~~ ඔබත් තට්ට කුකුලෙක්ද ? ~~

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ~~ ඔබත් තට්ට කුකුලෙක්ද ? ~~



    තට්ට කුකුලෙක්ද කියලා ඇහුවට මල බම්ප් කරගන්න එපා හොඳේ ? :sorry:
    ගොඩක් අයට තියන ප්‍රශ්නයක්නේ අකලට හිස කෙස් යාම :confused:
    මට හම්බුණා මේකට හොඳ පිලියමක් :yes:
    අලි මල්ලි අන්තර්ජාලේ රස්තියාදු ගහද්දි තමයි මේක දැක්කේ
    :cool:
    මට ඉතින් එක පාරටම මතක් උනේ එලකිරියේ තට්ට අයියලා ටික :P
    අපේ එලකිරියේ ගොඩක් අයියලා නාහෙන් අඬනවනේ තට්ටේ පෑදිලා කියලා :baffled:
    ඇයි තව තට්ටයන්ගේ ක්ලබ් එකකුත් තියෙන්
    නේ :shocked:
    පවුසි අයියා ඒ ගැන හොය හොය හිටියා වගේ මට මතකයි :rolleyes:
    මන් ඉතින් ඒ සයිට් එකෙන් උස්සලා විස්තර ටිකකුත් දැම්මා :)
    වැඩේ කරගන්න ඕනේ අයට ලේසි වෙන්න යටින් සයිට් එකත් දාලා ඇති ;)



    (IHI) PST Treatment Methodology



    ජාත්‍යාන්තර හිසකෙස් සිටුවීමේ සහ ප්ලාස්ටික් ශල්‍යකර්ම කණ්ඩායම (IHT) PST හිදී අප භාවිතා කරනුයේ අවම වේදනාකාරී හිසකෙස් නැවත සිටුවීමේ ක්‍රමයකි . එය පැරණි තීරු තාක්ෂණයට වඩා වසර ගණනාවක් ඉදිරියෙන් සිටින තාක්ෂණයකි. එහි තීරු, මැහුම්,ශල්‍ය වෛද්‍ය පිහි හෝ වේදනාකාර ශල්‍ය කර්මඅවශ්‍ය නොවේ. කැපුම් තල හිසකෙස් කෘතිමව රෝපණය කිරීමේ ක්‍රියාවලියේදී කිසිම අවස්ථාවක භාවිතා කරනු නොලැබේ. ඉතා සියුම් විශේෂයෙන් නිර්මාණය කරන ලද උඳුරා ගැනීමේ උපකරණයක් භාවිතා කරන අතර එමගින් හිසකෙස් එකින් එක ඒවා ලබා ගන්නා ස්ථානයට කිසිඳු කැළලක්නොකොට ලබාගැනීමේ හැකියාව ඇත. මෙම උඳුරා ගැනීමේ උපකරණ මි.මී. 0.8 සිට මි.මී. 1 පමණ විශ්කම්භයක් සහිත වේ. ඉන්පසු එම හිසකෙස් (IHT) PST රෝපණය කිරීමේ උපකරණය භාවිතයෙන් සිටුවනු ලැබේ. මෙම උපකරණය අලුතින් සිටුවන ලද හිසකෙස්වල කෝණය සහ දිශාවේ නිවැරදිතාවය තහවුරු කරයි. මෙහිදී දැනට පවතින හිසකෙස්වල කෝණ සහ දිශාවන් පිටපත් කරගෙන නැවත සිටවන ලද හිසකෙස් ඔබගේ කෙස් අග සීමාව හා පරිසාමාප්තව ගැලපීම තහවුරු කරගනු ලැබේ. මෙම සම්පුර්ණ ක්‍රියාවලිය සඳහා පවත්නා තත්වය මත පැය කිහිපයක් ගතවනු ඇත. එය පුර්ණ වශයෙන් සහතික කරනු ලබන අතර සියලු අදියරයන් පිලිබඳ විස්තර ලිඛිතව ලබා දෙනු ලැබේ.

    about-us-images.jpg



    හිසකෙස් නැවත සිටුවීමේ ප්‍රතිකාර පිලිබඳ ප්‍රශ්න සහ පිළිතුරු.



    1. මිනිසුන්ගේ හිසකෙස් අකලට ගැලවෙන්නේ (තට්ටය පෑදෙන්නේ) ඇයි? 98% ක් පමණ ජානමය හේතුන් මත සිදු වේ. ඔබගේ හිසකෙස් අහිමිවීම හෝ නොවීම ඔබ ඉපදීමටත් පෙර තීරණය වේ. හිසකෙස් අහිමිවීමේ තත්වයට හඳුනාගත් හේතුන් දෙකක් ඇත. DHT සහ රුධිරය ගැනීම අඩු වීම DI - hydrotestosteron නැමැති අප ශරීරයේ තිබෙන හෝර්මෝන පුරුෂයන්ගේ හෝ ගැහැණුන්ගේ හිසකෙස් අහිමිවීමට හේතු වේ. DHT යනු පුරුෂ හෝර්මෝන testosterone හි ප්රහභේද නිපැයුමක් වේ. එය ඇල්ෆා රිදක්ටස් නැමැති එන්සයිමය මගින් පරිවර්තනය කරනු ලැබේ.
      ජානමය වශයෙන් හිසකෙස් අකලට වැටීමේ (තට්ටය පෑදීමේ) නැඹුරුතාවයක් ඇති පුද්ගලයින්ගේ DHT වල පැවැතීම හිසකෙස් වැඩීමේ චක්‍රය කෙටි කිරීමට හේතු වේ. කාලයත් සමග මෙම හිසකෙස් වැඩෙන කුහර සිහින් වේ. මෙම සිහින් වූ හිසකෙස් කුහරවල ප්‍රමාණය වැඩිවත්ම ඔහු හෝ ඇයගේ හිසෙහි තට්ටය පෑදේ.සත්‍ය වශයෙන් ඔබේ හිසකෙස් තුනීවන බව ඔබ දැනුවත් වනුයේ හිසකෙස් 50% කට වඩා දැනුණු පසුවයි.
      හිසකෙස් අකලට වැටීමේ (තට්ටය පෑදීමේ) දෙවැනි හේතුව වනුයේ හිසකෙස් කුහර තුනී වූ හෝ තට්ටය පෑදුන්‍ර ප්‍රදේශ වලට යැවෙන රුධිර ගමනය අඩු වීමයි. “ඩොපර්” රුධිර ගමන අධ්‍යයනය පෙන්නුම් කරනුයේ හිසේ සමෙහි අනෙකත්‍ ප්‍රදේශ වලට සාපේක්ෂව තට්ටය පෑදුන ප්‍රදේශ වල රුධිර සංසරණය අඩු බවකි.
    2. තොප්පියක් හෝ හිස්වැස්මක් පැළදීම හිසකෙස් අකලට ගැලවීමට හේතුවේද? ඔබ කුමන වර්ගයේ ෂැම්පු භාවිතා කර කොපමණ වරක් හිසකෙස් සෝදන්නේද යන්න හෝ ඔබ කවදා හෝ හිස්වැස්මක් හෝ තොප්පියක් පැලදුවද යන්න හෝ ඔබ කෙසේ හිසකෙස් පීරන්නේද හෝ කෙසේ හිස පිරිමදින්නේද යන්න කිසිසේත්ම හිසකෙස් අකලට ගැලවීමට (තට්ටය පෑදීමට) හේතු නොවේ.
    3. දිනකට සමාන්‍යයෙන් හිසකෙස් කොපමණ සංඛ්‍යාවක් ගැලවෙන්නේද? සමාන්‍යයෙන් පුද්ගලයකුගේ හිසකෙස් දළ වශයෙන් 100 - 150 පමණ දිනකට ගැලවී යයි. මෙම හිසකෙස් වලින් බහුතර සංඛ්‍යාවක් හිසකෙස් වැවෙන කුහර සෞඛ්‍ය සම්පන්නව සහ නොබිදී පවතින නිසා නැවත වර්ධනය වේ.සමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ හිසෙහි හිසකෙස් වැඩෙන කුඩා කුහර 150000 ක් පමණ තිබේ.
    4. කාන්තාවන්ගේ හිසකෙස් අකලට ගැලවෙන්නේ පුරුෂයන්ට බලපාන හේතුන් මතමද? බහුතර අවස්ථාවකදී පිළිතුර ඔව් යන්නයි.
    5. හිසකෙස් නැවත සිටුවීම යනු කුමක්ද? හිසකෙස් නැවත සිටුවීම යනු සමෙහි සිදු කරන සරල ශල්‍යකර්මයකි. එමගින් හිසෙහි පිටුපස සහ පැති වලින් ලබාගන්නා බද්ධ කරනු ලබන කොටස් (මේ වාගේ සමාන්‍යයෙන් හිසකෙස් එකක් තුනක් අතර ප්‍රමාණයක් අඩංගු වේ) හිසෙහි තට්ටය මතුවුණ හෝ හිසකෙස් අඩු ප්‍රදේශ වල ශල්‍ය කර්මයක් මගින් තැන්පත් කරනු ලැබේ.
    6. නැවත සිටුවනු ලබන හිසකෙස් වැටෙන්නේ නැත්තේ ඇයි? හිසෙහි පිටුපස සහ පැති වලින් ලබාගන්නා හිසකෙස් නැවත සිටුවනු ලබනුයේ කිසිදා නොවැටෙන ලෙස ජානමය වශයෙන් සකස් කරනු ලැබූ පසුවයි.
    7. හිසකෙස් නැවත සිටුවීමට සුදුසු වයස කීයද? අපගේ හිසකෙස් නැවත සිටුවනු ලැබූ රෝගීන් අවුරුදු 20 සිට 90 දක්වා වන අතර වේ. ඒ අනුව සුදුසු වයසක් නිශ්චිතව කිව නොහැකි අතර ඔබ ඕනෑම වයසක අයකු වුවත් මෙම ශල්‍යකර්මය සඳහා භාජනය විය හැක.
    8. හිසකෙස් නැවත සිටුවීම වේදනාකාරීද? සුළු වශයෙන් කරනු ලබන නිර්වින්දනය වේදනාකාරී නොමැති බව සහතික කෙරේ. ශල්‍යකර්මයෙන් පසු සමහර රෝගීන්ට ඇතිවන සුළු අපහසුතා මඟහැර ගැනීමට Tylenol නැමැති ඖෂධ ගැනීම පමණක් ප්‍රමාණවත් වේ.
    9. හිසකෙස් සිටුවීමේ ශල්‍ය කර්මය සිඳු කරනවිට රෝගියා අවදියෙන් සිටී. ශල්‍ය කර්මය කරන කාල සීමාව තුල රෝගියා පුර්ණ වශයෙන් අවදියෙන් සහ පියවි සිහියෙන් සිටී. ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය වනුයේ බාහිර නිර්වින්දනයක් වන අතර රෝගියාට ශල්‍ය කර්මය කරන කාලය තුළ රුපවාහිනිය නැරඹීම හෝ පොතක් කියවීම කළ හැක. රෝගියෙකුට මෘදු නිද්‍රාජනක ඖෂධයක්අවශ්‍ය නම් එයද ලබා දිය හැක.
    10. මෙම ක්‍රියාවලිය සඳහා කොපමණ කාලයක් ගතවේද? බොහෝ ශල්‍යකර්ම සඳහා අසන්න වශයෙන් පැය 3 - 5 කාලයක් ගත වන අතර එය හිසකෙස් සිටුවන ප්‍රමාණය අනුව රඳා පවතී.
    11. නැවත සිටුවීම කළ විගසම හිසකෙස් දිගට පිහිටාවිද? නැහැ. හිසකෙස් මිලි මීටර කිහිපයක් පමණ දිගට පිහිටයි. නැවත සිටවූ විගස හිසකෙස් වර්ධනය වන බව පෙන්නුම් කරයි. නමුත් සත්‍ය වශයෙන් සිදුවනුයේ හිසකෙස් තෙරපීමකි. සති 3 - 4 තුළ නැවත සිටුවනු ලැබූ හිසකෙස් සියල්ලම වාගේ හැලීම සිදුවේ. මූලික හිසකෙස් වැටීම සිදුවී ආසන්න වශයෙන් මාස 3 කට පසු අලුත් හිසකෙස් වර්ධනය ඇරඹේ.
    12. හිසකෙස් වැඩීම ආරම්භ වීමට කොපමණ කලක් ගතවේද? හිසකෙස් නැවත සිටුවීම කළ පසු රෝගීන්ට මාස 4 ක පමණ සමාන්‍යයෙන් හිසකෙස් වර්ධනය බලාපොරොත්තු විය හැක. සමහර අවස්ථා වලදී පුද්ගලයින්ගේ විවිධත්ව හෝ ශල්‍ය කර්ම කිහිපයක් කිරීම නිසා හිසකෙස් වර්ධනය සෙමින් සිදු විය හැකිය. පසුව හිසකෙස් වර්ධනය සමාන්‍ය වේගයෙන් එනම් මසකට අඟල් 1/4, 1/2 වේගයෙන් සිදු වේ.
    13. මගේ හිසකෙස් ෆර්ම්, වර්ණ ගැලවීම හෝ ඩයි කළ හැකිද? සත්‍ය වශයෙන්ම නැවත සිටුවන ලද හිසකෙස් හිසෙහි තිබෙන අනිත් හිසකෙස් වගේම මසකට අඟල් 1/4 - 1/2 අතර වේගයෙන් වැඩෙනවා. එය ඔබේම වැඩෙන හිසකෙස් නිසා ෆර්ම් කිරීම, වර්ණ ගැන්වීම, කැපීම, කර්ල් කිරීම කළ හැක.
    14. ඔබට වෙනත් අයකුගේ හිසකෙස් භාවිතා කොට නැවත සිටුවිය හැකිද? නැහැ. බාහිර පටක ප්‍රතික්ෂේප කරන බැවින් එය කළ නොහැකියි.
    15. ජාත්‍යාන්තර හිසකෙස් නැවත සිටුවීමේ ආයතනය (IHT) "ප්ලග්" නැවත සිටුවීම කරන්නේද? නැත. “ප්ලග්” තාක්ෂනය 1950 වර්ෂයේ සිට 1980 දක්වා ප්‍රචලිතව පවතින කර්මයකි. අද භාවිතා කරනුයේ හිසකෙස් 1- 4 අන්තර්ගත ඉතා කුඩා අංකුර වේ.
    16. හිසකෙස් නැවත සිටුවීමේ ශල්‍ය කර්මයට ගාස්තු ගෙවිය හැක්කේ කෙසේද? ශල්‍ය කර්ම ගාස්තු මුදලින්, පෞද්ගලික චෙක්පතකින් හෝ ක්‍රෙඩිට් කාඩ් පතකින් ගෙවිය හැක


    මේක කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම්..





    ස්පෑම් කරා කියලා කියන්න එපෝ...:sorry: