කරු හදන්නේ සියදිවි නහගන්නයි
- නි. ඇමැති අර්ල් ගුණසේකර
අසේල කුරුළුවංශ
එජාප නායකකමට රනිල් සමඟ තරග කරන්නට ගොස් කරු ජයසූරියට සිදුවන්නේ තම දේශපාලන ජීවිතයේ ගෙල තම දෑතින්ම සිඳගත්තා වැනි තත්ත්වයට පත්වීමට යැයි වැවිලි කර්මාන්ත නි. ඇමැති අර්ල් ගුණසේකර මහතා පවසයි.
රනිල්ට පක්‍ෂය තුළ අභියෝග කරන්නට ගිය සැමට සිදුවූයේ එජාපයේ කුණු බක්කියට වැටීමට බවත් ඒ මහතා කිය.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් ලක්‍ෂ 336 ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරෙන යටිනුවර ගොඩමුදුන වැවතැන්න මාර්ගයේ වැඩ ආරම්භ කරමින් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය. කොපමණ ජනතාව ප්‍රතික්‍ෂේප කළත් පක්‍ෂය දිනෙන් දින පරිහානියට ගියත් රනිල් මිය යනතුරුම එජාපයේ නායකයා ලෙස සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය නූල් සූත්තර, දේශපාලන සටකපටකම් එතුමා සතු බව ළඟින් ඇසුරු කළ අයෙකු ලෙස තමන් හොඳින් දන්නා බවත් ඒ මහතා කීවේය.
කරු ඕනෑම දෙයකට ආසයි, බයයි චරිතයක් බවත්, රජයට සහාය දීමට ආසාවෙන් පැමිණි ඔහු ටික කාලයකට පසු බය වී ආපසු ගිය බවත්, එවැනි අයෙකුට පක්‍ෂ නායකත්වයක් දැරිය නොහැකි බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. සජිත් බළලුන් ලවා කොස් ඇට බාවන්නට යෑමෙන් සිදුවන්නේ පක්‍ෂය තවත් කොටස්වලට වෙන්වී දුර්වල වීම බවත්, රනිල්ගේ නායකත්වය කෙරෙහි කලකිරී සිටින කණ්ඩායම කළ යුතු සුදුසුම දේ රජයේ සංවර්ධන ක්‍රියාවලියට සහාය දී ජනතා විශ්වාසය දිනාගැනීම බවත් හෙතෙම කීය.
.