උස්සන්ගොඩ ~ රුහුණේ හෝටන් තැන්න

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    උස්සන්ගොඩ ~ රුහුණේ හෝටන් තැන්න

    10.jpg



    අපි ලංකාවෙ හිටියට අපි දැකල නැති අ
    හලවත් නැති සුන්දර තැන් ගොඩක් ලංකාවෙ තියනවා. මම අද මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට කියන්න යන්නෙ ඒවගේ එක් තැනක් ගැන. (දකුනෙ කට්ටිය නම් දන්නව ඇති සමහරවිට :rolleyes:).

    මේ තැන තමයි උස්සන්ගොඩ. මේක තියෙන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ නෝනාගම කියන ගමට කිට්ටුව. මේක අක්කර 20ක විතර ප්‍රමාණයක් පුරාවට විහිදිලා තියන තැනිතලාවකි. පෙනුමෙන් නුවරඑලියේ හෝටන් තැන්නට සමානයි. ඒ නිසා තමයි මෙතෙන්ට රුහුණේ හෝටන් තැන්න කියල කියන්නෙ. මෙය මුහුදට බෑවුම්වයි පිහිටා තිබෙන්නේ. මෙම ස්ථානය ලංකාවේ 21ක් වැනි ජාතික උද්‍යානය ලෙස මෑතකදී නම් කොට තිබෙනවා.

    මෙතන තියන එක් විශේෂත්වයක් තමයි අක්කර විස්ස පුරාවටම විහිදිලා තියන පොලව පිලිස්සුනු ගඩොල් වල පාට තියන පසකින් සමන්විත වීමයි. (පහල තියන පින්තූර වලින් දැක ගන්නට පුලුවන්). ඒ වගේම මේ රතු පස ඇති ප්‍රදේශය පුරාවටම එකම උස ගහක්වත නැත. බොහෝ තියෙන්නේ තනකොල හා චන්ද්‍රකාන්ති, සූර්යකාන්ති, විශ්නුක්‍රාන්ති යන මල් වර්ග තුන පමණයි. මේකට හේතු වන්නේ පිලිස්සුනු පසක් ඇති බව නිසා යැයි මතයක් තියනව. විද්‍යාඥයින් පවසන්නේ මේ රතු පසට හේතු වී ඇත්තේ අධික Ferric Oxide සාංද්‍රනය නිසාවෙන් බවයි.


    පුරාවෘත්ත

    මෙම ස්ථානය වටා ගෙතුන බොහෝ පුරවෘත්ත ඇත.
    එකක් නම් රාමයනයේදි සඳහන් වන පරිදි රාවණා රජු සීතා ව රැගෙන දඬුමොණරයෙන් පැමින මෙම ස්ථානයේ ගොඩබැස ඇතැයි කියන කතාවයි. දඬුමොණරය ගොඩ බැස්සීම සඳහා ගුවන් පත
    යක් වැනි යමක් මෙහි තිබෙන්නට ඇතැයිද විශ්වාස කෙරෙනවා.
    මෙම ස්ථානය හා රාමායනය අතර ඇති තව
    සම්බන්ධ කමක් වන්නේ, හනුමන්තා තුවාල වී ඇති හමුදාව සුව කිරීමට බෙහෙත් රැගෙන එන්නට හිමාල කඳුවැටියට ගිය විට, ගෙන ඒමට අවශ්‍ය ඖෂධ පැලෑටි නොදැන සිටි නිසා හිමාලයේ ඖෂධ ඇති ප්‍රදේශයින් කොටසක් රැගෙන විත් මෙහි දැම්මා යයි කියවෙන කතාවයි. විද්‍යාඥ්යින් පවසන පරිදි මෙම ස්ථානයේ සබැවින්ම හිමාලය ආශ්‍රිත බෙහෙත් පැලෑටි ඇති බවයි.

    තවත් එක් විශ්වාසයක් වන්නේ මෙම ස්ථානයට උල්කාපතයක් කඩා වැටී සෑදුන ස්ථානයක් බවයි. මෙය කඩාවැටීම හේතුවෙන් මෙහි ඇති අසාමාන්‍ය පස ද පරිසරයද නිර්මාණය වී ඇති බවද පැවසෙයි. මෙම උල්කාපාතය කඩා වැටීමෙන් 'උස් වූ ගොඩ' පසුකාලීනව උස්සන්ගොඩ වූ බවයි ජනප්‍රවාදය ඇත්තේ.

    මේ තැන පිටසක්වල ජීවීන් ට සම්බන්ධ තැනක් කියලත් ප්‍රවාදයක් තිබෙනවා.

    කෙසේ නමුත් මෙතන අභිරහස් ගොඩක් සැඟවී ගිය භූමියක් හැටියටයි අපට පෙනෙන්නේ.


    2.jpg


    මම මෙතෙන්ට ගිය වෙලේ ගත්තු ෆොටෝ ටිකක්..:D

    ibz1c6.jpg





    rw849e.jpg





    28jkxee.jpg





    dq5egz.jpg





    nfnnd5.jpg


    එතන තිබුන කලුගල් කැටයක්. :eek: බලන්න මේකට වෙලා තියන දේ. පිච්චීමකින් මෙහෙම වෙලා කියලයි කියන්නෙ.

    21d06eb.jpg


    මාර්ගය

    කොලඹ ඉඳල යනවනම් මාතර හම්බන්තොට පාරෙ ගිහින් තංගල්ල පහුකරල 5km විතර ගියහම මෙතෙන්ට හැරෙන තැන තියනව. එතැනින් දකුණට හැරිල ඉඳල 1.6 km විතර තියෙන්නෙ මෙතෙන්ට. මේක කලමැටිය අභය භූමියේ බටහිර බෑවුමයි.

    මැප් එකෙන් පාර බලාගන්න - http://g.co/maps/nfd5t



    ඔයාල හම්බන්තොට, කතරගම, යාල එහෙම යනවනම් යන එන ගමන් මේ තැන බලන්න අමතක කරන්න එපා. මමත් මෙතෙන්ට ගිහින් මෙතන තියන සුන්දරත්වය අත්වින්දා. මේ තැන ජීවිතයේ එක් වතාවක් හරි දැකබලා ගත යුතුම තැනක් හැටියටයි මම දකින්නෙ. :):)
     
    Last edited:

    -Puncha-

    Member
    Nov 28, 2011
    62
    7
    0
    Kelani Pure
    Onna Ape ewunge heti.....Honda ekak demmahama ekek wath ne.... Endum nethiwa kellek demmanam...mama kiyanna one ne ne.... Nice work... Thanks machan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෙටුත් දැන් සංචාරයේ යනව වගෙයි නේද සුපිරි සුපිරි මචෝ
    හොදයි පෝස්ට් එක ලස්සනට ආරම්භය අවසානය කරල තියෙනවා කියවනකොට යන්න ආස හිතෙනවා
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    Onna Ape ewunge heti.....Honda ekak demmahama ekek wath ne.... Endum nethiwa kellek demmanam...mama kiyanna one ne ne.... Nice work... Thanks machan

    bump !!! maath ahala thibba place eka ... dakke ada .... tnx

    maru maru


    math gihin thiyanwaaa. udeta beach eka patta lassanai...

    ela nice photos mchn thanks for sharing :)

    Elaaaaaaaa

    thnxx mchoo
    ++

    තෑන්ක්ස් හැමෝට.... :)



    නෙටුත් දැන් සංචාරයේ යනව වගෙයි නේද සුපිරි සුපිරි මචෝ
    හොදයි පෝස්ට් එක ලස්සනට ආරම්භය අවසානය කරල තියෙනවා කියවනකොට යන්න ආස හිතෙනවා

    :D :D හික්ස්... ඉඳල ඉඳල ගියා බං... පට්ට ප්ලේස් එක... :cool:
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔය පැත්තෙ නිතර ගියාට ඕකට යන්න උනේ නැහැ බන්
    පින්තූර ටික නියමයි :yes:
    ඔය හරියේද බන් අර ලෝහ නිධියක් හම්බ උනේ :confused:
    +
     
    Oct 25, 2011
    54
    4
    0
    Gampaha, SriLanka
    උස්සන්ගොඩ

    මේවා දැක්කහම මේ සුන්දර දිවයින කොතරම් පාරිසරික විවිධත්වයෙන් පොහොසත්ද කියලා හිතෙනවා. මම මෙතනට මුලින්ම ගියේ මීට වසර ගනනාවකට කලින්කතරගම දක්වා ගියපු යතුරැපැදි සවාරියක් අතරතුරදීයි. එතකොට මෙමෙ ස්තානය මහා පාලු-අහීමාන ගුප්ත හැගීමක් ඇතිකරපු තැනක් වුනා. මම හිතන්නේ අද වුනත් පලමුවරට පිරසක් රහිතව මෙතනට පයගහපු කෙනෙකුට ඒහා සමාන හැගීමක් ඇතිවේවි.

    උස්සන්ගොඩ වෙරල තීරයත් හරිම සුන්දරයි. දැන්නම් පෙර පැවති පාළු ගතිය නැතිවෙලා. සංචාරක හෝටල් කිහිපයකුත් හැදෙමින් තිබුණා දැනට අවුරැද්දකට විතර කලින්. තව එකක් එතන වෙරලේ ගල්පරයක් මත ප්‍රාදේශීය රජකුගේ මාලිගයක් පිහිටලා තිබුනාය කියලත් ජනකථාවල කියැවෙනවා.

    සුන්දර සංචාරක සටහනක් අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි.