පුදුම හතෙන් එකක් - ‍පෙට්රා [Petra - The lost city of mysteries]

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
පුදුම හතෙන් එකක් - ‍පෙට්රා [Petra - The lost city of mysteries]

ලෝකයේ පුදුම හත ලෙස හදුන්වන අසාමාන්‍ය නිර්මාණ අතරට යම් ඉදිකිරීමක් හෝ වෙනයම් දෙයක් පැමිනෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ අභියෝගය ජයගත්ත ස්ථානයක් තමයි ජෝර්දානයේ පිහිටා තිබෙන පෙට්රා (Petra) කියන පාශානමය කදුකර පෙදෙසක නිර්මානය කරල තිබෙන බලකොටුවක් වැනි ගොඩනැගිලි සංකීර්ණය හා නගරයයි. 2007 දී නම් කෙරෙනු පුදුම හතේ ලැයිස්තුවට තමයි මෙම නිර්මාණය එකතු වුනේ.ඒත් ඊට කලින් 1985 දී යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම අතරට මෙම පෙට්රා සංකීර්ණය නම් කරනු ලැබුවේ.

treasury.jpg


පෙට්රා කියන වචනය ග්‍රීක භාෂාවෙන් ආපු එකක් වගේම එහි තේරුම පාශානමය යන්නයි. මෙම ස්ථානය ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මකවත් ඉතා වැදගත් ස්ථානයක්. පිහිටලා තියෙන්නේ ජෝර්දානයේ Maan_Governorateකියන නගරයේ තමයි. පෞරානික ජනවර්ගයක් වන Nabataeans ජනයාගේ අගනුවර ලෙසත් එදා පෙට්රා සලකල තියෙන බවත් කිවයුතුයි. මෙය පාශාන කැටයම් කරල නිර්මාණය කරල තියෙනව වගේම තව මෙහි වැදගත් දෙයක් තමයි මෙහි ජල මාර්ග පද්දතියකුත් (water conduits system) එදා අතීතයේ ඉදිකරල තිබීම. ඉදිකරන ලද කාලය ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 6 වන සියවස.

521px-Silk_Tomb%252C_Petra.jpg


42-17726393.jpg


පෙට්රා කියන්නේ ජෝර්දානයේ සලකුන කියල නම් කලත් වරදක් නැහැ වගේම එරට වැඩිම සංචාරක පිරිසක් යන ස්ථානය හැටියටත් සැලකෙන්නේ මෙයමයි. මෙය පිහිටි ස්ථානය ගතහොත් එය Hor කියන කදු බෑවුමේ Arabah කියන කදුවැටියේ නැගෙනහිර පැත්තේ පහලට වන්නට තමයි. ඒවගේම මල මුහුදේ සිට Gulf of Aqaba දෙසට යන විශාල නිම්නයත් මේහරහා තමයි වැටී තියෙන්නේ.


මෙම ප්‍රදේශය ගත් විට එය Sandstone ලෙස හදුන්වන පාශාන කදුවලින් වටවෙලා තියෙන අතර මෙයට වැටී තිබෙන පිවිසුම් මාර්ග කිහිපයක් තිබුනත් ඒවා කිසිවක් එතරම් පහසු ඒවා නොවන බවද පැවසෙනවා. ප්‍රධාන පිවිසුම් මඟ අරාබි බසින් හැදින්වෙන්නේ Siq ලෙසයි. එය ඉංග්‍රීසි බසින් The Shaft ලෙස දක්වන්න පුළුවන්. මෙම Siq පිවිසුම් මගේ පැත්තක උස අඩි 650 ක් නැතහොත් 200 m පමණ වෙතැයි පවසනවා. එසේම මෙම පිවිසුමේ බොහෝ ස්ථාන වල පළල මීටර් තුනක් පමණක් වීමද වැදගත් කරුණක් වන අතර වර්තමානයේ පවා මේ ස්ථානය වෙතට වාහන වලින් යාම සිදුකල නොහැකි අතර පාගමනින්, අශ්වයන්, පෝනීන්, කොටළුවන් හෝ ඔටුවන් පිට නැගී හෝ එම සතුන් විසින් ඇද ගෙන යනු ලබන කරත්තවල නැගී මෙම ස්ථානයට යාමට සිදුවේ.

400px-First_Glimpse.jpg


siq2.jpg


Petra-Roman-Aqueduct.jpg


tres2.jpg


මෙහි තිබෙන තවත් දෙයක් තමයි 800 ක් පමණ වූ කැටයම් කල සොහොන් සමූහය (Rock-cut Tombs - මෙය ඇතැම් මූලාශ්‍ර වල 3000 ක් පමණ වෙතැයිද සදහන් වෙනවා). මෙයින් වඩාත් ප්‍රසිද්ධම සොහොන තමයි the Kazneh ලෙස එහෙමත් නැත්නම් "treasure" කියන අර්ථයෙන් හැදින්වෙන සොහොන. මෙහි පාරෝවරුන්ගේ රන් ඉහලින් පිහිටා ඇති බදුනක (the urn) තැන්පත කර ඇතැයි විශ්වාස කෙරෙනවා. කෙසේවෙතත් මෙහි සත්‍යතාවයක් නොමැතිබවයි ඉතිහාසඥයන්ගේ මතය‍‍. මෙම සෙහොනේ ඉදිරිපැත්ත ඉහල සිට පහළට ඉදිකර තිබීමද විශේෂත්වයක්. ඒ අනුව එම කාර්යය සිදුකරන්නට ඇතැයි සිතන්නේ මුලින් පලංචියක් සාදා එය මත සිටි පාශානය තුලට කට්ටා කැපීම සිදුකිරීමෙන්. මෙම විවර තවත් විශාල කර ගැනීමට ඔවුන් සිදුකර ඇත්තේ මුලින් තැනූ විවරයන්ට ලී කැබලි ඔබා එමගින් එතුල තෙත ගතියක් හා ප්‍රසාරණයක් ඇතිකොට පාශාන තවදුරටත් පිපිරවීමයි.

Petra_Kazneh4_tb_n031901.jpg


(The Kazneh is the most famous. Its name Kazneh means "treasure" and comes from the Bedouin belief that the Pharaoh chasing the Israelites hid his treasure in the urn at the top of the Kazneh. Tomb facades were built from the top down. Scaffolding was built and then grooves were carved into the rock. Into these grooves were inserted pieces of wood, which when made wet, expanded and cracked the rock.)

Petra_Monastery_top_88-22tb.jpg


එසේම මෙම ගොඩනැගිල්ල ලෝකයේ වැඩියෙන්ම ඡායාරූපගත කෙරුන ස්ථාන වලින් එකක් ලෙසද සැලකෙනවා.

450px-Jordan-Petra.jpg


The Monastery ලෙස හැදින්වෙන සො‍හොන් ගෙය තමයි පෙට්රාවේ විශාලම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ. මෙය මීටර් 45 ක් පමණ උස හා මීටර් 50 ක් පමණ පළල ගොඩනැගිල්ලක් වන අතරම කලින් සදහන් කල the Kazneh ගොඩනැගිල්ල මෙන්ම දෙමහල් ගොඩනැගිල්ලක්. ඒවගේම මෙහි මුදුනේ විශාල
බදුනක් නැතහොත් urn එකක් දැක ගන්නට හැකියි. මෙහි ප්‍රධාන දොරටුවද මීටර් 9 ක් උසය.

800px-Petra_Jordan_BW_36.JPG


al_deir.jpg


මීට අමතරව පෙට්රාවේ උත්සව ශාලා, නිවාස, පූජනීය ස්ථාන, නිකේතන, ව්‍යාපාරික ස්ථාන, මාලිගා ආදීය මෙන්ම ආගමික කටයුතු සදහා බිලි පූජා පැවැත්වූ ස්ථානවල නටඹුන් වී ඇති ගොඩනැගිලි රැසක් දැක ගන්නට හැකියාව තිබේ. ඒ වගේම මේ සෑම ගොඩනැගිල්ලක්ම පාශාන මත කැටයම් කැපීමෙන් නිර්මාණය වූ ඒවා‍ම නොවේ. ඒවා හුණු බදාමයෙන් සාදා පින්තාරු කර තිබෙන බවද දැක ගත හැකියි. ඒවගේම මෙහි වාසය කල ජනතාව සදහා ආහාර බෝග මෙහිම විශේෂ තාක්‍ෂනික ක්‍රම ඔස්සේ වගා කර තිබූ බවත් ඉතිහාසඥයන් පවසනවා. ඒ එක්කම කියන්න ඕන මේ ගොඩනැගිලි බොහෝමයක් කලාත්මක රූප මතුවන සේ විවිද කැටයම් වලින් අලංකාරය කිරීමටද ඒ ඉපැරණි ජනතාව අමතක කරල නැහැ.

high_place_of_sacrifice_02.jpg


මෙම බිලිපූජා පවත්වන්නට ඇත්තේ ඔවුන් විශ්වාස කල පරිදි කෝපයට පත් ඔවුන් අදහන දෙවියන්ගේ කෝපය සංසිදවීම සදහා බව පුරාවිද්‍යාඥමතය වන අතර ඒ සදහා සතුන් මෙන්ම මිනිසුන්ද යොදාගන්නට ඇති බවට ඔවුන් විශ්වාසය පල කරයි.

qasr_el_bint.jpg




byzantine_church_03.jpg


the_theater_02.jpg


colonnaded_street_01.jpg


triclinium_01.jpg


මේ පෙට්රාවේ මහවීදියයි. ක්‍රි.ව. 1 සියවස වන විට මෙහි මිනිසුන් 30,000 ක් පමණ වාසය කරන්නට ඇත. කෙසේ වෙතත් මෙහි ගල් ඇතිරූ මාර්ග පසුව මෙම ප්‍රදේශය පසුව තව බලප්‍රදේශයක් බවට පත් කරගත් රෝමන්වරුන් විසින් තැනූ බව පැවසේ.

Petra_Cardo_with_Umm_el_Biyara_tb_n031901.jpg


කොහොමවුනත් 1812 වෙනකම් බටහිර ලෝකය මෙම ස්ථානය ගැන දැන සිට නැහැ. ස්විස් ජාතික ගවේශකයෙකුවන Johann Ludwig Burckhardtඑදා මේ ස්ථානය ලෝකයට විවර කරල දීල තිබෙන්නේ. එයත් සිදුවෙලා තියෙන්නේ අහඹුලෙස. ඒ තමයි ඔහු මැදපෙරදිග සංචාරය කරන අතරේ අරාබි ශෙයික්වරයා හමුවෙන්නට යන අතරමගදී මඟපෙන්වන්නාගෙන් ඔහුට අසන්නට ලැබිල තියෙනවා රහසේ සිටින දෙවියෙක් මෙම ගල් පර්වත අතර සිටින බව. ඒ එක්කම මේ ගවේශකයට සිතක් පහලවෙලා තියෙනවා ඒ ස්ථානය දැක ගන්න.

42-20373476.jpg


ඒවගේම මෙම ස්ථානය පසු කලෙක හදුන්වල තියෙන විශේෂ ආකාරය තමයි "a rose-red city half as old as time" ලෙස. යුනෙස්කෝව මෙතන හදුන්වල තියෙන්නේ මිනිසාගේ තවත් විශිෂ්ඨතම සංස්කෘතිකමය උරුමයක් ("one of the most precious cultural properties of man's cultural heritage") ලෙසයි. වරෙක ලෝ ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන BBC ආයතනය ලෝකයේ තිබෙන ස්ථාන 40 ක් නම් කරල තිබුනා යම් අයෙක් මිය යන්නට පෙර දැකිය යුතුම ලෙස (Petra was chosen by the BBC as one of "the 40 places you have to see before you die"). ඒ අතරටත් මෙම පෙට්රා අයත්වුනා.


බෑලූ බැල්මට කටුක ශුෂ්ක වගේ පෙනෙන මෙම ස්ථානයට නිරන්තරයෙන්ම ජල ප්‍රවාහන පද්දතියක් (watered by a perennial stream)ස්ථාපනය කරල තිබීම මුලිනුත් සදහන් කලා ‍වගේම මේ ස්ථානය සාමාන්‍යයෙන් බලකොටුවකට වඩා වැඩි භූමිකාවක් එදා උසුලල තියෙන බවත් පැවසිය යුතුයි. ඒ තමයි මෙම ස්ථානය තමයි එදා දවසේ වෙලදාම සිදු කෙරුන තවලම් ව්‍යාපාරයේ ප්‍රධාන මධ්‍යස්ථානය මෙය වීම. ඒ නිසා මෙය ප්‍රධාන ව්‍යාපාර ගමන් මාර්ගය පාලනය කලා වගේම මේ හරහා තමයි බටහිර ගාසා දෙසට, ‍‍බොස්රා කියන ප්‍රදේශයට හා උතුරේ පිහිටි පැරණි වැදගත් නගරයක් වන දමස්කස් දෙසට හා තවත් අතීතයේ වැදගත් නගර රැසක් දෙසට ගමනාගමනය වැ‍ටී තිබෙන්නේ. ඒ අනුව මේ හරහා ගමන් ගත් ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කර ගැනීම වගේ කටයුතු මෙතනදී සිදුවෙලා තියෙන බවත් පැහැදිලියි.


මෙම Siq ප්‍රවේශය ඔස්සේ සාදා ඇති කානු පද්දතිය පෙට්රා වෙත සැතපුම් ගණනාවක් සිට ජලය ගෙන ඒමට තනන ලද්දත් බවද පැවසේ. මෙමගින් Nabataeans වරුන් මෙම කාන්තාර බද නගරයට ජල සැපයුම පාලනය කල ආකාරය දැකගත හැකි අතරම ඔවුන් කෘත්‍රිමව ක්‍ෂේමභූමිද තනා තිබූ බව සදහන්වේ. එසේම මෙම පෙදෙසට සාමාන්‍යයෙන් වාර්ශිකව ලැබෙන්නේ 15 cm තරම් අඩු වර්හාපතනයක් උවත් මෙහි සිටි 30 Km පමණ දුර පිහිටි පෙදෙස් වලට වැසි වැටී හදිස්‍සියේම ඇතිවන ජල ගැලීම් ආදිය පරිපාලනය කර ගැනීමට මෙන්ම එම ජලය මෙම පෙට්රා ප්‍රදේශයට රැගෙන ඒමට තැනූ වේලි, ‍ජල ටැංකි හා ජල ප්‍රවාහණ පද්දති ආදියේ පුරාවිද්‍යාත්මක නටඹුන් තිබෙන බවද කිව යුතුයි. මෙසේ එක් රැස් කරගන්නා ජලය දීර්ඝ නියං කාල සමයන් හිදී නගරයට ඇවසි ජල සැපයුම ලබා දීමට උපයෝගී කරගෙන තිබේ. එසේම ඔවුන් මැටියෙන් තනන ලද ජලනල වර්ථමා‍න ඉංජිනේරුවන් පව විශ්මයට පත්කරන බවද කිවයුතුමය.

waterw4.jpg


waterw2.jpg


waterw3.jpg


(Along the left hand side of the siq, a covered water channel used to bring water from the spring in Wadi Musa into the center of Petra.)


cistern1.jpg


මුලින් මිසර පාලකයන් යටතේ තිබූ මෙම ආකර්ශනීය ස්මාරකය, ක්‍රි.ව. 106 දී රෝම පාලනයට නතුවන අතර එතැන් සිටද සියවසක් පමණ ගතවනතුරුත් සෞභාගමත් තත්වයෙන් පැවති අතර රෝම සමයේ මුහුදු මාර්ගයෙන් වැඩි වැඩියෙන් වෙලදාම සිදූවීමත් සමග ගොඩබිම වැදගත් වාණිජ මධ්‍යස්ථානයක් වූ මෙයට වූ අවධානය ගිලිහෙන්නට වීම නිසා ක්‍රමයෙන් පෙට්රාව අභාවයට යෑම ආරම්භවිය. මේ සියළු දේවල් තවදුරටත් වේගවත් කරමින් ක්‍රි.ව. 363 දී පමණ සිදුවී ඇති විශාල භූමිකම්පාවකින් මෙම නගරයේ අඩක්ම පාහේ විනාශ යී ඇකි ඇති අතර නැවත පෙට්රාවට යථා තත්වයට පැමිනෙන්නට හැකියාවද නොලැබී ඇත. එසේම 1812 දී සොයා ගන්නා තෙක් බාහිර මිනිස් ස්පර්ශයට මෙම ස්ථානය හසු නොවූවත් සොරුන්ට නම් මෙම ස්ථානය හොද ජීවනෝපායක් වුවෘ නිසැකයි. ඒ ඔවුන් මෙම ස්ථානයේ තිබූ පෞරානික දේවල් මෙන්ම මෙහි සඟවා ඇතැයි සැලකුන නිදන් ආදියද කරදරයක් නොමැතිවම ඒවනවිට සොරකම් කරගෙන තිබූ බැවිනි.

එසේම මෙම ස්ථානයේ පැවැත්මට තර්ජනයවී ඇති හේතු කිහිපයක් තිබේ. ඒවානම්, ඉපැරණි ඉදිකිරීම් කඩා වැටීම, හදිස්සියේ ඇතිවන ජල ගැලීම් හා අක්‍රමවත් ජල පරිවහණය නිසා සිදුවන පාංශු ඛාදනය, ලවණ නිසා සිදුවන ඛාදනය, අවචාරවත් ලෙස පැරණි ඉදිකිරීම් නැවත ස්ථාපිත කිරීම, දැරිය නොහැකි ලෙස සංචාරකයන්ගේ පැමිණීම මෙන්ම කොතරම් ධනවත්වූවත් ආදායම බෙදීයාමේ විශමතාව හේතුවෙන් දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිසුන් මෙම ස්ථානයේ ඇති පැරණි හා ගෙනයා හැකි ‍ඓතිහාසික වටිනාකමකින් යුතු දේවල් විකිණීමට පෙලඹීමද මෙම වටිනා ස්ථානය පරිහාණියට හේතුවක්. කෙසේවෙතත් 1989 දී පිහිටුවන ලද Petra National Trust (PNT) සංවිධානය හා තවත් එරට හා අන්තර්ජාතික සංවිධාන රැසක් මෙම ස්ථානය අනාගත පරපුර වෙනුවෙන් සංරක්‍ෂනයට ඉදිරිපත්වී කටයුතු කිරීම අතිශයින් ප්‍රශංසනීය කාරණයක්.

පෙට්රාවේ ස්මාරක හා වර්තමානයේ සංචාරකයන්ට වැදගත් වන ස්ථාන ඇතුලත් සිතියම පහත දැක්වේ.

map.jpg









මෙතන තමයි තිබ්බේ
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
වැදගත් රෙප් ඇඩඩ්.. පුලුවන් කමක් ආවොත් යනවා බලන්න
 

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ලැබුවා වූ නව වසරේ සියල්ලන්ට මෙත් සිතින් සලකමු :cool:

ඒ මන්ද අප සියල්ලන්ම මිනිසුන් නිසාවෙනි :)