ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page ★෴ විශ්වය බලන ඇස - The Hubble Space Telescope ෴★
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
SP22614's Avatar
SP22614 SP22614 is offline
Senior Member
SP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of lightSP22614 is a glorious beacon of light
 
Posts: 9,999
Join Date: Jun 2007
Location: 404 not found
Send a message via Skype™ to SP22614
cool ★෴ විශ්වය බලන ඇස - The Hubble Space Telescope ෴★ - 12-03-2011, 11:58 AM

කාලෙකිං ටිකක් වෙනස් විදියේ ත්‍රෙඩ් එකක් දන්න හිතුවා,.. මම ගොඩාක් ආසකරන විදියේ මාතෘකාවක් තමයි තාරකා විද්‍යාව, ලංකාවෙනම් මේක ගැන හදාරන්න ගොඩාක් පහසුකම් අඩුයි,.. අන්තර්ජාලේ තමයි ඉතිං පිහිටට ඉන්නේ

තාරකා විද්‍යාවට මහත් සේවයක් කරන, හබල් අභ්‍යාවකාෂ දුරේක්ශය ගැන ටිකක් හොයන්න හිතුනා. එහෙම හොයාගත්තු තොරතුරු ටිකක් තමයි මේ තියන්නේ



එඩ්වින් හබල් නම්වූ තාරකා විද්‍යාඥයාට උපහාරයක් ලෙස නම්කල හබල් දුරේක්ශය, 1990 අප්‍රියෙල් 24 පෙරවරු 8:33:51 ට ඩිස්කවරි යානය මගින් පෘතුවියෙන් නික්මුනේ, 2014 වනතෙක් තම සේවාව සපයනු පිණිසයි.


හබල් රැගත් ඩිස්කවරි යානය

United States Space Agency මගින් නිර්මාණය කල හබල් දුරේක්ශය පෘතුවියේ සිට කිලෝමීටර් 559 ඉහල අහසේ කක්ශයක රඳවා ඇත. මෙහි මුළු බර කිලෝග්‍රෑම් 11,110 වන අතර, ආයු කාලය අවුරුදු 27 යි මාස 7ක් ලෙස ගනන් බලා ඇත.


ඩිස්කවරි යානයෙන් මුදාහරින හබල් දුරේක්ශය

ඉතාම අඩු ආලෝක තත්ව යටතේදී පවා ඉතා තීව්‍ර ඡායාරූප ලාබාගැනීමට සමත් හබල් මේ වනවිට ලක්ෂ 5ට අධික ඡායාරූප ප්‍රමාණයක් නාසා ආයතනය වෙත ලබාදී ඇති අතර, එම දත්ත ප්‍රමානය ටෙරාබයිට් 30 ඉක්මවා ඇත. මෙම කාර්යය ඉටුකිරීම සඳහා පෘතුවිය වටා වාර 150,000 ට වැඩි ගනනක් බ්‍රමනය වී ඇති අතර එක් බ්‍රමන කාලයක් සඳහා මිනිත්තු 97ක් ගතවේ.


කක්ෂගතකල හබල් දුරේක්ශය


හබල් විසින් ගනු ලැබූ ඉතා ඈතින් පිහිටි මන්දාකිනි ඇතුලත් Ultra deep Field ඡායාරූපය

1983 වර්ෂයේ කක්ශගත කිරීමට සැලසුම්කල හබල් සඳහා මුදල් ප්‍රතිපාදණ සකස් කරනු ලැබ ඇත්තේ 1970 වර්ෂයේදීය. නමුත් කාර්මික දෝශ, මුදල් ප්‍රතිපාදන වල හිඟකම් සහ චැලෙන්ජර් යානයේ ව්‍යාසනය, හබල් ව්‍යාපෘතිට භාදා කලේය. කෙසේ හෝ සියලු අභියෝග ජයගෙන 1990 වර්ෂයේ හබල් කක්ශගත කලත්, එහි ප්‍රධාන දර්පණය නිවැරදිව භුගතවී නොමැති බව හබල් අභ්‍යාකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් විසින් සොයාගන්නා ලදි, මේ හේතුව නිසා වසර තුනක් යනතෙක්ම හබල් දුරේශයේ අඩක් අන්ධව පැවතුණි.

හබල් දුරේක්ශයේ ඇති සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියා කිරීමට අවශ්‍ය විදුලි බලය ලබාගනුයේ, දෙපස පිහිටි සූර්යය කෝෂ මගිනි. මෙම සූර්යය කෝෂ මඟින් වොට් 3,000 ක විදුලි බලයක් ජනනය කරනු ලබන අතර, එමඟින් හබල් තුල ඇති බැටරිය ආරෝපණය කිරීමක්ද සිදු කරයි. මුලුමනින් ආරෝපණයවූ බැටරිය හබල් තුල ඇති උපාංග පැය 7.5 කාලයක් පුරා ක්‍රියා කරවීමට සමත්ය. මුලු බ්‍රමන කාලය වන විනාඩි 97න් විනාඩි 36ක කාලයක් මෙම උපාංග ක්‍රියා කරනුයේ, බැටරියෙන් සපයන විදුලිය මඟිනි. ඒ මන්ද යත්, හබල් පෘතුවියේ සෙවනැල්ලෙන් වැසුනු පසුව, සූර්යය ආලෝකය ලබා ගත නොහැකි බැවිණි.


හබල් දුරේක්ශය සතු උපාංග

1993 දෙසැම්බර් මස ගගනගාමීන් පස් දෙනෙක් රැගත් එන්ඩෝවර් යානය දින දහයක සාර්ථක මෙහෙයුමකින් පසු නැවත පැමිණියේ, හබල් දුරේක්ශයට නවතම අධි තාක්ෂණික මෙවලම් කිහිපයක්ම සවිකිරීමෙන් පසුවයි. හබල් අභ්‍යාකාෂ මද්‍යස්ථානය පවසන්නේ, මෙම SM1 මෙහෙයුමෙන් පසු හබල් දුරේක්ශයෙන් ගන්න ඡායාරූපවල තීව්‍රතාවය හතර ගුනයකින් පමණ ඉහලනැංවුන බවයි.


SM1 මෙහෙයුම අතරතුර, මස්ග්‍රේව් සහ හොෆ්මාන් යන ගගනාගාමීන් දෙදෙනා විසින් හබල් දුරේක්ශයේ වැඩිදියුණු කටයුතු සිදුකරන ආකාරය


SM1 මෙහෙයුමෙන් පසු හබල් දුරේක්ශයේ වැඩිදියුණුව

මෙලෙස පස් වතාවක් හබල් දුරේක්ශයේ වැඩිදියුණු කටයුතු සිදුකර ඇති අතර, අවසන් වශයෙන් වැඩිදියුණු කිරීම් කරනු ලැබ ඇත්තේ වර්ෂ 2010 දීය. මෙම වැඩිදියුණු කිරීමත් සමඟම හබල් දුරේක්ශයේ ආයුකාල වර්ෂ 2014 දක්වා දීර්ඝ විය.


වැඩිදියුණු කිරීමේ මෙහෙයුම් අතරතුර සවිකල උපාංග

අභ්‍යාවකාශයේදී වැඩිදියුනු කලහැකි ලෙස නිර්මාණය කර ඇති එකම දුරේක්ශය වන හබල් මුලුමනින්ම පාලනය කරනු ලබන්නේ, නාසා ආයතනයට අයත් Goddard Space Flight Center මගිනි. මෙමඟින් ලබා ගන්නා දත්ත ලේඛනගතකිරීම සඳහා Space Telescope Science Institute (STSI) වෙත යවනු ලබයි.


Goddard Space Flight Center

හබල් දුරේක්ශයෙන් ලබාගන්නා ඡායාරූපවල නිරව්ද්‍යතාවය වැඩිදියුණු කිරීමට, පස් වතාවක්වූ වැඩිදියුණු කිරීමේ මෙහෙයුම් මහත් රුකුලක් විය, එහෙයින් පික්සල් මිලියන් 16ක විභේධන බලයකින් යුත් විශිෂ්ට ගනයේ ඡායාරූප ගැනීමේ හැකියාවක් හබල්ට ලැබී ඇත.
විවිද ආලෝක මට්ටම් යටතේ ගනුල් ලබන ඡායාරූප කලුසුදු වර්ණයෙන් යුක්තයි. පසුව ෆොටෝශොප් මෘදුකාංගය මඟින් කෘතිමව වර්ණගැන්වීම තුලින් අවසාන ප්‍රතිඵලය වන වර්ණවත් ඡායාරූප ලබා ගනියි.


හබල් ඡායාරූපවල වර්ණාවලිය සකසන ආකාරය.


හබල් දුරේක්ශයෙන් ගනු ලැබූ ඡායාරූප සමහරක්










විශාල කිරීම සඳහා අවශ්‍ය ඡායාරූපය මත ක්ලික් කරන්න





ත්‍රේඩ් එක ගැන ඔයාලගේ අදහසත් දක්වලා කොමෙන්ටුවක් එහෙම කොටල යන්න..

පෝස්ට් 8,000 යි







මේ පැත්තටත් ටිකක් ඔලුව දාල බලන්න

෴⋆෴ Need for Speed එකේ ඉඳලා ගහමුද ෴⋆෴
Need for Speed: The Run (2011)ආවෝ
෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴
නිකම්මයි දෙන්නේ,.. ඕනද?
වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....
ලංකාවේ එලමකිරි මැප් එකක්,...
මෙන්න මෙහෙමයි වුනා කියන්නේ..
මෙහෙම වුනොත් එහෙම,..
ලේ පැල්ලම...




Reply With Quote
(#2)
Old
-Petsha-'s Avatar
-Petsha- -Petsha- is offline
Senior Member
-Petsha- is a glorious beacon of light-Petsha- is a glorious beacon of light-Petsha- is a glorious beacon of light-Petsha- is a glorious beacon of light-Petsha- is a glorious beacon of light-Petsha- is a glorious beacon of light-Petsha- is a glorious beacon of light-Petsha- is a glorious beacon of light-Petsha- is a glorious beacon of light-Petsha- is a glorious beacon of light-Petsha- is a glorious beacon of light
 
Posts: 6,458
Join Date: May 2011
Location: ●▪Đяєам Ẃояℓđ▪●
Up 12-03-2011, 12:12 PM



Reply With Quote
(#3)
Old
AselaAsanka's Avatar
AselaAsanka AselaAsanka is offline
Senior Member
AselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to allAselaAsanka is a name known to all
 
Posts: 8,593
Blog Entries: 1
Join Date: Dec 2009
Location: **** ♞ (FBI) ☼ ****
Send a message via Yahoo to AselaAsanka Send a message via Skype™ to AselaAsanka
smile 12-03-2011, 12:14 PM

Congrats ....... (8000)

Good Post Machan........
Reply With Quote
(#4)
Old
ac2000's Avatar
ac2000 ac2000 is offline
Senior Member
ac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of lightac2000 is a glorious beacon of light
 
Posts: 42,669
Blog Entries: 1
Join Date: Oct 2008
Location: ලෝකෙ එහා කොනේ
12-03-2011, 12:36 PM

maxxa
Reply With Quote
(#5)
Old
D I A B L O's Avatar
D I A B L O D I A B L O is offline
Senior Member
D I A B L O is just really niceD I A B L O is just really niceD I A B L O is just really niceD I A B L O is just really niceD I A B L O is just really niceD I A B L O is just really niceD I A B L O is just really nice
 
Posts: 3,800
Join Date: Jun 2011
Location: Hell එකට පොඩ්ඩක් near
Up 12-03-2011, 12:39 PM

එල මචං, උඹ හැංගිලා ඉඳගෙන මේකද කලේ,..


Reply With Quote
(#6)
Old
roshancs05's Avatar
roshancs05 roshancs05 is offline
Senior Member
roshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of light
 
Posts: 9,735
Join Date: Dec 2008
Location: Mars
Send a message via ICQ to roshancs05 Send a message via AIM to roshancs05 Send a message via MSN to roshancs05 Send a message via Yahoo to roshancs05
12-03-2011, 12:44 PM

Niyamai machan
Rep 5++
Reply With Quote
(#7)
Old
suranga84's Avatar
suranga84 suranga84 is online now
Senior Member
suranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to all
 
Posts: 28,414
Join Date: Nov 2006
Location: EBUWE...
Send a message via Skype™ to suranga84
12-03-2011, 12:59 PM

nyc post
Reply With Quote
(#8)
Old
pradeeplaks's Avatar
pradeeplaks pradeeplaks is offline
Senior Member
pradeeplaks will become famous soon enoughpradeeplaks will become famous soon enough
 
Posts: 422
Join Date: Nov 2007
Location: Havelock, Colombo
12-03-2011, 01:09 PM

niyamai keep it up & thanks

rep given
Reply With Quote
(#9)
Old
madawa_1's Avatar
madawa_1 madawa_1 is offline
Senior Member
madawa_1 will become famous soon enough
 
Posts: 1,253
Join Date: Oct 2006
Location: IT DEPT.
Send a message via Yahoo to madawa_1 Send a message via Skype™ to madawa_1
12-03-2011, 01:11 PM

maxxxxxxxxxxxxxxxxxxxaa
Reply With Quote
(#10)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to allDinushasankalpa is a name known to all
 
Posts: 37,290
Join Date: Feb 2009
Location: කඩවත
Send a message via Skype™ to Dinushasankalpa
12-03-2011, 02:31 PM

issellama ubata godak stuuti..
ape malli meka gena hoya hoya hitiye....
Congratz for 8000 machan..
digatama api ekka inna labewa..
Reply With Quote
Reply

Bookmarks

Tags
අරයා කෝ:love:, එහා ගෙදර තාරකා:love:, කෝ යකෝ තාරකා?, තාරකා විද්‍යාව :cool:, තාරකා rocks, දයා de උල්කා:lol:, හබල් ගාමු, :love: රොෂාන් ලිදේද?, :love: i love තාරකා., :love:cs5 pussy:love:, cs05 කුකුල් පැටියා:love:, dulanzz කිකිළි:lol:, rosha පෙට්ටි කුකුලා:lol:, rota 7, rota 8, rota 9, rota rocks, sp නියම පොරක් ඩෝ, sp හබන් කුකුලා:lol:, sp22614

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10267 seconds with 6 queries