චිත්තානුපස්සනාව කියන්නේ මේකද?

Sep 12, 2011
884
120
0
චිත්තානුපස්සනාව කියන්නේ මේකද?

චිත්තානු පස්සනාව යනු මට තේරෙන විදිහට නම් තමන්ගේ සිත පිළිඹදව සහ සිතට එන රාග ද්වේශ සහ මෝහ යන සිතුවිලි පිළිඹදව මනා සිහියකින් සිටීමයි. දැන් ඔය චිත්තානු පස්සනාව නොකරන අය නම් රාග ද්වේශ මෝහ චේතනාවක් ආවිට එය පසේම දුවනවා, තමන් මේ කිසිම හරයක් නැති චේතනා පස්සේ දුවනවා කියා දන්නේ නෑ. ඒවා පස්සෙම ගිහින් ඔවුන් දුක් වෙනවා.


සිතට රාග සිතුවිල්ලක් ආවිට මෙසේ සිතන්න. "මේ ආවේ රාග චේතනාවක්, මෙය මට කරන්නේ අයහපතක් මයි, මේ සිතුවිලි කිසිම හරයක් නැති දේවල් ය, එම නිසා මා මෙය බැහැර කරමි." දැන් ඔබ කවුරු හරි කෙල්ලෙක් දැක්කම එයා ගැනම හිත හිත පාරේ යනවා, එයා තමන්ට ලැබෙයිද කියල රාග චේතනා ඇති කරනවා. ඒත් ඔබ යමක් තේරුම් ගත යුතුයි, ඔබ කොච්චර ඒ කෙල්ල ගැන සිතුවත් ඔබට එයා ලැබෙන ඒක නොලැබෙන ඒක වැලක් වන්න බෑ. එක්කෝ එයා ලැබෙයි, නැතිනම් නොලැබෙයි. එච්චරයි.

ද්වේශ සිතුවිල්ලක් ආවිටත් මෙයම කරන්න "මේ ආවේ ද්වේශ සිතක්, මෙය මට ඉතා විශාල ලෙස අයහපතක් කරයි, මේ සිතුවිලි කිසිම හරයක් නැති දේවල් ය, එම නිසා මා මෙය බැහැර කරමි." දැන් සමහර කට්ටිය ඔය කව්රු හරි බැන්නම එයම සිත සිතා කල ගෙවනවා.ඒ පුද්ගලයා ට හිතෙන් බැන බැන යනවා . සමහර විට ඒ පුද්ගලයා බැනුම් ඇහුවේ ඒක පාරයි, නමුත් ඔහු එයම සිය දහස් වාරයක් සිත සිතා මැරී මැරී උපදිනවා. ඕක කිසිම හරයක් නැති දෙයක්.


මෝහ චේතනාවක් ආවිට මෙසේම සිතන්න "මා මේ මොනාද සිතන්නේ, මොකද මම මේ මෝහ සිතුවිලි සිතන්නේ? මම මේ සිතන සිතුවිලි ඇත්ත නෙවෙයි නේ? මේ මහ අමූලික බොරු මනස්ගාත නේ". යනුවෙන් සිතන්න.


මෙය කිරීමෙන් තමන් ඉතා සිහියෙන් සිටින පුද්ගලයෙක් බවටත්, ඔය මනෝ ලෝකවල රවුන් ගහන පුද්ගලයෙක් නොවී මේ යථාර්ථයේ ජීවත් වන පුද්ගලයෙක් බවටත් පත්වෙනවා. මමත් මේ දැනුත් ඕක කරමිනුයි ඉන්නේ. දැන් මම කේන්ති ගන්න ගිය අවස්ථා කිහිපයක් ම මා නැති කරගත්තා. :cool::cool:


මෙහි වැරද්දක් ඇත්නම් මෙය නිවැරදි කරන්නන් හට පින් අයිති වෙයි.


ඔබ සැමට තෙරුවන් සරණයි!!!!!!!!!
සියල්ලන්ම නිවනින් සැනසෙත්වා!!!!!!!
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    සතර සතිපට්ටානයෙන් එක් පස්සනාවක් නේ ඔක,ඔව් ඔබ හරි මනා ආකරයෙන් සිත්ගැන දැනසිටිම තමා චිත්තානු පස්සනාව කියන්නෙ,හොඳ ලිපියක් යාළුවා,තෙරුවන් සරණයි!!,REP දෙන්න බැරිලු
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නිලමේ link කරලා තිබ්බ නිසා බැලුවේ...

    හොඳයි... හොඳයි... මාත් මුලදී මුලදී මේවා කළා!!!
    මේ, හැබැයි හැමදාටම ඔය ලියල තියන විදියට හිතල හිත පාලනය කරගන්න පුරුදු වෙන එක හරියන්නේ නෑ!!! ආරම්භයේදී එහෙම කලාට පස්සේ පස්සේ හිතේ සංසිඳීම දියුණු කරන්න ඕනේ, අරමුණක් එන්න හදනකොටම ඒක දැනගෙන ඉබේම ඒක cancel වෙලා යන ගානට!!! නැත්නම් දියුණුවක් ලබන්න වෙන්නේ නෑ!! එක තැනමයි!!!
    ඔය භාවනා වල අරමුණ හිත සංසිඳවීම. හැබැයි 'කලයුතු දේවල්' තියෙන්නේ තව ගොඩාක් දුර... ඒවා නොකෙරුනොත් ඕවයින් වැඩක් වෙන්නෙත් නෑ!!!
    මං කරන් යන්නේ අන්න ඒ කෙරෙන්න ඕනේ දේවල් කියල දෙන එක. ඒක බලන්න!!! {'මම' ඉන්නේ කොහෙද?}
    තව ටික කලකින් 'ධර්ම මාර්ගයේ' ලොකු වෙනසක් සිද්ධ වෙයි!!!
    :D