 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 1,023
Join Date: Dec 2007
Location: Kalutara
|
|
|
ඇස් හා සිරුර දන් දී නිවනට පියවරක් තබමු -
12-14-2011, 07:34 AM
මුලින්ම කියන්න ඕන මේක මං උස්සපු එකක්,, එහෙන් පිටින්ම ගෙඩි පිටින් උස්සපු එකක්,, එත් හිතට වැදුණු නිසා හැමෝම එක්ක බෙදාගන්න මෙතන පොස්ට් කරා,,ඉස්සුවේ මෙතනින්: http://www.budurashmiya.net/2011/12/blog-post_13.html
ප්‍රිය මිතුරනේ මෙම ලිපිය ආරමිභ කරන්නේ ධම්මපදයේ ජරා වග්ගයේ සඳහන් ගාථා 04 ක් සටහන් තබමින්෴
01)පස්‌ස චිත්‌තකතං බිම්‌බංල අරුකායං සමුස්‌සිතංත
ආතුරං බහුසඞ්‌කප්‌පංල යස්‌ස නත්‌ථි ධුවං ඨිති.
මනාසේ විසිතුරු කරන ලද එහෙත් දෑස, දෙකණ, නාස් පුඩු, මුඛය, මුත්‍රා මාර්ගය, සහ අධෝ මාර්ගය යන නව වැදෑරුමි වණයකින් යුක්ත වූ ඇට කටු මඟින් ඔසවා තබන ලද, නොයෙක් රෝග පීඩා ආදියට නිරතුරුව බදුන් වන, ස්ථිර පැවැත්මක් නොමැති, නමුත් බොහෝ දෙනා අගය කරනු ලබන මේ සිරුර නැමති කූඩුව දෙස බලන්න෴
02)පරිජිණ්‌ණමිදං රූපංල රොගනීළං පභඞ්‌ගුරං,
භිජ්‌ජති පූතිසන්‌දෙහොල මරණන්‌තඤ්‌හි ජීවිතං.
නිරන්තරයෙන්ම දිරාපත් වන්නාවූ රෝගාබාධයන්ට වාසස්ථානයක් වන්නාවූ වහා වහා බිඳී යන්නාවූ මේ සිරුර දෙස බලන්න෴ මෙය කුණු වී මරණයෙන්ම අවසන් වන බව වටහා ගන්න෴
03)යානිමානි අපත්‌ථානි අලාබූනෙව සාරදෙ,
කාපොතකානි අට්‌ඨීනිල තානි දිස්‌වාන කා රති.
සරත් කාලයේ ඒ ඒ තැන දමන ලද අවිසුලං ආදියෙන් වියලී ගිය අළු පාට වූ ලබු කබල් වැනි වූ මේ ඇට කටු දෙස බලන්න෴ ඒවායෙන් කවර නමි රාගයක් උපදියිද?
04)අට්‌ඨීනං නගරං කතංල මංසලොහිතලෙපනං
යත්‌ථ ජරා ච මච්‌චු චල මානො මක්‌ඛො ච ඔහිතො.
මස් ලේ ඇටකටු ආදිය යොදාගනිමින් ඉදිකල නගරයක් බදු මේ සිරුර තුල ජරාව, මරණය, මානය, හා ගුණමකු බව නැමැත්තෝ නිරතුරුවම ගැවසෙති෴
යථාර්ථය දකින්නට බිය වන්නේ ඇයි?
ප්‍රිය මිතුරනේ, ඇත්තටම අපි අපේ මේ ශරිරයට කෙතරමි නමි ඇළුමි කරනවාද? තමාගේ ශරිරයට පමණක් නොමෙයි. අන් අයගේ ශරිරත් කෙතරමි නමි ඇගයීමකට ලක් කරනවාද? ඔබ ඔය රූප සුන්දරියන් තෙරීමේ තරඟ වැනි දේ දැක ඇතිවාට සැකයක් නැහැ෴ මොහොතකට ඔබ ඔය රූප සුන්දරියන්ගේ යථා ස්වරූපය දුටුවාද? මනාසේ විසිතුරු කරන ලද ඒ ශරිරවල යථා ස්වරූපය ඔබ දුටුවාද? එහෙනමි ඔබ දැන් සූදානමි වන්නේ එය දකින්නටයි෴
අපි හිතමු ඔබ ප්‍රිය කරන කුමක් හෝ භාණ්ඩක් තිබෙනවාය කියලා෴ පිටතින් එය හුගාක් ලස්සනයි. ඒක ඔබට තෑගි ලැබුණ දෙයක් කියලා හිතමුකො෴ එතකොට ඒකේ අගය තවත් වැඩියිනේ෴ නමුත් කවදා හරි දවසක ඔබ දැන ගන්නවා මේ තෑග්ග ඇතුලේ තියෙනෙ පරම දුර්ඝන්ධ වූ අසූචි, මළ මුත්‍රා, වමනේ වගේ දේවල් ගොඩක්ය කියලා෴ එතකොට ඔබ තවදුරටත් ඒ තැග්ගට ප්‍රිය වෙනවාද? කැමති වනවාද යන්න ඔබේ සිතින්ම අසා බලන්න.
ඔය බළල් ගමනින්, ලැසි ගමනින් වේදිකාව මත ඇවිදන් යන ගැහැණුන් පිරිමිනුත් එහෙමයි නේද? බඩවල් වල කිලෝ ගණනින් අසූචි, මුත්‍රාශය පිරෙන්න දුගද හමන මුත්‍රා, පිළි ගඳ ගහන ලේ, සෙම සොටු පුරවාගෙන නේද මේ ලස්සනයි ලස්සනයි කියලා ඔබට පෙනි පෙනි ඉන්නේ. ඔබේ ඔය ඇස ඔබට මායාවක් නොපෙන්වා ඇත්ත ඇති සැටියෙන් පෙන්වුවා නමි, ඔබ ඔබේ ඇඟ ගැනත්, අන් අයගේ ඇගවල් ගැනත් පුදුමාකාර කලකිරිමකට පත්වෙන්නේ නැතිද යන්න ඔබම සිතා බලන්න.
කාමාශ්වාදය විදින්ට අනාගාමී මාර්ගය උපන් අය හැර අන් සියල්ලොම කැමතියි෴ කැමතියි කියන එකේ මෙතන අර්ථය චන්දයක් රාගයක් ඒ පිළිබඳව තිබෙනවා කියන එකයි෴ එතකොට මේ ආශ්වාදය ලබාදෙන මේ ශරිරය කෙරෙහිත් ඔබට ඇත්තේ විශාල ඇල්මක්෴ නමුත් ශරිරයේ ඇති මේ උපකරන වල යථා තත්වය ඔබ දකිනවා නමි෴ ඔබ තවදුරටත් ඔය මුලාවේ සිටින්නේ නෑ෴
මේ විදියට 09 විවරයකින් අසූචිම වගුරුවන දුඟද හමන මේ සිරුර එපමනකින්ම නැවතී ඉදින්නේ නෑ෴ නොයෙක් ආකාර රොගාබාධයන්ටත් ලක් වෙනවා෴ ඔබ හිතනවා ඇති ඔබ නිරෝගී අයෙක් කියලා.
මේ සිරුර පරම රෝගයක්.
ඔය පිරුවානාපොත් වහන්සේ කියවලා තියෙන අය දැකලා ඇති, ගිරිමානන්ද සූත්‍රය෴ එහි මෙහෙම පාඨයක් තිබෙනවා෴
ඉති ඉමස්‌මිං කායෙ විවිධා ආබාධා උප්‌පජ්‌ජන්‌ති සෙය්‍යථිදං – චක්‌ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්‌හාරොගො කායරොගො සීසරොගො කණ්‌ණරොගො මුඛරොගො දන්‌තරොගො ඔට්‌ඨරොගො කාසො සාසො පිනාසො ඩාහො ජරො කුච්‌ඡිරොගො මුච්‌ඡා පක්‌ඛන්‌දිකා සූලා විසූචිකා කුට්‌ඨං ගණ්‌ඩො කිලාසො සොසො අපමාරො දද්‌දු කණ්‌ඩු කච්‌ඡු නඛසා විතච්‌ඡිකා ලොහිතං පිත්‌තං මධුමෙහො අංසා පිළකා භගන්‌දලා පිත්‌තසමුට්‌ඨානා ආබාධා සෙම්‌හසමුට්‌ඨානා ආබාධා වාතසමුට්‌ඨානා ආබාධා සන්‌නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්‌කමිකා ආබාධා කම්‌මවිපාකජා ආබාධා සීතං උණ්‌හං ජිඝච්‌ඡා පිපාසා උච්‌චාරො පස්‌සාවොති.
කියලා. මේතක් තෙරුම, මේ ශරිරයේ මේ විදියේ විවිධාකාර ආබාධ ඇතිවෙනවා෴ ඇස් රෝග, කණ සමිබන්ධ රෝග, නාසය සමිබන්ධ රෝග, දිව සමිබන්ධ රෝග, ශරිරය සමිබන්ධ රෝග, හිසේ රෝග, කණේ පිටත උපදිනා රෝග, මුඛයේ උපදිනා රොග, දත් සමිබන්ධ රෝග, ක්ෂය රෝගය, ස්වාස රෝග, පීනස, දාහය, උණ, කුසේ රෝග, මුස ය, රක්ත අතිසාරය, සූල ය, විසූචිකාව, කුෂ්ඨ, ගඩු, කිලාස, සෝස, අපස්මාරය, දද, කණුඩු, මසුක, නිය කුණුවීම, විවර්චිකාව, රත් පිත, දියවැඩියාව (මධුමේහය), පක්ෂාගාතය, පිළිකා. බගන්දලා(අර්ශස්), පිතින් වන රෝග, සෙමින්වන රෝග, වාතයෙන් වන රෝග, තුන් දොසම කිපීමෙන් වන රෝග, සෘතු පෙරළිමෙන් වන රෝග, ශරිරය නිසි පරිදි භාවිතා නොකිරීම නිසා වන රෝග, උපක්‍රමයෙන් වන රෝග, කර්ම විපාක වශයෙන් වන රෝග, ශිත, උෂ්ණය, බඩගින්න, පිපාසාව, මළ ද්‍රව්‍ය , මුත්‍ර පිටකිරිමට වීමය යන මේ සියල්ලක්ම රෝගම තමයි. යමිතාක් මේ ශරිරයට ඇතිවන සියළුම රෝගාබාධයන්, මේ ගොනුවට වර්ග කරන්න පුළුවන්.
මේ ශරිරය මේ ආකාරයට කෙතරමි නමි කරදරයක් ගෙනදෙනවාද? ඔය හැම එකක්ම විස්තර කරන්නට ගියොතින් ලිපිය ඉතාමත් දිර්ඝ වෙන නිසා මේ කරුණු දක්වන්නේ ඉතාමත් කෙටියෙන්. වෙනත් කිසිදු ලෙඩක් නැති විට දී එක්කෝ බඩගින්න, පිපාසාව, මුත්‍ර පිටකිරිමට, මළපහ පිටකිරිමට වීම වැනි කරදර හරි ඇතිවෙනවා. මේ ශරිරයක් සමග එක මොහොතක් හෝ මිනිසෙකුට නිරෝගීව සිටිය හැකිද යන්න ඔබම සිතා බලන්න. ඒ තරමිම මේ ශරිරයේ ආදිනවයක් පවතිනවා. ඉතිං මේ ලස්සන ශරිරය මේ තරමිම වද දෙන වධකයෙක්. ඒ වගේම කිසිම කමකට නැති රෝග ගුහාවක්. නමුත් අපි මෙය අගය කරනවා නේද? මරණ මොහොතේ වත් අතාරින්නට කැමැත්තක් නැහැ නේද?
මේ තමයි ශරිරයේ යථා ස්වරූපය
ඉතිං මේ ශරිරය මනුස්සයෙක් ජීවත්ව ඉන්නා තුරුම මේ කරදරයන් ඒ මනුස්සයාට ලබා දෙනවා. ඒ වුනත් අපි මේක අගය කරනවා නේ. ඉතිං මරණයෙන් පස්සේ මේ අගය කරන ශරිරයට මොකක්ද වෙන්නේ? පහත රූප පෙළ දෙස හොදින් බලන්න.
ඔබ සිතනවා ඇති ඔබ තාමත් පණ පිටින් සිටිනා නිසා ඔබට මෙහෙම දෙයක් නොවේවි කියා. සමහර විට ඔබ දැකලා ඇති කාත් කවුරුත් නිසි පරිදි නොසලකා හරින ලද අංශභාග රෝගින් ආදීන්, ඔවුන්ගේ ඇගවල් වල ඇද වණ හැදිලා, සමහර විට පනුවොත් ගහලා. අහලකට වත් යන්න බැරි තරමි ගඳ. කර්ම විපාක රෝගයක් වැලදුන පුතිගත්ත තිස්ස තෙරුන්ගේ කතාව ඔබ දන්නවා ඇති. ඉතිං මේක තමයි මේ ශරිරයේ යථා සවරූපය පණ පිටින් සිටියත් පණ නැතිව සිටියත්. සති කිහිපයක් නානට බැරි ඔය පැපොල වගේ ලෙඩක් හැදුනොත් ඔබටම තෙරෙයි මේ ශරිරයේ ඇති දුර්ඝන්ධය.
ඉතිං ඔබ මේ ශරිරය ගැන ආඩමිබර වෙනවා නමි, ඒක ඇත්තටම මොඩ කමක්. මේ වගේ කුණු වෙලා යන ජරාවක්, කොචිචර කලත් ගුණයක් දක්වන්නේ නැති වධකයෙක් ඔබ මගේ මගේ කියලා ලංකර ගන්නේ ඔබේ මෝඩ කම නිසා නොවේද?
සමහර මොඩකම වැඩි මිනිස්සු මිය ගියාම මගේ මළගම මේ විදියට කරන්න මේ විදියට කරන්න කිය කියා අන්තිම කැමති පත්‍ර ලියනවා. මෙචිචර වටිනා පෙටිටි වල තැමිපත් කරන්න. එමිබාමි එක මෙහෙම කරන්න. මොනතරමි නමි මුලාවක්ද? කුනුවි යන පරම අප්‍රසන්න අපවිත්‍ර දෙයක් මරනෙන් මතු හෝ අතාරින්නට කැමැත්තක් නැත්තේ අවිද්‍යාව මොඩකම උපරිම නිසා නේද?
ඔබත් එසේද නැද්ද යන්න ඔබම ඔබේ සිතිත් ප්‍රශ්ණ කරන්න. ඇත්තටම මේ ලිපිය ලිවිමේ මූලික පරමාර්ථය මේකයි. එහෙම නගන ප්‍රශ්ණයට ඔබට ලැබෙන පිළිතුර ඔබම දැනගන්න. ජීවත්ව සිටින කාලයේ දී අත හරින්නට බැරි වුනත්. මරනෙන් පසු හෝ ඔබ මේ ශරිරය අතහරින්නට සූදානමි නමි, එසේ සුදානමි වන පිරිසටයි අද මේ ලිපිය ලියුවේ. එසේ ඔබත් අතාරින්නට අකමැත්තක් ඇතිව සිටියා නමි, ඉහත කී කරුණුත් ඔය රෑප පෙලත් නැවත නැවත බලන්න. ඒකාන්ත වශයෙන්ම ඔබට මේ ශරිරය පිළිබඳව ඇති දැඩි ඇල්ම අඩුකර ගැනීමට එය උපකාරි වේවි. ඒ පියවරත් ජය ගන්න අය පහත කොටස කියවන්න.
දාන පාරමිතාව පුරමු
එසේනමි, ඔබට ජීවිත කාලයක් වදදුන් මේ ශරීරය නමි වධකයාම, ජීවිත කාලයක්ම ඔබව මායාවට ඇද දමා ඔබෙන් සත්‍ය වසන් කල මේ ඇස නමි මායාකරුවාම පාදක කර ගෙන ඔබට පාරමිතාවක් පිරීමට අවකාශය දැන් තිබෙනවා.
බෞද්ධයන්ගේ ඒකායන අධිශ්ඨානය නිර්වාණය. සියලු සසර දුක් නිමා කරීමයි. මේ දුක් නිමාකර නිර්වාණය සාක්ෂාත් කිරීම සියල්ලන්ටම හිතූ පමණින් කල හැකි කරුණක් නෙමෙයි. ඒ සදහා ඒ ඒ මටිටමින් පාරමිතාවන් පුර්ණය කිරීමට සිදුවනවා. බුදු, පසේබුදු, මහරහත් ආදී උත්තම පදයන්ට පත්වන්නේ මේ පාරමිතාවන් පිරීමේ ස්වරූපය අනුවයි.
ඇස් හා ශරීර පටක දන් දීමේ පිළිවෙත
ඉදිං ප්‍රිය මිතුරනේ, එසේනමි ඔබටත් නිවන අරමුණු කරමමින්ම දාන පාරමිතාව පිරීමට අවකාශ පවතිනවා. මේ ඒ පිළිබඳ තොරතුරු.
ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය යනුවෙන් හදුන්වන දොස්තර හඩිසන් සිල්වාගේ මූලිකත්වයෙන් අරඹන ලද ලොව විශාලතම ඇස් සංචිතයක් ඇති අක්ෂි බැංකුව පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවෙයි. මෙහි ඇස් දන්දීම සදහා කිසිදු වයස් සීමාවක් බලනොපාන අතර, මිය ගොස් පැය 04 ක් ඇතුලත ඇස් දන් දීම කල හැකියි.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය, විද්‍යා මාවත, කොළඹ 7 ලිපිනයට තමාගේ ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුමි කවරයක් එවීම තුලින් මේ සඳහා අවශ්‍ය පොරොන්දු පත්‍රය සහ විස්තර ලබාගත හැකියි. ඊට අමතරව 0112692051, 2698040/41/43 යන දුරකථන අංක සමඟ සම්බන්ධ වීමෙන් ද අවශ්‍ය තොරතුරු ඔබට ලබා ගැනීමට පුළුවන්. මෙසේ ඔබේ වයස් සීමාව කුමක් වුවත්, ඔබ මියගිය පසු ඔබේ ඇස් දෙක දන් දීමට ඔබට පොරොන්දු පත්‍රයක් අත්සන් කිරීමේ හැකියාව තිබෙනවා.මේ සමිබන්ධයෙන් කිසිදු සාමාජික මුදලක් හෝ වෙනත් කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ.විස්තර පත්‍රිකාවේ සඳහන් පරිදි පොරොන්දු පත්‍රයේ යට කොටස පුරවා අක්ෂිදාන සංගමය වෙත නැවත තැපැල් කිරීමෙන් ඔබට සාමාජිකත්වය ලබා දුන් බව දන්වමින් ලියාපදිංචි අංකයක් ඔබ වෙත ලැබෙනු ඇති. එය පොරොන්දු පත්‍රයේ සටහන් කොට, කල්පවතින සේ සකස්කොට ඔබට නිරන්තරයෙන් පෙනෙනා ස්ථානයක එල්ලා තබන්න. එය දකිනා දකිනා වාරයක් පාසා ඔබ තුල ජනිත වන්නේ මහා දානයකින් උපන් මහා ප්‍රිතියක්. පාරමිතාව වන්නේද මේ මහා කුසලයමයි.
මීට අමතරව මෙම පොරොන්දු පත්‍රයෙන්ම ඔබට ඔබගේ, සමිපුර්ණ ශරිරයත් දන් දීමට හැකියාවක් පවතිනවා. එවන් අවස්ථාවක ඔබගේ ශරීරයෙන් ගැණිමට සුදුසු පටක කොටස් ඉවත් කර ගැණිමෙන් පසු ඔබගේ මළකඳ ඥාතීන් වෙත නැවත ලබා ගැණිමට හෝ, එසේත් නොමැති නමි, වෛද්‍ය විද්‍යාලය වෙත පරීක්ෂන කටයුතු සඳහා දන් දීමට ඔබට හැකියාව පවතිනවා. දෙමාපියන්, ස්වාමිපුරුෂයන්, බිරින්දෑවරු ආදීන් මිය ගියාම මළගම කරන්නට ගිහින් රණ්ඩු වන පිරිස් ඔබ ඕනතරමි දැක ඇති. ඔබ ඔබගේ අවසන් කටයුතු කිසිවෙකුටත් බරක්, හිංසාවක් නොවන පරිදි අවසන් කර තැබීම කෙතරමි නමි නැනැති තීරණයක්ද?
ඉතිං මරණ මොහොතත් සමඟ මේ ශරිරය ඔබ හැරදමා අවසන්. මේ අනන්ත වූ සසරේ ඔබ විසින් දරන ලද ශරිරයන් එකතු කලහොත් එය මේ මහා පෘතුවියේ පසටත් වඩා වැඩියි. මේ ඔබ දරන්නේත් එවැනි එක ශරිරයක් පමණයි. මේ ලිපියේ කලින් කිවිවා වාගේ ජීවිත කාලයක් පුරාම තමාට අනන්ත වූ වද දුන්, මේ ශරිරයෙන් මළමොහොතේ හෝ යමි ප්‍රයෙජනයක් ගත හැකිනමි එය කෙතරමි නමි භාග්‍යක්ද?
අපගේ මහාවිරයානන්වහන්සේ, අහසේ තරු පරයා නෙත් දන් දුන්නා. සයුරේ දිය පරයා රුධිරය දන් දුන්නා. මේ මහා පොළවේ පස් පරයා පනපිටින්ම කප කපා ශරිරයෙන් මස් දන් දුන්නා. ඛුද්දක නිකායේ, චරියාපිටකයේ සඳහන් පරිදි බොසත් මූලයේ මහා විරයාණන්වහන්සේ දාන පාරමිතාව පුර්ණය කිරිමේ දී, සිවි නමි ක්ෂත්‍රිය රජව සිට පනපිටින්ම සිය ඇස් උගුලුවා දන් දුන් අයුරු සඳහන් වනවා. එය එසේ වන විට ඒ මහා විරයානන්වහන්සේගේ ස්‍රාවකයන් වන අපි මළ විට හෝ ඒ ඇස දන්දීමට උත්සුක වීම නොවටින්නේද?
ඒ නිසා ඔබත් ප්‍රමාද වන්නට එපා. අදම ඔබගේ දෙනෙතත්, සමිපුර්ණ ශරිරයත් දන් දෙන්න. එය නිවනටම හේතු වනසේ අදිශ්ඨාන කරන්න. ඒකාන්ත වශයෙන්ම ඒ මහා කුසලය ඔබව නිවනට පමුණුවන පාරමිතාවක්ම වනු ඇත. ප්‍රමාද වන්නට එපා.
එසේම වේවා! ඔබට පහසුම පිළිවතින් හැකි ඉක්මනින් නිර්වාණයම සාක්ෂාත් වේවා!
Last edited by Pathum_madu; 12-14-2011 at 08:37 AM.
|
 |
Senior Member
|
|
Posts: 841
Join Date: Jan 2008
Location: Colombo
|
|
|
12-14-2011, 07:40 AM
බුදු සරනයි ඔබට ..............
|
 |
Senior Member
|
|
Posts: 1,352
Join Date: Sep 2011
Location: පාර සොයා යමි...
|
|
|
12-14-2011, 08:12 AM
Theruwansaranai...
|
 |
Senior Member
|
|
Posts: 1,352
Join Date: Sep 2011
Location: පාර සොයා යමි...
|
|
|
12-14-2011, 08:12 AM
B-U-M-P
|
 |
Senior Member
|
|
Posts: 358
Join Date: Jun 2011
Location: nugegoda
|
|
|
12-14-2011, 08:42 AM
mama me address eka hoya hoya hitiye obata theruwan saranai.............
|
 |
Senior Member
|
|
Posts: 2,974
Join Date: Mar 2009
Location: Colombo
|
|
|
12-14-2011, 10:00 AM
තෙරුවන් සරණයි...........
|
 |
Senior Member
|
|
Posts: 10,140
Join Date: Apr 2010
Location: Colombo
|
|
|
12-14-2011, 10:08 AM
බුදු සරණයි
|
|
Member
|
|
Posts: 68
Join Date: Dec 2009
Location: Colombo
|
|
|
12-14-2011, 08:25 PM
obatah godak pin budu saranyi
|
 |
Senior Member
|
|
Posts: 1,714
Join Date: Jun 2011
Location: Sri Lanka
|
|
|
12-16-2011, 07:22 PM
hugak watina thread ekak, thx
|
|
Senior Member
|
|
Posts: 1,429
Join Date: Sep 2008
|
|
|
12-20-2011, 02:46 PM
සිරුර දිරපතේ වේ ..කල හොද නොමැකෙ REP +5
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|