මොකක්ද මේ Sandboxie

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මොකක්ද මේ Sandboxie??

පරිගණකයේ භාවිතා වන යම් Program එකකට විනාෂකාරී වැඩසටහනක් බෝවී ඇතිද නැද්ද යන්න සොයාගැනීමට භාවිතා කල හැකි ප්‍රයෝජනවත් මෙන්ම භාවිතයට පහසු මෘදුකාංගයක් තමා මේ Sandboxie කියන්නේ.
එමෙන්ම ඔබේ බොට් ජාලය (Botnet) පරීක්ෂා කිරීමටත් මේක යොදාගන්න පුළුවන්.
Sandboxie මගින් අපේ පරිගණකයේ ඇති වැඩසටහන් ඒකලිත පරිසරයක් තුල පමණක් ක්‍රියාත්මක කරනවා,එමගින් යම් වැඩසටහනක් (program) පරිගණකයේ ඇති වෙනත් වැඩසටහනකට නිත්‍ය(permanent) වෙනස්කමක් කිරීමට ඇති ඉඩකඩ ඇහැරී යනවා.
පහත රූපය බලන්න,එමගින් Sandboxie හී ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් වැටහීමක් ලැබේවී

FrontPageAnimation.gif


..::| ප්‍රතිවෛරස් මෘදුකාංගයකට වඩා Sandboxie හී ඇති වාසී

ප්‍රතිවෛරස් මෘදුකාංගයක් පරිගණකයට අත්‍යාවශයයි.නමුත් සමරහ වෙලාවට මේ ප්‍රතිවෛරස් මෘදුකාංග පරිගණකයේ ඇති වැඩසටහන් පිළිබඳ ගන්නා තීරණ 100%ක්ම නිවැරදී නෑ.ඒ වගේම බොහෝවිට Keyloggers මෙන්ම තවත් සමහර විනාශකාරී වැඩසටහන් ප්‍රතිවෛරස් මෘදුකාංග වලට
හඳුනාගැනීමේ නොහැකියාවක් පවතිනවා.තවත් සමහර වෙලාවට කිසිම විනාශකාරී බවක් නොමැති උවත් එය විනාශකාරී වැඩසටහනක් බව ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් වැරදියට පෙන්වන අවස්ථාත් තියෙනවා(උදා - කිසිදු විනාශකාරී වැඩසටහනක් අඩංගු නොමැති සමහරක් Keygen/Patch ආදිය)

එහෙත් Sandboxie භාවිතා කිරීමේ දි යම් වැඩසටහනක ක්‍රියාකාරිත්වය ඔබටම නිරීක්ෂනය කර ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ හැකියාව ලැබෙනවා.නමුත් එහෙමයි කියලා ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතා නොකර ඉන්න එපා.

..::| Sandboxie හරහා වැඩසටහනක් විවෘත කරන ආකාරය

මේ සඳහා මුලින්ම Sandboxie Download කරගන්න ඕනේ

Code:
http://www.sandboxie.com/index.php?DownloadSandboxie

දැන් Start -> All Programs -> Sandboxie -> Sandbox Control මගින් Sandboxie විවෘත කරගන්න
d208f0965c.jpg


දැන් පරීක්ෂා කිරීමට අවශ්‍යය වැඩසටහන මත Right Click කර Run Sandboxed Clicl කරන්න,මේ මගින් යම් වැඩසටහනක් Sandboxie යටතේ විවෘත කරගත හැකිය.එවිට මුලින් කිව්වා වගේ එම වැඩසටහනට කිසිම නිත්‍ය වෙනස්කමක් සිදුවන්නෙ නෑ
b05261a7fb.jpg

..::| යම් වැඩසටහනකට විනාශකාරි වැඩසටහනක් බෝවි ඇත්දැයි සොයාගැනීම

Sandboxie විවෘත කර View menu එකෙන් File & Folder තෝරන්න
fe5c646c8a.jpg

දැන් පහල ඇති All Files and folders යන්න expand කරගැනීමෙන් දැනට ක්‍රියාත්මක වන සියළු වැඩසටහන් දැකගන්න පුළුවන්
04d35c2498.jpg

8e49719080.jpg

දැන් අදාල වැඩසටහන යටතේ බලාගන්න පුළුවන් ඒ වැඩසටහන පරිගණකය තුල වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක කරවනවාද,එම වැඩසටහන තුල වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවද යන්න.එමගින් පුළුවන් අපිට තීරණය කරන්න එම වැඩසටහනට යම් විනාශකාරී වැඩසටහනක් බෝ වෙලද හෝ,එම වැඩසටහන මගින් යම් විනාශකාරී වැඩසටහනක් ක්‍රියාත්මක කරවනවාද යන්න.

එ වගේම Sandbox හී Settings මගින් අපිට පුළුවන් පරිගණකයේ ඇති වැඩසටහන් අන්තර්ජාලය සමග සබඳතා පැවැත්වී අවහිර කරන්නත්

෴෴෴෴෴

;;:: | පුළුවන් තරම් සරලව දාලා තියෙන්නේ:DType කරන්න කම්මැලියි:(:sorry:තේරුනේ නැති දෙයක් තියෙනවනම් අහන්න