සෙම්බුවත්ත-මාතලේ

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සෙම්බුවත්ත-මාතලේ

ඔන්න ඉතින් හා හා පුරා කියලා ත්‍රෙඩ් එකක් දාන්න හදන්නේ.මේ මගේ පලවෙනි ත්‍රෙඩ්.:yes:
දැන් ඉතින් අහන්න එපා 2008 ඉඳලා උඹ මොකද කලේ කියලා:sorry:
අඩු පාඩු එහෙම තියෙනවා නම් කියලා දෙන්න.;)

ඡායාරූප ගන්න පාවිච්චි කලේ Nokia 6700s ,Nokia N73 දුරකතන 2 සහ Sony කැමරාවක්.වැඩියෙන්ම පාවිච්චි කලේ මගේ Nokia 6700s එක
ඔන්න එහෙනම් පටන් ගන්නයි හදන්නේ

මේ තමා මම ගිය ගමන් මාර්ගය.මම ගෙදර ඉඳලා තමයි ගියේ .





මේ ඔයාලා කොළඹ ඉඳලා යනවානම් යන්න ඕන මාර්ගය .



ඉතාමත් සුන්දර ප්‍රදේශයක පිහිටා ඇති මෙම ස්තානය උස් කඳු මුදුනක තේවතු වලට මැදි වී තිබෙන අමුතුම තැනක්.:oo:
මෙතනට යන පාර නම් එතරම් හොඳ තත්වයක් නැහැ.ෆොවීල් වාහනයක් තියෙනවා නම් වඩා හොඳයි.
මෙතනට ඇතුල් වෙනකොට එක් අයෙකුට රුපියල් 20ක ටිකට් පතක් ගන්න වෙනවා.


මුලින්ම අපිට හම්බවෙන්න මේ තේ කර්මාන්ත ශාලාව.මේකනම් දැන් අත් හැරලා දාල වගේ:(




මෙතන පහු කරලා කන්දක් නගින්න තියෙනවා.පයින් නෙවෙයි වාහනයකින්ම යන්න පුලුවන් වැව ගාවටම


මෙන්න අපි පසු කරගෙන ආව තේ කර්මාන්ත ශාලාව




හ්ම්ම්ම් කන්ද නැගලා ඉවරයි. සෙම්බු වැවට ඔන්න ආවා.:cool:


















තව පොඩ්ඩේන් කියන්න අමතක වෙනවා සෙම්බුවත්ත කියන නම හැදුනු විදිහ.
සමහර කාල වලදි මේ වැවෙන් රත්තරන් සෙම්බුවක් මතු වෙනවලු.එහෙම සෙම්බුවක් මතු වුන දවසට මිනිස් බිල්ලක් ගන්නවා කියලා කතාවක් තියෙනවා.:shocked:එ නිසා මේ වැවට සහ මේ වත්තට මේ නම ලැබුනා කියලයි කියන්නේ.
ඒ වගේම මේ වැව සෙම්බුවක් ආකරයට පිහිටලා තියෙනවා කියලත් කියනවා.වැව පතුලට යනකොට V හැඩයට පිහිටලා තියෙන්නේ.වතුර අඩු කාලෙට ඒ බව හොදින් බලාගන්න පුලුවන්.
මම දන්න විදිහට දැනට 9 දෙනෙක් මේ වැවේ ගිලිලා මැරිලා තියෙනවා.අන්තිම බිල්ල උනේ ගුරුවරයෙක්.
:(

එ නිසා ඔයාලත් මෙතනට ගියොත් වැවේ නාන්න නම් හිතන්නවත් එපා. :no:
නාන්න මරු පොට් එකක් තියෙනවා පහලට යනකොට බලාගන්න පුලුවන් වෙයි:)





හිටපු ගමන් වෙනස් වෙන කාලගුණයක් තමයි මේ ප්‍රදේශයට තියෙන්නේ.
මේ දවල් 12ට විතර
මගේ දකුණු අත පැත්තේන් තියෙන්නේ වැව,කොහොමද මීදුම












මේ පඩි පෙල ඉවර වෙන තැන තියෙන්නේ වැව


























මෙන්න කලින් දැකපු පඩිපෙල ඉවර වෙන තැන.කොහොමද වෙනස











මෙන්න මම කලින් කියපු නාන්න කියාපු තැන.උල්පත් ජලයෙන් පෝෂනය වෙන නාන තටාකය.ගිලෙන්නේත් නෑ.එරෙන්නෙත් නෑ.ෆුල් අතල් එකේ නාගන්න පුලුවන්.:cool:














අපි තාම පොඩි එවුන්:P





ඉර බැහැගෙන යනවා.කොහොමද කාලගුනේ වෙනස් වෙලා තියෙන හැටි.
















ඉර බැහැගෙන යාමේ අපිත් පල්ලම් බැහැගෙන ගෙදර එන්න පිටත් උනා.

බලලා කමෙන්ට් 1 වත් දාලා යන්න.පලවෙනි ත්‍රෙඩ් එකනේ.
:)