PC එක තනිවම ඇසෙම්බල් කරගෙන වින්ඩොව්ස් දාන හ

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
ලේසියෙන් ඇසෙම්බලින් (අනිව බලන්න)

මම කියන්න යන්න තනිවම කම්පියුටර් එකක් ඇසෙම්බල් කරගන්න ආකාරය සහ එම පරිගනකයට වින්ඩොස් එක්ස්පි ස්තාපනය කරන ආකාරය පිලිබදවයි. එහෙනම් වැඩෙට බහිමු.
ඉස්සරවෙලාම Hardware පැත්ත පිලිබදව පොඩ්ඩක් බලමු.

Preparing to build your own PC- හොඳට ඉඩ තියෙන ස්තානයක් තෝරාගන්න. මල් සහ flat ඉස්කුරුප්පු නියන් සූදානම් කරගන්න. ඒවා ස්ථ්ති විද්‍යුතයෙන් තොර බවට සහතික කරගන්න. විදුලිය පහසුවෙන්ලබාගතහැකි ස්ථානයක් සූදානම් කරගන්න.

මෙන්න මෙ බඩු අනිවාර්යයෙන්ම ලගම තියාගන්න.

  1. මල් ඉස්කුරුප්පු නියනක්.
  2. flat ඉස්කුරුප්පු නියනක්.
  3. casing එකත් රෙඩි පිට තියාගන්න. දුවිලි එහෙම පිහදාලා.

Preparing the PC Case- දැන් තියෙන්නෙ අපි ගෙනාපු බඩු pc casing එකට හයි කරගන්නයි. දැන් ගොඩක් වෙලාවට casing එකේම Power supply unit එක තියෙනවා. එහෙත් ඔබට එසේ නොමැතිවද මිලදී ගන්න පුළුවන්, එවිට CPU අපි සවිකරගත යුතුයි. එවිට මෙහි ඇති ලෙස එක සවිකරගන්න.මෙ රතු පාටින් සලකුනු කරලා තියෙන ස්තාන වලට power supply එක හා casing එක අතර ඇන තද වෙන්න ඔනෙ.
390731_187747834647987_100002383162444_380415_1256465567_a.jpg

Fitting the Motherboard- දැන් casing එක අරගෙන එයට motherboard එක සවි කර ගන්න. motherboard එක සමඟ විවිධ cables ලබාදෙනව, ඒවා IDE හා SATA cables, මේවා cd drives, hard drives සවිකිරීම යොදාගන්නව. තව පොඩි තහඩු කෑල්ලක් තියෙනව ports වලට ගැලපෙන. ඒක IO Shield කියල හඳුන්වනවා. මෙන්න මෙහෙම පරිස්සමෙන් casing එකට මවුපුවරුව සවි කරන්න.
381812_187749781314459_100002383162444_380422_1854494397_a.jpg

මතක තියාගන්න ඔනෙ මවුපුවරුව casing එකට සම්භන්ද ව්න ස්තාන වලට casing එක හා අලලා එම ඇණ සවි කරන්න ඔනෙ ප්‍රවෙසමෙන්. රුපය බලන්න යාලුවනෙ.
377335_187750751314362_100002383162444_380430_228943308_a.jpg

මෙ වගෙ සෙට් කරගන්න ඔනෙ. ඇන 5 ව්ක් විතර සෙට් කරගන්න ඔනෙ.
සවිකරන කොට ports තිබෙන පැත්ත පිටිපස්සට තියෙන විදිහටත් පහළ casing එකේ නොගෑවෙන විදිහටහ්ට් සවිකර ගන්න ඔනෙ.

ඉහත මම සදහන් කල IO SHILED එක කියන්නෙ මෙකට. මෙකෙන් වෙන්නෙ මවුපුවරුවෙ ports හරියට නුලට casing එකට සෙට් කරන එක.මෙ තියෙන්නෙ එක. දැන් ඔය හිල් අස්සෙන් මදර්බොඩ් එකෙ ports ගියහම motherboard එක හරියට ම කෙසින් එකට සවි වෙනවා.
387185_187753854647385_100002383162444_380444_1715651867_a.jpg

374801_187753961314041_100002383162444_380445_1400917837_a.jpg

Attaching the Motherbaord's power Cables- දැන් motherboard සහ CPU එකට power සම්භන්ද කරන්න ඔනෙ. Power unit එකෙ ඉදන් එන cable එක pin 20 cable එක හෙවත් ප්‍රදාන විදුලි සැපයුම් plug එක motherboard එකට සවිකරගන්න ඔනෙ.
384218_187756427980461_100002383162444_380455_1052213178_a.jpg

මෙන්න මෙහෙම පරිස්සමෙන් සවි කරගන්න ඔනෙ.
378520_187756814647089_100002383162444_380457_1290043814_a.jpg

මෙ පින් 4 පොඩි cable එකත් motherboard එකට සවිකරගන්න.
378413_187762074646563_100002383162444_380478_247368236_a.jpg

Fitting the CPU- CPU කියන්නේ prosseor එක. දැන් තියෙන්නෙ එක motherboard එකට සවි කරගන්න එක.පරික්ෂාකරන්න motherboard එකට ගැලපෙන CPU එකක් ඔබ පාවිච්චි කරනවාද කියලා. CPU එකේ ඇති සියුම් pins ගැනද වඩාත් ප්‍රවේසම්වන්න, pin හානිවීම නිසා CPU එක ක්‍රියාවිරහිත වන්න පුළුවන්. මෙක හරියටම කරන්න ඔන වැදගත් දෙයක්. හරි පැත්ත බලලා සවි කරන්න ඔනෙ. හරි පැත්ත බලන්නෙ මෙහෙමයි. processor එක ගත්තහම එකෙ එක කොනක තියෙන පොඩි උලක් වගෙ ත්‍රිකොනයක්. අන්න එ ත්‍රිකොනය තියෙන පැත්ත motherboard එකෙ processor port එකෙ තියෙන ත්‍රිකොනය හරියට ම් සෙට් වෙන විදිහට සවි කරන්න ඔනෙ. පින්තුරය බලන්න යාලුවනෙ.
383805_187768724645898_100002383162444_380484_1700373837_a.jpg

හරි. එක සවි කරල ඉවර වෙලා එ port එකෙ side එකකින් තියෙන අර කුර සෙමින් පහලට තද කරන්න ඔනෙ. එතකොට processor එක එ port එකට තදින් සවිවෙනවා. පින්තුරය බලන්න.
383371_187769967979107_100002383162444_380487_109925242_a.jpg

දැන් CPU එක සවි කරල ඉවරයි. CPU එක සවිකල පසු එයින් උපදවන තාපය සන්නයනය සඳහා තාප සන්නායක ආලේපයක් CPU එක මතුපිට 3mm පමණ තවරන්න ඔනෙ. මෙකෙන් වෙන්නෙ CPU එකෙ ඉපදෙන තාපය heat sink එකට සන්නයනය විම වෙගවත් කිරිමයි.
374914_187772074645563_100002383162444_380490_1078750143_a.jpg

නැවතත් හොදින් සහතික කරගන්න cpu එක cpu port එකට තදින් සවිකරන ලිවරය හරි හැටි සවි වෙලාද කියලා.

හරි දැන් තියෙන්නෙ CPU Cooling fan එක සවි කරගන්න.මෙය CPU එක උඩින් සවිවීම සිදුවනවා.
390960_187789041310533_100002383162444_380506_1080495885_a.jpg

Fitting the Drives-Floppy drives නම් දැන් භාවිතයේ නෑ, පරණ IDE, DVDROM/CDROM ඒවානම් තියෙනවා, එවා සම්භන්ද කරන ආකාරය දැන් බලමු.

CD Rom එක සවි කරන හැටි.
මෙහි audio connector, IDE cable ඒක motherboard එකටත් powerconnector එක powersupply එකටත් සවිකරන්න. jumper pins සවිකරන ආකාරය drive එකේ සඳහන් වෙනවා.( power connector ඔනම එකක් සවි කල හැක )
393363_187794977976606_100002383162444_380508_1458174245_a.jpg

අළුත් SATA drives වලනම් power cable එකයි sata cable විතරයි තියෙන්නේ.casing එකට සවිකර ඇණවලින් තද කරගන්න.
377247_187795977976506_100002383162444_380511_108567059_a.jpg

SATA සහ IDE Cables සවිකරන්න ඕනා මෙම ස්ථාන වලට.
390815_187797167976387_100002383162444_380519_425587642_a.jpg

389849_187796584643112_100002383162444_380512_1115874351_a.jpg

Connecting the PC Case Front Panel and external cards- ටිකක් අමාරු කටයුත්ත මේක තමයි. motherboard එකෙන් casing එකට cable කිහිපයක් සම්භන්ද වෙනවා. තව අපි වෙනම මිලට ගත් video card හා modem ආදියද සම්භන්ධ වෙනවා.

Installing the Graphics Card:onboard VGA ගොඩක් වෙලාවට තිබුනත් අපි games වගේ දේවල්නිසා වෙනම VGA එකක් ගන්නවානේ. සාමාන්‍යයෙන් VGA සවිවන්නේ AGP හෝ PCI port එකකට. අළුත් එකක් නම් PCI තමා.

AGP Port-
384625_187805521308885_100002383162444_380541_241538686_a.jpg

මෙසේ සවිකර එය casing එකටද ඇණමඟින් සවිකරන්න.

Attaching the Case Sound Cables:casing එකේ ඉදිරියෙන් හා පසුපසින් audio input, output cable දෙකක් motherboard එකට සවිවනවා. පින්තුරය බලන්න.
392793_187808077975296_100002383162444_380555_1902136703_a.jpg

392853_187808497975254_100002383162444_380558_868242567_a.jpg

PCI Modem Card: මොඩම් භාවිතය නම් දැන් අඩුයි. එවුනාට network card භාවිතාවනවා, එයත් මෙම ආකාරයටම සවිකරන්න පුළුවන්. මෙය සවිවන්නේ PCI port එකට.
388355_187809664641804_100002383162444_380561_745062239_a.jpg

Sound Card: සවුන්ඩ් කාඩ් වල ගනන් නම් දැන් හුගක් අඩුයි. RS.150 ටත් දැන් ඔනෙ තරම් තියෙනවා. දැන් සවුන්ඩ් කාඩ් එක පරිස්සමෙන් මෙන්න මෙ PCI ports වලින් එකකට සවි කරල ඇන තද කරන්න.
374868_194151420674295_100002383162444_395196_981944258_a.jpg

387789_194151647340939_100002383162444_395197_214289033_a.jpg

Case Cable Connections: mothboard එකෙන් casing එකට එහි LED වලට හා speaker එකට cable සවිවනවා. මෙක ලෙසියෙන්ම කරගන්න පුලුවන්. අදාල පින්ස් වල motherboard එක මුල නම සදහන් වෙනවා. එ අනුව මෙය කරගන්න පුලුවන්. හැබැයි මෙය ටිකක් පරිස්සමින් කරන්න ඔනෙ වැඩක්. පින්තුරය බලන්න.
379774_187811094641661_100002383162444_380562_1750670522_a.jpg

Attaching Rams: RAM card දැන් භාවිතාවන්නේ DDR2, DDR3. මෙය cards දෙකක් හෝ තුනක් වුවත් සවිකරන්න පුළුවන්. slot එකට තබා දෙපැත්තෙන් තදකළවිට ටික් ශබ්දයක් සමඟ මෙය සවිවනවා.
389517_187813877974716_100002383162444_380569_128509292_a.jpg

390190_187814097974694_100002383162444_380570_1975815050_a.jpg

දැන් හරි යාලුවනෙ ඔක්කොම සවි කරලා ඉවරයි. දැන් computer එක හරි. එත් os එකක් නැතුව computer එකක් අංග සම්පුර්ණ වෙන්නෙ නැනෙ.. එහෙනම් දැන් බලමු මෙහෙයුම් පද්ධතියක් අපෙ පරිගනකයෙ ස්තාපනය කරන ආකාරය. එහෙනම් වින්ඩොස් එක්ස් පි ඉන්ස්ටොල් කරන හැටි ඉගෙන ගනිමු.

පරිගනකයෙහි WINDOWS XP ස්තාපනය කරමු.


  1. ඔබ සතුව ඇති Win Xp සිඩි තැටිය පරිගනකයෙ CD drive එක තුලට ඇතුල් කරන්න.
  2. පරිගනකයෙ 1st boot drive එක ලෙස cd rom එක සකස් කර ඇත්නම් වින්ඩොස් එක්ස් පි ක්ශණිකව boot වෙ. එසෙ නොවුනහොත් Bios වලට ගොස් 1st boot device එක cd rom ලෙස ලබා දෙන්න.
  3. දැන් මෙම පින්තුරයෙ ආකාරයට සිඩි එක බුට් විම ආරම්භ වෙ. එය continue කිරිම සදහා කුමක් හො බටනයක් press කරන්න.
384656_187821981307239_100002383162444_380578_1094203984_a.jpg

ඊලගට මෙ අයුරින් ෆයිල්ස් ලොඩ් වෙ.
392245_187824021307035_100002383162444_380582_2054990391_a.jpg

අවශ්ය ෆයිල්ස් ලොඩ් වි අවසානයෙ මෙ අයුරින් තිරයක් දිස්වෙයි.
391868_187825187973585_100002383162444_380586_161560012_a.jpg

එම තිරය දිස් වු පසු එන්ටර් යතුර ඔබන්න. ඉන් පසු පැමිනෙන්නෙ වින් එක්ස් පි licence agreement තිරයයි. එම තිරය මෙම රුපයෙන් දැක්වෙ. ඉන්පසු F8 යතුර වරක් press කරන්න.
392294_187826834640087_100002383162444_380587_839779608_a.jpg

ඊලගට පැමිනෙන්නෙ පරිගනකයෙ කුමන Hard disk Partition එකක වින් එක්පි ඉන්ස්ටොල් කල යුතුද යන්නයි. ඔබට අවශ්ය පාටිශන් එක ඩිලිට් කර හො නැවත අලුතෙන් පාර්ටිශන් සාදන්නට වුව ද මෙමගින් හැකියාව ඇත. පාටිශන් සැදිමට c අක්ශරයද, පාටිශන් ඩිලිට් කිරිමට D අක්ශරයද භාවිතා කල හැක.
391171_187830184639752_100002383162444_380589_300517604_a.jpg

පාටිශනයට අවශය ගබඩා ධාරිතාව තෙරිම.
381344_187831484639622_100002383162444_380591_475195190_a.jpg

අවශය පාටිශන් එක තොරගත් පසුව එය මත එන්ටර් කිරිමෙන් මෙම වින්ඩොව ලැබෙ. මෙම වින්ඩොව ලැබෙන විට Highlight වි ඇති ඔප්ශනය මත එන්ටර් කරන්න. ( Format the partition using NTFS file System ) යන්නයි නිවැරදි තෙරිම.
381946_187833994639371_100002383162444_380597_143290312_a.jpg

දැන් ෆොර්මැට් විම ඇරබෙයි.
378856_187835001305937_100002383162444_380601_1982039030_a.jpg

format විම අවසානයෙ නැවත පරිගනකය restart වි මෙම වින්ඩොව ලැබෙ.
391841_187836227972481_100002383162444_380602_414154851_a.jpg

ඉන් පසු ලැබෙන මෙනුවට Serial key එක ලබා දෙන්න. Serial Key- qw4hd-dqcrg-hm64m-6gjrk-8k83t
අවසානයෙ නැවතත් පරිගනකය restart වෙ. දැන් එක්ස් පි සිඩි එක ඉවතට ගන්න. මෙ වින්ඩොවෙහි NEXT බට්න් එක ක්ලික් කරන්න.
393370_187840224638748_100002383162444_380616_683250597_a.jpg

ඊලගට පැමිනෙන් වින්ඩොවෙහිත් next ලබාදෙන්න.

පසුව පැමිනෙන්නෙ මෙම වින්ඩොවයි. මෙහි ඔබට අවශ්ය නම ඇතුලත් කොට NEXT යන්න ලබා දෙන්න.
392204_187841437971960_100002383162444_380618_1491434581_a.jpg

දැන් ඔබ ඔබෙ පරිගනකයෙ වින්ඩොස් එක්ස් පි ස්තාපනය කර අවසන්.
384067_187842227971881_100002383162444_380622_1515189675_a.jpg

වැඩක් උනානම් යාලුවනෙ කමෙන්ට් එකක් ලයික් එකක් දාල යන්න අමතක කරන්න එපා. මෙ පිලිබද නොදන්න අයට ප්‍රයොජනවත් දෙයක් වෙ යැයි සිතනවා.



මේක මම මූනුපොතෙන් අරගත්තේ අපේ ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනයක් වෙයි කියල හිතල :)

හොදනම් රෙප් දීල යන්න ;)
 
Last edited: