<<< අම්මා කියූ බොරු : බැලිය යුතුමයි >>>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    <<< අම්මා කියූ බොරු : බැලිය යුතුමයි >>>

    අම්මා කියූ බොරු

    මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ"

    අම්මා මට කිව්ව පළවෙනි බොරුව ඒකයි.



    මම ටිකක් ලොකු වෙද්දි අම්මා අම්මගෙ විවේක කාලය කැප කරලා අපේ නිවස ලඟ තිබුනු ඇළේ මාලු අල්ලන්න පටන් ගත්තා. අම්මට ඕන වුනේ එහෙම හරි මගේ පෝෂණය වැඩි වෙන්න මාලු ටිකක් කෑල්ලක් හොයාගන්නයි. දවසක් අම්මට මාලු 2ක් අහුවෙලා සුප් එකක් හැදුවා. මම සුප් බොන අතරෙ මම කාලා මාලු කටුවල ඉතුරු වුන පුචි මාලු කෑලි අම්මා කනවා මම දැක්කා. මගෙ හිතට ලොකු දුකක් දැනුනා. මම මගෙ ඉතුරු මාලු ටික අම්මට දෙනකොට අම්මා මට කිව්වෙ "ඔයා කන්න පුතා. මම මාලු කන්න ගොඩාක් අසා නැහැ"

    අම්මා මට කිව්ව දෙවෙනි බොරුව ඒකයි.



    මට ඉගෙන ගන්න මුදල් මදි වෙද්දි අම්ම නිවස ලඟ තිබුනු ගිනිපෙට්ටි කම්හලට ගිහින් පාවිච්චි කර ඉවත දාපු හිස් ගිනි පෙට්ටි ටිකක් ගෙනාවා. අම්මා ඒවට අලුත් ගිනිකූරු දාල පිරෙව්වා. ඉන් අපිට සුළු ආදායමක් ලැබුනා. එක සීතල රාත්‍රියක මම නින්දෙන් නැගිටල එද්දි අම්ම ඉටිපන්දම් එලියෙන් ගිනි පෙට්ටි පුරවනවා දැක්කා. "අම්මා දැන් නිදා ගන්න.. ඔයක හෙට කරන්න පුලුවන්." අම්මා එතකොට මගේ දිහා බලලා හිනා වෙලා කිව්වෙ "පුතා ගිහින් නිදා ගන්න. මට නිදිමත නැහැ"

    අම්මා මට කිව්ව තුන්වෙනි බොරුව ඒකයි.



    මගේ අවසාන විභාගයට යද්දි අම්මත් මාත් එක්ක ආවා. මම විභාගෙ ඉවර වෙනකල් අම්මා එලියෙ ගිනි අව්වෙ බලාගෙන හිටියා. සීනුව ගහපු ගමන් මම අම්මා ගාවට දුවගෙන ගියා. අම්මා මාව ආදරයෙන් වැළදගෙන උණු වතුර බෝතලයෙන් තේ ටිකක් දාල දුන්නා. අම්මා අව්වෙ දහදිය දමමින් හිටිය නිසා මම තේ කෝප්පය අම්මට දීල එකෙන් අම්මාටත් බොන්න කිව්වහම අම්මා මට කිව්වෙ "ඔයා බොන්න පුතා. මම තිබහ නැහැ"

    අම්මා මට කිව්ව හතරවෙනි බොරුව ඒකයි.



    තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට එතකොට උදව් කලේ මගේ මාමා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමි කෙනෙකුගෙ ආදරය ඕන නැහැ"

    අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි.



    මගේ අධ්යාපනය නිමා කලාට පස්සෙ මට පොඩි රැකියාවක් ලැබුනා. අම්ම වින්ද දුක් වලින් අම්මා මුදවන්න කාලය ආවා. ඒත් අම්මා පුරුදු විදිහටම හැමදාම පොළට ගිහින් එළවළු ටිකක් විකුණුවා. මගේ සුළු පඩියෙන් මම අම්මට සල්ලි යවන්න ගත්තහම අම්මා ඒවා ආපසු මට හරවලා එව්ලා කිව්වෙ "මට සල්ලි එවන්න එපා පුතා. මට සල්ලි ඇති පමණට තියෙනවා"

    අම්මා මට කිව්ව හයවෙනි බොරුව ඒකයි.



    මම මගේ මාස්ටර්ස් උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට වියදම් කලේ මම රැකියාව කරපු ආයතනය. මම ඇමරිකාවට ගියා. මට දැන් විශාල පඩියක් ලැබෙනවා. මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගන්න හිතුවා. නමුත් මගේ ඉගෙනීමෙ කටයුතු අතරෙ අම්ම ඉන්න එක මට බාධාවක් නෙයි කියල හිතලා අම්ම කිව්වෙ "මට ඔය වගේ උසස් විදිහට ඉන්න දන්නෙ නැහැ පුතා"

    අම්මා මට කිව්ව හත්වෙනි බොරුව ඒකයි.




    අන්තිම කාලෙදි අම්මාට පිළිකාවක් හැදිලා රෝහල් ගත කලා. මම ඇමරිකාව ඉදන් ගෙදර ආවා. එතකොට අම්මා ශල්‍යකර්මයක් කරලා ඇඳට සීමා වෙලයි හිටියෙ. අම්මා සිනා සෙන්න උත්සාහ කලා. ඇයගේ ඇඟ කොටුවක් වගේ වෙලා. ඒත් ඇය අමාරුවෙන් මට කිව්වෙ "මට අමාරුවක් නැහැ පුතා"

    අම්මා මට කිව්ව අටවෙනි බොරුව ඒකයි.


    එහෙම කියලා අම්මා අවසන් හුස්ම හෙළුවා. ඔව්.. මගේ අම්මා දේවදුතියක්!!!!!!!!!!!!!



    ~~පරිවර්ථනයකි~~

    මනඃකල්පිත සිදුවීමකි.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අම්මා කියන චරිතය ගැන කියන්න වචන නෑ..
    මගේ අම්මා හැම ආත්මෙකම මගේම අම්මා වෙන්න කියලා තමයි ඉල්ලන්නේ..

     
    • Like
    Reactions: thurunu

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Adenawa bng!!!!!!
    me wage serious seen mang smetimes kiyawanna kemathi neha! ethakota thanikama danila adenawa bng!
    me loke kisi deyak nithya neha! mama thamath eka wishwasa karanna kemathi neha!
    thx lot!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මා කියන චරිතය ගැන කියන්න වචන නෑ..
    මගේ අම්මා හැම ආත්මෙකම මගේම අම්මා වෙන්න කියලා තමයි ඉල්ලන්නේ..

    මාත් පතන්නෙ ඒකමයි, මගෙ අම්මා හැම ආත්මෙකම මගේම අම්මා වෙන්න කියලා..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Adenawa bng!!!!!!
    me wage serious seen mang smetimes kiyawanna kemathi neha! ethakota thanikama danila adenawa bng!
    me loke kisi deyak nithya neha! mama thamath eka wishwasa karanna kemathi neha!
    thx lot!
    :yes::yes: Ethta, anithya bawa kohoma piligannada, metharam adaraya karana aya langin innakota
    2.gif
    2.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලාස්...........
    මේක මාත් ට්‍රාන්ස්ලේට් කරන්න හිටියේ...........
    එලමකිරි සහෝ.............