක් ඇති වීම වැළැක්වීමට ජනාධිපතිවරයා විසින් සිය තීරණය අහෝසි කළ බව, ඊයේ (01) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් මහතා සහ බන්ධනාගාර කොමසාරිස් ( ක‍්‍රියාකාරී) අශෝක හපුආරච්චි මහතා දුරකතනයෙන් එකී පුවත්පතට දැනුම් දී තිබේ. අදාළ පුද්ගලයාට ජනාධිපතිවරයා විසින් සමාවක් ලබා දීමට කටයුතු කර ඇති බවට ලැබුණු තොරතුරක් මත එම සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් මහතාගෙන් ඊයේ පෙරවරුවේ රාවය පුවත්පත මුලින්ම විමසා ඇත.
එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ එය සත්‍යයක් බවයි. ජනාධිපතිවරයා විසින් එම පුද්ගලයාට සමාව දීමට තීරණය කර ඇති අතර, එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එවකට සිටි නීතිපති මොහාන් පීරිස් මහතා විසින් බවත්, ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛනවලට තමා ද අත්සන් කළ බවත් සුහද ගම්ලත් මහතා ප‍්‍රකාශ කර ඇත.
තමා විධායක නිලධාරියෙකු නිසාත්, එය ජනාධිපතිවරයාගේ තීරණයක් නිසාත් එසේ අත්සන් කළ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ. මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් (ක‍්‍රියාකාරී) අශෝක හපුආරච්චි මහතාගෙන් හා බන්ධනාගාර කොමාසරිස් ජෙනරාල් පී.ඩබ්.කොඩිප්පිලි මහතාගෙන් කළ විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත්, නමුත් මේ වන විට අදාළ පුද්ගලයාට ජනාධිපති සමාවක් ලබා දීමට යෝජනා කොට ජනාධිපති අනුමැතිය ලැබීමට නියමිත හා තවමත් නිදහස් කර නොමැති බවත්ය.
සිය දියණියන් දෙදෙනා දූෂණය කිරීමේ වරදට අදාළ පුද්ගලයාට අධිකරණය විසින් වසර 18 බැගින් සිර දඬුවම් දෙකක්ද, රුපියල් දෙලක්‍ෂ පහස්දාහක දඩ මුදලක් ද, රුපියල් විසිපන්දාහක වන්දි මුදලක් ද නියම කර ඇත.
ඒ අනුව 2003 වසරේදී වැලිකඩ බන්ධාගාරයේ J වාට්ටුවේ සිරකරු අංක H19948 යටතේ දඬුවම් විදීමට යටත් කර තිබේ.
අදාළ පුද්ගලයා තම දැරියන් දෙදෙනා දූෂණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා නඩු තීන්දුව ලබා දීමට නියමිතව තිබූ දිනට කලින් දින ඇමෙරිකාව බලා පලා ගොස් ඇත. එහිදී තවත් කාන්තාවක සමඟ විවාහ වී ඇති අතර, එහිදී ඇයට ද කෲර ලෙස හිරිහැර කිරීම හේතුවෙන් ඇය විසින් එරට පොලිසියට ඔහු පිළිබඳව දන්වා ඇත.
ඒ අනුව මෙම පුද්ගලයා ශ‍්‍රී ලංකාවට එවූ පසු මේ වන තෙක් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ J වාට්ටුවේ සිරකරුවෙක්ව සිටී.
මොහු ධනවතෙකු වන අතර, මොහුට හිමි ඉඩම් විශාල ප‍්‍රමාණයක් රට පුරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.
---------------------------------------------------------------------------------------------------------------------------
වෙන රටවල ස්ත්‍රී දුෂකයින්ව එල්ලලා මරනකොට අපේ රටේ උන්ට ජනපති සමාව දෙන්න යනවා.පුදුම රටක් මේක නම්..සල්ලි වලට ඔක්කොම යටයි