◘▬◘ කෙල්ලනේ පරිස්සමින් ◘▬◘

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ◘▬◘ කෙල්ලනේ පරිස්සමින් ◘▬◘

    123hvq.jpg

    ◄..Pinhole කැමරා..►

    මේ උත්සව සමයේ සාප්පු සවාරි යන අපේ ගෑණු ළමයින්ටයි මේ මතක් කිරීම. මේ රූපයේ පෙන්වා ඇති අයුරු pinhole කැමරා නම් ඉතා කුඩා කැමරා වර්ගයක් trial rooms තුළ සවිකොට ඔයාලා ඇඳුම් මාරුකරන විට ඒ දර්ශන වීඩියෝගත කරනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද?

    ඇත්තටම දැන් දැන් ඒ ප්‍රවණතාව බොහෝම වැඩි වෙමින් යන බැවින් ඔබ සියලු දෙනාම ඒ පිළිබඳව දැනුවත් කිරීමට සිතුවා.

    •Pinhole කැමරා ඇත්දැයි පරීක්‍ෂා කරගන්නා අන්දම.
    ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
    ඔබ trial rooms තුළට ඇතුල්වීමට පෙර ඔබගේ ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. හැකිනම් ඉන්පසු ඒ තුළට ඇතුළුවී නැවත දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. ඔබට එවිට දුරකතන ඇමතුමක් ලබාගත නොහැකි නම් ඒ තුළ pinhole කැමරාවක් ඇති බව සනාථ වේ.

    මේ කැමරා ඇත්තේ trial rooms තුළ පමණක්ම නොවේ. පොදු වැසිකිලි තුළ, හෝටල් නාන කාමර තුළ පවා මේවා සඟවා තබා ඔබව වීඩියෝගත කිරීමට ඉඩ ඇති බව සිහිතබා ගන්න.

    ◄..2-way Mirrors..►

    Pinhole කැමරා සේම තවත් භයානක දෙයක් දැන් trial rooms තුළ සවි කර තිබෙනවා. ඒ තමයි 2-way mirrors. 2-way mirrors යනු එම කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව පෙනෙන අතර ඔබට ඔවුන්ව නොපෙනීමයි. ඉතිං ඔබ එවන් කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇඳුම් මාරුකලහොත් සිදුවන දේ පැහැදිළියි නේද?

    •2-way Mirrors භාවිතා කොට ඇත්දැයි පරීක්‍ෂා කරගන්නා අන්දම.
    ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
    ඔබ ඉදිරියේ ඇති කණ්ණාඩිය මත ඔබේ ඇඟිලි තුඩ තබන්න. එවිට එහි ඇතිවන ප්‍රතිබිම්භය සහ ඔබේ ඇඟිලි තුඩ අතර හිඩසක් පෙනෙන්නට තිබේ නම් ඒ සාමාන්‍යය කණ්ණාඩියකි. නමුත් එසේ නොවී ඔබේ ඇඟිලි තුඩ ඍජුව ප්‍රතිබිම්භයෙහි ගැටේ නම් එය 2-way mirror එකක් බව සනාථ වේ.

    මේ දේ හැකිතාක් ඔබේ මිතුරියන් සමඟ බෙදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න. ඔබේම සහෝදරිය, ඔබේම ආදරවන්තිය මේ දේට ගොදුරු විය හැකි බව සිහියට ගන්න.



    facebook එකෙන් ඉස්සුවෙ
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    yako ithin hidden cams tiyenne DVR eva.. button eka push karala record wenna daala tibbahama paya 10k vitara record wenne.. ova hoyaganne kohomada? phone call seen eka nam boruvak wenna athi.. kiyala hithenava