~~~බරෙන් නිදහස් වෙමු~~~

MSaman

Active member
  • Jul 30, 2008
    438
    47
    28
    ~~~බරෙන් නිදහස් වෙමු~~~

    කියන්න යන්නෙ ඇගේ බර ගැන..(හැබැයි බර වැඩිවෙන එක)



    කොහොමද බර වැඩිවෙන එක අපිට බලපන්නෙ..
    මේක ගොඩක් පැති වලට බලපානවා... මුලිකව කායික රෝග,මානසික රෝග වලට ලොකු අවධානමක් තියනවා...




    දැන් බලමු වෙන්න පුලුවන් ලෙඩ..
    හැබැයි මෙහෙම කිව්වට ලෙඩ හදනව නෙමෙයි අවධානමක් තියනව...
    හදවත් රෝග …අන්ශභාගය….. රුඩිරපීඩනය වැඩි වීම
    හන්දි ආබාධ දියවැඩියාව නහර ගැට ගැසීමට පිලිකා
    මේවා අතරින් කිහිපයක් පමනයි..

    riskofoverweight.gif




    කොහොමද හොයගන්නෙ ඔබේ බර වැඩිද කියා...
    එකට තියෙන්න එක ක්‍රමයක් තමයි ශරීර ස්කන්ධ දර්ශකය....(Body Mass Index)

    bmiequation.gif



    ලැබෙන අගය..

    <18.5- මන්ද පෝෂණයත්
    18.5-23.5- උසට ගැලපෙන බරක්
    23.5-25-.. බර වැඩි
    >25 තරබාරු ස්ථුල අයිති වෙනවා
    (මෙතන තියෙන්නේ ලOකාවට ගැලපෙන අගයන්...)



    හැබැයි දැන්නම් බලන්නෙ බර වැඩි වෙන එක විතරයි



    BMI ගැන දළ අදහසක් ගන්න....ලOකාවෙ අගයන් මේකට වඩා ටිකක් වෙනස්.. මේ අගයන් භාවිතා කිරීමට පුලුවන් අවුරුදු 19 වැඩි අයට පමනයි....

    bmichartmetric.jpg




    ඇගේ බර හැදිලතියෙන්නේ මොනවයින්ද?...

    resr2s.gif


    මේදය ජලය...තව ගොඩක් දේවල් තියනව...
    වැදගත් වෙන්නෙ මහත් වෙනකොට මෙතනින් වැඩි වෙන්නෙ මේදය....



    බලමුකො බර වැඩි වෙන හේතුත්....
    පලවෙනි දේ තමයි බර ඉතින් පරම්පරාවෙන් උරුමකරගෙන ආවොත්
    නැත්නම් වයසට යනකොට වැඩපල අඩුවෙ කරනකොට
    කාලයක් තියෙන්න අසනීප සමහරක්
    සමහර බෙහෙත්වලදි
    බර වැදි වෙන්න පුලුවන්...



    බර වැඩි නම් දැන් මොකද කරන්නෙ..
    ආහාර පලනයත්,ගන්න ශක්තිය නිවරදිව වැයකිරීමත් තමයි.....




    ආහාර ගන්න එක ගැන බලමු...

    බඩ දිලිසෙනකන් ලොකු ආහාර වේල් තුනක් ගන්න එපා...
    පොඩි ආහාර වේල් තුනක් එක්ක කෙටි ආහාර වේල් දෙකක් ගන්න.... (පලතුරක්...තේ එකක්..)
    (එකවේලක් නොකා ඉන්න එක සුදුසු නැ....එහෙම උනොත් නොදැනම බඩගින්නට වැඩිපුර කැවෙයි...)
    මුO කව්පි, කඩල බෝන්චි,රතු හාල් ගන්න
    පලා වර්ග එකතු කරගන්න
    කෙදි සහිත ආහාර එකතු කරගන්න...(කෙසෙල් මුව,කොහිල)

    තවටිකක් කන්න පුලුවන් ගානට ආවම කෑම නතර කරන්න..(කටවල්4-5)
    දිනකට වතුර ගොඩක් බොන්න...(2.5-3 වැඩිහිටියකුට)




    දැන් ශක්තිය වැයවෙන ක්‍රම බලමු...

    ගෙදර වැඩ ඔයාම කරන්න...රෙදි සෝදන ඒව..වත්ත සුද්ද කරන... වගේ දේවල්
    විදුලි සොපානය වෙනුවට පඩිපෙල භාවිතා කරන්න.....
    එහෙට මෙහෙට ලගට යනකොට පයින් යන්න පුරුදු වෙන්න...
    සතියකට දින 3ක් වත් පැය භාගය බැගින් ව්යායාම කරාම ප්‍රමානවත්




    දිනකට කැලරි 500-600Kcal , සතියකට 0.5-1kg බර අඩු කලාම හොදටම ඇති....
    බර කොපමන වුවත් 10%ක් අඩුකර ගැනීම අවවධානම් තත්ව අඩු කරනවා..මේක දැනට කරල තියන පරීක්ෂණ වලින් තහවුරු කරල තියනවා....





    වැදගත්ම දේ තමයි හරි බර අගයට ආවම හොද දින චර්යාවක් තියගෙන යෑම.... මොකද මේක තමයි අමාරුම වැඩේ....




    බර අඩුකරගන්න බෙහෙත් තියනවද කියල දැනගන්නත් ඕනෙනේ...ඔව් තියනවන්නෙ
    සැත්කම් පවා තියනවා
    හැබැයි ඔයට හිතුන පලියට මෙව කරගන්න බෑ
    වෛද්ය නිර්දේශ අනුව තමයි
    රෝගයක් තියනව නම් මේ ක්‍රම වලට බර අඩුකරන්න යෑම හොද නැහැ​





    “Attention to health is life's greatest hindrance”
    Plato



    ……………………………….
    www.Elakiri.com


    ලිපියට භාවිතා කල පින්තූර අන්තර්ජාලයෙන් ලබාගත් බව සලකන්න....
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    maxxa


    ---------------------------
    Message from webpage
    ---------------------------
    You must spread some Reputation around before giving it to MSaman again.
    ---------------------------
    OK
    ---------------------------
     
    • Like
    Reactions: MSaman
    උදෑසන ආහාරය ජෙක් වගේ ගනු මැනවි.......
    දහවල් ආහාරය රාජ කුමාරයෙක් වගේ ගනු මැනවි.......
    රාත‍්‍රි ආහාරය සිගන්නෙක් වගේ ගනු මැනවි.....
    :yes:
     

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    ගල්පාත මහත්තයා;11537029 said:
    උදෑසන ආහාරය ජෙක් වගේ ගනු මැනවි.......
    දහවල් ආහාරය රාජ කුමාරයෙක් වගේ ගනු මැනවි.......
    රාත‍්‍රි ආහාරය සිගන්නෙක් වගේ ගනු මැනවි.....
    :yes:

    ස්තුතියි යාලුවා...
     

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    මහත් වෙන්න මුකුත් නැද්ද??


    මේකටත් තියෙන්නේ හොද ආහාර රටාවක් අනුගමනය කරන එක....
    මානසික ආතතිය අඩුකරගන්න....එතකොට කෑම රුචිය වැඩි කරගන්න පුලුවන්...
    ආහාර තෝරන්න එපා...(ශීත කෑම උෂ්ණ කෑම කියල)...නිෂ්ඵල ආහාරත් ගන්න එපා...
    උසට හරියන බරක් එක්ක නිරෝගී නම් මහාත් වෙන්න දුක් වෙන්න එපා මචන්...
    හොද ජීවන රටාවක් තියනවනම් හොද උසට හරියන බරක් තියගන්න එක ලේසියි...:)