පරිඝණකයට තවත් මොනිටරයක් සම්භන්ද කරමු...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පරිඝණකයට තවත් මොනිටරයක් සම්භන්ද කරමු...

    පරිඝණකයට තවත් මොනිටරයක් සම්භන්ද කරමු


    2007-08-23-NewMonitors.jpg


    ඔබත් පරිඝකය ඇසුරින් බහුල වශයෙන් වැඩකටයුතු සිදුකරන පුද්ගලයෙකුනම් මේ ක්‍රමය ඔස්සේ ඔබටද ඔබගේ වැඩ කටයුතු තවත් පහසු කරගත හැකියි.එකම මොහොතක වැඩකටයුතු කිහිපයක් සිදු කරන කෙනෙක්ට ඒ සදහා තනි සීපීයූ එකකට මොනිටර් දෙකක් සම්භන්ද කරන අන්දම ඉදිරිපත් කරමි.මෙය අසීරු කටයුත්තක් නොවේ.එමෙන්ම මේ සදහා අධික වියදමක් දැරීමට අවශ්‍ය වන්නේද නැත.මීට අවශ්‍ය වෙන්නේ දැනට තිබෙන ඩිස්ප්ලේ එකට අමතරව තවත් ඩිස්ප්ලේ එකක් සහ වීජීඒ අවුට් පුට් දෙකක් සහිත ග්‍රැෆික් කාඩ් පතක් පමණි.එවිට ඉතා පහසුවෙන් ඔබටම මෙම කාර්යය සිදුකරගත හැක.මේ හේතුවෙන් වඩා පහසුවෙන්
    ඔබට එකවර කාර්යයන් රැසක් සිදුකරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.


    පියවර 1

    මෙහිදී ඔබ මුලින්ම කල යුතු වන්නේ DIV සහ VGA වශයෙන් Video output දෙකක් සහිත ග්‍රැෆික් කාඩ් පතක් මිලදී ගැනීමයි.වර්ථමානයේදී පරිඝණක වෙළඳපොලෙන් මෙවැනි කාඩ්පතක් පහසුවෙන් මිල දී ගත හැකි වන අතර එවැන්නක මිල ශ්‍රී ලංකා මුදලින් 3000ක් කට පමණ ආසන්න වේ.අනතුරුව එය ඔබගේ මවුපුවරුවට සම්භන්ද කරන්න.

    7165252.jpg


    පියවර 2

    මෙහි දෙවැනි පියවර වශයෙන් මොනිටර් දෙකෙන් එකක් VGA කේබල් එකක් ඔස්සේ CPU එකට සම්භන්ද කල යුතුය.එහිදී ඔබට ග්‍රැෆික් කාඩ්පතෙහි ඇති VGA Port එක මේ සදහා භාවිතා කල හැක.අනතුරුව දැන් ඔබට එම මොනිටරය ඔන් කල හැකි අතර එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

    7165257.jpg


    පියවර 3

    අනතුරුව දෙවැනි මොනිටරය CPU එකට සම්භන්ද කිරීමේදී ඔබ VGA කේබලයකට DIV Adapter එකක් ද සම්භන්ද කල යුතු වේ.මන්ද ඔබ දෙවැනි මොනිටරය සම්භන්ද කල යුත්තේ DIV Port එකට වන බැවිනි.VGA කේබල් වලට සවිකරන මෙවැනි Adapter වෙළඳපොලින් ඉතා අඩු මිලකට මිලදී ගත හැකිය.මේ අයුරින් දෙවැනි මොනිටරය ද සම්භන්ද කල පසුව එයද ඔන් කල හැකි වේ.(මොනිටර් දෙකෙහිම පවර් කේබල් යූපීඑස් එකෙහි පවර් සොකට් දෙකකට සවි කරන්න)

    7165258.jpg


    පියවර 4

    මේ අයුරින් ඔබ CPU එකට අමතරව සම්භන්ද කල මොනිටරය ක්‍රියාත්මක වේදැයි දැන ගැනීම සදහා ඒ බව පරීක්ෂා කල යුතුය.ඔබගේ පරිඝණකයේ ඇත්තේ Windows XP මෙහෙයුම් පද්ධතියක්නම් එහි ඩෙස්ක්ටොප්හි රයිට් ක්ලික් කර properties වලට යන්න.properties හි සෙටින්ග්ස් ටැබ් එක ක්ලික් කිරීමෙන් මොනිටර් දෙකම ඔබගේ පරිඝණකයට සම්භන්ද වී ඇතිද යන්න දැන ගැනීමට පුලුවන.වින්ඩෝස් සෙවන් හෝ විස්ටා මෙහෙයුම් පද්ධති ඇති පරිඝණක නම් ඒ සදහා ස්ටාර්ට් මෙනියු ක්ලික් කර එහි වූ සර්ච් බොක්ස් එකෙහි change display settings යන්න ටයිප් කොට එන්ටර් කිරීමෙන් මේ බව පරීක්ෂා කල හැකි වේ.
    යම් හෙයකින් මොනිටර්ස් දෙකම පෙන්වන්නේ නැතිනම් පරිඝණකය රීස්ටාර්ට් කිරීමෙන් එම දෝෂය නිවැරදි කර ගැනීමට පුලුවන.එමෙන්ම මෙහිදී අදාල කේබල් නිවැරදි පරිදි සම්භන්ද වී ඇද්ද යන්න ද ඔබ විසින් පරීක්ෂා කර බැලීම වැදගත් වේ.

    පියවර 5

    දැන් මොනිටර් දෙක 01 හා 02 වශයෙන් ලේබල් වී ඇති අතර ඒවාගේ තිරයන්හි මේවා දක්නට ලැබේ.මෙහි ඇති ඩිස්ප්ලේ කමාන්ඩ් එකෙහි ඇරෝ හෙඩ් එක
    ක්ලික් කිරීමෙන් දෙවැනි මොනිටරය සිලෙක්ට් කිරීමේ හැකියාවක්ද ඇත.එමෙන්ම පලමු මොනිටරයේ වූ ඩෙස්ක්ටොප් එක අනික් මොනිටරය කරා ද රැගෙන යාමේදී
    එක්ස්පී වල නම් extend my desktop යන්න ටික් කිරීමෙන් එය සිදු කල හැකි අතර වින් සෙවන් හෝ විස්ටා වලදී multiple displays drop down menu වලට ගොස් expend these displays යන්න සිලෙක්ට් කරගතහැකිය.අනතුරුව එය ඇප්ලයි කොට ඕකේ කරන්න.

    7165263.jpg


    7165266.jpg


    පියවර 6

    මොනිටර්ස් වල තිබිය යුතු රෙසලූෂන් මට්ටම,දිශානිතිය ආදියද මෙහිදී ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමේ හැකියාව තිබේ.එම ඩිස්ප්ලේ එකට අදාල දෑ සිලෙක්ට් කොට වෙනස් කර ඇප්ලයි කිරීමෙන් එය සිදු කරගත හැක.



    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    6921879.gif




    7165270.gif





    7165274.gif


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට ඕයි..මේක චෙක් කරන්නත් එක්ක මට මොනිටර් එකක් ගෙනත් දීපන්..මම චෙක් කරල බලල හරි ගියොත් රෙපක් දෙන්නම්
    girl_cool.gif
    girl_cool.gif
    girl_flag_of_truce.gif
    drinks.gif
    girl_cray.gif
    girl_curtsey.gif
    girl_cool.gif
    girl_flag_of_truce.gif
    drinks.gif
    girl_cray.gif
    girl_curtsey.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොහෝ දෙනෙකුට වැදගත් වෙයි..
    ස්තුතියි බේදා ගත්තාට..
    තෑන්ක්ස් මචන්:):):)
    පට්ට ඕයි..මේක චෙක් කරන්නත් එක්ක මට මොනිටර් එකක් ගෙනත් දීපන්..මම චෙක් කරල බලල හරි ගියොත් රෙපක් දෙන්නම්
    girl_cool.gif
    girl_cool.gif
    girl_flag_of_truce.gif
    drinks.gif
    girl_cray.gif
    girl_curtsey.gif
    girl_cool.gif
    girl_flag_of_truce.gif
    drinks.gif
    girl_cray.gif
    girl_curtsey.gif
    චික්
    වල් ගහ:P

    අරව බැහැ..
    You must spread some Reputation around before giving it to sudu pusa again.
    දීපිය නැතිනම් මරලා දානවා:frown:

    Thankz Pusa
    තෑන්ක්ස් මචන්ලා:):)
     

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0
    දැක්කනේ උඹල අපේ අයිය දන්නා දේවල්..... :):):)

    රෙප් දෙන්න බෑලූ... :(
     

    Similar threads