අඳුර නිමාලූ මිණි පහනක් වූ සෝම සමිඳුනි.....!!!!

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    අඳුර නිමාලූ මිණි පහනක් වූ සෝම සමිඳුනි.....!!!!

    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....




    p206.jpg



    220px-Dharma_Wheel.svg.png
    පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියනි
    220px-Dharma_Wheel.svg.png



    සෝම හිමියන් උපත ලැබුයේ ගන්ගොඩ විල ප්‍රදේශයෙය.
    එනම් 1948 වර්ශයේ අප්‍රෙල් මස 24 වන දාය,අපගේ වචනයෙන්ම කියනවනම්
    දේශයට ජාතියට තම ජීවිතයටත් වඩා ආදරයකර ඒ උතුම් ජීවිතය මෙලොව එලිය දුටුවේ එවැනි දිනකදීය.

    කිසිඳු ගරු නම්බු නාමයක්

    කිසිඳු ආචාර්ය මහාචාර්ය පදවි නාමයක්
    යොදා නොගත් උන්වහන්සේ තම නම මුලට

    බාවිතා කර තිබුනේ ගoගොඩවිල යන ලෙස ය
    එනම් උන්වහන්සේ උපන් ප්‍රදේශයේහි නාමය වේ.

    1974 උපසම්පදා වන විට

    උන්වහන්සේ පසුවූයේ 26 වන වියේය.
    මහරගම පිහිටි භික්ෂු පුහුණු මද්‍යස්තානයකදී උන්වහන්සේ අධ්‍යාපනය ලැබූ අතර,
    එම කාලයේ පටන්ම බෞද්ධයා සහ බෞද්ධ ආගම වෙනුවෙන් උන් වහන්සේ ඉටු කල මෙහෙය
    මෙතෙකෙයි කියා නිම කල නොහැක.

    බෞද්ධ ආගම ගැන

    ඉගැන්වෙන සැබැ භාෂාව පාලි භාෂාව නිසා
    1976 සිට සෝම හිමියන් බෞද්ධ ආගම පිළිබඳව පාලි බසින් වැඩිදුර ඉගණුම ලැබුවේය.
    බුදු රජානන් වහන්සේ දේශනා කල පරිදිම එම මග ගමන් කල සෝම හිමියන් සැම විටම එම උතුම් මග පෙන්වීම පිළිබඳව
    ගැඹුරු සොයා ගැනීම් කල අතර එනම් ජනතාව කෙරෙහි සත්‍ය වටහා දීම අරමුණු කරගත් සෝම හිමියන් ඒ වෙනුවෙන්
    අප ආගමට ජාතියට රටට අප ජනතාවට මහත්වූ සේවයක් කිරීමට වෙර දැරුවේය.එසේ මග පෙන්වීම පිළි බඳව
    උන්වහන්සේගේ දැතින් ග්‍රන්ථයන් රැසක්ද එලිදැක්වී ඇත.

    එවකට ඇතිවී තිබූ වාතාවරනයත් සමග

    උන්වහන්සේගේ විශේෂ අරමුණ වී තිබුනේ
    මග නොමග නොදැන යන තරුණ සමාජය උත්තරීතර වූත් පිරිසිදුවූත් ධර්ම්ය නැමැති මාර්ගයට ගැනීමය.
    ඒ වෙනුවෙන් උන්වහන්සේ එවකට සමාජයෙහිදී කල කැපවීම් අනන්තය අප්‍රමානය,එමෙන්ම
    එවැනි තරුණ සමාජයන් උදෙසා පැවති තරුණ සවිය නැමැති සන්විදානය මෙහෙය වීමද උන්වහන්සේ කල සේවයන් අල්පයක් පමණි.

    භාවනා කිරීමෙහිලා
    මහත්වූ ගැඹුරු අර්තයක් දුටු උන්වහන්සේ
    භාවනා කිරීම පිළිබඳව දැඩි ප්‍රියතාවයක් දැක්වුවේය
    එමෙන්ම භාවනා පිළිබඳව මනා ලෙස හදාර භාවනා කිරීම උදෙසා නිස්කලන්ක පරිසරයන් වලට යොමුවූහ.
    එහි ඇති වටිනාකම දැක එය අත් විඳ නිසොල්මන්ව නිහඬව නොසිටි උන්වහන්සේ මේය සැමම දැනගත යුතුයි යන උදාර වූ චින්තනයක් ගොඩනගා,
    භාවනාව පිළිබඳව මිනිසුන් දැනුවත් කීරිමෙහි ලා වට්නා ග්‍රන්ථයක් එලිදැක්වූහ
    එනම් බුද්ධස්ථූප නැමති ග්‍රන්ථයයි.

    අද අප රටෙහි
    බෞද්ධ ආගම පිළිබඳ යම් වර්දනයක් පැහැදීමක් ඇතිවි ඇත්තනම්
    එයට වැඩිවශයෙන් දායක වී ඇත්තේ සෝම හිමියන් ය,උන්වහන්සේගේ කාලයෙන් වැඩිහරියක් කැප කලේද එය වෙනුවෙන්ය
    ජාතියක ආගමක බෞද්ධ ආගම අබ්වෘදිය උදෙසා උන්වහන්සේ උපසම්පදා තත්වයට පත්වීමට පෙර සිටම කටයුතු කර ඇත
    අප ජාතිය ආගම වෙනුවෙන් උන්වහන්සේ නැගූ අබීත සිoහ නාදය පිළිබඳව මෙ රටෙහි සැදී වැඩුනු
    ඔබට අමුතුවෙන් මතක් කල යුතු නැත..

    නමුදු සහෝදර වරුනි
    තම රට උදෙසා දිවිහිමියෙන් පෙනීසිට
    අවිඳු අඳුරට මිණි පහනක් වූ මේ උත්තරීතර හිමි නම
    2003 වර්ශයේ දෙසැම්බර් 12 වනදා රුසියාවෙහි සෙන්ට් පීටර්ස්බර්ග් හිදී
    අවාසනාවන්ත ලෙස අපවත් වූයේ ජාතියේ අවාසනාවකටය.

    ven_soma_thera_is20031224.jpg

    ***************************************
    උන්වහන්සේ අපවත්වී වදාලේ අද වැනි දි
    නකය
    උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳව විවිදාකාර මත පල වී ඇත
    කෙසේ වෙතත් දැයටම හිරු මඩලක් වූ උන්වහසේ අපෙන් සමුගෙන හමාරය..

    මේ උන්වහන්සේ විසින් කල අවසාන දේශනයයි
    මුලින්ම මම මෙය අන්තර්ජාලයට ඇතුලත් කල අපගේ
    සොයුරු 001flyD හට මාගේ හදපිරි ස්තූතිය පුදකල සිටීමි..!

    **************************************************************




    **************************************************************

    මේ උන්වහන්සේ වෙනුවෙන් කරගෙන යන ෆෙස්බුක් අඩවියේ පිටුවය පැමිණ එයට සහයෝගය දෙන්න
    Ven. Gangodawila Soma Thero

    මෙයද උන්වහන්සේ ගේ උතුම් ක්‍රියාපිළිවෙත අගයැමෙහිලා ජනයා දැනුවත් කරන වෙබ් අඩවියකි
    Gangodawila Soma Haamuduruwo

    සෝම හිමි වෙනුවෙන් තිබෙන විකීපීඩියාහි මෙම පිටුවද දැක බලාගන්න
    Gangodawila Soma Thero

    මෙයද සෝම හිමිවෙනුවෙන් ෆෙස්බුක් අඩවීයෙහි ගෙන යන විකීපිඩියා පිටුවකි එයටද සහයෝගය දෙන්න

    Gangodawila Soma Thero



    කල ගුණ දත් අප ශ්‍රී ලoකික වැසියනේ
    සෝම හිමියන් කල උදාරවූත් උත්තරීතරවූත් ඒ අගනා මෙහෙවර සහ උන්වහන්සේගේ කාරුණික ගුණයත් සිහිපත් කර

    සැම නිවසකම බෞද්ධජය ඔසවා ,පහනක් දල්වාලනු මැනවි
    ඔබට සැමට
    තෙරුවන් සරණයි...!
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    දුක නැතුව දණ ගහල වදින්න පුලුවන් එකම හාමුදුරුවෝ...~~

    :yes::yes::yes::(:(:(:(:(:(:(:(:growl::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි මචන් නියමයි
    උඹට පින් අයිති වෙනවා මචන්
    මමත් ආසම හාමුදුරුවො කෙනෙක්
    5ස් පාරකට වඩා බණ අහන්න හම්බුනේ නෑ මේ හාමුදුරුවන්ගේ
    කාලකන්නියො එකතුවෙලා හාමුදුරුවන්ව නැති කරගත්ත
    බයිබල් හැත්ත
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    කල ගුණ දත් අප ශ්‍රී ලoකික වැසියනේ
    සෝම හිමියන් කල උදාරවූත් උත්තරීතරවූත් ඒ අගනා මෙහෙවර සහ උන්වහන්සේගේ කාරුණික ගුණයත් සිහිපත් කර

    සැම නිවසකම බෞද්ධජය ඔසවා ,පහනක් දල්වාලනු මැනවි
    ඔබට සැමට
    තෙරුවන් සරණයි...!

    උන්වහන්සේගේ අගනා ශාසන මෙහෙවර තවදුරටත් කරමින්, පෘතග්ජන අප අඳුරෙන් මුදවාලීමට උන් වහන්සේ යළිදු අප අතර ඉපදේවා.
    ආත්මාර්ථයෙන් තොරව, අනලස්ව, අප කෙරෙහි , මේ රට ජාතිය කෙරෙහි කරුණාවෙන් ඉටු කල සේවය නිසා ලත් පුන්‍ය මහිමයෙන් ද උන්වහන්සේ ප්‍රාර්ථනා කල නිර්වාණය ඉක්මණින් ම ඒ මහා ආර්‍ය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට අත් වේවා.

    කළගුණ සැලකීමක් ලෙස අද උන්වහන්සේ සමරා පින් අනුමෝදන් කරන්න යාළුවනේ

    තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: C$K

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙසේ වෙතත් දැයටම හිරු මඩලක් වූ උන්වහසේ අපෙන් සමුගෙන හමාරය.. :(:(:(:(
     
    • Like
    Reactions: C$K

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් මේ ත්‍රෙඩ් එකට වැඩිය බුම්ප් වත් අදහස් වත් නැනේ බන්..වෙන මොකක්හරි පදත්තර එකක් දැම්මනම්...එයි පැලෙන්න බනගන්නයි ගහගන්නයි... හරි...කියන්න තියෙන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ...කියල තම..තව එකක් කරපු උන සමහරෙක්ට රිටන් එක අබුන ලස්සනට...
     
    • Like
    Reactions: C$K

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    උන්වහන්සේ අද සිටියනම්....ඕනම කාලයෙදි අපිට අහිමි වුනේ:(:(
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    නියමයි මචන් නියමයි
    උඹට පින් අයිති වෙනවා මචන්
    මමත් ආසම හාමුදුරුවො කෙනෙක්
    5ස් පාරකට වඩා බණ අහන්න හම්බුනේ නෑ මේ හාමුදුරුවන්ගේ
    කාලකන්නියො එකතුවෙලා හාමුදුරුවන්ව නැති කරගත්ත
    බයිබල් හැත්ත
    ගොඩක් ස්තූතී සහෝ
    කටපුරා හාමුදුරුවනේ කියන්න පුලුවන් හිමි නමක්
    එත් අද ඒ හිමි නම උදෙසා පල කල මේ ලිපිය
    බලන මිනිසුන් සහ බලල අදහස් දක්වන මිනිසුන් අඩුයි
    කියන්න දුකයි
    :(
     
    • Like
    Reactions: MSaman