♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥

    තනිකඩ ජීවිතය නම් FUN තමයි, ඒත් දෙදෙනෙක් අවංකව ආදරය කරද්දී දැනෙන සතුට, හැඟීම ඊට වඩා කොච්චර නම් උතුම්ද. ඔයාලටත් මේ දේවල් ජීවිතයේ එකම එක වතාවක් හෝ දැනිල, විඳල තියෙනවද කියල කියන්නකෝ. Then you are lucky !

    •උදේ නැගිට්ට ගමන් phone එක බලද්දී ''Good Morning මගෙ පැටියෝ'' :love::love::love:කියල SMS එකක් තියෙනව දකිද්දී දැනෙන හැඟීම හෝ ''ඔයා ඇහැ ඇරුනද මගේ පැටියෝ'' කියල මේ ලෝකේ ඔයා අහන්න ආසම කට හඬින් ඇහෙද්දී දැනෙන සතුට.:D:D

    •දුකක්, තනිකමක් හෝ ලෙඩ වෙලා ඇඳට වෙලා පාලුවෙන් ඉඳිද්දී :(:(:( මේ ලෝකේ දැනෙන්න ආසම ඒ උණුසුමට ගුලිවෙලා ඉන්න තියෙනම් කියල හිතෙනවා.

    •පුංචි පුංචි රණ්ඩු වෙලා ''ආයෙත් මම ඔයත් එක්ක ජීවිතේට කතා කරන්නේ නෑ'':angry::angry::angry: කියල call එක cut කරලත් පාරින් පාරට mobile phone එක අතට අරන් missed call එකක් හරි sms එකක් හරි තියෙනවද කියල බලනවා.

    •මහ රෑ නින්ඳෙන් ඇහැ ඇරිලා හදිසියේම ආදරේ කරන කෙනාට call කරල උදේ පාන්දර වෙනකම් ඒ call එක දිගු වෙනවා.

    •ලොකු රණ්ඩුවක් වෙලා, අවසානයේ ''sorry මගෙ පැටියෝ'' කියලත් ඉවර වෙලා නැවතත් ඒ රණ්ඩුවට හේතු වුනේ කවුද කියල තර්ක කරනවා.

    •ආදරේ කරන කෙනාට දුරකතන ඇමතුමක් අරගනිද්දී ''call waiting'' වුනාම හිතට පුංචි දුකක්, පුංචි තරහක් දැනෙනවා.

    •ආදරෙන් එවපු sms නැවත නැවත කියවනවා, තනියම හිනා වෙනවා.

    •දින කිහිපයක් මුණ නොගැසී හිඳ එකවරම ලබන සෙනසුරාදා මුණ ගැසීමට පුලුවන් කිවහොත් එදා වනතුරු හරි හැටි කෑමක් නෑ, නින්ඳක් නෑ.

    අද වෙනකොට අපිට නිතරම වගේ ඇහෙන්නේ ''ආදරය හිත් රිදුම් දෙන දෙයක් පමණයි, ආදරය කියන්නේ බොරුවක්, මායාවක්'' කියන දේ. ඒත් ඒ ආදරය නෙවෙයි. ඒ වැරදි දෙදෙනෙක් වැරදි මොහොතක හමුවීමේ ප්‍රතිඵලයක් පමණයි. අවංක ආදරය යනු මේ ලොව ඇති සුන්ඳරම දේවල් වලින් එකක්. එය සදහටම විඳින්න ඔයාටත් පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.



    mokada kiyanne ?:love::love::love::love:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සිරාවටම ඇත්ත මචන්.මමත් හරිම වාසනාවන්තයි.මට ඉන්නවා මට අසීමිතව ආදරය කරන සුන්දර කෙල්ලෙක්.මගේ ජීවිතර එයා සම්පූර්ණ කලා.ආදරය සුන්දරයි,පිවිතුරුයි.ආයි ඒකෙ දෙකක් නෑ.:love::love:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    සිරාවටම ඇත්ත මචන්.මමත් හරිම වාසනාවන්තයි.මට ඉන්නවා මට අසීමිතව ආදරය කරන සුන්දර කෙල්ලෙක්.මගේ ජීවිතර එයා සම්පූර්ණ කලා.ආදරය සුන්දරයි.ආයි ඒකෙ දෙකක් නෑ.:love::love:

    hmm
    සිරාවට මගෙ ගිර්ල් ෆ්‍රීන්ඩ් ඉන්නෙ trinco මන් colombo වල bt අපි දෙන්න මාර ආදරෙන් ඉන්නව.....
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මන් හිතුවා,,, එයා හබරන. මන් මීගොඩ.. අපි මගුල් ගෙදරක ගිහිල්ල එයලගෙ ගෙදර දවසක් නැවතුනා...That is da begin of our love story....