නොමිලේ Facebook Business Card එකක් ලබාගමුද?

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    නොමිලේ Facebook Business Card එකක් ලබාගමුද?

    ඊයේ දිනයේ අපි කතා කළා කොහොමද Facebook Timeline එක Disable කරගන්නේ කියලා. හොදයි ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ දවස් වල Facebook එකෙන් නොමිලේ දෙන දීමනාවක් පිලිබදවයි. මේ දවස් වල Facebook Timeline එක Active කරගන්නා අය සදහා Facebook සහ moo.com එකතු වෙලා නොමිලේ Facebook Business Card ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. හබැයි ඉතින් මෙය සිමා සහිතයි දවසකට cards 5000 ක් පමණයි මේ විදියට ලබාදෙන්නේ. ඉතින් එක් පුද්ගලයෙකුට cards 50 ක් නොමිලේ ලබාදෙනවා. මමත් ඉතින් දවස් දෙක තුනක් විතර Try එකක් දීලා දැන් ටිකකට කලින් අවස්තාව උදා කරගත්තා. මගේ Cards ටික ඉදිරි පෙබරවාරි මාසයේ තැපෑලෙන් මට ලැබෙනවා. ඉතින් මට හිතුනා මේ ගැන ඔයාලටත් කියන්න. ඉතින් ඔයාලත් Timeline එක Activated කරගෙන නම් ඉන්නේ පොඩි Try එකක් දීලා බලන්න.

    පහත රුපසටහන් වලින් දැක්වෙන්නේ Facebook Business Card එකේ ඉදිරිපස හා පසුපස පෙනුමයි.







    නොමිලේ Facebook Business Card එකක් ලබාගන්නේ කෙසේද?


    • මුලින්ම ඔබ තවමත් Facebook Timeline එක Active කරගෙන නැතිනම් එය Active කරගන්න.
    • අනතුරුව ඔබේ Profile එකේ ඇති "About" යන්න ක්ලික් කරන්න.
    • පසුව Contact Information Section එක වෙත ඔබේ අවදානය යොමු කරන්න. "Contact Info" යන්න ඉදිරියෙන් ඇති Business Card එක මතට ඔබේ mouse එක රැගෙන යන්න. එවිට දිස් වෙන box එකේ පහලින් ඇති "Print Cards" යන්න ක්ලික් කරන්න.
    • පසුව ඔබට පුළුවන් ඔබට අවශ්‍ය විදියට ඔබේ Facebook Business Card එක නිර්මාණය කරගෙන දී ඇති පියවරයන්ට අනුව ඉදිරියට යන්න. යම් හෙයකින් දිනකට නොමිලේ ලබාදෙන Cards ප්‍රමානය ඉක්මවා ඇති නම්. පසුව උත්සහ කරන ලෙස දක්වමින් පණිවිඩයක් දිස් වේවි.