Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

    Forex ගැන මේකේ ඉන්න ගොඩක් අය ගාව අදහසක් නැති නිසා මම හිතුවා මේ ගැන මුල ඉඳන්ම සරලව ලියවෙන ලිපි පෙළක් අවශ්‍යයි කියල. තරමක් දන්නා අයට මම පටන් ගත්තු ත්‍රෙඩ් එකක් තියෙනවා. http://elakiri.com/forum/showthread.php?t=1202584 මේක මම පටන් ගත්තේ අනෙක් අයගෙත් ලොකු සහයෝගයක් ලැබෙයි කියල හිතාගෙන. හැමෝගෙම දැනුම බෙදාගන්නයි. නමුත් අවසානයේ මට ඒක තාවකාලිකව නවත්තන්න සිද්ධ උනා. මේකෙන් මම උත්සහ කරන්නේ මේ ගැන පොඩ්ඩක් වත් නොදන්නා අයට අදහසක් දෙන්නයි.

    Forex කියන්නේ Foreign Exchange කියන වචන 2 කෙටි කරලා හදපු වචනයක්. එතැනින්ම ඔබට අදහසක් එන්න ඇති මේ මොකක්ද කියල. Forex කියන්නේ විදේශීය මුදල් හුවමාරුවටයි. අපි Share Market එක ගත්තොත් එතන වෙන්නේ ව්‍යාපාර කොටස්, මුදල් හුවමාරුවක්. සිල්ලර කඩයක් ගත්තොත් එතන වෙන්නේ භාණ්ඩ, මුදල් හුමරුවක්. Forex Market එකේ වෙන්නේ එක මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු වීමයි. ඒ කියන්නේ අපි මුදල් දීල ගන්නේ තවත් මුදල් වර්ගයක්මයි. අපි විදේශ ගත වෙනකොට මෙහෙ සල්ලි ඇමෙරිකානු ඩොලර් වලට මාරු කරගන්න කොට වෙන්නෙත් නොදැනුවත්වම ෆොරෙක්ස් වෙළඳාමක්. ශ්‍රී ලංකානු රුපියල් අලෙවි කරලා ඇමෙරිකානු ඩොලර් මිල දී ගැනීමක්. නමුත් එවැනි අවස්ථාවක අපි ලාභ ලැබීමේ අරමුණින් නෙවෙයි ෆොරෙක්ස් වෙළඳාම කලේ. නමුත් Forex Market එකේ වෙන්නේ ලාභ ලැබීමේ අරමුණින්ම මුදල් හුවමාරු කිරීමයි. එහෙනම් මේක සල්ලි විකුණලා ආදායම ගන්න පුළුවන් ක්‍රමයක්. Forex
    Market එක ලෝකයේ තියෙන ලොකුම වෙළඳ පොළ. සාමාන්‍යයෙන් දවසකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 ක් විතර ගනුදෙනු වෙනවා. මේ ප්‍රමාණයෙන් 10% ක් විතර වෙන්නේ අර මුලින් කියපු විධියට අපේ අවශ්‍යතා වලට කෙරෙන ඒවා. අනෙක් 90% ම ලාභ ලැබීමේ අරමුණින් කරන ඒවා.
     
    Last edited:

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    ela machan keep it up

    You must spread some Reputation around before giving it to blcdilruk again.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex Market එකේ ප්‍රධාන වශයෙන් හුවමාරු වන ශක්තිමත් මුදල් වර්ග 8 ක් තියෙනවා. ඒවා Major Currencies ලෙස හඳුන්වන්නේ...
    86447573.jpg

     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ko ban ethuru tekath dapan, ape innewa thread1 kama

    mama etoro 1 parctice1 hadan karala baluwa, habai lose, mokada kesi idea1 nathi nesa

    share market1 wage nemai, poddak tapalenawa karanakota
    ekai seen1
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ko ban ethuru tekath dapan, ape innewa thread1 kama

    mama etoro 1 parctice1 hadan karala baluwa, habai lose, mokada kesi idea1 nathi nesa

    share market1 wage nemai, poddak tapalenawa karanakota
    ekai seen1

    Me tika mama kohenvath copy paste karana eva nemey. aluthenma type karala danne... kiyawana tharam ikmanata thread hadanna baha....Patta velawak yanava...
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මම කලින් කියල දීපු විධියට මුදල් වර්ග 2 බැගින් නේ හුවවමරු වෙන්නේ. ඒ කියන්නේ මුදල් වර්ග යුගලයක්. (Currency Pair ) මේ වගේ ප්‍රධාන ලෙසම හුවමාරු වෙන Major Currency Pairs වර්ග ටික තමා මේ තියෙන්නෙ.

    Major Currency Pairs


    Pair- අදාල රටවල්- කෙටි නම
    EUR/USD- European Union/United States- Euro Dollar
    USD/JPY -United States/Japan- Dollar Yen
    GBP/USD -Great Britain/United States- Pound Dollar
    USD/CHF- United States/Switzerland- Dollar Swissy / Dollar Franc
    USD/CAD - United States/Canada -Dollar Loonie
    AUD/USD -United States/Australia- Aussie Dollar
    NZD/USD -New Zealand/United States- Kiwi Dollar

    මේ අතරිනුත් වැඩියෙන්ම අලෙවි වෙන්නේ EUR /USD.

    reserves.png

     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex Trading වල වෙන කාර්යය මේ වගේ. මුදල් වර්ග හැම එකකම විනිමය අනුපාතිකය හැම වෙලේම වෙනස් වෙනවා. ඒ වගේම විනිමය අනුපාතිකය ප්‍රකාශ කරන්නේ තවත් මුදල් වර්ගයකට සාපේක්ෂවනේ. අපි ඩොලර් එකක වටිනාකම රුපියල් 113 යි කියන්නේ USD /LKR අගය. ඒ කියන්නේ USD 1 ක් ශ්‍රී ලංකාවේ රුපියල් 113 ක්.
    EUR /USD 1.3000 කියන්නේ EUR 1 ක් USD 1.3 ක් කියන එකයි. මේ අගය හැම වෙලේම වෙනස් වෙනවා. ඉහල පහල යනවා. අපි හිතමු ඉදිරියේදී EUR /USD අගය ඉහල යන්න ඉඩ තියෙනවා කියල. දැන් වටිනාකම 1.3. දැන් අපි EUR 10 ක් මිල දී ගන්නවා USD වියදම් කරලා(මේකට තමයි "EUR /USD Buy " එකක් කියන්නේ). ඒකට යන USD ගාන 1.3x10 =13, $13ක් යනවා. දැන් පය කීපයක් යද්දී EUR /USD අගය 1.3100 ක් වෙලා. දැන් අපි නැවත යුරෝ 10 විකුණලා ඩොලර් කරගන්නවා. එහෙමනම් දැන් අපිට ලැබෙන ඩොලර් ගාන කීයද? 1.3100x10 =13.1 දැන් එහෙමනම් අපිට $0.1 ක ලාභයක් ගන්න පුළුවන්.


    ඒකෙම අනිත් පැත්ත EUR /USD අගය බහිනවා කියල විශ්වාස නම් "EUR /USD Sell" කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් EUR /USD අගය 1.3 නම් යුරෝ විකුණලා අපි ඩොලර් 10 ක් ගන්නවා කියල හිතමු.ඒ කියන්නේ යුරෝ 10/1.3=7.69 ක් විකුණලා. ඊට පස්සෙ EUR /USD 1.2900 වෙනකන් බහිනවා. දැන් අපි ළඟ තියෙන $10 දීල යුරෝ ගන්නවා. දැන් අපට ලැබෙන යුරෝ ගාන 10/1.29=7.75 ක්. ඒ කියන්නේ අපිට යුරෝ 0.06 ක ලාභයක් ඇවිත්.
    නමුත් අපි Forex account එකක නම් මේ ලාභ සියල්ලක්ම අපට ලැබෙන්නේ එකම මුදල් ඒකකයකින්.
    දැන් ඔබට සරල වැටහීමක් ඇති Forex Trading කියන්නේ මොකක්ද කියල.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Currency Pair එකක, මුදල් යුගලයක මුලට තියෙන වර්ගය Base Currency ලෙසත් පසුව තියෙන Currency එක Quote Currency කියල හඳුන්වනවා. ඒ කියන්නේ අපි EUR /USD ගත්තොත් Base Currency එක USD . Quote Currency එක EUR . හැම වෙලේම BUY හෝ SELL වලට භාජනය වෙන්නේ Base Currency එක Quote Currency එක භාවිතා කරල.
    අපි සමහර භාණ්ඩ ගන්න ගිය වෙලාවට 1 ක් 2 ක් වගේ අපි කැමති ගැන ගන්න බැරි වෙලාවල් තියෙනවා. එක්කෝ දුසිමක්, ජෝඩුවක්, 10 පැක් එකක් වගේ "Lot " එකක් ගන්න වෙන්නේ. මේ වගේ Forex වලදීත් Currency "Lot "s තමා ගන්න වෙන්නේ. Lot එකක් කියන්නේ හැමවෙලේම 100,000ක්. Lot වලට Standard Lot කියලත් කියනවා.මේවයෙත් එක එක ප්‍රමාණ තියෙනවා Mini , Micro , Nano වගේ.
    1Lot=100,000
    1Mini Lot=10,000
    1Micro Lot=1000
    1Nano Lot=100
    ඒ කියන්නේ අපි EUR /USD Lot එකක් ගන්නවා කියන්නේ යුරෝ 100,000 ක් ගන්නවා කියන එකයි ඩොලර් වලින් ගෙවල. EUR /USD අගය 1.3 නම් ඩොලර් 130,000 ක් යනවා. EUR /USD නැනෝ ලොට් එකක් ගන්නවා කියන්නේ යුරෝ 100 ක් ගන්නවා කියන එකයි. එකට ඩොලර් 130 ක් යනවා. එහෙමනම් අපිට මේ වැඩේ කරන්න ලොකු මුදලක් අවශ්‍ය වෙයි කියල නේද හිතෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි අපිට Forex Brokers ල හඳුන්වල දීල තියෙන "Leverage" එකේ වටිනාකම දැනෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: [email protected]

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    "Leverage" එක නිසා අපිට අඩු මුදලක් ආයෝජනය කරල ලොකු මුදලක "trade" එකක් කරන්න පුළුවන්. "Trade " එකක් කියන්නේ මම මුලින් කියපු විධියට Buy හෝ Sell කරනවට. Trade එක Close කරාම තමා ලාභ හෝ අලාභ තීරණය වෙන්නේ. "Leverage" එක 1:50,1:100, 1:200, 1:400, 1:500, 1:1000 වගේ අගයන් එක එක Brokers ල දෙනවා. Leverage එක 1:50 එහෙම නැත්නම් 50 කියන්නේ $50 ක් ගන්න අපට වය වෙන්නේ $1 යි කියන එකට. එහෙමනම් අපිට EUR /USD mini lot එකක් ගන්න Leverage එක 100 නම් කීයක් යයිද?

    EUR /USD mini lot එකක් කියන්නේ 10,000 ක්. EUR /USD අගය ඒ වෙලාවේ 1.3040 නම් 10,000x1.3040=13,040. ඒ කියන්නේ ඩොලර් 13040 ක්. නමුත් Leverade එක 100 නිසා අපිට ආයෝජනය කරන්න වෙන්නේ 13040/100=130.4 ක් පමණයි.

    මම හිතන්නේ මම දැනට කියල දීපු ටික හොඳින් තේරුම් ගත්ත කියල. නොතේරුණු කෙනෙක් ඉන්නවා නම් දැන්මම අහන්න. හොඳයි ඊළඟ ටික
    දාන්න කලින් පොඩි ගානක් දෙන්නම් හදල උත්තරය comment කරන්න. Rep දෙන්න කැමති කට්ටිය දුන්නට කමක් නැහැ. මමත් ඒ අයට Rep දෙනවා.

    EUR /USD දැන් Rate එක 1.3121
    EUR /USD mini lot එකක් Buy කරාම මගේ account එකේ $32.80 ක් අඩු වෙලා.
    එහෙමනම් Leverage එක කීයද?
     
    Last edited: