Gangodawila Soma Suwamin Wahanse Gana Aprakata Thorathuru Kihipayak!

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු කිහිපයක්!

    picture.php


    පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය.


    වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ රෝහලේ පසුවෙද්දී සෝම හිමියෝ උන්වහන්සේට පිරිත් කියමින් උන්හ. එවිට එහි ගොඩ වැදුනේ එවකට සිටි රටේ නායිකාවයි. ඇයත් සමග ඇයගේ උපදේශක හිමිනමක්ද විය. මහ නාහිමියන්ගේ රෝහල් කාමරයට පෑමිනි ඒ හිමි නම මැඩම් ඇවිල්ලා යැයි කී විට සෝම හිමි වදාළේ පිරිත් කියා අවසන් වනතුරු ඈයට ඉන්න කියන ලෙසය. එසේ කියා උන්වහන්සේ දිගටම පිරිත් කී සේක.

    විනාඩි විස්සකට පමණ පසු ඇයට මහ නාහිමි බැහැ දකින්නට අවසර ලැබිණි. සෝම හිමියන් හදුන්වාදුන් පසු ඒ “මැඩම්” – “ආ මම ඔබ වහන්සේගෙ බණ අහලා තියෙනවා” යෑයි කීවිට සෝම හිමියන් අභීතව ප්‍රකාශ කළේ “අනේ බොරු කියන්න එපා” ලෙසය. ඈයට කී බොරුව අතේම පත්තු විය. පසුව යන්න ලෑස්ති වී ඇය උන්වහන්සේට ආරාධනාවක් කළාය. එනම් ඇයට කෝල් එකක් දී ඇයට පහසු විටක ඇයව පෑමිණ මුණ ගැසෙන ලෙසය. සෝම හිමියන් ඇයට අපූරු උත්තරයක් දුන් සේක. “මැඩම්, මම දින පතා ගම් දනවු වැඩම කරමින් දිවා රෑ නොබලා මිනිස්සුන්ට බණ කියනවා. මට හරි අවිවේකයි. ඔබතුමිය මට විවේකී වෙලාවක ඈවිදින් මාව හමුවෙන්න.”

    උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා. අප මෙතෙක් ‍රැස් කරගත්තාවු යම් කුසලස්කන්ධයක් වෙනම් ඒ සියල්ල උන්වහන්සේට අනුමෝදන් වෙත්වා. සසර වසනා තුරු උන්වහන්සේගේ කල්‍යාණ මිතුදම පතමි. එකම සද්ධර්ම මණ්ඩපයක යථාවබෝධය සාක්ෂාත් කර ගැනීමට පෙරුම් පුරමි.


    -ප්‍රියන්ත ලියනගේ-

    මුලාශ්‍රය->
    සිංහල බෞද්ධයා

    ...........................................




     
    • Like
    Reactions: roshancs05

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා. අප මෙතෙක් ‍රැස් කරගත්තාවු යම් කුසලස්කන්ධයක් වෙනම් ඒ සියල්ල උන්වහන්සේට අනුමෝදන් වෙත්වා.
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ වගේ වැදගත් කරුණු අපිත් එක්ක බෙදා ගන්නවට බොහොම පින් සහෝදරයා
    රෙප් 6+